RSS

Monthly Archives: August 2014

තමන්ගේ ළමයාට විශේෂඥ වෛද්‍යවරකුගෙන් ගලක් කප්පවාගන්න ඕනනම් රාගම රෝහලේ මානසික ලෙඩ අංශයේ 0112960490 අංකයට අමතන්න. (28 වාට්ටුව )

දොස්‌තර මහත්තයෝ…. ලැඡ්ජයි….

පියුම්….ඔහුගේ සැබෑ නම නොවේ. එහෙත් මේ කතාව කිවයුතු නිසාම ඔහුට පියුම් ලෙස නම තබමි.

පියුම්ට වයස අවුරුදු දාහතරකි. එහෙත් ඔහු සාමාන්‍ය දරුවන්ට වඩා තරමක්‌ වෙනස්‌ය. පියුම් නිතර කිපෙනසුලුය. ඒ නිසාම සම වයසේ දරුවන් සමග නිතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිකර ගනී. මෙය පියුම්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධාවක්‌ වන්නට පටන් ගත්තේය.

පියුම්ගේ මේ හැසිරීම් රටාව දෙස දැඩි ලෙස අවධානය යොමුකළ ඔහුගේ දෙමවුපියෝ.. තම දරුවා මානසික වෛද්‍යවරයකු වෙත යොමුකිරීමට තීරණය කළහ. ඒ පසුගිය වසරේ ජනවාරි මස අග භාගයේදීය.

කෙසේ වෙතත් පියුම් දැඩි මානසික රෝගයකින් පෙළෙන දරුවකු නම් නොවේ. එකම ගැටලුව තමන්ට තමාව පාලනය කර ගැනීමේ ශක්‌තියක්‌.. මේ දරුවා තුළ නොතිබීමය.

දරුවා යොමු කිරීම සඳහා දෙමවුපියන් විසින් මානසික වෛද්‍යවරයකු තෝරා ගත්තේය. ඔහු මානසික විශේෂඥ වෛද්‍යවරයෙකි. පියුම්ව දෙමාපියන් විසින් ගෙන යන්නේ මේ විශේෂඥ වෛද්‍යවරයා සේවය කරන පෞද්ගලික රෝහල වෙතය.

වෛද්‍යවරයා විසින් පියුම් පරීක්‍ෂා කර බැලුවේය. දරුවා සමග තනිවම කතා කළ යුතුයි” යෑයි පැවසූ වෛද්‍යවරයා සිය කාමරයෙන් පිටව යන ලෙස දෙමවුපියන්ට අණ කළේය.

වෛද්‍යවරයකු විසින් කාන්තා රෝගියෙක්‌ හෝ රෝගී දරුවකු පරීක්‍ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම කාන්තාවගේ සැමියා හෝ වෙනත් ඥතියකු ද, දරුවාගේ දෙමවුපියන් හෝ වැඩිහිටියකු ද එම ස්‌ථානයේ සිටිය යුතුමය. නැතිනම් හෙදියක්‌ හෝ සිටිය යුතුය. එය වෛද්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්මයකි.

එහෙත් මේ විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක්‌ම පියුම්ව පරීක්‍ෂාවට ලක්‌කර තිබෙන්නේ දෙමවුපියන් සිය කාමරයෙන් ඉවත් කිරීමෙන් පසුවය. හෙදියක්‌ද තම සහායට තබා නොගෙනය. මෙය දෙමාපියන්ට ගැටලුවක්‌ විය. මෙහි කුමක්‌ හෝ දෙයක්‌ සිදුවන බව වැටහුණු දෙමාපියන් දරුවාගෙන් මේ පිළිබඳ විමසා ඇත.

මව පියා කාමරයෙන් පිටව ගිය පසු වෛද්‍යවරයා ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාට අසභ්‍ය දර්ශන පෙන්වන බවත්, තම ලිංගික අවයව ස්‌පර්ශ කරන බවත්, දින කීපයක්‌ම එසේ සිදුවූ බවත් පියුම් දෙමාපියන්ට පවසා ඇත.

දෙමාපියන් දරුවා වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. සිදුව ඇතිදේ අනාවරණය කරගත් එම වෛද්‍යවරයා මේ පිළිබඳ වහා පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන ලෙසත්, දරුවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතට ඉදිරිපත් කරන ලෙසටත් දැනුම් දී ඇත.

ඒ අනුව ළමා හා කාන්තා කාර්යාංශය විසින් පියුම්ව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකෙරේ. ඒ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දිනකය.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද පියුම් පරීක්‍ෂාවට ලක්‌කරයි. ඉන් පසු ඔහුව තවත් මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරයි. ළමා මනස පිළිබඳ පුළුල්ව හදාරා ඇති තවත් මහාචාර්යවරියක්‌ වෙතද දරුවා යොමු කරයි. ඔවුන් දෙදෙනාගේම වාර්තා සැලකිල්ලට ලක්‌ කරමින් දරුවා පිළිබඳ වාර්තාවක්‌ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පිළියෙළ කරයි. එම වාර්තාව 2013 ඔක්‌තෝබර් 01 දා අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මහෙස්‌ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කෙරේ.

මානසික වෛද්‍යවරුන් සිටින්නේ මානසික රෝගීන් සුවපත් කිරීමට මිස මානසික රෝගයෙන් පෙළෙන අයගේ මනස තව තවත් අවුල් කිරීමට නොවේ.

පියුම්… දරුවෙකි. ඔහු ඉතා බැරෑරුම් මානසික රෝගයකින් පෙළුණු දරුවකු නොවේ. දරුවාට ඇති ආදරය නිසාම දෙමාපියන් කළේ පියුම්ගේ මානසික ආතතිය හඳුනාගෙන ඉන් ඔහු ගලවා ගැනීමටය. දරුවාගේ අධ්‍යාපන කටයුතු නිරවුල් මනසකින් යුක්‌තව කරගෙන යැම සඳහා මඟ හෙළිකර දීමය. එහෙත් පියුම්ට, ඔහුගේ දෙමාපියන්ට සිදුවූයේ වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටුණා හා සමාන සිදුවීමකි. මානසික විශේෂඥ වෛද්‍යවරයා පියුම්ගේ මනස අවුලෙන් අවුලට පත් කළේය.

කාලය ගෙවී ගියේය. මීට සති කීපයකට පෙර ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස්‌ නිලධාරියෙක්‌ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණේ. පියුම් පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ ඉල්ලා සිටින බව එම පොලිස්‌ නිලධාරියා පවසා ඇත. එහෙත් ඒ වන විටත් එම වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අධිකරණය වෙත යොමුකර තිබිණි. එහෙත් ඉල්ලීම මත එම වාර්තාවේ ඡායා පිටපතක්‌ පොලිස්‌ නිලධාරියාට ලැබේ. මුල් පිටපත මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාරදී ඇත.” යනුවෙන්ද එම ඡායා පිටපතේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සටහනක්‌ තබා ඇත. පොලිස්‌ නිලධාරියා එය රැගෙන ගියේය.

ඉන් දින දෙකකට පසුව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දෙදෙනෙක්‌ පැමිණේ. තමන් විශේෂඥ වෛද්‍යවරුන් යෑයි හඳුන්වා දෙන මොවුන් දෙදෙනා එහි සිටි අයගෙන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පිළිබඳ විමසා තිබේ. ඒ අවස්‌ථාවේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොසිටියේය.

විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු පැමිණ ඇතැයි සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක්‌ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට දුරකථන ඇමතුමකින් පැවසුවේය.

නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා මගේ වාර්තාව වෙනස්‌ කරලා දෙනවා නම් නඩුව අයින් කර ගන්න පුළුවන් කියලා.. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයකු ද එම දුරකථනයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කීවේය.

අපට ලැබී තිබෙන තොරතුරු අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට දුරකථනය ඔස්‌සේ ඉතා තදින් බැණ වැදී… පියුම්ට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස්‌ කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා දරුවා පරීක්‍ෂා කළ මහාචාර්යවරයාගෙන්ද ඉල්ලීමක්‌ කර ඇති බව දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ දරුවා ලිංගික අපයෝජනයට ලක්‌කළ තැනැත්තා බවද පැවසේ. මොවුන් මේ සූදානම් වන්නේ මෙම ළමා අපචාර සිද්ධිය යටගසන්නටය. මේ මානසික විශේෂඥ වෛද්‍යවරයා විසින් අපයෝජනයට ලක්‌ කළ පළමු දරුවා පියුම් විය නොහැකිද. අවසාන දරුවාද පියුම් වියහැකිද.

දැන් මේ අප කතා කරන මොහොතේද ඔහු විසින් මෙම ක්‍රියාව සිදු නොකරන බව කිව හැක්‌කේ කාටද.

විලි ලැඡ්ජාවෙ බෑ… මේ සිද්ධිය දැනගත් වෛද්‍යවරයකු අපට පවසද්දී… මේ වගේ අයට සමාවක්‌ දෙන්න නරකයි…” තවත් වෛද්‍යවරයෙක්‌ කීවේය.

සත්‍යයකි. උක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයාගේ ක්‍රියාකලාපය හෙළාදැකීමට තරම් කොන්දක්‌ වෛද්‍යවරුන්ට තිබිය යුතුය. එහෙත් ඔහු නිදොස්‌ කිරීමට ඔහුට එරෙහි සාක්‍ෂි වෙනස්‌ කොට… නඩු යට ගැසීමට වෙර දරන වෛද්‍යවරුද සිටිති.

සුවය පතා පැමිණෙන අසරණ රෝගීන් වෙතින් තමන්ගේ පහත් ආශාවන් සන්තර්පනය කර ගැනීමට කෙනකු ක්‍රියා කරන්නේ නම් ඔහු වෛද්‍ය වෘත්තියට කිසිසේත් ගැළපෙන්නෙකු නොවේ. එවැන්නන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන කිසිවකු ඇත්නම්… ඔහුටද වෛද්‍යවරයා යන නම වෙනුවට පහත් ලිංගික අපචාරකයා, ලිංගික අපයෝජකයා යන ලේබලය ඇලවීම සුදුසු වන්නේය.

අජිත් අලහකෝන්


 http://www.divaina.com/2014/08/31/feature20.html

 

මානසික වෛද්‍යවරයාට මානසික රෝගයක් බව ඌ නොදනී. ළදරුවෙක් අපහරණය කරයි.

දොස්‌තර සහ මිතුරෝ (1)

දෙමාපියෝ නිතර කිපෙන, නිතර දබර කර ගන්නා සිය දාහතර හැවිරිදි පුත්‍රයා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරයි. දොස්‌තර කරන්නේ කුමක්‌ ද? එම දරුවා දූෂණය කිරීම ය.

දෙමාපියෝ නිතර කිපෙන, නිතර දබර කර ගන්නා සිය දාහතර හැවිරිදි පුත්‍රයා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරයි. දොස්‌තර කරන්නේ කුමක්‌ ද? එම දරුවා දූෂණය කිරීම ය.

(මෙහි 2 වැනි කොටස පළවන්නේ හෙට නොව මතු දිනකදී ය)

…. දෙමාපියෝ නිතර කිපෙන, නිතර දබර කර ගන්නා සිය දාහතර හැවිරිදි පුත්‍රයා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරයි. දොස්‌තර කරන්නේ කුමක්‌ ද? එම දරුවා දූෂණය කිරීම ය. දැන්, දොස්‌තරට කළ යුත්තේ කුමක්‌ ද? පණ පිටින් අංගඡේදනය කිරීම ය. එහෙත් අපේ රෝමානු ලන්දේසි නීති පොත්වල එවැන්නක්‌ නැත. ඒ නිසා ළමයාගේ මාපියෝ නීතියේ පිළිසරණ පතති. නීතිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ළමයා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කරනු ලැබේ. එවිට දූෂක දොස්‌තරගේ දොස්‌තර මිතුරෝ ඉදිරිපත්ව දූෂකයාගේ වාසියට අධිකරණ වෛද්‍ය වාර්තාව හදන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට බලපෑම් කරති…..

ඉහත සඳහන් ඡේදය ඊයේ (28 වැනිදා) මේ පුවත්පතේ මුල් පිටුවේ පළ වූ වාර්තාවක සම්පිණ්‌ඩනයයි. සිය පුතා සුවපත්කර ගැනීමට දොස්‌තර වෙත ගිය දෙමාපියන්ට සිදු වී ඇත්තේ දොස්‌තර සංහතියම එපා වන විපත්තියකි. ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇනීම වැනි පැරැණි දිරාගිය උදාහරණ මේ සිද්ධියට සමාන කිරීම නො හොබී. මන්ද ගහේ දිගේලි කර (බැඳ තබා) ඇති ගොනාට ඇනිය හැක්‌කේ කඹයේ දුර නිම වනතුරු පමණි. ගහෙන් වැටෙන මිනිහාට බඩගාගෙන ගොස්‌ ගොනාගෙන් ගැලවිය හැකි ය. ඒ මිනිහාට අනින්නට තවදුරටත් වුවමනාවක්‌ හරකාට තිබුණ ද කඹය ඉවර වීම නිසා ඉන් එහාට යැමට ඌට නො හැක. එහෙත් දොස්‌තර කෙනෙකු යනු හරකෙක්‌ නොවේ. දූෂක දොස්‌තර හරකෙකුට සමාන කිරීම ඒ උත්තම සතාට කරන නිග්‍රහයකි. දොස්‌තරගේ කඹය හරකාගේ කඹය මෙන් සීමාසහිත දුරක්‌ තිබෙන කඹයක්‌ නොව නිමක්‌ නැති දිගක්‌ ඇති කඹයකි. ඒ බව චැනල් දොස්‌තරලාගෙන් බලාගත හැකි ය. ඔහු පෞද්ගලික රෝහලක සැත්කමක්‌ කරන විට අසීමාන්තික මුදලක්‌ අය කරයි. ඔහු අසීමාන්තික ලෙස පිස්‌සු කෙළින විට ලෙඩාගේ අත වෙනුවට කකුල කැපීම සිදුවෙයි. වම් ඇසට වෙනුවට දකුණු ඇසට සැත්කම් කිරීම සිදුවෙයි. අපගේ මෑත කාලීන වෛද්‍ය ඉතිහාසය මෙවැනි කුණු පැල්ලම් වලින් ගහණය. දොස්‌තර කෙනෙකු විසින් දූෂණය කරනු ලැබ රෝහලේ උඩු මහලින් බිමට හෙළා තරුණියක මරා දැමීමේ සිද්ධිය ඔබට මතකද? වැරදි ප්‍රතිකාර කිරීම නිසා සිය බිරිය මළ බව කියමින් උසාවි යන සැමියන්ගේ ප්‍රමාණය එන්ට එන්ටම ඉහළ යමින් පවතී.

වැරදි ප්‍රතිකාර හෝ වැරදි යයි හැඟෙන ප්‍රතිකාර නිසා මියගිය කෙනකුගේ භාරකරුවන් දොස්‌තර කෙනෙකුට දොසක්‌ කීවොත් මුළු රෝහලම ස්‌ට්‍රයික්‌ කර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට රෝහලේ යතුර භාර දී ගෙවල් බලා යන අවස්‌ථා තිබේ. මෙය ඉතා පහත් zඑකමුතුZ වීමකි. මානසික දොස්‌තර විසින් දූෂණය කරන ලද පිරිමි දරුවාගේ ප්‍රශ්නයේදී එම දොස්‌තරගේ පැත්තට කතා කරමින් ඔහු බේරා ගැනීමට යම් දොස්‌තරෙක්‌ ක්‍රියා කරන්නේ ද, ඔහු වහා හඳුනාගෙන නම ප්‍රසිද්ධියට පත් කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබිය යුතු ය. එවැනි අය දොස්‌තරලා නොව ජන හතුරෝ ය. ඉහත සඳහන් ජනහතුරු දොස්‌තරලාගේ නම් අප සතුව තිබේ. අප එය දැනට හෙළිදරව් නොකරන්නේ දෙවිවරුන් වැනි දොස්‌තරවරුන්ට එමගින් සිදුවිය හැකි හානිය සළකා ය.

http://www.divaina.com/2014/08/29/editor.html

 

 

Tags: , ,

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා මානසික රෝගී ළමයෙකු අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කරයි. දොස්තර රැල එකතුවී මානසික වෛද්‍ය විශේෂඥවරයා බේරාගැනීමේ උත්සාහයක.

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කර ඇත.

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කර ඇත.

 

ළමයෙකු ලිංගික අපයෝජනයට යෙදුණු මානසික විශේෂඥ දොස්‌තර බේරාගැනීමට දොස්‌තරලා පොර!

අපචාරයේ යෙදුණු
දොස්‌තර බේරාගැනීමට දොස්‌තරලා පොර!

අජිත් අලහකෝන්

මානසිකabuse_health_professional විශේෂඥ වෛද්‍යවරයකු විසින් ලිංගික අපයෝජනයට ලක්‌කළ බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්‌ෂණයේ වාර්තාව සැකකාර වෛද්‍යවරයාට වාසි වන පරිදි වෙනස්‌ කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ බලපෑම් කරන බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ ඊයේ (27 දා) ‘දිවයින’ට වාර්තා විය.

සැකකාර වෛද්‍යවරයාට හිතවත් තවත් වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ අදාළ සිද්ධිය යටගැසීම සඳහා දුරකථන පණිවිඩ මගින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට මෙසේ බලපෑම් කරමින් සිටිති.

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා වෙත මීට කලකට ඉහතදී දෙමව්පියන් විසින් දාහතර හැවිරිදි පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. නිතර කිපෙන සුළු ගතියකින් යුක්‌ත දරුවා අනෙක්‌ දරුවන් සමග දබර කරගන්නා බවද එය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ බවද පවසමින් දෙමව්පියන් මෙම දරුවා අදාළ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

දෙමව්පියන් නොමැතිව දරුවා පරීක්‌ෂා කළ යුතු බව පවසා ඇති වෛද්‍යවරයා දින කිහිපයක්‌ම දරුවාව සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කර ඇත.

දරුවාගේ හැසිරීමේ වෙනසක්‌ දුටු දෙමව්පියන් ඒ පිළිබඳ දරුවාගෙන් විමසා පසුව වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමුකර ඇත.

දරුවා පරීක්‌ෂා කළ එම වෛද්‍යවරයා සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර වහා ළමා හා කාන්තා කාර්යාංශයට මේ පිළිබඳ පැමිණිලි කරන ලෙසද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත දරුවා යොමුකරන ලෙසටද ලිතව දැනුම් දී ඇත.

දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ පසු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් යළි මානසික වෛද්‍යවරයා වෙතද ළමා රෝහලේ මහාචාර්යවරියක්‌ වෙතටද යොමුකර ඇත. එම වාර්තා සැලකිල්ලට භාජන කළ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන්පසු දැනට දින කිහිපයකට පෙර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොමැති අවස්‌ථාවක එහි පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්‌ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ජංගම දුරකථනය ඔස්‌සේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඇමතුමක්‌ දී ඇත.

දරුවා සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස්‌ කර දෙනවා නම් අදාළ නීති කටයුත්ත අවසන් කළ හැකි බවත් එනිසා එම වාර්තාව වෙනස්‌ කර දෙන ලෙසටත් එකී වෛද්‍යවරු දුරකථනය ඔස්‌සේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට බලපෑම් කර තිබේ.

එම ඉල්ලීම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත. ඉන්පසු මෙම වෛද්‍යවරු දෙදෙනා දරුවා පරීක්‌ෂා කළ මහාචාර්යවරියටද බලපෑම් කර ඇතැයි අනාවරණය විය.

http://www.divaina.com/2014/08/28/news03.html

 

දොස්තරලා දෙන්නෙක් මහ සභාවක ගුටි ඇණ ගනිති.. දෙදෙනාම පොලීසියේ..August 29, 2014

දොස්තරලා දෙන්නෙක් මහ සභාවක ගුටි ඇණ ගනිති.. දෙදෙනාම පොලීසියේ..

මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.

මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.

මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.

රැස්වීම අතර තුර සිදු වූ බහින් බස් වීම ගුටි බැට හුවමාරුවකින් අවසන් වී ඇතැයි පවසන පොලිසිය අනෙක් වෛද්‍යවරු එම ගැටුම බේරා ඇතැයිද කියයි.

මුලින්ම පොලීසියට පැමිණිලි කරමින් කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍යවරයා කියා ඇත්තේ මාදම්පේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරි ජයනාත් බුත්පිටිය තමාට පහර දුන් බවයි.

මාදම්පේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරිවරයාද දෙවනුව පොලීසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි එන්. නවරත්න තමාට පහර දුන් බවයි.

http://lankacnews.com/sinhala/news/121349/

 
Image

රෝහල් සේවා ඇනහිටී 2014/08/27

ssssssss

 

පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජන අද සිට 2014/08/26/

doctor_bribes_0318සේවා ඉල්ලීම් 6 ක්‌ මුල් කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 5000 ක්‌ පමණ දෙනා අද (26 දා) උදැසන සිට දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරති.

රජයේ ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින් (එම්එල්ටී) විකිරණ ශිල්පීන් භෞත වේදී චිකිත්සකයින් හා වෘත්තීයවේදී චිකිත්සකයින් ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ මෙම වර්ජනයට එක්‌වෙති.

වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීම, ලේ, මුත්‍රා, ඇතුළු රසායනාගාර පරීක්‍ෂණ සිදු කිරීම, එක්‌ස්‌ කිරණ, සී ටී ස්‌කෑන්, හා එම්. ආර්. අයි. ඇතුළු විකිරණ පරීක්‍ෂණ සිදු කිරීම, භෞතිකවේදී හා වෘත්තීයවේදී චිකිත්සක ප්‍රතිකාර කටයුතු ඇන හිටින බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා “දිවයින”ට පැවැසීය.

මානුෂීය හේතූන් මත බොරැල්ල, රිඡ්වේ ආර්යා ළමා, කාසල් වීදිය කාන්තා, මහ මෝදර ළදරු, පානදුර කේතුමතී, ද සොයිසා කාන්තා, මහරගම පිළිකා හා පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ළමා යන රෝහල්වල හා මධ්‍යම ලේ බැංකුවේ සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ මෙම වර්ජනයට එක්‌ නොවේ.

වර්ජනය පැවැතියද හදිසි ජීවිතාරක්‍ෂක සේවාවන් පවත්වාගෙන යාම සඳහා තම නිලධාරී කණ්‌ඩායම් රෝහල් තුළ යොදවන බවද හෙතෙම සඳහන් කළේය.

වසර අටක්‌ මුළුල්ලේ ප්‍රමාද වෙමින් පවතින පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවා උසස්‌වීම් ලබා දීම, අධිශ්‍රේණිය ස්‌ථාපිත නොකිරීම, සීමා වාසික පුහුණුව අවසන් කර ඇති පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම ඇතුළු සේවා ඉල්ලීම් 6 ක්‌ මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ජයසේකර මහතා කීවේය.

http://www.divaina.com/2014/08/26/news11.html

http://www.divaina.com/2014/08/27/news07.html