RSS

Monthly Archives: January 2014

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් දොස්තර යක්‍ෂයන් බිහි කිරීම

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් දොස්තර යක්‍ෂයන් බිහි කිරීම

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ.

එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​.

දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි.

සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි.

මොවුන් ටයි ඇඳ දොස්තර නලාව කරේ එල්ලාගෙන අලුත් වාහන වල ගියද යටින් සිටින්නේ අමු නොදියුණු අශිෂ්ට ගෝත්‍රිකයෙකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත​. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති.

මාධ්‍යවේදී සුගත් රාජපක්‍ෂ පවසන පරිදි ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ.

උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී.

කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය.

කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය,

කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය​.

අලුත්ම සිදුවීම වාර්තා වන්නේ අනුරාධපුර රෝහලෙනි. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ දිනුෂ සෙරංග විජේවර්ධන නම් වෛද්‍යවරයා අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක්   සවි කිරීම නිසා අත්ඩංගුවට ගන්නා ලදි.

මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද, ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ.

( අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක් සවි  කළ දොස්තර  දිනුෂ සෙරංග විජේවර්ධන – ඡායාරූපය ලංකාදීප පුවත්පතෙනි )

– අමිල ගුණරත්න

Advertisements
 

ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය

untitledලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය
ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ.

මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ.

උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී.

කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය.

කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද ?

( වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල |-ඩී. සුගත් රාජපක්ෂ )

කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය.

එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි.

එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය.

ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.
( වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල |-ඩී. සුගත් රාජපක්ෂ )

ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින නවක වධය නිසා ජිවිත ගණනාවක් නැතිවී , සිසුන් අබ්බගාතවී , මානසික රෝගීන් වී අධ්‍යාපනය අතරමග දමා ගොස් තිබේ. එසේම සමහරු විශ්ව විද්යාල අධ්‍යාපනය සහමුලින්ම අතහැර ගොස් සිටිති. මේවා ජාතික අපරාධ වේ. විශ්ව විද්‍යාලවල නවකවදය නැවැත්වීමට දැන්වත් බලධාරීන් පියවර ගත යුතුය.

http://www.hotandfastnews.com/2012/06/blog-post_896.html යෙන් උපුටා ගැන්මකි
http://www.youtube.com/watch?v=ClymCgN28sw

 

 

දැරියක අපහරණය කළ චූදිත වෛද්‍යවරයාට ඇප

දැරියක අපහරණය කළ චූදිත වෛද්‍යවරයාට ඇප

කුලියාපිටිය රෝහලේ කාමරයක් තුළදී වයස අවුරුදු 9ක් වූ බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට භාර වූ වෛද්‍යවරයෙකු කුලියාපිටිය පොලිසිය මඟින් ඉකුත් 12 වැනිදා කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, මහෙස්ත්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය මහතා එම සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කොට එම නඩුව 2013.1.18. වන දින අධිකරණය වෙත නැවත කැඳවීමට ද නියම කළේය.

ආර්. එම්. සී. රාමනායක නමැති වෛද්‍යවරයෙකු එසේ ඇප මත මුදා හැරිණ. අපයෝජනයට ලක් වූ දැරියගේ පියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල මත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සොයමින් සිටි වෛද්‍යවරයා ඉකුත් 12 වන දින පෙරවරුවේ නීතිඥවරයෙකු මඟින් පොලිසිය වෙත භාරවී තිබිණි.

කුලියාපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උ.පො.ප. බන්දුල විජයලත් මහතා සැකකාර වෛද්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

http://www.dinamina.lk/2012/11/14/_art.asp?fn=n12111414

 

රෝහල් වැසිකිලියේ සී සී ටීවී කැමරාවක් සවිකළ දොස්තර Doctor Who Fixed A Camera At Toilets of Anuradhapura Hospital

දර්ශනය රූ ගත වූ පසු චිප් එක ගලවලා ෆෝන් එකෙන් බලනවා..
රෝහල් වැසිකිලියේ සී සී ටීවී කැමරාවක් සවිකළ දොස්තර

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලේ කාන්තා වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ සීමාවාසික වෛද්‍යවරයා
මෙම මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

තමන් මෙම කැමරාව වැසිකිලියේ සවිකළ බවත්, වසර දහයකට වැඩි කාලයක් පටන් තමන් කිසියම් මානසික රෝගයකට ගොදුරු වී සිටින බව හැගෙන බවත් යැයි කියමින් මෙම වෛද්‍යවරයා දීර්ඝ පාපොච්චාරණයක් සිදු කර තිබේ.
මෙම වෛද්‍යවරයා සීමාවාසික පුහුණුව යටතේ සේවය කරයි. එම පුහුණුව තවත් සති තුනකින් අවසන් වීමට නියමිතය. බැංගලෝරයේ රජිව් ගාන්ධි විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති මොහු 30 හැවිරිදි විවාහකයෙකි. එක් දරු පියෙකි. Read the rest of this entry »