RSS

Monthly Archives: May 2013

විත්තිකරුට බිරිඳ සමඟ නේවාසිකව සිටීමට අවසර දී තිබුණේ නැහැ කාමරය විවෘත කළ කාන්තාව සුදර්ශනගේ භාර්යාව යෑයි පැවැසුවා මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ සහකාර කළමනාකාරිනී අයිනි ෆාතිමා ඇඟළුම් සේවිකාව මරා දැමූ වෛද්‍යවරයාගේ නඩු විභාගය

විත්තිකරුට බිරිඳ සමඟ නේවාසිකව සිටීමට අවසර දී තිබුණේ නැහැ
කාමරය විවෘත කළ කාන්තාව සුදර්ශනගේ භාර්යාව යෑයි පැවැසුවා
මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ සහකාර කළමනාකාරිනී අයිනි ෆාතිමා

ඇඟළුම් සේවිකාව මරා දැමූ වෛද්‍යවරයාගේ නඩු විභාගය

මීගමුව සමූහ – විමල් කීර්ති

මෙහි විත්තිකරු වන වෛද්‍ය ඉන්දික සුදර්ශන නේවාසිකව පසුවූයේ මීගමුව දිසා රෝහලේ සය (6) වන මහලේ 33 වෙනි කාමරයෙයි. ඔහුට බිරිඳ සමඟ එහි නේවාසිකව වසන්න අවසරදී තිබුණේ නැහැ. මෙම සිද්ධියවූ දින පොලිසිය සමඟ එම කාමරය වෙත ගිය අවස්‌ථාවේ එය විවෘත කළේ ගැහැනු කෙනෙකු විසිනුයි. එම කාන්තාව වෛද්‍ය සුදර්ශනගේ භාර්යාව බව පැවසුවා යෑයි මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ සහකාර කළමනාකාරිණියක්‌ ලෙස කටයුතු කරන අයිනි ෆාතිමා (41) මහත්මිය බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා හමුවේ සාක්‌ෂි දෙමින් පැවසුවාය.

මීගමුව දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 22 හැවිරිදි රූමත් ඇඟළුම් සේවිකාවක්‌ රෝහල් පරිශ්‍රය තුළදී දූෂණය කර ඇය රෝහලේ සයවන (6) මහලින් පහතට තල්ලුකර අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටින මීගමුව දිසා රෝහලේ හිටපු සහකාර ශල්‍ය වෛද්‍යවරයකුට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂි දෙමින් සාක්‌ෂිකාරිය එසේ පැවැසුවාය.

මෙහි විත්තිකරුවූයේ මරදන්කඩවල “ජය නිවස” පදිංචි සහායක ශල්‍ය වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ (39) නමැති විවාහක එක්‌ දරු පියෙකි.

2007 නොවැම්බර් මස 12 වැනි දින මීගමුව රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි මොණරාගල තම්පලාව දඹගල පදිංචිව සිටි චමිලා දිසානායක නමැති 22 හැවිරිදි රූමත් අවිවාහක ඇඟළුම් සේවිකාව රෝහල් පරිශ්‍රය තුළදී දූෂණය කර පසුව ඇයව රෝහලේ සය වන මහලින් බිමට තල්ලුකොට මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ මහතාගේ සහාය ඇතිව පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ යන මහත්වරුන් විසින් පැමිණිල්ල වෙනුවෙන් නැගූ ප්‍රශ්නවලට සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු සහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් විසින් විත්තිය වෙනුවෙන් නැගූ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‌ෂිකාරිය වන අයිනි ෆාතිමා මහත්මිය මෙසේ පැවැසුවාය.

රෝහලේ සහකාර කළමනාකාරිණියක ලෙස මට ගොඩනැඟිලි කටයුතු භාරවී තිබුණා. මෙහි විත්ති කූඩුවේ සිටින වෛද්‍ය සුදර්ශන බාලගේ නේවාසිකව විසුවේ රෝහලේ සය (6) වෙනි මහලෙයි. රෝහලේ 5 වෙනි මහලේ රැඳී සිටියේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුයි. විත්තිකාර ඉන්දික සුදර්ශන හිටපු කාමරයට තිබුණෙ එක යතුරක්‌ පමණයි. එම යතුර තිබුණෙ විත්තිකරු භාරයෙයි. අපි රෝහලේ වෛද්‍යවරුන්ට කාමර ලබා දෙන්නෙ වෛද්‍යවරුන්ට පමණක්‌ විසීමට පමණයි. ඒව ඔවුන්ගේ බිරිඳත් සමඟ ගතකරන්න අවසර ලබා දී නැහැ. මෙම සිද්ධිය වූ දින විත්තිකරුගේ කාමරයට ගියේ එදින දහවල් 1 – 4 යන යන කාලය අතරතුරයි. දෙවෙනි දවසෙ එම කාමරයට පොලිසිය සමග යද්දී විත්තිකරු එම කාමරයේ සිටියෙ නැහැ. කාමරවලින් පිටතින් සෑම මහලකම කොන්ක්‍රීට්‌ ලෑල්ලක්‌ (ස්‌ලැබ් එකක්‌) තිබෙනවා. ඒවාට ඕනෑම අයකුට ජනෙල් තුළින් ගොස්‌ එම කොන්ක්‍රීට්‌ ලෑලිවලට ගොඩවිය හැකියි. විත්තිකරුගේ කාමරය ඉදිරි කාමරයෙ තිබුනෙ විනාශ කිරීමට තිබෙන උපකරණ ගොඩගසා තිබුණු කාමරයයි. එම කාමරයට යතුරක්‌ තිබුණේ නැහැ. එහි කිසිම කාමරයක්‌ පිටතින් පැමිණෙන පුද්ගලයකුට විවෘත කිරීමේ හැකියාවක්‌ නැහැ. රෝහලේ වාට්‌ටුවලින් නේවාසික රෝගීන් මීට පෙර පහළට පැන තිබෙනවා. එහෙත් ඔවුන් රෝහලට වෙනත් අවශ්‍යතා සඳහා පැමිණි පුද්ගලයන් නොවෙයි. රෝහලේ සය (6) වන මහලේ 33 වෙනි කාමරයේ රැඳී සිටි මෙහි විත්තිකරු නිර්වින්දන වෛද්‍යවරයකු නොවෙයි. මෙම සිද්ධියේදී රෝහලේ ඉහළින් බිමට වැටුණ තරුණිය පහළට වැටී තිබුනෙ සය (6) වන වාට්‌ටුවට කෙලින්. කායික රෝගීන් නේවාසිකව රැඳී සිටි වාට්‌ටුවල පිටතින් ග්‍රිල් යොදා ආරක්‌ෂා කර තිබුණා. සයවන (6) මහලේ 32 වැනි කාමරය ලබාදී තිබුණේ රෝහලේ දුරකථන ක්‍රියාකරවන්නන්ට විවේක ගැනීම සඳහා යෑයි ඇය පැවැසුවාය. වැඩිදුර විභාගය ජුනි මස 13 වෙනි දින දක්‌වා කල් තැබීය. විත්තිකරු එතෙක්‌ රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ මහතාගේ සහාය ඇතිව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ශ්‍රී ලාල් ප්‍රනාන්දු සහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරු පෙනී සිටියහ. මියගිය තැනැත්තියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ තුසිත මැලැව්වෙත්‍රන්ති මහතා සහ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස්‌ යන මහත්වරුන් පෙනී සිටියහ. වැඩිදුර විභාගය ජුනි මස 13 වෙනි දින පැවැත්වේ. Read the rest of this entry »

 
Video

මේ උදාර ලංකා භූමියයි

මේ උදාර ලංකා භූමියයි

 

සංචාරක වීසාවලින් පැමිණ ලංකාවේ කොන්ක්‍රීට්‌ වන හම්බයෝ

අපට වාර්තා කරන්නට ඇත්තේ සිදුවීම් කීපයකි. ඒ කතා පෙළ ගැසෙන්නේ මෙසේය.

කතා අංක 1

මීගමුවේ සිංහල ජාතිකයකුට අයිත් නිවසක්‌ මුස්‌ලිම් ජාතිකයන් නවදෙනෙක්‌ විසින් වසරක්‌ සඳහා බදු ගෙන තිබිණි. නිවසේ බදු මුදල රුපියල් හැට දහසකි. මේ මිනිසුන් ඒ ගෙදර ජීවත් වූයේ දකින උදවියටත් දුක හිතෙන අන්දමටය. නිදාගත්තේ පැදුරු වලය. පොඩි ගෑස්‌ ලිපක්‌ සොයාගෙන විත් වේලක්‌ දෙකක්‌ උයාගෙන කෑ මේ උදවිය ජීවත් වී තිබුණේ මුස්‌ලිම් පිරිස්‌ ගැවසෙන තැන්වල කුලියක්‌ කරගනිමිනි.

 
 පසුගිය 03 වැනදා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්‌ මේ නිවස වටකළහ. සැක සහිත තැන් වැටලීමට පැමිණෙන්නේ පොලිසියය. එහෙත් රටට ආශ්චර්යය පහළ කරන්නට එන සංචාරකයින් සම්බන්ධව කටයුතු කරන්නට සිටිනා ආගමන විගමන නිලධාරීන් මේ දුගී මිනිසුන්ගේ නිවස වටකිරීම ගැන වටේ පිටේ උදවියත් අවුල් වූහ.  Read the rest of this entry »
 

අචලාගේ අත කැපුවේ මාතර රෝහලේ දොස්තරගේ වරදින්

මාතර මහරෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට එරෙහිව ඉදිරියේදී විනය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ කුමන තරාතිරමේ පුද්ගලයෙකු වුව ද ඔවුනට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට අමාත්‍යංශය පසුබට නොවන බවයි. කොළඹ නීති පීඨයේ අචලා ප‍්‍රියදර්ශනී සිසුවියගේ අත කපා ඉවත් කිරීමට සිදුවූයේ මාතර රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුගේ නොසැලකිල්ල නිසා බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව පවසනවා. එම කමිටුව විසින් සකස් කළ වාර්තාව පසුගිය 11 වනදා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට භාරදෙනු ලැබුවා.
ලේකම්වරයා විසින් ඉකුත් දින කිහිපයේදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ප‍්‍රකාශ කළේ. ඒ අනුව අදාළ කමිටු වාර්තාව පදනම් කරගනිමින් චෝදනා පත‍්‍රයක් සකස් කෙරෙනු ඇති. එය ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතයි.

 

 

අචලාගේ අත කැපුවාට දොස්තර වැරදිකරු – කමිටු වාර්තාව

February 15, 2013 at 4:03 am | lanka C news

අචලාගේ අත කැපුවාට දොස්තර වැරදිකරු – කමිටු වාර්තාවපසුගියදා ඇදවැටීමකින් අතේ ඇතිවූ සුළු බිඳීමකින් රෝහල්ගත කල නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා ඉවත් කිරීමට සිදු වූයේ මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගේ නොසැලකිල්ල නිසා බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටු  වාර්තාවේ සඳහන් වේ.

මෙම සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට චෝදනා පත‍්‍ර නිකුත් කර වහා ම ඊට අදාළ පරීක්ෂණ පැවැත්විය යුතු බවට එම වාර්තාවේ කරුණු තුනක් අඩංගු වන අතර අදාළ විශේෂඥ වෛද්‍යවරයා රෝගියා වෙනුවෙන් ක‍්‍රියාත්මක විය යුතු Read the rest of this entry »

 

අචලාගේ අත අහිමි කිරීම ගැන වෛද්‍යවරුන්ට නඩු

Feb 20, 2013 | 10 views

achalaනීති ශිෂ්‍යාවක් වූ අචලාගේ අතක් කපා වෙන් කිරීමේ සිදුවීමේදී, එය සිදුවී ඇත්තේ වෛද්‍යවරුන්ගේ වරදකින් බව ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ තීරණය විය. ඒ අනුව මාතර රෝහලේ අධ්‍යක්‍ෂවරිය, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 21දෙනෙකුට එරෙහිව නීති කි‍්‍රයාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් තිබේ.

 

දොස්තර කම නොදත් දොස්තර මගේ අත කැපුවා


‘හිතට දුකයි අත නැතුවා ඒත් අපට දිරි ඇතුවා’
අතක්‌ අහිමි අචලාගේ දුක්‌බර කතාව…

ඒ අචලාගේ වමතය.

කුඩා කල සිට ඇයට හුරු වමතය. සෑම කුදු මහත් කටයුත්තකදීම ඇයට හුරු වූයේ වමතය. අතක්‌ අහිමි වීමට වඩා ඇයට ශෝකය දැනුනේ වමත අහිමි වීම ගැනය. සිදුවූයේ ඇද වැටීමකින් අත බිඳීමක්‌ පමණි. මහා බරපතළ දෙයක්‌ නොවේ. අත කපා දැමීමට තරම් හේතුව සොයා ගිය කල්හී සොයා ගැනුණේ මාතර රෝහලේදී අතට වෙළුම දැමූ වෛද්‍යවරයාගේ වරදින් අතෙහි ස්‌නායු අක්‍රිය වී ඇති බවය.

කොළඹ මහ රෝහලේ 64 වාට්‌ටුව පසුගිය දිනවල නීති ශිෂ්‍යයන්ගෙන් පිරී ඉතිරී තිබිණි. ඒ වමත අහිමිවූ තම සොහොයුරිය බලන්නටය. තමාට අහිමි වූයේ අතක්‌ පමණක්‌ වුවද තමා වටා අත් දහස්‌ ගණනක්‌ ඇතැයි ඇය අපට කියා සිටියේ සතුටු සිතිනි. Read the rest of this entry »