RSS

Monthly Archives: April 2012

දරු ප්‍රසූතියට ඇතුළත් කළ ගැබිණියට අතවර කළැයි ජ,පුර වෛද්‍යවරයාට නඩු.

දරු ප්‍රසූතියට ඇතුළත් කළ ගැබිණියට අතවර කළැයි ජ,පුර වෛද්‍යවරයාට නඩු.

දරු ප්‍රසූතිය සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ රූමත් තරුණ මවකට අතවරයක් සිදුකිරීම නිසා එම රෝහලේ වෛද්‍යවරයෙකුට එරෙහිව ඊයේ කොළඹ මහාධිකරණයේදී නඩු පවරනු ලැබුවා.
දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් කර තිබුණ තරුණ මව අලූයම් කාලයක පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කියා රෝහලේ කාමරයකට තනිව ගෙන ගොස්
මේ වෛද්‍යවරයා ඉතාම අශ්ලීල ආකාරයට ඇයට අතවර තර තිඛෙනවා.

සිය කුසෙන් දරුවා බිහිකරන්නට ආසන්න අපහසු අවස්ථාවක සිටි මේ මවට මේ කරදරයෙන් බේරෙන්නට වාරුවක් තිබී නැති අතර ඇය මේ සිද්ධිය ඉවසා සිට පසුව සැමියාට කීමෙන් අනතුරුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මේ ගැන පරීක්ෂණයක් පවත්වනු ලැබුවා. එයින් මේ වෛද්‍යවරයාගේ ක්‍රියාව සැකකටයුතු බව තහවුරුවීම නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 345 හා 365 වගන්ති අනුව නඩු ගොනු කරන්නට නීතිපතිවරයා කටයුතු කර තිඛෙනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ 2009 සැප්තැම්බර් මාසයේ වන අතර නීතිපතිවරයා නඩුව ගොනු කර තිබනේ පසුගිය සතියේය.
අසාමාන්‍ය ලිංගික තෘප්තියක් ලබාගැනීමේ චේතනාවෙන් ගැබිණි මවට අතවර කළ බවට
මෙම චෝදනාවට ලක්වූයේ විෂාන් ජයශාන්ත පරණමාන නමැති 34 හැවිරිදි වෛද්‍යවරයෙකි.

http://www.mawbima.lk/34-22036-news-detail.html

 

දොස්තරලා සහ සේවකයෝ

දොස්තරලා සහ සේවකයෝ

 images

(2012 අ‌ප්‍රේල් මස 03 වැනිදා අඟහරුවාදා) http://sydneythought.blogspot.com/2012/06/blog-post_27.html
ඕනෑ ම සේවා ස්ථානයකදී ඔබට හමු වන ආයතන සේවකයා ඉතා සුහද ලෙස ඔබට කෙසේ දැයි විමසීම ඔස්ට්‍රේලියාවේ දී සාමාන්‍ය සිරිතකි. එහෙත් පිළිතුර කුමක්දැයි සෙවීමට මාහට මඳ වේලාවක් ගත වූයේ සී.ටී. ස්කෑන් පරීක්ෂණයට පරීක්ෂණාගාරයට ගිය විට එහි සේවිකාව එසේ විමසූ විට ය. මෙහිවිත් ටික දිනකින් මතුව ආ කොන්දේ වේදනාවක් ගැන අසා මා මෙම පරීක්ෂණයට යොමු කළේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරියකි. සැබවින්ම මා දවස ගෙවන්නේ අපහසුවක් සහිතව ය. එහෙත් සේවිකාවට ‘හොඳින් ඉන්නවා‘ යැයි නොකීම සාධාරණ ද නොවේ.
පරීක්ෂණය සඳහා මා කැඳවාගෙන ගිය හෙදිය සිදුකරන ක්‍රියාවලිය පිළිබඳ විස්තර මාලාවක් ඉදිරිපත් කළා ය. ඇයගේ ඔස්ට්‍රේලියානු ඉංගිරිසි බිනීම හරි හැටි නොවැටහුන ද මම සියල්ල තේරුම් ගත් බවක් ඇඟවීමි. ඇය කියනා දේ තේරුන ද, නොතේරුනද මේ පරීක්ෂණය දැන් අත්‍යාවශ්‍ය එකකි.
ස්කෑන් යන්ත්‍රයට ඇතුළු කිරීමට මත්තෙන් මා ඇඳ මත බෑවූ ඇය මගේ හිස නිසි එල්ලයකට සැකසී ය. ඇගේ අවසන් උපදෙස පරිදි මම දෙනෙත් පියාගතිමි. විශ්වය තුළට ඇද දැමූ ස්වභාවයක් දරමින් යන්ත්‍රය මා ගිල ගනු දැනින. හිසට දැනෙන මද උණුසුමක් සමග විග්‍රහ කළ නොහැකි  වටපිටාවක  පාව යන ස්වරූපයක් දැනෙද්දී හෙදියගේ උවදෙස් අමතක කොට හොරැහින් දෙනෙත් විවර කිරීමේ උමතු ආශාවක් මා තුළ ඇති වූයෙන් උමතුව සමග සටන් කිරීමට තරයේ දෙනෙත් පියා ගතිමි. වරක් මා යන්ත්‍රයෙන් පිටතට ගත් හෙදිය (මේ ඇතුළු කිරීම් පිට කිරීම් මාගේ උපකල්පනයන් මිස යථාව නොවිය හැක. මා තරයේ දෙනෙත් පියා ගෙන උන් බැවිනි.) මාගේ වමතෙහි වැළමිට ආසන්නයට එන්නතක් ඇතුළු කළා ය. ඇයගේ නොතේරුණු ඉංග්‍රීසි වැහැරීම ඒ සමග මට ප්‍රායෝගික ව වැටහෙන්නට විය. තත්පර කිහිපයකින් මාගේ ශරීරය තුළ ආශ්චර්යජනක උණුසුමක් විහිද ගියේ ය. එය විග්‍රහ කිරීමට සුදුසු වදනක් නොවෙතත්, ‘දෙලෝ රත්වීම‘ වැනි වදනකට කිට්ටු වදනක් ඊට උචිත බැව් කිව යුතු ය.
යම් රෝගී තත්වයක් හමුවේ රෝහලක් වෙත යන්නට සිදුවීම දේශීයව හෝ විදේශීයව වුව අපට ලබා දෙන්නේ නියත සංඥාවකි. ‘අප ශරීරය රෝගී වී ඇත‘ යන්න එහි ඇති, සරල හා නිශ්චිත යථාවයි. එහෙත් ‘රෝගී වීම‘ යන්න දේශීයව හා විදේශීයව වෙනස් ස්වරූප ගන්නා ආකාරය විදේශයන්හිදී විවිධ රෝගාබාධයන්ට ලක් ව ප්‍රතිකාර ලබා ගත් මා දන්නා උදවිය බොහොමයක් හරහා හඳුනාගත් අවස්ථා බොහොමයකි. ඇතැමුන් විදේශයකදී රෝහලකට යන්නට සිදුවීම සැළකුවේ තමන් ලද මහත් භාග්‍යයක් වශයෙනි.
“හප්පා… බලන්න එපායැ ඒ හොස්පිට්ල්වල ලස්සන… බිම නිකං දාගෙන බත් කන්න පුළුවන් ගාණයි ඒවගේ පිරිසිදුකම උණත්…“
සිඩ්නි නුවර
විදේශීය රෝහල්වලදී වෛද්‍යවරුන් ඉදිරිපස සිටින රෝගියා වෙත පැමිණ ඔහු හෝ ඇය කැඳවාගෙන යන බවත්, අතිමහත් ගරුසරු සහිතව සළකන බවත් අයියා වරක් පැහැදිලි කර දුන්නේ ඔහුගේ දියණියගේ උපත සිදුවූ ආකාරය පහදමිනි. ඇය උපදින මොහොතේ විදේශයක උන් ඔවුනට දියණියගේ උපත සටහන් කරන්නට වූයේ එරට දී ය. දරු උපත මොහොතේ පියාටත් මව සමග රැඳී ඉන්නට සැළැස්වීම එරට රෝහල් සේවය තුළ හමුවන විශිෂ්ට කරුණු රැසකින් එකක් බව  අයියා කරුණු ගෙනාවේ ය.
“චූටි පුතා ලැබෙන්න මට අමාරු වුණු වෙලාවෙ කටුගස්තොට ඉස්පිරිතාලෙන් මාව භාරගත්තෙ නැහැ… චූටි මල්ලිට හොඳටම තරහ ගියා ඒකට… අන්තිමේ නුවර යන්න වුණා…“
මල්ලිගේ උපත පිළිබඳ මෙම පවත වචන කිහිපයක් ලෙස අම්මාගේ මුවින් පිට ව ගිය ද ඇය ඒ මොහොතේ කෙතරම් වේදනාවක් විඳින්නට ඇති ද? කුළුඳුල් දරුවා ලෙස අයියා උපදින විට ගමට ගොස් කුරුණෑගල රෝහලේදී නතරවී ඇති අම්මා මමත්, මල්ලීත් උපදිද්දී නුවර මහගෙදරම නතරව සිට ඇත‍.
 ශරීරයන්ත්‍රයෙන් මා පිටතට බෑවූ පසු හෙදිය පිටවන දොරටුව මා හට පෙන්වා දී ‘යළි හමුවෙමු‘ යි ද කීවා ය! මේ නම් අපූරු දෙයකි. මෙහි දී ඔබ යම් කිසි මුදලක් ගෙවා සේවාවක් ලබා ගන්නා විටෙක අතිශය ආචාරශීලී වන ආයතන සේවකයෝ දොරවල් හැරගෙන විත් ඔබ පිළි ගනිති. ආසනය වෙත කැඳවාගෙන ගොස් එහි හිඳුවා ලති. ‘ඉතින් කොහොමදැයි‘ අසති. සියල්ල මුල සිට අසා සිටිති. සියල්ල අග මුල ඇති ව විස්තර කර දෙති. යළි පිටව යාමට දොර විවර කොට දී, සුභ දවසක් පතා, ‘නැවත හමුවීමක්‘ ප්‍රාර්ථනා කරති. එහෙත් මේ සුපුරුදු පැතුම හෙදියගේ මුවින් පිට වීම එතරම් මා සිත පුබුදු කළේ නැත. යට කී ‘දෙලෝ රත්වීම‘ එතරම් සිත් ඇද නොගන්නා සුළු වූ බැවිනි.
අප රටේ රජයේ රෝහල්වල පමණක් නොව මුදල් ගෙවා සේවාව ලබාගන්නා පුද්ගලික රෝහලක දී වුව දකින විට සිනාමුසුව, සුභ පතා පිළිගන්නා හෝ පිටව යන විට සුභ දවසක් පතන්නා වූ රෝහල් සේවකයින් මාහට හමුව ඇත්තේ ඉතා කලාතුරකිනි. වරෙක ප්‍රසිද්ධ රෝහලකදී විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසීමට අන්තර්ජාලය හරහා අංකයක් ලබාගත් මට දින කිහිපයකින් දුරකථන ඇමතුමක් ලැබුණේ අදාල දිනයේ වෛද්‍යවරයා නොපැමිණෙන බව සඳහන් කරමිනි. ඒ වෙනුවට මා වෙත වෙනත් දිනයක්ද ලැබුණෙන් එම දිනයේ මම රෝහලට ගියෙමි. මුලින් මා ලබාගත් අංකය පැමිණෙත්ම මම මගේ පත්‍රිකාව දොර අසළ උන් හෙදියට දුනිමි.
“ඔයා ටිකක් පැත්තකට වෙලා ඉන්න. මම කතා කරන්නං“
මගේ පත්‍රිකාව බලා කිසිදු තැකීමක් නොකළ ඇය කීවා ය.
“ඒත් මේක මගේ නම්බර් එකනෙ“ Read the rest of this entry »