RSS

Category Archives: ජාතික රෝහල තුල බඩගෝස්තරය වෙනුවෙන් (රෝගීන් වෙනුවෙන් )දොස්තරවරු ගුටි කෙලියක

ජාතික රෝහල තුල බඩගෝස්තරය වෙනුවෙන් (රෝගීන් වෙනුවෙන් )දොස්තරවරු ගුටි කෙලියක

වෛද්‍යවරුන් පිරිසක් අද (Jul 30, 2014) පෙරවරුවේ ජාතික රෝහලේ අත්පත්‍රිකා බෙදමින් විරෝධතා වැඩසටහනක් දියත් කර තිබේ.

ඒ අතර වාරයේ තව ත් වෛද්‍යවරුන් පිරිසක් රැස් ව වසර එක හමාරකට පමණ පෙර විසුරුවා හැර තිබූ ර‍ජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාව පිහිටුවීමට සූදානම් වී ඇත.

2014 වසර සඳහා පත් වූ බව කියන සභාපති විශේෂඥ වෛද්‍ය නිමල් රත්නසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම  වෛද්‍යවරුන් රැස් වී ඇත්තේ, ජාතික රෝහල් වෛද්‍ය නිලධාරීන්ගේ විවේකාගාරයට ය.

රැස්වීම ආරම්භ වී සුළු මොහොතකින් එම ස්ථානයට පැමිණි තව ත් වෛද්‍යවරුන් පිරිසක් ඊට බාධා සිදු කර තිබේ.

අනතුරුව එය ගැටුමක් දක්වා වර්ධනය වූ අතර තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවීමට සිදු විය.

පසු ව යළි ත් පස්වරු 2ට පමණ රෝහලේ ශ්‍රවණාගාරයක් තුළ පොලිස් ආරක්ෂාව සහිතව රැස්වීම පවත්වා ඇති අතර එහිදී සති දෙකක කාලයක් ඇතුළත නාම යෝජනා කැඳවා යළි නිලවරණය පැවැත්වීමට තීරණය කර තිබේ.

 

Tags: