RSS

මීගමුව රෝහලේ ඇඟලුම් සේවිකාව දුෂණය කල රාගම වෛද්‍ය පීඨයේ දොස්තරගේ පාපොච්චාරණය

ragama doctor kill chamla 8

මේ අහුඋන සිද්දියක්.දොස්තර පඩත්තරයෝ විසින් කරන අහු නොවන බලු වැඩ කොපමණ ඇත්ද? නොදකින්! අපේ ආච්චිවත් බේරගන්න වෙනවා මේ ගෝත්‍රික බල්ලන්ගෙන්.

මරණීය දඬුවම් නියමවීමට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශයක්‌ කරමින් ඉන්දික සුදර්ශන බාලගේ නම් එම වෛද්‍යවරයා මෙසේ පැවසීය.

“උතුමාණනි, මම ඉපදුණේ මනුෂ්‍යයන් ජීවත් කරන්න මිස මිනිසුන් ඝාතනය කිරීමට නෙවෙයි. මට විරද්ධව පොලිසිය බොරු සාක්‍ෂි ගෙතුවා….. වසර හතක්‌ මම දුක්‌ වින්දා. මෙම සිද්ධියට අදාළ ඝාතකයන් දැනටමත් මීගමුව රෝහල තුළ සිටිනවා.

මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ‍්‍රාමික ගුරුවරියක් පියා රියැදුරු මහතෙක් මම  5 වෙනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බි.බි.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා.

2006.10.23 දා මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාර ගත්තා. මීගමුව රෝහලේ 6 වෙනි මහලේ කාමරයක මම බිරිඳත් සමග නේවාසිකව සිටියා. බිරිඳ හෙදියක් ලෙස රාගම රෝහලේ රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකථන ක‍්‍රියාකරුගේ කාමරයත් තිබුණා.
Read the rest of this entry »

Advertisements
 

නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වූ මීගමුව රෝහලේ පවිත‍්‍රතා අංශයේ බි‍්‍රයටි‍්‍රස් තමන් දුටු සිදුවීම උසාවිය ඉදිරියේ විස්තර කර තිබුනේ මෙසේය.

චූදිත සීමාවාසික වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් චමිලාව කාඞ්බෝඞ් එකක් මත තබාගෙන ඇදගෙන යන අයුරු තමන් දුටු බව නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වූ මීගමුව රෝහලේ පවිත‍්‍රතා අංශයේ බි‍්‍රයටි‍්‍රස් තමන් දුටු සිදුවීම උසාවිය ඉදිරියේ විස්තර කර තිබුනේ මෙසේය.
download“මම වැඩකලේ මීගමුව තලාදුව ප‍්‍රදේශයේ පිහිටි ”විල් ෂයින්” කියන පවිත‍්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි. මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ.

නොවැම්බර් මසේ 12 වැනිදා සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම් . මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා.

එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්.  අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ.  ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා.
අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර). එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්. Read the rest of this entry »

 

දොස්‌තර – මිනීමරු මිනීමරු – දොස්‌තර

agalum-grl-drඇඟලුම් සේවිකාවක දූෂණය කර මීගමු රෝහලේ හයවන තට්‌ටුවෙන් බිමට තල්ලු කර මරා දැමූ මරදන්කඩවල දොස්‌තර එල්ලුම්ගසට නියම කිරීමෙන් රටේ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට අධිකරණය සමත්විය. පියයුරකට කරන ලද සැත්කමකින් පසු සායන කටයුත්තක්‌ සඳහා මීගමු රෝහලට ගිය තරුණිය රවටාගත් දොස්‌තර ඇය උඩුමහලට කැඳවාගෙන ගොස්‌ තම නීච ආසාව පහ කරගෙන ඇය මැරුවේය. දොස්‌තර විවාහකයෙකි. මේ කාලකණ්‌ණි මනුෂ්‍යයාගෙන් බේරීමට හැකිවීම ඔහුට බිරිය වූ අසරණ කාන්තාවගේ වාසනාවකි. මෙබඳු මනුෂ්‍යයන් වඩාත් යෝග්‍ය වන්නේ හරක්‌ පට්‌ටිවල පට්‌ටි ගොනුන් ලෙස සේවයෙහි යෙදවීමටය. මරණ දණ්‌ඩනයට අමතරව වසර 15 ක සිර දඬුවමක්‌ද දොස්‌තරට නියම කර ඇත. එහෙත් වඩාත් සුදුසු වන්නේ ඒ වෙනුවට ඔහුට කස පහර 500 ක්‌ පමණ දීමය. මෙවැනි අවස්‌ථාවලදී අන්තවාදී ඉස්‌ලාමීය නීතිය ලෙස හඳුන්වනු ලබන මූලධර්මවාදී නීතිය කෙරෙහි අප තුළ ගෞරවයක්‌ හටගනී. මන්ද, ස්‌ත්‍රී දූෂකයන්ගේ අංග ඡේදනය කිරීම එම නීතිය යටතේ සිදුකළ අවස්‌ථා තිබේ. එබඳු

Read the rest of this entry »

 
Video

Negombo High Court sentences doctor to death

 
 
Video

Doctor who was found guilty for the Rape and murder of a girl in Negombo hospital sentenced to death by the court

A doctor who was found guilty of the rape and murder of a garment factory worker by pushing her off the 6th floor of the hospital building was sentenced to death by the Negombo High Court Judge.

Doctor Indika Sudarshana Balasuriya attached to the Surgery Unit of the Negombo Hospital had murdered 22-year old Chamila Dissanayake of Moneragala on the 12th of November 2007.

Chamila was serving in the Katunayake Free Trade Zone at that time.

Several hospital workers as well as the Judiciary Medical Officer of the Ragama Teaching Hospital gave evidence during the hearing of the case in 2013.

Police Inspector Pradeep Siriwardana who conducted the investigations testified that among the evidence found in the convicted doctor’s room were several brands of aphrodisiacs.

http://www.hirunews.lk/goldfmnews/91097/update-negombo-doctor-who-raped-girl-pushed-her-off-from-building-sentenced-to-death-video

 

 

ඇඟලුම් සේවිකාව දුෂණය කර මීගමු රෝහලේ 6 වැනි තට්‌ටුවෙන් බිමට දැමීම මරදන්කඩවල ගෝත්‍රික දොස්‌තර එල්ලුම් ගහට.

බියට්‍රිස් නම් ඒ දුප්පත් කම්කරු කාන්තාව ගේ බිය නැති සාක්කිය නිසා තමයි මූව එල්ලුම් ගස් යවන්න හැකි උනේ. මීගමුවෙ දොස්තරල ඒ මනුස්සයට බල පෑම් කලා. රස්සාවෙන් එලෙව්ව​. ඒ මනුස්සය ඒත් සැලුනෙ නැ. අදත් රස්සාව නෑ.
මීගමු රෝහලේ මේකට සම්බන්ධ බලු දොස්තරල සෙට් එක දැන් මොකද කියන්නෙ ?

ඒ කාන්තාව තමයි දැක්කෙ මූ මේ දැරිවිය කාඩ් බෝඩ් එක්ක දල බිම දිගේ ඇදගෙන යනව​.
මේ ලමය පියයුරේ ගෙඩියක් ඔපරේශන් කර ගන්න ඉස්පිරිතාලෙට ආවෙ. මූ තමයි ඇයව පරීක්ශා කළ දොස්තරය​. ඌ ඇයව වෙනම කාමරයකට පරීක්ශාවට යන්න කියල එහිදී දූශනය කරල මැරුව​. සක්කිලි බල්ල​.
මීගමු රෝහලේ මේකට සම්බන්ධ බලු දොස්තරල සෙට් එක දැන් මොකද කියන්නෙ ?

download hospital-2-01

————————————————————————————————————————————————————————————————————–

 

ඇඟලුම් සේවිකාවට අපරාධයක්‌ කර
මීගමු රෝහලේ 6 වැනි තට්‌ටුවෙන් බිමට දැමීම

මරදන්කඩවල දොස්‌තර ගස්‌!
දොස්‌තරලාත් මෙහෙම කරනවා නම්
ලෙඩුන් කාගෙන් බෙහෙත් ගන්නද?
නීතිඥ විමසයි

ගස්‌ ගිය දොස්‌තර
මරාදැමූ තරුණිය
agalum-grl-2 agalum-grl-drdownload??????????
මීගමුව සමූහ – විමල් කීර්ති

මීගමුව මහ රෝහල වෙත පැමිණි අවිවාහක රූමත් ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර ඇය රෝහලේ 6 වැනි මහලෙන් තල්ලු කොට කෲර ලෙස ඝාතනය කිරීම සම්බන්ධව වැරදිකරු වූ මීගමුව මහ රෝහලේ සේවය කළ මරදන්කඩවල ඉන්දික සුදර්ශන බාලගේ නමැති 34 හැවිරිදි වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා විසින් ඊයේ (03 වැනිදා) මරණීය දණ්‌ඩනය නියම කරන ලදි.

ඊට අමතරව ඇඟලුම් සේවිකාව දූෂණය කිරීමේ වරද සම්බන්ධව වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් දස දහසක දඩ මුදලක්‌ ගෙවීමට ද වෛද්‍යවරයාට නියම විය.

මෙම දොස්‌තර රාගම මහරෝහලේ හෙද සේවිකාවක සමඟ විවාහ වී සිටි එක්‌ දරු පියෙකි. 2007 නොවැම්බර් මස 12 වැනි දින මීගමුව මහ රෝහලට වෛද්‍ය සායනයකට සහභාගි වීම සඳහා පැමිණසිටි අවිවාහක ඇඟලුම් සේවිකාවක වූ චමිලා දිසානායක නමැති 22 හැවිරිදි සුරූපී තරුණිය රෝහල් පරිශ්‍රය තුළදී දූෂණය කර පසුව ඇය රෝහලේ සයවන මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහි නීතිපතිවරයා මීගමුව මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. ඝාතනයට ලක්‌වූ චමිලා දිසානායක මෙනවිය එවකට කටුනායක ආයතනයක ඇඟලුම් සේවිකාවක්‌ වූ අතර ඇය මොනරාගල දඹුලුගල ගම්මානයේ පදිංචිකාරියකි.

ඇය සේවය කරන අතරතුර ඇගේ පියයුරක ඇති වූ ආබාධයකට පියයුරු සැත්කමක්‌ කොට තිබිණි. එම සැත්කමෙන් අනතුරුව ඇය වෛද්‍ය සායනයකට සහභාගි වීම සඳහා මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලට පැමිණි අවස්‌ථාවේ මෙම කුරිරු ඉරණමට ලක්‌ විය.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව චමිලා දිසානායක මෙනවිය වෛද්‍ය සායනයට සහභාගිවීම සඳහා පැමිණි අවස්‌ථාවේ එදින වෛද්‍ය සායනය පවත්වා ඇත්තේ මීගමුව දිස්‌ත්‍රික්‌ මහරෝහලේ එවකට සහාය ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම සහායක නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස සේවය කරන මෙම විත්තිකරු විසිනි.

වෛද්‍ය සායනයට සහභාගි වූ චමිලා දිසානායක මෙනවියගේ වෛද්‍ය සායනයට අදාළ පොත වෛද්‍ය සායනයේ තිබී අස්‌ථානගත වී ඇති අතර එම පොත සෙවීම සඳහා යෑයි විත්තිකරු චමිලා දිසානායක මෙනවිය කැඳවාගෙන විදුලි සෝපානය (ලිෆ්ට්‌) මගින් ඉහළ මහලයකට ගොස්‌ ඇත. ඒ බව සාක්‍ෂි ඉදිරිපත් කිරීමේදී හෙළි විය.

එසේ විත්තිකරු විසින් ඉහළ මාලයකට කැඳවාගෙන ගිය චමිලා දිසානායක මෙනවිය ඊට හෝරාවකට පමණ පසුව රෝහලේ සය (6) වන මහලින් බිමට වැටී බරපතල තුවාල ලබා මියගොස්‌ ඇත. පසුව මෙම සැක කටයුතු මරණය පිළිබඳව මීගමුව පොලිසිය මගින් සිදු කළ පුළුල් පොලිස්‌ විමර්ශනවලදී විත්තිකරු විසින් කිසිවකු කාඩ්බෝඩයක දමා ඇදගෙන යන අයුරු එහි පිරිසිදු කිරීමේ නියුතුව සිටි බියට්‍රිස්‌ නමැති සේවිකාවක්‌ දැක තිබේ. ඉන් අනතුරුව පොලිසිය සිදු කළ පුළුල් විමර්ශනවලදී විත්තිකරු සහ ඔහුගේ බිරිඳ නේවාසිකව විසූ කාමරයට ඉදිරි පාළු කාමරයක සඟවා තිබූ සිද්ධියෙන් මියගිය චමිලා දිසානායක මෙනවියගේ රුධිරය තැවරුණු යට ඇඳුම් දෙකත්, ඇගේ ගමන් බෑගය, කුඩය, වෛද්‍ය සායන පොත සහ ඇගේ ජාතික හැඳුනුම්පත හමුවී ඇත.

එම වෛද්‍ය සායන පොතෙහි එදින වෛද්‍ය නිර්දේශ සටහන් කර ඇත්තේ විත්තිකරුගේ අත්අකුරින් බව පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වීය. විත්තිකරු විසින් චමිලා දිසානායක මෙනවිය තම නේවාසිකාගාරයේ කාමරය තුළ දූෂණය කරනු ලැබූ අවස්‌ථාවේ විත්තිකරුගේ බිරිඳ වූ රාගම මහරෝහලේ හෙදිය එහි සිට නැත.

නඩු තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා අධිකරණය අමතමින් මෙසේ කීය.

“මෙම නඩුව පරිවේශනීය සාක්‍ෂි මත සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වූ නඩුවක්‌. මෙම නඩු තීන්දුව දීමට පෙර අධිකරණයෙන් තීන්දු ලබා දුන් පරිවේශන සාක්‍ෂි මත ඔප්පු වූ නඩු ගණනාවක්‌ මා අධ්‍යයනය කළා. අවධානය යොමු කළා. අධිකරණය නිත්‍යානුකූලව නඩු විසඳිය යුතුයි. අධිකරණය දෙන තීන්දු දෙස මහජනයා ඕනෑකමින් බලා සිටිනවා. සමස්‌ත සාක්‍ෂි විශ්ලේෂණය කිරීමේදී විත්තිකරුට එල්ල වූ සියලු චෝදනා සැකයෙන් තොරව ඔප්පු වී ඇත.”

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා –

විත්තිකරු මරදන්කඩවල වැනි ග්‍රාමීය පරිසරයක උපත ලබා නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු වුණා. විත්තිකරු හැමදාම පෙනී සිටියේ මිනිස්‌ ජීවිත බේරන්න මිස මිනිස්‌ ජීවිත නැති කරන්න නොවෙයි. මොහු කුඩා දැරියකගේ පියෙක්‌. මව විශ්‍රාමික ගුරුවරියක්‌. එහෙත් කුරිරු ඉරණම විසින් විත්තිකරු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට පත් කළා. මොහු නිර්දෝෂයි. මෙම විත්තිකරු පසුවන්නේ තරුණ වයසෙයි. ඔහුට එරෙහිව පවතින නඩු හෝ පෙරවැරදි නැහැ. විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී එම තත්ත්වය සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක්‌ පමණුවන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී රජයේ අධි නීතිඥ ක්‍රිසංගා ප්‍රනාන්දු මෙනවියගේ සහය ඇතිව පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා මෙසේ කීය.

“වෛද්‍යවරයාගේ ප්‍රධාන කාර්ය විය යුත්තේ ජනතාව ජීවත් කරවීමයි. මෙම විත්තිකරු අතින් ඝාතනයට ලක්‌ වූයේ 22 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මොනරාගල තම්පලාව දඹුලුගල සිට කටුනායකට පැමිණෙන්නේ තම පවුල නඩත්තු කිරීම සඳහා යමක්‌ හරි හම්බ කිරීමටයි. වෛද්‍යවරයකු මෙවැනි තත්ත්වයකට පත්වේ නම් අසනීප වූ ලෙඩෙක්‌ ප්‍රතිකාර ලබා ගන්න යන්නේ කොහාටද? ඇය කටුනායක ආයතනයක සේවය කළේ ඇඟලුම් සේවිකාවක්‌ ලෙසයි. ඇය රෝහලට ආවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවත් වෙන්නයි. එහෙත් සිදු වුණේ ඊට හාත්පසින් වෙනස්‌ දෙයක්‌. මෙම තරුණිය දූෂණයට ලක්‌ව තිබුණා. ඝාතනය කිරීමට පෙර ඇගේ ගෙල මිරිකා තිබුණා. මියගිය තරුණියගේ බාහිර තුවාල 60 ක්‌ තිබුණා. මෙම මරණයේදී සිදුවූ බරපතල භාවය නිසා රටේ විශාල මහජන කැළඹීමක්‌ සිදුවන්න ඉඩ තිබුණා. මෙම නඩු තීන්දුව පිළිබඳව අවට සමාජය බලා සිටිනවා. අවුරුදු 22 ක අවිවාහක තරුණියකට සිදු කළ මෙම අමානුෂික ක්‍රියාවට අධිකරණයෙන් උපරිම දඬුවම් ලබා දෙන්න”

මෙම සිද්ධියේදී මියගිය චමිලා දිසානායක මෙනවියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත මැලැව්වේතන්ත්‍රී මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්‌ මහතා –

“මෙම සිද්ධියේදී කෲර වධ බන්ධනවලට ලක්‌ව මියගිය චමිලා දිසානායක මෙනවිය මොනරාගල දඹුලුගල සිට කටුනායකට පැමිණියේ රැකියාවක්‌ කර යමක්‌ හරි හම්බ කර ගැනීමේ අහිංසක චේතනාවෙන්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ ඇගේ කන්‍යාභාවයත් නැතිවී ජීවිතය පවා පුදන්න වුණා. චමිලා දිසානායක මෙනවිය මෙම කුරිරු ඉරණමට ලක්‌ කළ විත්තිකරු ට නීතියේ නාමයෙන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසට අයෑද සිටිනවා”.

මරණීය දඬුවම් නියමවීමට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශයක්‌ කරමින් ඉන්දික සුදර්ශන බාලගේ නම් වෛද්‍යවරයා මෙසේ පැවසීය.

“උතුමාණනි, මම ඉපදුණේ මනුෂ්‍යයන් ජීවත් කරන්න මිස මිනිසුන් ඝාතනය කිරීමට නෙවෙයි. මට විරද්ධව පොලිසිය බොරු සාක්‍ෂි ගෙතුවා. වසර 7 ක්‌ මම දුක්‌ වින්දා. මෙම සිද්ධියට අදාළ ඝාතකයන් දැනටමත් මීගමුව රෝහල තුළ සිටිනවා.

මරණ දඬුවම් නියම වූ වෛද්‍යවරයා බන්ධනාගාර ගතව සිටියදී අවස්‌ථා දෙකකදී ගෙල වැලලාගෙන දිවි හානි කර ගැනීමට තැත් කර තිබිණි.

http://www.divaina.com/2014/09/04/news01.html

====================================================================================================

තිකාර ගැනීමට පැමිණි ඇඟලුම් සේවිකාවක දූෂණය කර මීගමුව රෝහ‍ලේ හයවැනි තට්ටුවෙන් බිමට තල්ලුකර ඝාතනය කිරීමේ චෝදනාවලට වරදකරු වූ එම රෝහ‍ලේ වෛද්‍යවරයකුට මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගපූර් මහතා විසින් ඊයේ (03) මරණීය දණ්ඩනය නියම කරන ලදී.පැමිණිල්‍ලේ සාක්ෂි මත මෙම නඩුව සාධාරණ සැකයෙන් ඔබ්බට යමින් පළමු හා දෙවැනි චෝදනා ඔප්පු වී ඇතැයි මෙහිදී සිය තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ මීගමුව මහ රෝහ‍ලේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ මරදන්කඩවල පදිංචි ඉන්දික සුදර්ශන බාලගේ නමැති පුද්ගලයකුටය. 2007 වසරේ නොවැම්බර් 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මොනරාගල තම්පලාවැව දඹගල්ල කටුකුරමණ්ඩිය පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ චමිලා දිසානායක (එවකට 22 හැවිරිදි) නමැති ඇඟලුම් සේවිකාව මීගමුව රෝහ‍ලේදී කෙලෙසන ලදැයිද එදින එකී වේලාවේදී එකී ක්‍රියා කලාපයේදී ඇය මීගමුව මහ රෝහ‍ලේ හයවැනි තට්ටුවෙන් බිමට තල්ලු කර මරා දමන ලදැයිද ඉහත සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.
‍පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මූලික ලඝු නොවන නඩු විභාගයකින් තොරව නීතිපතිවරයා මෙම සිද්ධියේ සැකකරුවූ වෛද්‍යවරයාට එරෙහිව පැවරූ නඩුව 2013 අප්‍රේල් මස 29 වැනිදා මහාධිකරණ විනිසුරුවරයා විසින් විභාගයට ගන්නා ලදී.
විත්තිකරුට එරෙහිව අධිචෝදනා කියවා දීමෙන් අනතුරුව ජූරි සභාවක් නොමැතිව නඩුව විභාගයට ගැනීමට විත්තිකරු එකඟවීමෙන් පසු නඩු විභාගය ඇරඹිණි.

මියගිය චමිලා දිසානායක මොනරාගල දිස්ත්‍රික්කයේ දඹගල්ල ‍පොලිස් වසමේ පදිංචිකාරියකි. දරුවන් අටදෙනකුගෙන් යුත් පවුලක පස්වැනියා වූ ඇය කටානේ ‘ස්මාර්ට් ෂර්ට්’ ඇඟලුම් ආයතනයේ සේවයට පැමිණ ඇත්තේ මියගිය දිනට වසර තුනහමාරකට පමණ පෙරය. ඇය මොනරාගල තම්පලාවැව විද්‍යාලයෙන් අ.‍පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී ඇත. ඇඟලුම් සේවයට බැඳෙන විට චමිලාගේ වයස අවුරුදු 18කි. එදා පටන් ඇය නවාතැන් ගෙන සිටියේ කටාන කෝවින්ද පිහිටි නවාතැනකය.

2007 නොවැම්බර් 12 දා සිට මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී අදට අවුරුදු 06 මාස 09 දින 21කි. 2007 ඔක්තෝබර් 12 දා ඇය රෝහලට පැමිණ ඇත්තේ පියයුරු සම්බන්ධ රෝගී තත්ත්වයක් නිසා මීගමුව රෝහ‍ලේ සිට නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වෛද්‍ය සහතිකය ලබා ගැනීමටය.

චමිලාගේ මරණය පිළිබඳ බහුතරයක් සාක්ෂි ලැබි තිබුණේ වෛද්‍ය සුදර්ශනට එරෙහිවය. ‍පොලිසිය සිය විමර්ශනවලින් සොයා ගත් පරවේෂණීය සාක්ෂි මත පැමිණිල්ල ගොනු කර තිබුණි. සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු මිනිස් ජීවිත ආරක්ෂා කරන මිනිසුන්ට සුවය ලබාදෙන වෛද්‍යවරයෙක්. එවැනි කෙනෙක් මෙවැනි දෙයක් කරයිද? මේ වෛද්‍යවරයාගේ දෙමව්පියන් විශ්‍රාමිකයන්  කුඩා දරුවකුත් සිටිනවා. එබැවින් ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා අදහස් දක්වමින් මිනිස් ජීවිතවලට සුවය දෙන මිනිස් ජීවිත බේරා ගැනීමට සිටින වෛද්‍යවරයෙක් මෙහි සැකකරු. මියගිය තරුණිය මොනරාගල දිස්ත්‍රික්කයේ තම්පලාවැව දඹගල්ල කටුකුරමණ්ඩිය අති දුෂ්කර ප්‍රදේශයක ජීවත් වූ අයෙක්. නගරයට ඇඟලුම් ආයතනයක සේවයට ආවේ ජීවත් වීමටයි. ඇය අවුරුදු 22ක තරුණියක්ව සිටියදී රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි විටදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙන්නේ.
තවදුරටත් ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙවැනි සිද්ධීන් කිහිපයකට දුන් නඩු තීන්දු කිහිපයක් ගෙනහැර දක්වමින් උපරිම දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා තමන් ළඟට ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට මෙැවනි දෙයක් කළේ කෙසේද? රටට විදේශීය විනිමය ගෙන දෙන රැකියාවකයි ඇය යෙදී සිටියේ. එම නිසා දඬුවම් නියම කිරීමේදී මේ ගැනත් සැලකිල්ලට ගත යුතු වෙනවා.

චූදිත වෛද්‍යවරයා විවෘත අධිකරණය අමතමින්, දැන් චමිලා වෙනුවෙන් සාධාරණයක් ඉටුවෙලා තියෙනවා. මා වෙනුවෙනුත් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා. ‍පොලිසියෙන් මාව ඉලක්ක කරගෙන සම්පූර්ණ චෝදනා ගොනු කර තිබෙනවා. නමුත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තවම මීගමුව රෝහ‍ලේ සිටිනවා. ඇඟිලි සලකුණු තිබුණා කියලා චෝදනා පත්‍රයේ සඳහන් වුණා. එහෙත් ඇඟිලි සලකුණු වාර්තාව අධිකරණයට කැඳෙව්වේ නැහැ. මම රෝගීන් සුව කිරීමට සිටින වෛද්‍යවරයෙක්. අධිකරණයෙන් මට සාධාරණයක් ඉටු කරයි කියලා බලා‍පොරොත්තු වෙනවා.

අවුරුදු 22ක තරුණියක දූෂණය කිරීමේ පළමු චෝදනාවට වසර 15ක සිරදඬුවමක්ද රුපියල් 10,000ක දඩයක්ද ගෙවන ලෙස නියම කර දඩය නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවමක්ද නියම කරන බව පැවසීය. තරුණිය ඝාතනය කළේ යැයි කියන දෙවැනි චෝදනාවට මරණ දණ්ඩනය නියම කර ජනාධිපතිවරයා නියම කරන දිනයක මරණ දඬුවම දෙන තුරු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස සඳහන් කර තිබුණි.

මෙම නඩුව පරවේෂණීය සාක්ෂි මත සාධාරණ සැකයකින් තොරව ඔබ්බට ඔප්පු වී ඇතැයිද විනිසුරුවරයා තීන්දුව දෙමින් පැවසීය.
රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ නවරත්න මාරසිංහ මහතා සමග අධිනීතිඥ ක්‍රිසංගා ප්‍රනාන්දු මෙනවිය ඇතුළු නීතිවේදීහු නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූහ. ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා සමග නීතිඥ තුසිර මැලැව්වේතන්ත්‍රි මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් මෙදින ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.
එස්. ප්‍රනාන්දු – මීගමුව / මීරිගම වාර්තාකරු

http://www.rivira.lk/online/article/74451-%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%9C%E0%B7%83%E0%B7%8A.html

http://www.dailymirror.lk/top-story/51920-negombo-hospital-doctor-sentenced-to-death.html

http://www.colombopage.com/archive_14B/Sep03_1409726432CH.php