RSS

Monthly Archives: May 2014

දොස්තර බුරුවන්ට නොතේරෙන අපේ සිංහල වෙදකම. දොස්තර බුරුවො බිලිගත් පුංචි දුලත්මාගේ දුක්‌බර කතාව

දොස්‌තරවරුන්ට හොරෙන් හරි මේ බෙහෙත් හැන්දක්‌
පෙව්වොත් දරුවාගේ ජීවිතය බේරාගන්න පුළුවන්
වෙද මහත්තයා කී කතාව පියා සිහිපත් කරයි
මම සුහදත්වයෙන්, බෑගෑපත්ව දරුවාට බෙහෙත් හැන්දක්‌ පොවා ගැනීමට දොස්තරගෙන්  අවසර ඉල්ලුවත් ඔවුන් එය තරයේ ප්‍රතික්‌ෂේප කළා.

“මගේ සුද්දිට ගමේ හැමෝම ආදරෙයි. ඒ නිසා තමයි, ගමේ හැමෝම අඬන්නේ. මීට පස්‌සේ මම වැඩට ගිහින් එනකොට මා ළඟට ඇවිත් හුරතල් වචන කිය කියා අතින් අල්ලගෙන ගෙදරට එන්න කෙනෙක්‌ නැහැ. මට හිතෙන්නේ නැහැ මහත්තයෝ මගේ සුද්දි මැරිල කියලා” යෑයි ඩෙංගු උණ වැළඳීමෙන් මියගිය දෙහිවල කවුඩාන පාර, පොකුණ පාර ගමඇතිගේ දොන් දුලත්මා විනුමි දින්සදී දැරියගේ පියා වන ගමඇතිගේ දොන් සරත් මහතා දැඩි වේදනාවකින් යුතුව පැවැසීය.

සරත් මහතා අප හා කතාබහ කරමින් සිටින අතරතුර දෙහිවල ගල්කිස්‌ස නගර සබාවට අයත් ට්‍රැක්‌ටරයක්‌ හා සේවකයන් පැමිණ අවට තිබූ කැළි කසළ පිරිසිදු කරමින් සිටිනු දැකිය හැකි විය.

ඒ දෙස බලා සිටි ප්‍රදේශවාසියකු පැවසුවේ “බලන්නකො මහත්තය අපි ඊයේ ඉඳල කොච්චර නගර සභාවට කිව්වද මේව අස්‌කර දෙන්න කියලා. පැත්ත පළාතේ ආවේ නැහැ. දරුව නැතිවුණාට පස්‌සේ ඇවිත් බොරුවට ශුද්ධ කරනවා. බලන්න මේ කාණුවක හැටි. කිසිම දවසක සම්පූර්ණයන් ශුද්ධ කරන්නේ නෑ. බාගෙට ශුද්ධ කරල යනවා. ආයිමත් එන්නේ ඊළඟ අවුරුද්දේ.” අඩි 5-6 ක්‌ පළල එම කාණුව තුළ මදුරුවන් බෝවිය හැකි හිස්‌ ප්ලාස්‌ටික්‌ බඳුන්, තැඹිලි කෝම්බ ඇතුළු කැළි කසළ විශාල ප්‍රමාණයක්‌ තිබුණු අතර තැන තැන රැඳුණු වතුරවල මදුරු කීටයන් විශාල වශයෙන් සිටිනුද දැකගත හැකි විණ.

මෙහිදී අප සමග කතා බහේ යෙදී සිටි දැරියගේ පියා වන සරත් මහතා එක්‌වරම අත්දෙකෙන් මුහුණ වසා ගනිමින් මහ හඬින් අඬන්නට විය. මඳ වේලාවකට පසුව යළි කටහඬ අවදි කළ ඔහු මට දරුවෝ මහගොඩක්‌ නැහැ මහත්තයෝ. වැඩිමල් පුතාල දෙන්න නිවුන්නු. ඒ දෙන්නට අවුරුදු 7 යි. බාලය වගේම පවුලේ බඩ පිස්‌සි තමයි, මගේ සුද්දි. එයාට අවුරුදු 2 යි. මාස 8 යි. මගේ සුද්දිව හොරු අරන් ගියා වගේ. මට පේන්නෙම සුද්දි නිදාගෙන ඉන්නව වගේ හවසට මගේ අතින් අල්ලගෙන ගෙදරට එක්‌ක එන්න මීට පස්‌සෙ මට දුවෙක්‌ නැහැ මහත්තයෝ. මොකක්‌ද මේ අපරාදේ.

දරුවට උණ හැදුනෙ 18 වැනිදා. අපි හැමදාම දොස්‌තර මහත්තයගෙන් දුවට බෙහෙත් ගත්ත. ඒ බෙහෙත් ගත්ත වෙලාවට අඩුවෙනව ආයිමත් වැඩිවෙනව. පස්‌සෙ 19 වැනිදත් ගෙදර ඉඳල 20 වැනිදා දරුව ඉස්‌පිරිතාලෙ ගෙනිච්චට පස්‌සේ 15 බී වාට්‌ටුවට ඇතුල් කරල ප්‍රතිකාර කළා. ඒත් දුවගේ අසනීප තත්ත්වයේ, වෙනසක්‌ දැක්‌කේ නැහැ. පස්‌සේ 22 වැනිදා දුවට ටිකක්‌ අසාධ්‍ය වුණා වගේ දැනුණ නිසා අයි.සී.යූ. එකට දැම්ම. එතැන හිටිය දෙවිවරු වගේ දොස්‌තර මහත්තුරු 4 දෙනෙක්‌ දරුව බේරගන්න පැය ගණනාවක්‌ ලොකු සටනක්‌ කළා. නමුත් එකක්‌ වත් සාර්ථක වුණේ නැහැ.

ඒ අතරතුර අපි අම්බලන්ගොඩ ගිහින් සිංහල බෙහෙත් අරගෙන ආවා. ඒ වෙලාවේ වෙදමහත්තය කියපු කතාවක්‌ මට තවමත් ඇහෙනව වගේ.

මහත්තයෝ ඉංගී්‍රසි වෙදකම හුඟක්‌ දියුණු බව ඇත්ත. ඩෙංගු උණට තවම ඒ අයට ප්‍රතිකර්මයක්‌ හොයාගන්න බැරිවෙලා. ඒත් අපේ ආයුර්වේද ශාස්‌ත්‍රයට හැදුව බෙහෙත 99% ක්‌ විතර සාර්ථකයි. සමහර විට දොස්‌තර මහත්තුරු අකැමැති වේවි මේ බෙහෙත් දරුවාට දෙන්න. ඒත් හොරෙන් හරි හැන්දක්‌ දරුවට ඔයාල පොවාගත්තොත් දරුවගේ ජීවිතේ බේරගන්න පුළුවන්. ඒක දොස්‌තර මහත්තුරුන්ගේ රාජකාරියටත් පහසු බව පැවසීය.

දැඩිසත්කාර ඒකකය තුළ සිටි වෛද්‍යවරුන්ගේ යහපත් කම නිසාම, මම සුහදත්වයෙන්, බෑගෑපත්ව දරුවාට බෙහෙත් හැන්දක්‌ පොවා ගැනීමට අවසර ඉල්ලුවත් ඔවුන් එය තරයේ ප්‍රතික්‌ෂේප කළා. ඒත් මට හිතෙනව ඒ බෙහෙත් හැන්දක්‌ දරුවට පොවා ගන්න පුළුවන් වුණා නම් දරුව බේරගන්න තිබුණ කියල. ඒත් ඒ වාසනාව අපට තිබුණේ නැහැ.

මෙහිදී මියගිය දැරියගේ මව වන ලලනි කුමාරි මහත්මිය (44) අප හා එක්‌වෙමින් දුව ඉස්‌පිරිතාලෙට ඇතුළු කළාට දොස්‌තර මහත්තුරුන්ට හොයාගන්න බැරි වුණා මොකක්‌ද ලෙඩේ කියල. දුවට අමාරු වුණාම තමයි හරියට දැනගත්තේ ඩෙංගු රක්‌තපාත උණ දුවට වැළඳිලා තියෙන්නේ කියල. ඒකට බෙහෙත් කරන්න ගන්න කොට ප්‍රමාද වැඩියි.

ඒ නිසා මේ වගේ අසනීප වෙලා ඉස්‌පිරිතාලෙට ඇතුළු කරපු ගමන් වගේ අසනීපය හඳුනාගන්න විදිහක්‌ තිබුණා නම් මේ වගේ අවාසනාවන්ත මරණ සිද්ධ වෙන්නේ නැහැ.

මෙලෙස ඩෙංගු උණ වැළඳීමෙන් අවාසනාවනන්ත ලෙස මියගිය දුලත්මා විනුමි දින්සදී දැරිය ගමක්‌ හඬවා ඊයේ (28 දා) සවස දැයෙන් සමුගත්තාය.
දිවයින 2014/05/29  http://www.divaina.com/2014/05/29/news15.html[/embed] Read the rest of this entry »

 

හදවත් ලෙඩාට ඇඹිලිපිටිය රෝහලේ පිනට ඉගෙනගත්තු දොස්තර පයින් ගහලා

2014 මැයි මස 21 11:31:00 | . , අජිත් ලාල් ශාන්ත උදය

 http://www.lankadeepa.lk/index.php/articles/23538449(56)

ඇඹිලිපිටිය රෝහල් කොරිඩෝරයේදී වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු සුරිය දිසානායක නම් හදවත් රෝගියාට පා පහරක් දුන්නේ යැයි ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලි කැර ඇත.

ටිකට් කැපීමෙන් පසු බෙහෙත් සටහන් පොත ඉල්ලා සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරයට ලක් වු බව කවියකු හා ගත් කතුවරයකු වන දිසානායක මහතාගේ ඥාතීන් පොලීසියට පවසා ඇත.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ රුද්‍රිගු පැවසුයේ වෛද්‍යවරයකු විසින් කරන ලදැයි කියන පහර දීමක් සම්බන්ධ සිද්ධිය සමථයකට පත් කැර ගැනීමට දෙපාර්ශවයම එකඟ වු බවයි.

රෝහල් ආරංචි පවසනුයේ  රෝහල් කොරිඩෝරයේ වැතිරී විරෝධය පළ කරමින් සිටි රෝගීයා රෝහලේ නිල රියකින් ඔහුගේ නිවසට රැගෙන ගිය බවයි.

මේ ගැන වහා පරීක්ෂණයක් පවත්වන  බව

සබරගමු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි

 

 

 

 

රෝහල් වාට්ටු කාර්ය මණ්ඩල වරදින් මරු තුරුලට ගිය අසරණ මවක්

රෝහල් වාට්ටු කාර්ය මණ්ඩල වරදින් මරු තුරුලට ගිය අසරණ මවක්

http://www.silumina.lk/2014/05/04/_art.asp?fn=as1405046

58 හැවිරිදි ශ්‍රියාලතා, ටික දිනෙක පටන් වධ දෙන බඩේ රිදුම ගැන සිය පුතුට කීවේ වරක් දෙවරක් නොවේ.

කැලණියේ පදිංචිකරුවන් හෙයින්, තොරණ හන්දියේ ප්‍රසිද්ධ ඩිස්පැන්සරියක් වෙත පුතු සිය මව රැගෙන ගියේ එහෙයිනි.

ඒ, 2007 වසරේ මාර්තු 16 වැනිදාය.

පෙනෙනවාටත් වඩා ඇගේ තත්ත්වය බරපතළ බව දුටු වෛද්‍යවරයා, බෙහෙත් දීම ප්‍රතික්ෂේප කොට වහාම ඇය ජාතික රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දුන්නේය.

ඒ පිම්මේම, අම්මා ජාතික රෝහලට රැගෙන ගිය පුතු එදිනම ඈ රෝහල්ගත කළේය.

ඇගේ රෝග ලක්ෂණ අනුවත් කඩිමුඩියේ කළ පරීක්ෂණ හා ඒවායේ ප්‍රතිඵල අනුවත් රෝගය නිර්ණය කළ වෛද්‍යවරු වහා ඇය සැත්කමකට බඳුන් කළහ.

එය ‘ඇපෙන්ඩිසයිටිස්ට්’ රෝග තත්ත්වය විය. සැත්කමින් පසු දින කිහිපයක් රෝහල් වාට්ටුවේ ගත කළ ද ඈ කෙරෙන් දිස්වූයේ දැඩි අපහසුතාවකි.

එහෙත් එදින වෛද්‍යවරයා ඇගේ ටිකට් කපා රෝහලින් පිටත් කළේ, ‘තවම මගේ බඩ රිදෙනවා ඩොක්ට….’ යි ඈ වේදනාවෙන් පවසද්දීමය.

සැබැවින්ම එය සුළු වේදනාවකටත් වඩා ඈ හෙම්බත් කළ තදබල උදරයේ වේදනාවක් විය. එය වටහාගත හැකි එකම කෙනා වූයේ ශ්‍රියාලතාගේ පුතු පමණි.

‘ඩොක්ට… අම්මට අමාරුයි කියනවා. තව ටික දවසක් බැලුවොත් හොඳයි නේද…’ ඔහු වෛද්‍යවරයාට කීවේ කරන්නට කිසිවක්ම නැතිව අසරණ වූ තැනය.

‘ඒක එතරම් ගණන් ගත යුතු තත්ත්වයක් නෙවෙයි. මම ඒකට වේදනා නාශක ටිකක් ලියලා දෙන්නම්. ඒකට අඩුවෙලා යයි…’

Read the rest of this entry »

 

වකුගඩු ජාවාරමේ යෙදුන කොළඹ දොස්තර,අල්ලන්න හයිද්‍රාබාද් පොලිසිය එයි වකුගඩුවක් ලක්ෂ 5ට අරගෙන ලක්ෂ 30ට විකුණලා

වකුගඩු ජාවාරමේ යෙදුන කොළඹ දොස්තර

2014 අප්‍රේල් 24 09.20 a.m

transplant1(2)ශ්‍රි ලංකාවේ කොළඹ නගරයේ වෛද්‍යවරයකු සමග අන්තර්ජාල සමාජ වෙබ් අඩවි හරහා සම්බන්ධ වෙමින් වකුගඩු ජාවාරමේ යෙදුන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන ඉන්දීය ජාතික පවන් සිරිනිවාස් සහ එන්. වෙන්කටේෂම් යන පුද්ගලයින් දෙදෙනා ඉන්දීය මධ්‍යම අපරාධ කාර්‍යංශයේ විශේෂකණ්ඩායමක් විසින් අත්අඩංගුවට  ගෙන තිබේ.
වකුගඩුවක් අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවටපැමිණ සිටියදී මියගිය බව කියන දිනේෂ් මරූගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ඉහත සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ ශ්‍රි ලංකාවේ වෛද්‍යවරයා පිළිබඳ තෙරතුරු අනාවරණය වී ඇත.
ශී‍්‍ර ලංකාව කේන්ද්‍ර කර ගනිමින් සිදුවන අන්තර්ජාතික වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට හෙට අනිද්දාම පැමිණීමට නියමිත යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වන බව කියන වකුගඩුජාවාරම පිළිබඳව ඉන්දීය පොලීසිය තොරතුරු රැසක් මේ වනවිටත් අනාවරණය කර ගෙන ඇති බවය. ආන්ද්‍රා ප්‍රදේශ්හි විවිධප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 21 දෙනෙකු පමණ වකුගඩු ‍අලෙවි කිරීම සඳහාශ්‍රී ලංකාවට එවූ බව සැකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.
ඒ වෙනුවෙන් එම සැකකරුවන්ට විශාල කොමිස් මුදලක් ලබා දී ඇති අතර මෙම ජාවාරමේ මහ මොළකරු කොළඹ රෝහලක සේවය කරන වෛද්‍යවරයා බවට ඉන්දීය පොලීසියට වාර්තාලැබී ඇත. වකුගඩු ලබා දුන් පුද්ගලයින්ට රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා මුදලක් ගෙවන අදාළ වෛද්‍යවරයා එලෙස ලබා ගන්නා වකුගඩු රුපියල් ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වාමිල ගණන්වලට මෙරට රෝගීන්ට අලෙවි කර ඇතැයි, ඉන්දීය පොලීසිය උපුටා දක්වන ඉන්දීය මාධ්‍යපවසයි. Read the rest of this entry »

 

හෙද බැල්ලියන්ගේ වර්ජනය නිසා ජපුර රෝහලෙන් ප්‍රතික්ෂේප කළ ඩෙංගු හැදුණ කවීෂ මරුට

DSC00763-300x225

තුක් නොදකින්! තොපේ වර්ජන.
හෙන ගහපියවූ! තොපිට නෙමේ.
තොපේ දරුවන්ට.
වැහි නැති ගෙනම ගහපියවූ!

මම ” අසරණ රෝගියා”

පසුගිය දිනවල පැවති හෙද වර්ජනය හේතු කොට ගෙන රෝහල් කටයුතු අඩාලවූ නිසා බේරාගන්නට හැකිව තිබුණ ජීවිත ගණනාවක් අවාසනාවන්ත ලෙස අහිමිවූ බව අප දන්නා කරුණකි.
මහරගම ජනාධිපති විද්‍යාලයේ නමය පන්තියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි කවීෂ ඕෂධ වික්‍රමරත්න ශිෂ්‍යයා ඉකුත් පස්වැනිදා (සඳුදා) ඩෙංගු උණ රක්තපාතයෙන් පෙළෙන බවට අනාවරණය වී තිබියදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුනේ
හෙද වර්ජනය නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකියාවක් නැති බව කියමිනි. නමුත් වර්ජනයේ කොන්දේසි අනුව එවැන්නක් කරන්නට ඉඩක් තිබී නැත.
මේ අසරණ මාපියන්ට පුද්ගලික රෝහලකට යන්නට වත්කම නැතත් පසුව බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියන් ලබා දුන් උපදෙස් මත මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට කවීෂ ඇතුළත් කරන්නට පසුව ඔවුන් ක්‍රියා කළා.
නමුත් ඒ වනවිටත් රුධිර පට්ටිකා අගය 20000 දක්වා අවම වී තිබුණ ඔහු දින 5 ක ප්‍රතිකාර වලට ඔරොත්තු නොදී සෙනසුරාදා දහවල් අවාසනාවන්ත ලෙස මියගියා.

රජයේ රෝහලේදී කවීෂට සේලයින් පවා ලබා නොදුන් බවත් ඔහු රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා අසරණ වූ මව දරුවාගේ රුධිර පරීක්ෂාවක් සිදුකරන ලෙස ඔවුන් ඉදිරියේ වැඳ වැටුන නිසා රුධිර පරීක්ෂාවේදී ඩෙංගු වැළඳී තිඛෙන බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගත් බවත් කියැවුණා.
මේ සියල්ල දැන දැනත් රෝගියා රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට තරම් ඕපීඩියේ වෛද්‍යවරියන් අකාරුණික වූ බව මියගිය කවීෂගේ මව කියා සිටියා.
Read the rest of this entry »

 

දොස්‌තරවරුන් දොස හැම විපතට මුලද?

දොස්‌තරවරුන් දොස හැම විපතට මුලද?

untitledමෙරට ව්‍යවස්‌ථාදායකය ස්‌ථාපිත කිරීම හෙවත් ආණ්‌ඩු තැනීමේ යෙදෙන්නෝ රටේ පොදු ජනතාව වන්නාහ. අපේ දේශපාලක උතුමන් ඡන්දය ඉල්ලන්නේය. එහිදී ඉල්ලන ඡන්දය දෙන්නේ ජනතාවය. ආණ්‌ඩුවක්‌ හැදෙන්නේ ඒ අනුවය.

නමුත් එසේ මිනිසුන් ඡන්දයෙන් පත් කර ගන්නා ආණ්‌ඩුවක්‌ යම් තැනකදී Rජුව කටයුතු නොකාට දෙපැත්තටම නැති නපුංශක ලීලාවෙන් ක්‍රියා කරන්නේ නම් එහිදී බැට කන්නේද මැති සබයේ සිටින උතුමන් නොව ඔවුන් සබයට යෑවූ ජනතාවමය.

ඒ පිළිබඳ කිසිදු තර්කයක්‌ද නැත. ඉකුත් සතියේ ජනතාව අසරණ කරමින් රට පුරා රජයේ රෝහල්වල රාජකාරි කළ හෙද හෙදියන් තෙදිනක්‌ පුරා ක්‍රියාත්මක කළ ම්ලේච්ඡ වැඩ වර්ජනය ඊට ඕනෑ තරම් උදාහරණ ගෙන දුන්නේය.

දකින්නට ලැබුණු පරිදි හා රටටම දැනුණු පරිදි එකී අමානුෂික වර්ජනයේදී සිදු වූ දේ බොහෝය. වර්ජනයට එක්‌වූ හෙද හෙදියන් පමණක්‌ නොව ඔවුන්ට නායකත්වය දෙමින් නන් දෙඩවූවන් සියලු දෙනා එක්‌ව හෙදකම කෙසේ වෙතත් ප්‍රභාකරන්ගෙන් අවසන් පුහුණුව ලද්දවුන් මෙන් මේ රටේ නැති බැරි අහිංසකයන් හා රෝගී ජනතාව ප්‍රාණ ඇපයට ගත්තාහ.

එහිදී කුරුණෑගල රෝහලේ හෙද හෙදි ම්ලේච්ඡත්වය හමුවේ දරු ප්‍රසූතියක්‌ සඳහා පැමිණි මවකට සදාකාලිකවම දරුඵල අහිමි වෙද්දී නිරෝගීව මව් කුස තුළ හිඳ මොලොවට ආ කිරිකැටියකුට අසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්තාර ඒකකයක මවගේ උණුසුමද අහිමිව තනි වෙන්නට සිදු විය. ඒ දරු පැටියා දැනුදු සිටිනුයේ දැඩි සත්කාර ඒකකය තුළය.

එසේම රටට බත සපයන්නට ගොස්‌ වකුගඩු රෝගීන් වී ජීවිතය විඳවමින් සිටි මිනිසුන් රුධිර කාන්දුකරණය සිදු කර ගැනීමට බැරි වීම හමුවේ දැනෙන්නට වූ ශාරීරික වේදනාව උසුලාගත නොහැකිව “අප මරා දමාපියව්” කියමින් වර්ජනයේ යෙදුණන්ට දෙස්‌ දෙවොල් තබන අතරේ අනුරාධපුර මහ රෝහල ඉදිරිපිට හිඳගෙන කඳුළින් දුක දියකරන්නට විය. Read the rest of this entry »

 

ලංකාවේ විශේඥ වෛද්ය වරයාගේ කථා වස්තුව.

ලංකාවේ විශේඥ වෛද්ය වරයාගේ කථා වස්තුව.

images සියලුම සාමාන්‍යා වෛද්‍යවරයකුගේම් අභිප්රාය වනුයේ විශේඥ හොරෙක් වීමටයි.

 විශේඥ හොරෙක් වූ පසු ඔවුන් අදාළ ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇනේ ගසයි .( රජයේ රෝහලක එල්ලී නොසිටියොත් මොවුන් රෝගීන් සහ දොස්තර් කඩවලින් ප්‍රතික්ෂේප කරයි )

 මොහු විසින් තමන්ටම වූ වාට්ටුවක්ද බදා ගනියි.රජයේ රෝහලේදී උදය වරුවේ පැය ½ පමණ කාලයක් තුලදී වාටුව පරික්ෂා කිරීමේදී මොහුට හතියක් වැටේ ( කනිෂ්ඨයෙකුට ඉතිරිය පවරා මොහු අන්ත්රස්දාන වෙයි)

 මීටත් අමතරව ජනතා සුභාසිද්දිය සහ සේවය පිණිස එම රෝහලේම බාහිර චිකිත්සාගාරයක් පවත්වාගෙන යනු ලබයි.මොහු විසින් පරික්ෂා කරනු ලබන්නේ අලුත් රෝගීන් පමණි. මොහු මැණික් ගල් සෙවීම අරඹනු ලබන්නේ ඉන් පසුවයි..රෝගීන්ගෙන් අසන පළමු ප්‍රශ්නය නම වයස වුවත් බෝලය බස්සා කෙසේ හෝ රැකියාව අසාගනු ලැබේ. මැණික් ගල් තෝරා කබොක් ,කට්ට කෑලි වීදුරු ගල් හලා දමයි.

 රජයේ රෝහලේ පරණ රෝගීන්ට බෙහෙත් දීම ආධුනික දොස්තර විසින් කරනු ලැබේ( මොහු වෙන්න ඉන්න විශේඥ හොරෙකි ). අලුත් රෝගීන් පරික්ශාවෙදීද මොහුට පැය ½ ක් පැයක් තුලදී සුපුරුදු හතිය වැටේ ,හතිය වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මොහු විසින් කනිෂ්ට දොස්තරයට වැඩය පවරයි .

 අපේ විශේඥ වෛද්යි වරයාට වැළදෙන සියලුම හතියන් නිවාගැනීම පිණිස මොහු විසින් දොස්තර කඩ සංචාරය අරඹන්නේ ඉන් පසුවයි .එක් දොස්තර කඩයක් නිම වී මෙන් අනතුරුව අනික් දොස්තර කඩය කරා යයි. පුදුමයකි! මොහුට දැන් හතියක් නැත.

 ඒ අයුරින් රාත්‍රී 10-12 වනතුරු හතියක් නොවැටී රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් දොස්තර කඩ 5 පමණ සංචාරය කර රෝගීන් 200 පමණ පරික්ෂා කරයි. දැන් සහයට වෛද්යර වරයෙක් ද නැත.හති වැටෙන්නේද නැත.201 වැනි රෝගියාද පරික්ෂාවට සැහැදී පැහැදී සිටී.201 වැනි රෝගියෙක් නැති තැන ගෙදර යයි. සමාජය ඇසුරකට මොහුට කාලය නැත.සමාජය සහ හරි වැරැද්ද හදුනන්නේ නැත.එවිට ව්යාග්‍ර පෙති ගසා රෝගී කාන්තාවක් දුෂණය කරයි,තට්ටුවෙන් පහලට දමයි. මරයි.,ගැබිණි මවක් දුෂණය කරයි,පාසැල් ළමුන් බෙහෙත් දෙන මුවාවෙන් කැමරා කරනු ලබයි ,ගෑණු වැසිකිලියේ කැමරාවක් සවිකරයි.

 එක් රෝගියෙකුගෙන් රුපියල් 800 කි. රෝගීන් 200 න් දිනකට රුපියල් එක්ලක්ෂ හැට දාහකි.කඩේට රුපියල් 100 කි. කඩේට මුළු මුදල රුපියල් 20,000 කි. සායන වලදී එකතු කල මැකික් ගල්වලින් සොයාගන්නා ලද ශුද්ධ ලාබය දිනකට රුපියල් එක්ලක්ෂ හතලිස්දාහැකි.

රජයේ රෝහලේ දී පැය භාගයෙන් දොස්තරට හැදෙන හතිය දොස්තර කඩේදී හති නොවැටී මාසයම දුවයි. පුදුමයකි. මැෂිම මාසයේදී උපයපු මුදල ලක්ෂ 42 කි. රෝගීන්ගේ දරුවන්ට කන්න වෙන්කළ මුදලින් අපේ කථා නායක විශේඥ දොස්තර කාර් එකක් අලුතින් ගනී. ඔවුන්ගේ දරුවන්ට සුර සැපය .අසරණ රෝගියා දිගටම දොස්තර කඩයේ කඹයේ ගැටගසා ඇත . දොස්තරට අවශ්‍ය විටදී කඹය කපාහරී .ඔහුගේ ලෙඩේද සුව වී නැත..අහෝ! මහජනතාවගේ මුදලින් පිනට ඉගෙන ගත්තු

 අවාරෙට පොල් වැටෙන්නාක් මෙන් අසරණ අම්මා කෙනෙක් මේ විශේෂඥ හොරා විසින් තෝරාගෙන.උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කීවා වගේ ඒ අම්මාට මොහුගේ වියදමින් නොමිලේ ප්‍රතිකාර කර පවු සෝදාගැනීම නිෂ්පල උත්සාහයක් දරයි.

 නමුත් අපේ දොස්තර සහ ඔහුගේ දරුවන් එනතුරු යම රජු බලා සිටීන බව ඔහු නොදනී.