RSS

Monthly Archives: February 2014

අහුවෙන්නේ නැතිව කරගන්න බැරි උනාට ටොයිලට් ඩොකාට ආයෙම වෙදකම් බෑ

අහුවෙන්නේ නැතිව කරගන්න බැරි උනාට ටොයිලට් ඩොකාට ආයෙම වෙදකම් බෑ 

800px-woman_is_sitting_on_a_toiletඅනුරාධපුර මහ රෝහලේ කාන්තා වැසිකිලියක වීඩියෝ කැමරාවක් සවිකර පොලිස් අත්අඩංගුවට පත් වෛද්‍යවරයාගේ වෛද්‍ය භාවය අහෝසි කර ඇති බව වාර්තාවේ.අදාළ වෛද්‍යවරයාට මින් පසු රජයේ හෝ පෞද්ගිලක අංශයේ කිසිදු රෝහලක සේවය කළ නොහැකි අතර ඔහු වෛද්‍යවරයෙක් ලෙස නොපිළිගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික වෛද්‍ය සභාවට දන්වා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක පැවසිය.

අදාල වෛද්‍යවරයා වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සීමාවාසික පුහුණු කාල සිමාව අවසන් ව පත්වීම් ලැඛෙන තුරු සිටි අයෙකු බවද දැක්වේ.

(වෛද්‍යවරයකුට  කාන්තා හෝ පිරිමි ශරීරය යන්න  සිය ‍රැකියාව හා සම්බන්ධ ප්‍රධාන භෞතික ප්‍රපංචය ලෙස සැලකිය හැකිය. එසේයි කියා ශරීරය සම්බන්ධයෙන් ලිංගිකාසාව වෛදයවරයකුට ඇතිවිය නොහැකි යැයි කිව නොහැක.

වෛද්‍යවරයාද ඇටලේමස් නහර වලින් තැනුනු හැගීම් දැනීම් ඇත්තෙකි.
එහෙත් ම අනුරාධපුරයේ වෛද්‍යවරයාගේ තත්වය ඊට එහා ගිය එකකි. එය ඔහුගේ රෝග තත්වයක් හෝ ඇබ්බැහියක් විය හැකිය. කෙසේ නමුත් එවැන්නකු වෛද්‍ය වෘත්තියට ගැලපෙන්නෙකු නොවේ. එම නිසා වෛද්‍ය සභාව ගත් මේ පියවර අගේ කළ යුතුය.

http://gossipelankanews.com/news_more.php?id=4311#.UwT2B0a-ktU

Advertisements
 

එංගලන්තයේදී තරුණියන්ගේ යට ඇඳුම් වීඩියෝ කළ මෙරට වෛද්‍යවරයකු අත්අඩංගුවට

එංගලන්තයේදී තරුණියන්ගේ යට ඇඳුම් වීඩියෝ කළ මෙරට වෛද්‍යවරයකු අත්අඩංගුවට

කැමරාවක් සවි කළ යතුරක් ආධාරයෙන් තරුණියන්ගේ සිරුර වීඩියෝ කළ ශ‍්‍රී ලාංකික වෛද්‍යවරයකු එංගලන්තයේ බකින්හැම්ෂයර්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

63 හැවිරිදි ඔහු වෛද්‍ය බුද්ධි අබේවර්ධන නමැති අයෙකි.

සාප්පු සංකීර්ණයකදී පඩිපෙළ පහළ සිට ඉහළ සිටි තරුණියන්ගේ යටඇඳුම් වීඩියෝ කරමින් එ් ආශ‍්‍රිතව සැකකටයුතු ලෙස හැසිරුණු ඔහු පිළිබඳ සොයාබැලීමේ දී මේ බව හෙළිවී තිබේ.

බකින්හැම්ෂයර් අධිකරණයට ඉදිරිපත් කොට වරදකරු වූ මෙම සැකකරුට යූරෝ 180ක දඩ මුදලක් ද, පැමිණිලි පාර්ශ්වයට යූරෝ 60ක මුදලක් ද, මාස 3ක ඇඟ බැදීමකට ලක් කර තිබේ.

http://lankacnews.com/sinhala/news/109883/

http://www.rivira.lk/edition/breakingnews/62253

 

 

පෞද්ගලික රෝහල් මාෆියාවට බෙහෙත් නැද්ද?

පෞද්ගලික රෝහල් මාෆියාවට බෙහෙත් නැද්ද?

පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට සිදු කරන සියලුම පරීක්ෂණ හා ඖෂධ සඳහා සාමාන්‍ය මිලට වඩා පහළොස් ගුණයකින් පමණ ඉහළ මිලක් අය කර ගන්නා බවට රෝගීන්ගේ පැමිණිලි දිනපතා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග ඊයේ රිවිරට අනාවරණය කර තිබිණ. පෞද්ගලික රෝහල් මාෆියාව මේ රට බිලිගෙන ඇති අයුරු අද ඊයේ අසන්නට ලැබෙන කතාවක් නොවේ. එහෙත් ඒ සඳහා කිසිදු ශක්තිමත් වැටකඩුලු ඇහිරීමක් සිදු නොකොට වගකිවයුත්තෝ දැන දැනත් ඔවුන්ට රිසි පරිදි රෝගීන් සූරාකෑමට ඉඩ හැර බලා සිටිති. රජයේ රෝහල්වල පවතින අඩුපාඩු හා දුර්වලතා ද මෙම තත්ත්වයට ඉතා විශාල උපකාරයක් වී තිබේ.

ඇතැම් ඖෂධ එම පෞද්ගලික රෝහ‍ලේම බාහිර රෝගී අංශයෙන් ලබා ගැනීමේදී රුපියල් පහළොවක් පමණ නමුත් නේවාසික රෝගියකුගේ බිලට එය රුපියල් 225 ක් වන අතර රුපියල් 1400 ක පමණ එන්නතක් සඳහා රුපියල් 10,000 ක හෝ රුපියල් 21,000 ක පමණ මුදලක් වන බව රෝගීන් පෙන්වා දීඇත. එපමණක් නොව නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගත් පසු අනවශ්‍ය ලෙස රෝගියා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරන බවත්, ඇතැම් විට දැඩි සත්කාර අවශ්‍ය නොවන රෝගීන් පවා දැඩි සත්කාර ඒකකයට යොමු කරන බවටත් රෝගීන් සාක්ෂි ඉදිරිපත් කර ඇත. වැඩි පහසුකම් සහිත ඉහළ මිලකින් යුතු සුඛෝපභෝගී හා සාමාන්‍ය තත්ත්වයෙන් ආදී වශයෙන් කාමර තෝරා ගන්නා පිළිවෙළ අනුවද රෝගියාගේ බිලට එකතුවන ප්‍රතිකාර ගාස්තුව ඉහළ නගින බව ද රෝගීන් පෙන්වා දී ඇත. එනම් සුඛෝපභෝගී කාමරයක රෝගියකු සහ සාමාන්‍ය කාමරයක සමාන රෝග තත්ත්වයන් සහිත රෝගියකුගේ බිලෙහි විශාල පරතරයක් පවතින බවය. මීට අමතරව රක්ෂණාවරණ සහිතව කාර්යාල සේවකයන් වැනි රෝගීන් පැමිණි විට ඔවුන්ට ද ඊට සරිලන සේ බිල්පත් සැකසීම පෞද්ගලික රෝහල්වල සිදුවන තවත් ජඩ වැඩකි.

කෙසේ නමුත් පෞද්ගලික රෝහල් මෙසේ හිතුමතේට කටයුතු කරන්නේ ඒවාට එරෙහිවීමට කවර ජගතකුවත් මෙරට නැතැයි සහසුද්දෙන්ම ඔවුන් දන්නා නිසාය. අද පෞද්ගලික රෝහල් තුළ රජ කරන්නේ රජයේ රෝහල්වල ද සේවය කරන විශේෂඥ සහ අනෙකුත් වෛද්‍යවරුන්ය. ඔවුන් රජයේ රෝහල්වලට වඩා ප්‍රමුඛතාව දක්වන්නේ පෞද්ගලික රෝහල් චැනල් සේවයටය. තමන්ගේ සාක්කුවට එයින් ලැබෙන විශාල මුදල නිසාය. තවත් බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් රජයේ රෝහ‍ලේ රෝගීන්ගේ රසායනාගාර පරීක්ෂණ ආදිය සිදුකර ගැනීමට නියම කරන්නේ පෞද්ගලික රෝහල් රසායනාගාරවලිනි. පසුගිය කාලයේ අනාවරණය වූයේ රජයේ රෝහල්වල වෛද්‍ය මහාචාර්යවරුන්ගේ භාරකාරත්වය යටතේ පවතින වාට්ටුවලට ඔවුන් පැමිණෙන්නේ දවසට පැය දෙකක් පමණක් බවය. ඉතිරි කාලයෙන් වැඩි කොටසක් ඔවුන් චැනල් සේවය සඳහා යොදවන බවය. නීතිය, විනය ආදී සියල්ලට ඉහළින් අද මුදල් වන්දනා කිරීම ‍පොඩි මිනිසුන්ටත් වඩා ඉහළ පෙළේ උගත් යැයි සම්මත පිරිසකගේත් සිරිත වී තිබිම මේ වන විටත් රට භයානක තැනකට තල්ලු කර තිබේ.

පෙරට වඩා දැන් බෝවන රෝග හා බෝ නොවන විවිධ රෝගාබාධ බහුල තත්ත්වයක් යටතේ රජයේ රෝහල්වල ඇති පහසුකම් අවම වීම ඇතැම් ශල්‍යකර්මවලට මාස ගණන් ‍පොරොත්තු ‍ලේඛනයේ සිටින්නට වීම ඖෂධ හිඟය වැනි හේතු කාරණා නිසා ලෙඩුන් පෞද්ගලික රෝහල් කරා යාමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව අදාළ අංශවල කිසිවකු නොදන්නා කාරණයක් නොවේ. එසේ යන සියල්ලන්ම අහක දාන්නට තරම් මුදල් ඇති අය නොවේ. රෝගය අනුව ඉඩකඩම් උකස් කොට හෝ එසේ යෑමට සිදුවන තත්ත්වයක් ඇතැම් අයට උද්ගත විය හැකිය. ඒ ‍පෝසතාට මෙන්ම දුප්පතාටත් ජීවිතය පිළිබඳ බිය ඒකාකාර නිසාය. එබැවින් පෞද්ගලික රෝහල් රෝගීන්ට කරන මෙම තදබල අසාධාරණය වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් වහා සකස් කළ යුතු බව නැවත නැවතත් අවධාරණය කර සිටිමු. පෞද්ගලික රෝහල් නියාමන වැඩපිළිවෙළවල් ගැන සෞඛ්‍ය බලධාරින් කොතෙක් කතා කළ ද ඒවා මතෛක් ඉටු නොවුණේ ඇතැම් සෞඛ්‍ය ලොක්කන් ද මෙම පෞද්ගලික රෝහල් මාෆියාවේ කොටස්කරුවන් නිසා දැයි අපි අසමු.

http://www.rivira.lk/edition/kathuwakiya/62021-

 

TRUTH TALK NEWS: EXPOSING THE MEDICAL MAFIA

 

EXPOSING THE MEDICAL MAFIA