ඇඟලුම් සේවිකාවක් මීගමුව රෝහලේ හයවැනි මහලෙන් බිමට තල්ලු කර මරා දැමීමේ සිද්ධිය:
මම ජීවිත බේරාගන්නා වෛද්‍යවරයෙක් මගේ ජීවිතය විනාශවීමට ඉඩ දෙන්න එපා
සැකකාර වෛද්‍යවරයා මීගමුව මහාධිකරණයේ දී සාක්කි දෙයි
“මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. මම මිනිසුන්ගේ ජීවිත බේරාගන්න වෛද්‍යවරයෙක්. අනේ මගේ ජීවිතය විනාශවීමට ඉඩ දෙන්න එපා” යැයි මීගමුව මහ රෝහලේ හය වැනි මහලෙන් තරුණියක බිමට තල්ලු කර මරා දැමීමේ චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයා වන ඉන්දික සුදර්ශන බාලගේ මහතා ඊයේ (26) මීගමුව මහාධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය.
මීගමුව මහාධිකරණ විනිසුරු එච්. එච්. ඒ. ගෆුර් මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.
මීගමුව මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකු වශයෙන් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි ඉන්දික සුදර්ශන බාලගේ නැමැති වෛද්
යවරයා මේ සිද්ධියට චෝදනා ලැබ සිටියේ ය.
දඹගල්ල කටුකුරුමණ්ඩිය පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ චමිලා දිසානායක නම් (එවකට) 22 හැවිරිදි වියේ පසුවූ ඇඟලුම් සේවිකාවක් බලහත්කාරයෙන් දූෂණය කර මීගමුව රෝහලින් බිමට තල්ලු කර මරා දමන ලදැයි සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලේ සඳහන්ය.
සැකකාර වෛද්‍යවරයා විවෘත අධිකරණයේ දී තවදුරටත් මෙසේ පැවැසීය.
මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. පියා රියැදුරු මහතෙක්. මම 5 වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ බාර ගත්තා. මීගමුව රෝහලේ 6 වැනි මහලේ කාමරයක මමත් බිරියත් සමඟ නේවාසිකව සිටියා. බිරිය හෙදියක් ලෙස රාගම රෝහලේ රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකතන ක්‍රියාකරුගේ කාමරයත් තිබුණා.
මට රෝහලේ සුළු සේවකයන්ගේ උදව් ලැබුණා. ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ මම වැඩ කරන විට ඇතැම් සුළු සේවකයන්ට මම අවවාද කර තිබෙනවා. 2007.11.08 දා බිරියත් සමඟ මම ගමට ගියා. නැවත 11 දා සවස 6.00 පමණ රෝහලේ කාමරයට ආවා. මට ගමේ අය අමතන්නේ ඉන්දික පුතා කියලා. ගමේ වැඩිහිටියෝ කියනවා මාව පෙන්වලා “ඉන්දික පුතාව” ආදර්ශයට ගෙන ගමේ තරුණයන්ට හැදෙන්න කියලා.
ශල්‍ය වෛද්‍ය ඒකකය පිහිටා තිබෙන්නේ පළවැනි මහලේ. එහිදී රතු නොම්බර 20 ක් ද, නිල් නොම්බර 45 ක් ද දෙනවා. රතු කියන්නේ අලුත් රෝගීන්ට දෙන නොම්බර. නිල් කියන්නේ කලින් බෙහෙත් ගත්තු අය සඳහා දෙන නොම්බර. එදා මමත් සමඟ වෛද්‍ය ඉන්දිකත් හිටියා. රතු නොම්බර වෛද්‍ය ලසන්ත හා වෛද්‍ය ඉරේෂා කෙරුවා. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට උදව්වට වෛද්‍ය පරාක්‍රම හා වෛද්‍ය බස්නායක හිටියා. මම එදා උදේ 8.00ට පමණ සායනයට ගියා. එවිට වෛද්‍ය ඉන්දික මහතා පැමිණ සිටියේ නැහැ. මෙම කාමරයට යන කොට බිරිය කාමරයේ හිටියා කම්මුල් ගාය හැදිලා. රාගම රෝහලේ ප්‍රේමලතා හෙදි නිලධාරිනියට බිරිය නිවාඩුව නිල වශයෙන් දැනුම් දුන්නා.
සායනය වැඩ බහුල ස්ථානයක්. රෝගීන් පරීක්ෂාව බෙහෙත් අනුමත කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් වෙත රෝගීන් යොමු කිරීම, වෛද්‍ය සහතික ලබාදීම, පටක පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කිරීම සිදුකරනවා.
පෙ.ව.8.30ට පමණ වෛද්‍ය ඉන්දික ආවා. 9.30ට පමණ මම 6 වැනි මහලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිය කාමරයේ හිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිය ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා.
මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාර කියන ගෑනු ළමයෙක්ව සායනයට (පරීක්ෂණය සඳහා) කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා. ඊට පසු මම එම රෝගියාව පරීක්ෂා කළා. ඇය හයිප තයිරොක්ෂිඩ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්. Read the rest of this entry »