RSS

Monthly Archives: April 2014

අක්‍ෂි කාචයෙන් කොමිස්‌ ගැහිල්ලක්‌ රජයෙන් දෙන කාච දමන්න බැහැ කියා දොස්‌තර කියන තැනින් ගේන්න ඕනෑලු·

Divaina 2014/04/29

Doctor-Accept-Bribe-Moneyඅජිත් අලහකෝන්
ඇසේ සුද ඉවත්කරන රෝගීන්ට රජය විසින් නොමිලේ ලබාදෙන අක්‍ෂි කාච බද්ධ කිරීම ප්‍රතික්‌ෂේප කරන රජයේ රෝහල්වල අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්‌ තමන්ට හිතවත් සමාගමක්‌ විසින් වැඩි මිලට අලෙවි කරන අක්‍ෂි කාච මිලට ගෙන එන ලෙස රෝගීන්ට බලපෑම් කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ.

අදාළ ඖෂධ සමාගම සහ මෙම අක්‍ෂි ශල්‍ය විශේෂඥවරුන් පිරිස අක්‍ෂි කාච ජාවාරම දීර්ඝ කාලයක සිට කරගෙන යන බවටද අනාවරණය වී ඇත.

ඇසේ සුද ඉවත්කරන රෝගියකු අනිවාර්යයෙන්ම අක්‍ෂි කාච බද්ධ කරගත යුතුය. රජයේ රෝහල් මගින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා රජය විසින් නොමිලේ අක්‍ෂි කාච ලබාදෙන අතර මෙම කාචයක්‌ රුපියල් 8000 ක වටිනාකමකින් යුක්‌ත බව සෞඛ්‍ය අමාත්‍යාශ ප්‍රකාශකයකු කීවේය.

එහෙත් දිවයිනේ රෝහල් කිහිපයක අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට රජයෙන් ලබාදෙන අක්‍ෂි කාච බද්ධ කිරීම ප්‍රතික්‌ෂේප කරමින් පිටතින් අක්‍ෂි කාච මිලදී ගෙන එන්නැයි පවසා රෝගියාට තුණ්‌ඩුවක්‌ ලියා දෙනු ලැබේ.

එම අක්‍ෂි කාචයේ මිල රුපියල් 20,000 කි. රෝගියා එය මිලට ගත් පසු අදාළ වෛද්‍යවරයාට එම මිලෙන් සියයට 51 ක කොමිස්‌ මුදලක්‌ ලබාදීමට අදාළ සමාගම කටයුතු කරන බවද අනාවරණය වී ඇත.

රෝගියකුට බද්ධ කෙරෙන එක්‌ අක්‍ෂි කාචයකින් සියයට 51 ක්‌ කොමිස්‌ ගන්නා මෙම අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ පිටතින් අක්‍ෂි කාච ගෙන නොඑන්නේ නම් ඇසේ සුද ඉවත් කිරීම ප්‍රතික්‌ෂේප කරන බවටද අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත.

මෙම ජාවාරම පිළිබඳ අනාවරණය වීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ක්‍රියාව නතර කරන ලෙසට අදාළ වෛද්‍යවරුන්ට උපදෙස්‌ දුන්නද එය නොතකා ඔවුන් අඛණ්‌ඩව මෙය සිදුකරන බවද අමාත්‍යාංශ ප්‍රකාශකයා කීවේය.

රජයෙන් නොමිලේ ලබාදෙන රුපියල් 8000 ක අක්‍ෂි කාචය බද්ධ කර ගැනීමට නොහැකි ඇතැම් රෝගීන් මෙම වෛද්‍යවරුන්ගේ ජාවාරම නිසා රුපියල් 20,000 ක අක්‍ෂි කාචය මිලදී ගැනීම සඳහා මහ මඟ සිඟමන් යදින තත්ත්වයට පත්ව ඇතැයිද ඉහත ප්‍රකාශකයා කීය.

http://www.divaina.com/2014/04/29/news06.html

 

හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්‌ වන නිසා වකුගඩු ජාවාරම් පරීක්‍ෂණ සෞඛ්‍ය අමාත්‍යාශයට පවරන්න එපා

Divaina /2014/04/29/

doctor_bribes_0318මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි

වකුගඩු විකිණීමට කැමැති පුද්ගලයන් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා සිදුකර ඇති මහා පරිමාණ වකුගඩු ජාවාරම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට පැවරීම “සොරාගේ අම්මාගෙන් පේන ඇසීම” වැනි වූ ක්‍රියාවක්‌ බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ “දිවයින” ට පැවසූහ.

මෙම වකුගඩු ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහළ නිලධාරීන් ද, රජයේ වෛද්‍යවරුන් නියෝජනය කරන එක්‌තරා ප්‍රබල වෘත්තීය සමිතියක මධ්‍යම කාරක සභා සාමාජික වෛද්‍යවරයකු ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීම නිසා එම ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමේ කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට නොපැවැරිය යුතු බව උන්වහන්සේ කීහ.

ශ්‍රී ලංකාවට කළු පැල්ලමක්‌ ඇති කිරීමට හේතු වන මෙම වකුගඩු ජාවාරම පිළිsබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන, රජයේ වෛද්‍යවරයකු ද නොවන ඉහළ රජයේ නිලධාරිවරයකු හරහා ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ සඳහන් කර සිටියහ.

වකුගඩු ජාවාරම් සම්බන්ධීකරණය කළැයි කියන මෙරට වෛද්‍ය වෘත්තීය සමිතියකට අයත් වෛද්‍යවරයා වකුගඩු විකිණීමට කැමැති ඉන්දීය ජාතිකයකුගෙන් ලබාගන්නා වකුගඩු යොදාගෙන සිදුකළ සැත්කමකින් රුපියල් ලක්‍ෂ 5 ක පමණ මුදලක්‌ උපයාගෙන ඇති බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

මේ ආකාරයේ වකුගඩු සැත්කම් 10 ක්‌ මසකට සිදුකර ඇති අතර එම සැත්කම්වලින් අදාළ වෛද්‍යවරයා ලබාගෙන ඇති මුදල රුපියල් ලක්‍ෂ 50 ක්‌ බව එම ආරංචි මාර්ග කීවේය.

සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙරටට රැගෙන එන ඉන්දීය ජාතිකයන්ගෙන් වකුගඩු ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ලැබී තිබීම නිසා ඔවුන් ද මෙම ජාවාරම පිළිබඳව දැන සිටින්නට ඇති බවයි.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2014/04/29/

 

මහනුවර රෝහලේ වාට්‌ටුව දොස්‌තරලාට ජිම් එකක්‌ කරදීලා!

මහනුවර රෝහලේ ගෙවන වාට්‌ටුව
දොස්‌තරලාට ජිම් එකක්‌ කරදීලා!

– හෙද සංගමයේ සභාපති
Divaina/2014/04/25/
ඒමන්ති මාරඹේ


මහනුවර ශික්‍ෂණ රෝහලේ නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිකර තිබූ ගෙවන වාට්‌ටු දෙක වසා දමා ඉන් එක වාට්‌ටුවක කෝටි ගණනක්‌ වැය කර වෛද්‍යවරුන්ට කායවර්ධන ව්‍යායාම් සිදු කිරීම සඳහා මධ්‍යස්‌ථානයක්‌ (ජිම්) පිහිටුවා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ (24 දා) ප්‍රකාශ කළේය.

මේ වන විට ගෙවන වාට්‌ටු දෙකම වසා දමා ඒවායේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සවිකර තිබූ උපකරණ සියල්ල වෙනත් කාමරයක දමා දොරගුළුලා ඇති බවත් එක්‌ වාට්‌ටුවක කායවර්ධන මධ්‍යස්‌ථානයක්‌ හා අනෙක්‌ වාට්‌ටුවෙහි වෛද්‍යවරුන්ගේ ඇමතුම් (ඔන් කෝල්) රාජකාරි සිදු කිරීමේ කාමරයක්‌ පිහිටුවා ඇති බවත් රත්නප්‍රිය මහතා කීවේය.

මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර ශික්‍ෂණ රෝහලේ රෝගීන්ට ගෙවන වාට්‌ටුවල ප්‍රතිකාර ලැබීමේ අවස්‌ථාව අහිමි වී ගොස්‌ ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙසේ ගෙවන වාට්‌ටු දෙක වසා දමා රුපියල් කෝටි ගණනක්‌ මහජන මුදල් නාස්‌ති කරමින් වෛද්‍යවරුන්ට කාය වර්ධන මධ්‍යස්‌ථානයක්‌ හා ඇමැතුම් රාජකාරි කාමරයක්‌ ඉදිකර දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශ පරිපාලකයන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව බව හෙතෙම අවධාරණය කළේය.

පුංචිබොරැල්ල, රජයේ ඖෂධවේදීන්ගේ සංගම් ශාලාවේ ඊයේ (24 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

http://www.divaina.com/2014/04/25/news04.html

 

ඖෂධ වෙළෙඳාම…. මාෆියාවකි…. ජාවාරමකි. අවි ආයුධ වෙළෙඳාමට වඩා ලාභදායී ආදායම් මාර්ගයකි

ඖෂධ සමාගම්වලින් කොමිස්‌ ගහන 
රට යන මේ නිලධාරියා කවුද?

Imageඖෂධ වෙළෙඳාම…. මාෆියාවකි…. ජාවාරමකි. අවි ආයුධ වෙළෙඳාමට වඩා ලාභදායී ආදායම් මාර්ගයකි. එනිසාම අපේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුම ඖෂධ සමාගම් සමග එක්‌ව කොමිස්‌ සහ වරදාන උදෙසා ලොබ බැඳ කටයුතු කරමින් සිටින බව නොරහසකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ඖෂධ ලියාපදිංචි කිරීමේ කටයුත්තට සෘජුවම සම්බන්ධ අංශයක ඉහළම නිලධාරියෙක්‌ කොමිස්‌ කුට්‌ටි, විදෙස්‌ සංචාර ලබමින් ඖෂධ සමාගම් කිහිපයකට කඩේ යමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනකුගේද ආශිර්වාදය ලබමින් කටයුතු කරන මෙම නිලධාරියා වෛද්‍යවරයෙකි. අල්ලස්‌ හා දූෂණ චෝදනාවන් රැසකට පසුගිය කාලයේ චෝදනා ලද මෙම තැනැත්තා ඖෂධ සමාගමක පූර්ණ අනුග්‍රහය මත පසුගිය දිනවල ඔස්‌ටේ්‍රලියාවේ සංචාරයක නිරත වූ බවට ඖෂධවේදීන්ගේ සංගමය විසින් වගකීමෙන් යුතුව චෝදනා කරති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්‌තරා අංශයක අධ්‍යක්‌ෂවරයා ලෙස කටයුතු කරන මෙම නිලධාරියාට මීට මාස ගණනාවකට පෙර වෙනත් අංශයකට ස්‌ථාන මාරුවක්‌ ලබාදී තිබුණද දූෂණ වංචා ජයටම කරගෙන යා හැකි තනතුර හැර දමා යැමට නොකැමැති නිසාම තවමත් පෙර කී අධ්‍යක්‌ෂ තනතුරේම බලහත්කාරයෙන් රැඳී සිටී. ඊට අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියකුද ඔහුට සහාය ලබා දේ.

මෙම දූෂිත අධ්‍යක්‍ෂවරයා ඔස්‌ටේ්‍රලියානු සංචාරය සඳහා ගොස්‌ තිබෙන්නේ හුදෙක්‌ විනෝද වීම සඳහා බවද ඖෂධ වේදීන්ගේ සංගමය චෝදනා කර සිටී.

ඔහුට ඔස්‌ටේ්‍රලියානු සංචාරය ලබාදී ඇති ඖෂධ සමාගම විසින් නිෂ්පාදනය කරන ඖෂධ වර්ග පනහක්‌ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමේ සූදානමක්‌ද ඇත. කිසිදු බාධාවකින් තොරව පවතින නීති රෙගුලාසිවලට පටහැනි ලෙස යමින් එම ඖෂධ පහසුවෙන් මෙම අධ්‍යක්‌ෂවරයා මගින් ලියාපදිංචි කරවා ගැනීම ඔහුට ලබාදී ඇති මෙම ඔස්‌ටේ්‍රලියානු සංචාරයේ එක්‌ අරමුණක්‌ වන බවද නිසැකය.

අදාළ සමාගම විසින් නිපදවා මෙරටට ගෙන්වන අතිරේක ආහාරමය ද්‍රව්‍යයක්‌ සඳහාද මෙම අධ්‍යක්‌ෂවරයා පවත්නා නීති රීතිවලට පිටුපාමින් ශ්‍රී ලංකාවේ අලෙවිය සඳහා අනුමැතිය ලබාදී ඇතැයිද ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කර සිටී.

මෙම අධ්‍යක්‌ෂවරයාගේ පුත්‍රයාද ඔස්‌ටේ්‍රලියාවේ අධ්‍යාපනය ලබමින් සිටී. ඔහුගේ අධ්‍යයන වියදම් වෙනුවෙන්ද අදාළ ඖෂධ සමාගම ඇමරිකානු ඩොලර් 250,000 කට අධික මුදලක්‌ වැය කිරීමට එකඟ වී ඇතැයිද ඖෂධවේදීන්ගේ සංගමයේ තවත් චෝදනාවකි.

මෙම අධ්‍යක්‌ෂවරයා වෛද්‍යවරයෙකි. එහෙත් විශේෂඥ වෛද්‍යවරයෙක්‌ නොවේ. නමුත් තමන් විශේෂඥ වෛද්‍යවරයකු බව පවසමින් මෙම පුද්ගලයා වසර පහළොවකට ආසන්න කාලයක්‌ රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචා සහගත ලෙස රජයෙන් ලබාගෙන ඇතැයිද චෝදනා නැඟේ. මෙම වරදට ඔහුට ලබාදී තිබෙන්නේ කදිම දඬුවමකි. එනම් වංචා කළ මුදල මාසික වාරික වශයෙන් යළි රජයට ගෙවන ලෙසටය. මෙම දූෂිත නිලධාරියාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම රැකවරණ ලැබෙන බවට කදිම සාක්‌ෂියකි එය.

ඉන්දියාවේ පවා පරීක්‌ෂණ මට්‌ටමේ පවතින අධි සංවේදී පිළිකා එන්නතක්‌ ශ්‍රී ලංකාව තුළ එක්‌ දිනයක්‌ තුළ ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේද මෙම අධ්‍යක්‍ෂවරයාය. මෙම පිළිකා එන්නත ශ්‍රී ලංකාවට සුදුසු බවට නිර්දේශයක්‌ ලබාදීම විශේෂඥ වෛද්‍යවරුන් විසින්ද ප්‍රතික්‍ෂේප කර තිබියදී එයද නොසලකමින් මෙම අධ්‍යක්‍ෂවරයා එම ඖෂධය නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධව කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ හෝ දඬුවමක්‌ මෙතෙක්‌ අමාත්‍යාංශය විසින් ලබාදී නැත.

එම ඖෂධය පමණක්‌ නොව එක්‌ දිනයක්‌ තුළ ඖෂධ වර්ග පනහක්‌ සඳහා ලියාපදිංචිය ලබාදීමට මූල් වූ නිලධාරියෙක්‌ ලෙසටද මොහු කුප්‍රකට වී තිබේ.

ඖෂධ සමාගම් කිහිපයක්‌ මෙම අධ්‍යක්‌ෂවරයා වෙනුවෙන් මුදල් වියදම් කරන බවටද ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරති. සිය සේවය ලබාගැනීමට පැමිණෙන කිසිදු ඖෂධ සමාගමකට මුදල් අය නොකර සේවා සැපයීම සිදු නොකරන මෙම අධ්‍යක්‌ෂවරයාට පෞද්ගලික ප්‍රතිකාර කිරීමද නීතියෙන් තහනම්ය. එහෙත් එම තහනමද නොතකමින් මෙම පුද්ගලයා කටුබැද්ද තෙලවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පෞද්ගලික චැනල් සේවාව කරමින් මුදල් උපයන බවද ප්‍රසිද්ධ රහසකි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහළ නිලධාරීන් මෙම අධ්‍යක්‌ෂවරයා සිදුකරන වංචා දූෂණ දකිමින් නොදැක්‌කා සේ සිටින්නේ ඖෂධ සමාගම් සමග ඔහු අත යටින් සිදුකරන ගනුදෙනුවේ කොටසක්‌ මෙම ඉහළ නිලධාරීන්ටද ලැබෙන නිසා යෑයි සාධාරණ සැකයක්‌ උපදින බව ඖෂධවේදීහු පවසති.

අජිත් අලහකෝන්

http://www.divaina.com/2014/04/27/feature16.html

 

ඩොක්ටර්ස් ලාට බනින තර්ඩ් ක්ලාස් මෝඩයින්ට ඩොක්ටර්ස්ලාගේ අගේ තේරෙන්නේ නෑ

cutenurse                         ඩොක්ටර්ස් ලාට බනින තර්ඩ් ක්ලාස් මෝඩයින්ට ඩොක්ටර්ස්ලාගේ අගේ තේරෙන්නේ නෑ. ඩොක්ටර්ස්ලා නැතිනම් තොපිල කවුරුත් අද ජීවත් වෙන්නෙත් නෑ කියල හිතෙන්නෙ නැද්ද? තර්ඩ් කාල්ස් නූගත් මිනිස්සුන්ට තියෙන්නේ ඩොක්ටර්ස්ලා ගැන ජෙල්ස් එකක්. ඩොක්ටර් කෙනෙක් කිව්වාම ඕනෑම ගෑණු කෙනෙක් රෑට ගිහින් බුදිය ගන්න වුණත් කැමති රටකුයි මේක. තමුන්ගෙ ගෑණි විතරක් නෙමෙයි අම්ම වුණත් ඩොක්ටර්ලා දැක්කාම කෙල හලන හැටි උඹලා දැකල ඇති. ඒක නේද මේ ජෙල්ස් එක. අනික ඩොක්ටර්ස්ලාට ඕන වෙලාවක ෆීමේල් පේෂන්ට් ලාගේ ඕනෑම තැනක් පරීක්ෂා කරන්න පුළුවන්. ඒක ගැනත් ගොඩක් තර්ඩ් ක්ලාස් පිරිමි අය ජෙල්ස්.

කාන්තාවන්ගෙන් ඩොක්ටර්ස් ලාට තිබෙන ගෞරවය කොච්චරද කියල කියනවනම් නල දරු උපත් සඳහා පුරුෂ ශුක්‍රාණු හැටියට යොදා ගන්නේ වෛද්‍ය පීඨ වල ඩොක්ටර්ස් ලා ගේ ශුක්‍රාණුයි. එම පුරුෂ ශුක්‍රාණු අපගේ බයෝ ඩේටා රහිතව ස්ට්‍රෝ කරල හොස්පිට්ල් වල තියලයි තියෙන්නෙ. මම මේ ඇත්ත හෙළි කරද්දී මට බැනල අපහාස කරන උන්ටයි මේ කියන්නෙ, උඹලගෙ ගෑණිට / සහෝදරියන්ට / නැන්දලට / පුංචිලට ඉදිරියේදී නල දරු උපත් කරගන්න ඕනැ වුණොත් ඒකට අවශ්‍ය ශුක්‍රාණු ගනිද්දී ඒවා ඩොක්ටර්ස් ලා ශුක්‍රාණු වෙන්නත් පුළුවන් කියල මතක තියා ගනින්. යම් දිනෙක උඹල නලවන දරුවාගේ සැබෑ ජාතකය ඩොක්ටර්ස් ලාගේ අතේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹලගෙ නල දරු උපත් කරගත්ත ගෑණිට/ සහෝදරියන්ට/ නැන්දලට / පුංචිලට ……….. ඩොක්ටර්ස් ලායි. ඒ හින්ද ඩොක්ටර්ස් ලා යනු කවුද කියල හොඳට මතක තියා ගනින්.

 

ලංකාවේ විශේඥ වෛද්ය වරයාගේ කථා වස්තුව.

bad_doctor.jpg.

 

            සියලුම සාමාන්‍යා වෛද්යි වරයකුගේම්   අභිප්රාය වනුයේ විශේඥ හොරෙක් වීමටයි.

            විශේඥ හොරෙක් වූ පසු ඔවුන්  අදාළ ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇනේ ගසයි .( රජයේ රෝහලක එල්ලී නොසිටියොත් මොවුන් රෝගීන් සහ දොස්තර් කඩවලින් ප්‍රතික්ෂේප කරයි )

            මොහු විසින් තමන්ටම වූ වාට්ටුවක්ද  බදා ගනියි.රජයේ රෝහලේදී උදය වරුවේ පැය ½  පමණ කාලයක් තුලදී වාටුව පරික්ෂා කිරීමේදී  මොහුට හතියක් වැටේ ( කනිෂ්ඨයෙකුට ඉතිරිය පවරා මොහු අන්ත්රස්දාන වෙයි)

            මීටත් අමතරව ජනතා සුභාසිද්දිය සහ සේවය පිණිස එම රෝහලේම බාහිර චිකිත්සාගාරයක් පවත්වාගෙන යනු ලබයි.මොහු විසින් පරික්ෂා කරනු ලබන්නේ අලුත් රෝගීන් පමණි. මොහු මැණික් ගල් සෙවීම අරඹනු ලබන්නේ ඉන් පසුවයි..රෝගීන්ගෙන් අසන පළමු ප්‍රශ්නය නම වයස වුවත්  බෝලය බස්සා කෙසේ හෝ  රැකියාව අසාගනු ලැබේ. මැණික් ගල් තෝරා  කබොක් ,කට්ට කෑලි වීදුරු ගල් හලා දමයි.

            රජයේ රෝහලේ පරණ රෝගීන්ට බෙහෙත් දීම ආධුනික දොස්තර විසින් කරනු ලැබේ( මොහු වෙන්න ඉන්න විශේඥ හොරෙකි ).        අලුත් රෝගීන් පරික්ශාවෙදීද   මොහුට පැය ½ ක් පැයක් තුලදී සුපුරුදු හතිය වැටේ ,හතිය වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මොහු විසින් කනිෂ්ට දොස්තරයට වැඩය පවරයි .

            අපේ විශේඥ වෛද්යි වරයාට වැළදෙන   සියලුම හතියන් නිවාගැනීම පිණිස මොහු විසින්  දොස්තර කඩ සංචාරය අරඹන්නේ ඉන් පසුවයි .එක් දොස්තර කඩයක් නිම වී මෙන් අනතුරුව අනික් දොස්තර කඩය කරා යයි. පුදුමයකි! මොහුට  දැන් හතියක් නැත.

            ඒ අයුරින් රාත්‍රී  10-12 වනතුරු හතියක් නොවැටී රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් දොස්තර කඩ 5 පමණ සංචාරය කර රෝගීන් 200 පමණ පරික්ෂා කරයි. දැන් සහයට වෛද්යර වරයෙක් ද නැත.හති වැටෙන්නේද නැත.201 වැනි රෝගියාද  පරික්ෂාවට සැහැදී පැහැදී සිටී.201 වැනි රෝගියෙක් නැති තැන ගෙදර යයි. සමාජය ඇසුරකට මොහුට කාලය නැත.සමාජය  සහ හරි වැරැද්ද හදුනන්නේ නැත.එවිට ව්යාග්‍ර පෙති ගසා  රෝගී කාන්තාවක් දුෂණය කරයි,තට්ටුවෙන් පහලට දමයි මරයි.,ගැබිණි මවක් දුෂණය කරයි,පාසැල් ළමුන් බෙහෙත් දෙන මුවාවෙන් කැමරා කරනු ලබයි ,ගෑණු වැසිකිලියේ කැමරාවක් සවිකරයි.

            එක් රෝගියෙකුගෙන් රුපියල් 800 කි. රෝගීන් 200 න්  දිනකට රුපියල් එක්ලක්ෂ හැට දාහකි.කඩේට රුපියල් 100 කි. කඩේට මුළු මුදල රුපියල් 20,000 කි.       සායන වලදී එකතු කල මැකික් ගල්වලින් සොයාගන්නා ලද ශුද්ධ ලාබය  දිනකට රුපියල්  එක්ලක්ෂ හතලිස්දාහැකි.

          රජයේ රෝහලේ දී පැය භාගයෙන් දොස්තරට  හැදෙන හතිය  දොස්තර කඩේදී  හති නොවැටී මාසයම දුවයි. පුදුමයකි. මැෂිම මාසයේදී  උපයපු මුදල  ලක්ෂ 42 කි. රෝගීන්ගේ දරුවන්ට කන්න වෙන්කළ මුදලින් අපේ  කථා නායක විශේඥ දොස්තර කාර් එකක් අලුතින්  ගනී. ඔවුන්ගේ දරුවන්ට සුර සැපය .අසරණ රෝගියා දිගටම දොස්තර කඩයේ කඹයේ ගැටගසා ඇත . දොස්තරට  අවශ්‍ය විටදී කඹය කපාහරී .ඔහුගේ ලෙඩේද  සුව වී නැත.

 

      අපේ  දොස්තර   ඔහු සහ ඔහුගේ දරුවන් එනතුරු යම රජු  බලා සිටී.

 

 

දොස්තර මහත්තයා ලෙඩ දරුවාට පයින් ගැසුවේ ඇයි?

මාතලේ රෝහලේ වෛද්‍යවරයෙක් බෙහෙත් ගැනීමට බාහිර රෝගී අංශයට පැමිණි පස්හැවිරිදි පිරිමි දරුවකුට පයින් ගැසීම ගැන මව කළ පැමිණිල්ල මත පොලිසිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෛද්‍යවරයාට කුකුළු කේන්තියක් ගොස් තිබෙන්නේ පෝලිමේ සිටි දරුවා වෛද්‍යවරයාගේ කාමරයේ හාඩ්බෝඩ් බිත්තියට හේත්තු වූ හෝ තට්ටු කළ නිසා යයි කියැවේ.

දරුවන්ට පහර දීම පාසල්වල නම් සාමාන්‍ය දෙයකි. එහෙත්, මේ දරුවා පෙර පාසල් වයසේ සිටින අයෙකි. පෙර පාසල්වල එවැනි පහරදීම් සිදු වන්නේ නැත. රෝහල්වල නම් වැඩිහිටියකුට හෝ සාමාන්‍යයෙන් පහර දෙන්නේ නැත. මේ වෛද්‍යවරයා එසේ පහර දෙන්නට ඇත්තේ තමන් පාලනය කර ගැනීම පිළිබඳ ගැටලුවක් නිසා විය හැකි ය.

වෛද්‍යවරයෙක් යනු සමාජයේ වෙනත් වෘත්තිකයකු වැනි ම අයෙකි. එහෙයින් එවැන්නන් අතින් මෙවැනි වැරදි සිදු වීම සාමාන්‍ය තත්වයකි. ඒ සම්බන්ධයෙන් දඬුවම් කිරීම අත්‍යවශ්‍ය ය. මාධ්‍ය ඒ පිළිබඳ ප්‍රසිද්ධ කිරීම ද නරක දෙයක් නො වේ. මන්ද, එවැනි තත්වයන් පාලනය කිරීමට ඒවා ඉවහල් වන බැවිනි.

එහෙත්, ලංකාවේ වෛද්‍යවරු කියන්නේ පෞද්ගලීකරණය නිසාත්, අධිකතර සමාජ උන්නතිකාමය නිසාත් බැට කන පිරිසක් බව අපගේ නිරීක්ෂණයයි.

රජයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැති බවට බොහෝ මැසිවිලි නඟනු දක්නට ලැබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නම් වැටුප පමණක් නොව, සමාජයේ සෙසු වෘත්තිකයන් හා වෛද්‍යවරුන් අතර ඇති වැටුප් විෂමතාව මදි වීම පිළිබඳ ප්‍රශ්නයක් ද තිබේ.

වෛද්‍යවරුන් වැඩි දෙනෙක් බිහි වන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටාධාරයෙනි. ඔවුන් වැඩි දෙනෙකුට රැකියාවට පිවිස ඉතා කෙටි කාලයක් තුළ විශාල ධනයක් උපයා ගැනීමේ අවශ්‍යතාව තිබේ. ඔවුන්ගේ වැටුප් මෙම අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් නැත.

එබැවින් වෛද්‍යවරු විශාල වශයෙන් පෞද්ගලික සේවයේ යෙදී සිටිති. මෙම පෞද්ගලික සේවා අතර තියුණු තරගයක් ද තිබේ. භෞතික දියුණුව අත්පත් කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට තිබෙන අධිකතර උන්නතිකාමය ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රධාන ලක්ෂණය ලෙස දැක්විය හැකි ය.

ලංකාවේ මහජනතාව‍ගේ සෞඛ්‍යය පාලනය වන්නේ තනිකරම මෙය විසිනි.

මාතෘකාවේ සඳහන් සිද්ධිය වැනි දේ සිදු වන්නේ මෙම පසුබිම තුළයි. වෛද්‍යවරුන් සිය වෘත්තිය පත් වී තිබෙන තත්වය ගැන ගැඹුරින් සිතිය යුතු ය. එය හුදු සමාජයේ හෝ ආණ්ඩුවේ වරදකට ඌනනය නො කර තමන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කර ගැනීම ගැන ඔවුහු සිතිය යුතු ය.

උපුටා ගත්තා  blog.parakum.com