RSS

Monthly Archives: August 2012

වෛද්ය සිසුන් ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝණයේ.

 

වෛද්ය සිසුන් ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝණයේ.

 

18 අ‌ගෝස්තු 2012

StudenProtest(2)“මාලඹේ උපාධි කඩයට විරුද්ධවූ වෛද්යි ලලන්ත රණසිංහ මහතාට එල්ල කල බෝම්බ ප්රමහාරය හෙලා දකිමු.”,

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC)සමාජික වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පාමින් අද (17) දින කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්විනි. කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම උද්ඝෝෂණයට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” මගින් සංවිධානය කෙරෙනි.

කොළඹ වෛද්‍ය පීඨයේ සිට ජාතික රෝහල දක්වා පාගමනින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැයක් පමණ උද්ඝෝෂණයේ යෙදිනි. “මාලඹේ උපාධි කඩයට විරුද්ධවූ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාට එල්ල කල බෝම්බ ප්‍රහාරය හෙලා දකිමු.”, උගතුන්ට පහර දී අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ තැත පරදවමු, මාලඹේ උපාධි කඩය වහා හකුලා ගනු” ආදී සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උද්ඝෝෂණයේ නිරත විය.

ඉන් අනතුරුව මරදාන සමාජ හා සාමූහික කේන්ද්‍රයේ (CSR) දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විනි. ඊට දිවයිනේ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් වල නියෝජිතයන් සම්බන්ධ විය. එහිදී අදහස් දැක්වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම් කරු නිලාන් ප්‍රනාන්දු සොයුරා:-

ඊයේ (16) උදෑසන වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව ඔබ අපි හැමෝම දැනගත්තා. මෙය සුවිශේෂී සිදුවීමක් වන්නේ ඒ මහතා විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරයෙකු වීම හින්දම නෙවෙයි, ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ(SLMC) සාමාජිකයෙකු වගේම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කල වෛද්‍ය වරයෙකු වීම තමයි මෙතන වැදගත් වෙන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යොදාගනිමින්, අනුමැතිය ලබාගන්න පහුගිය දිනවල රජය යෝජනා කීපයක් ඉදිරිපත් කරල තියෙනව. ඒ අතර රටවල් දෙකක කොටස් වශයෙන් තිබෙන පාඨමාලා එනම්, Twinning program වලට අනුමැතිය ලබාදීම, ඉන්දියානු වෛද්‍ය වරුන්ට ලංකාව තුළ සේවය කිරිමට අවස්ථාව ලබාදීම වගේ ඉතාමත් හානි දායක, අධ්‍යාපනයට හා සෞඛයට වින කරන යෝජනා මාලාවක් පරාජයට ලක් උනා. වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා  එහිදී ලොකු භූමිකාවක් ඉටු කරපු වෛද්‍යවරයෙක්.පසුගිය දා මාලඹේ උපාධි කඩයට අනුමැතිය ලබාදීමට උත්සහ කිරිමේදී ඒ සඳහා සොයා බලන්න වෛද්‍ය සභාවේ කමිටුවක් පත් කළා.ඒ කමිටුව හරහා මාළඹේ නිරුවත හෙළි කරමින් දිගින් දිගටම මාලඹේ උපාධි කඩයට විරුද්ධව එතුමා කටයුතු කළා. මෙය පලමු සිදුවීම නෙවෙයි. මීට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනි වෛද්‍ය ලලිතා මෙන්ඩිස් මහත්මියට එල්ල කල මරණ තර්ජන හමුවේ එතුමිය නියමිත ධූර කාලයට පෙර ඉල්ලා අස් වීමට සැලැස්වූවා.ඊට පස්සේ වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය නෝනිස් මහතාට එතුමාගේ නිවස ඉදිරිපිට දී පොලු පහරක් එල්ල කළා. ඔවුන් සියලු දෙනාම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉදිකරමින් කරගෙන යන ආණ්ඩුවේ අධ්‍යාපනය විකිණීමේ මුග්ධ ප්‍රතිපත්තියට විරුද්ධ වූ අය. ඒ කිසිඳු සිදුවීමක සැක කරුවන් අත් අඩංගුවට ගෙන නැහැ.

තව දුරත් ගත්තොත් මේවා සිදුවීමෙන් පස්සේ අසාමාන්‍ය විදියට පැයගාණක් ගත වෙලා තියෙනවා පොළිසියට සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයට අදාල ස්ථානයට පැමිණෙන්න. මේ වෙනකොට ආණ්ඩුව කියනවා එතුමා ප්‍රසිධියක් ලබාගන්න තමන් විසින්ම බෝම්බ ගහගෙන කියල.

ඒ නිසා හරිම පැහැදිලියි. මේක ආණ්ඩුවේ තවත් මිලේඡ්ච වැඩක්.දැන් වෙන කවුරුත් නැහැ අත් බෝම්බ අරන් ඇවිදින්න පුලුවන් ආණ්ඩුව ඇරෙන්න.තමන්ගේ අමන වැඩ පිලිවෙල තර්ජනය කරමින්, මර්දනය කරමින් ඉටු කරන්න ගනිපු උත්සහයක්.අපි ආණ්ඩුවට කියනව,ආණ්ඩුව හිතනව නම් මේ වගේ නිවට ක්‍රියා වලින් අධ්‍යාපන විකිණීමට විරුද්ධව හඬ නගන බලවේග නිහඬ කරන්න පුලුවන් කියල ඒක විහිලුවක්. අපි ඇතුළත්, ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ එකාපිට එකා මරල දාද්දී නායකත්ව ගන්න තව දහස් ගානක් පෙරට ආපු ව්‍යාපාරයක්.අපි ඒකේ වර්තමාන පරම්පරාව.ඒ නිසා මෙවැනි සිදුවීම් වලින් අපි තවත් පන්නරය ලබමින් අධ්‍යාපන විකිණීමේ වැඩපිළිවෙල හකුලා ගන්නා තුරු අඛණ්ඩව අරගල කරනවා.

heùu Home, Srilankan News

Advertisements