RSS

Category Archives: ස්ත්‍රී දුෂක මිනීමරු වෛද්‍ය සුදර්ශන බාලගේ

ඇඟලුම් සේවිකාවක් මීගමුව රෝහලේ හයවැනි මහලෙන් බිමට තල්ලු කර මරා දැමීමේ සිද්ධිය: මම ජීවිත බේරාගන්නා වෛද්‍යවරයෙක් මගේ ජීවිතය විනාශවීමට ඉඩ දෙන්න එපා සැකකාර වෛද්‍යවරයා මීගමුව මහාධිකරණයේ දී සාක්කි දෙයි

ඇඟලුම් සේවිකාවක් මීගමුව රෝහලේ හයවැනි මහලෙන් බිමට තල්ලු කර මරා දැමීමේ සිද්ධිය:

මම ජීවිත බේරාගන්නා වෛද්‍යවරයෙක් මගේ ජීවිතය විනාශවීමට ඉඩ දෙන්න එපා

සැකකාර වෛද්‍යවරයා මීගමුව මහාධිකරණයේ දී සාක්කි දෙයි

“මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. මම මිනිසුන්ගේ ජීවිත බේරාගන්න වෛද්‍යවරයෙක්. අනේ මගේ ජීවිතය විනාශවීමට ඉඩ දෙන්න එපා” යැයි මීගමුව මහ රෝහලේ හය වැනි මහලෙන් තරුණියක බිමට තල්ලු කර මරා දැමීමේ චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයා වන ඉන්දික සුදර්ශන බාලගේ මහතා ඊයේ (26) මීගමුව මහාධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය.

මීගමුව මහාධිකරණ විනිසුරු එච්. එච්. ඒ. ගෆුර් මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

මීගමුව මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකු වශයෙන් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි ඉන්දික සුදර්ශන බාලගේ නැමැති ‍වෛද්‍
යවරයා මේ සිද්ධියට චෝදනා ලැබ සිටියේ ය.

දඹගල්ල කටුකුරුමණ්ඩිය පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ චමිලා දිසානායක නම් (එවකට) 22 හැවිරිදි වියේ පසුවූ ඇඟලුම් සේවිකාවක් බලහත්කාරයෙන් දූෂණය කර මීගමුව රෝහලින් බිමට තල්ලු කර මරා දමන ලදැයි සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලේ සඳහන්ය.

සැකකාර වෛද්‍යවරයා විවෘත අධිකරණයේ දී තවදුරටත් මෙසේ පැවැසීය.

මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. පියා රියැදුරු මහතෙක්. මම 5 වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ බාර ගත්තා. මීගමුව රෝහලේ 6 වැනි මහලේ කාමරයක මමත් බිරියත් සමඟ නේවාසිකව සිටියා. බිරිය හෙදියක් ලෙස රාගම රෝහලේ ‍රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකතන ක්‍රියාකරුගේ කාමරයත් තිබුණා.

මට රෝහලේ සුළු සේවකයන්ගේ උදව් ලැබුණා. ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ මම වැඩ කරන විට ඇතැම් සුළු සේවකයන්ට මම අවවාද කර තිබෙනවා. 2007.11.08 දා බිරියත් සමඟ මම ගමට ගියා. නැවත 11 දා සවස 6.00 පමණ රෝහලේ කාමරයට ආවා. මට ගමේ අය අමතන්නේ ඉන්දික පුතා කියලා. ගමේ වැඩිහිටියෝ කියනවා මාව පෙන්වලා “ඉන්දික පුතාව” ආදර්ශයට ගෙන ගමේ තරුණයන්ට හැදෙන්න කියලා.

ශල්‍ය වෛද්‍ය ඒකකය පිහිටා තිබෙන්නේ පළවැනි මහලේ. එහිදී රතු නොම්බර 20 ක් ද, නිල් නොම්බර 45 ක් ද දෙනවා. රතු කියන්නේ අලුත් රෝගීන්ට දෙන නොම්බර. නිල් කියන්නේ කලින් බෙහෙත් ගත්තු අය සඳහා දෙන නොම්බර. එදා මමත් සමඟ වෛද්‍ය ඉන්දිකත් හිටියා. රතු නොම්බර වෛද්‍ය ලසන්ත හා වෛද්‍ය ඉරේෂා කෙරුවා. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට උදව්වට වෛද්‍ය පරාක්‍රම හා වෛද්‍ය බස්නායක හිටියා. මම එදා උදේ 8.00ට පමණ සායනයට ගියා. එවිට වෛද්‍ය ඉන්දික මහතා පැමිණ සිටියේ නැහැ. මෙම කාමරයට යන කොට බිරිය කාමරයේ හිටියා කම්මුල් ගාය හැදිලා. රාගම රෝහලේ ප්‍රේමලතා හෙදි නිලධාරිනියට බිරිය නිවාඩුව නිල වශයෙන් දැනුම් දුන්නා.

සායනය වැඩ බහුල ස්ථානයක්. රෝගීන් පරීක්ෂාව බෙහෙත් අනුමත කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් වෙත රෝගීන් යොමු කිරීම, වෛද්‍ය සහතික ලබාදීම, පටක පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කිරීම සිදුකරනවා.

පෙ.ව.8.30ට පමණ වෛද්‍ය ඉන්දික ආවා. 9.30ට පමණ මම 6 වැනි මහලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිය කාමරයේ හිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිය ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා.

‍මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාර කියන ගෑනු ළමයෙක්ව සායනයට (පරීක්ෂණය සඳහා) කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා. ඊට පසු මම එම රෝගියාව පරීක්ෂා කළා. ඇය හයිප තයිරොක්ෂිඩ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්. Read the rest of this entry »

 

මියගිය තරුණියගේ ඇඳුම් හා භාණ්ඩ රෝහල් කාමරයේ කබඞ් එකක තිබී හමුවුණා – මීගමුව අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් සිරිවර්ධන සාක්ෂි දෙමින් කියයි

36041-chamila

මියගිය තරුණියගේ ඇ`දුම්කැඩුම් හා දේපළ තොගයක් රොහලේ කාමරයක කබඞ් එකක තිබී සොයා ගත් අතර ඒවා ඇගේ මිතුරියක් විසින් හ`දුනා ගත්තේයැයි මීගමුව පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් සිරිවර්ධන (43* මහතා  මීගමුව මහාධිකරණය හමුවේ සාක්කි දෙමින්  කීවේය.

මීගමුව   මහ  රෝහලේදී ඇ`ගලූම් සේවිකාවක ¥ෂණය කොට හයවෙනි තට්ටුවෙන් බිමට තල්ලූ කර මරා දැමීම පිළිබ`දව එම රෝහලේ හිටපු වෛද්‍යවරයකු වන ඉන්දික සුදර්ශන බාලගේ (42)ට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (30* මීගමුව බස්නාහිර පළාත්බද මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ. ගපූර් මහතා ඉදිරියේ පැවැත්විණි.

2007 නොවැම්බර් මස 12 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මොනරාගල පදිංචිව සිටි  චමිලා දිසානායක (23* නමැති ඇ`ගලූම් සේවිකාව මීගමුව රෝහල් භූමියේදී ¥ෂණය කොට හයවැනි තට්ටුවෙන් බිමට තල්ලූ කරදමා මරා දැමීම සම්බන්ධව වෛද්‍යවරයා චෝදනා ලැබ සිටී.

රජයේ  නීතිඥ අසේල සේරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් පොලිස් පරීක්ෂක   සිරිවර්ධන මහතා මෙසේ  කීවේය. මම මේ වන විට වසර 16 ක සේවා කාලයක් ගත කර තියෙනවා. මා දැනට අපරාධ ස්ථාන පරීක්ෂණ රාජකාරියේ යෙදෙනවා. මා මේ ස`දහා 2006 දී යම්කිසි අපරාධ ස්ථානයක් විමර්ශනය කරන නිලධාරියකු කැ`දවූ විට ඒ ස්ථානයේ අපරාධයට සම්බන්ධ ඡුායාරූප ලබා ගැනීම, සාක්ෂි එකලස් කිරීම, ඉදිරි විමර්ශනවලට සහාය දීම සම්බන්ධව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අපරාධ ස්ථාන පරීක්ෂණ පාඨමාලාව හැදෑරුවා. මේ ස`දහා  පොලිස් අධිකාරි කාර්යාලයේ කාර්යාලයක්  පවත්වාගෙන යනවා. 2007.11.12 වැනිදා මීගමුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභසිංහ මහතා මීගමුව රෝහලේ සැක සහිත මරණයක් වෙලා තියෙනවා කියා පරීක්ෂා කරන්න එන ලෙස මට දැනුම් දුන්නා.

මම රෝහලට ගියේ සවස හතරයි විස්සට පමණය. ඒ වනවිට  සුභසිංහ මහතා විමර්ශනයේ යෙදෙමින් සිටියා. කාන්තාවක් බිම වැටී සිටි ස්ථානය ති‍්‍රකෝණාකාරව ආරක්ෂක පටියක් ඇ`ද  ආවරණය කර තිබුණා. කාන්තාව වැටී සිටි බව කියන ස්ථානයේ දක්නට තිබූ රුධිර පැල්ලම මා එක්ස් ලෙස සලකුණු කර ඡුායාරූප ලබා ගත්තා. ගොඩනැගිල්ලේ බිත්තියේ සිට ලේ පැල්ලම තිබූ ස්ථානයට   දුර සෙන්ටි මීටර් 160 ක්ව තිබුණා. අනතුරුව  බිම් මහලේ සිට හත්වැනි මහල දක්වා ලේ පැල්ලම තිබූ පැත්තට යාව තිබූ ස්ථානයන් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන්ට මම සහාය වූවා.

බිම් මහලේ විමර්ශනයේදී අසාමාන්‍ය සිද්ධියක් ගැන අනාවරණය වුණේ  නැහැ.පළමු දෙවැනි තෙවැනි හතර වැනි පස් වැනි මහල් පරීක්ෂා කළත් සැකකටයුතු කිසිවක් හමුවුණේ නැහැ. හයවැනි මහලේ  කාමරයේ් කෙස් රොදක් තිබුණා. කොරිඩෝවේ ¥විලි මතින් ඇ`දුනු සීරුණු සලකුණු තිබුණා. පොලිස් පරීක්ෂක සුභසිංහ මහතා මෙම ස්ථානය සැක සහිත බවට පෙන්වා දුන්නා. ඒ අනුව දිගටම පරීක්ෂා කළා. කාමරය ඉදිරිපස දිග කෙස් ගහක් තිබුණා. ඒ ගැනත් සැක සිතී  ඡුායාරූපගත කළා.

පාතිමා නම් කාන්තාවක් ඇවිත් රෝහලේ සෙසු කාමර විවෘත කර දුන්නා. එක් කාමරයක සැකකාර වෛද්‍ය සුදර්ශන මහතා සහ බිරි`ද ඉන්නවා කියා දැනගන්න ලැබුණා. එම කාමරය තුළ තිබූ දේ ගැනත් අප පරීක්ෂා කළා. ජනේලය පිහිටා තිබුණේ කබඞ් එකට එහායින් නාන කාමරයටත් එහා පැත්තෙන්. එය අඩි හතරක් පමණ උසින් තිබුණා. වීදුරු දෙපැත්තට තල්ලූ කරලා අරින ජනේලයක් තිබුණා.

අඩි හතරක් පමණ දිග හා පළල අඩි තුනක් විතර ඇති පැත්තට අරින ජනේලයක් තිබුණා. ජනේලයෙන් පිටත බලන විට වැසිකිළි අපද්‍රව්‍ය ගලායන බටය අයිනේ චෙරි පැළ තිබුණා. එතැනට   මම  ගියේ නාන කාමරයේ ජනේලයෙන් පැනලායි. එයින් ගියාම කොන්කී‍්‍රට් තට්ටුවේ  ඉන්න පුළුවනි. ඒ මත ඇවිදින්නත් පුළුවනි.

මම ස්ලැබ් එකේ සිට කැමරාව බිමට හරවා බිම ලේ පැල්ලම තිබූ තැන ඡුායාරූපගත කළා. මෙම කාමරයේ ජනේලයට කෙළින්ම තිබූ චෙරි පැළයේ අයිනේ දල්ලක් කැඞී වැටී තියෙනවා දුටුවා. වෙනත් කාමරයකින් කිසිවකු ඇතුළු වූ බවට සලකුණු කිසිත් තිබුණේ නැහැ. පොලිස් පරීක්ෂක සුභසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මා විමර්ශනයට සහාය වුණා.

වෛද්‍යවරයාගේ කාමරය පරීක්ෂා කර ඡුායාරූප ගත කළා. එහි යකඩ ඇ`දන් දෙකක් තිබුණා. ලාච්චුවක් සහිත කබඞ් එකක් තිබුණා. කබඞ් එකට පිටුපසින් මේසයක් මත ආහාරපාන සකසා ගන්නා ස්ථානයක් ලෙස තිබුණා. අකුලන ලද කාඞ්බෝඞ් පෙට්ටියක් ඇ`ද යට තිබුණා.

කබඞ් එකේ ලාච්චු පරීක්ෂා කළා. එහි ව්‍යාඝ‍්‍රා නමැති බෙහෙත් පෙති කාඞ් එකක් තිබුණා. එහි දෙකක් පාවිච්චි කර තිබුණා. කබඞ් එක ආසන්නයේ ගැලවුණු කෙස් රොදක් තිබුණා.තුවාලකාරිය රාගම රෝහලට රැුගෙන ගිය බව දැන ගත්තා. කොරිඩෝවේ  බිම පිරිසිදු බවක් තිබුණේ නැහැ. ¥විලි මත ඇදී ගිය සලකුණු තිබුණා.  විවෘත බැල්කනියේ දොර අසල තිබී කොණ්ඩ කටු තුනක් හමුවුණා.

මම පසුදා උදේත් ආවා. රෝහලේ පිරිසිදු කරන කාන්තාවක් වෛද්‍යවරයා තරුණියක ඇදගෙන එනු දුටු බවටත් තොරතුරු ලැබුණා. හත්වැනි මහලේ මෙම කාන්තාව සිටි බව කියන ස්ථානයට හයවෙනි තට්ටුවේ වෛද්‍යවරයා සිටි බව කී ස්ථානය පෙනෙන ආකාරය පෙන්නුම් කිරීමටත් මා ඡුායාරූප ගත්තා.

33 කාමරයේ ී කබඞ් එකක යට ලාච්චුව පරීක්ෂා කරද්දී රතුපාට ඉටි කවරයක තිබී කාන්තා අත් බෑගයක්, පාට විවිධ පාටවලින් යුතු  කුඩයක්, කාන්තාවකගේ යට කලිසම් දෙකක්, කාන්තා සෙරෙප්පු දෙකක්, හැ`දුනුම්පත්, දුඹුරු පාට පනාවක්, කාබන් පෑන්, ලිපියක් සහිත කවරයක් ඇතුළු දේපළ කිහිපයක්   තිබුණා.  ඒවා මියගිය අයගේ බවට ඇගේ මිතුරියන් හ`දුනා  ගත්තා.
එම භාණ්ඩ ඉදිරි විශ්ලේෂණ ස`දහා  යොමු කළා. මරණකාරියගේ් ප‍්‍රතිකාර සටහන් පොතේ අවසන් සටහන් දෙක සහිත පිටු ඡුායාරූප ගත කළා. මා මේ ඡුායාරූප ගත්තේ පොලිස් දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් කැමරාවකිනුයි.

මෙසේ ලබාගත් ඡුායාරූප මා පරිගණකයේ තැන්පත් කර අවශ්‍ය පිටපත් මුද්‍රණය කර ගත්තා   මහෙස්ත‍්‍රාත් අධිකරණයට සංයුක්ත තැටියක් මගින් ඡුායාරූප ලබා දුන්නා. පොලිස් පරීක්ෂකවරයාගේ සාක්කිය එතෙකින් අවසන් විය. ඉදිරි විභාගය නොවැම්බර් මස 21 හා 28 යන දෙදිනට නියම කරනු ලැබීය.
එස්. ප‍්‍රනාන්දු – මීගමුව

Read the rest of this entry »

 

විත්තිකරුට බිරිඳ සමඟ නේවාසිකව සිටීමට අවසර දී තිබුණේ නැහැ කාමරය විවෘත කළ කාන්තාව සුදර්ශනගේ භාර්යාව යෑයි පැවැසුවා මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ සහකාර කළමනාකාරිනී අයිනි ෆාතිමා ඇඟළුම් සේවිකාව මරා දැමූ වෛද්‍යවරයාගේ නඩු විභාගය

විත්තිකරුට බිරිඳ සමඟ නේවාසිකව සිටීමට අවසර දී තිබුණේ නැහැ
කාමරය විවෘත කළ කාන්තාව සුදර්ශනගේ භාර්යාව යෑයි පැවැසුවා
මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ සහකාර කළමනාකාරිනී අයිනි ෆාතිමා

ඇඟළුම් සේවිකාව මරා දැමූ වෛද්‍යවරයාගේ නඩු විභාගය

මීගමුව සමූහ – විමල් කීර්ති

මෙහි විත්තිකරු වන වෛද්‍ය ඉන්දික සුදර්ශන නේවාසිකව පසුවූයේ මීගමුව දිසා රෝහලේ සය (6) වන මහලේ 33 වෙනි කාමරයෙයි. ඔහුට බිරිඳ සමඟ එහි නේවාසිකව වසන්න අවසරදී තිබුණේ නැහැ. මෙම සිද්ධියවූ දින පොලිසිය සමඟ එම කාමරය වෙත ගිය අවස්‌ථාවේ එය විවෘත කළේ ගැහැනු කෙනෙකු විසිනුයි. එම කාන්තාව වෛද්‍ය සුදර්ශනගේ භාර්යාව බව පැවසුවා යෑයි මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ සහකාර කළමනාකාරිණියක්‌ ලෙස කටයුතු කරන අයිනි ෆාතිමා (41) මහත්මිය බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා හමුවේ සාක්‌ෂි දෙමින් පැවසුවාය.

මීගමුව දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 22 හැවිරිදි රූමත් ඇඟළුම් සේවිකාවක්‌ රෝහල් පරිශ්‍රය තුළදී දූෂණය කර ඇය රෝහලේ සයවන (6) මහලින් පහතට තල්ලුකර අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටින මීගමුව දිසා රෝහලේ හිටපු සහකාර ශල්‍ය වෛද්‍යවරයකුට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂි දෙමින් සාක්‌ෂිකාරිය එසේ පැවැසුවාය.

මෙහි විත්තිකරුවූයේ මරදන්කඩවල “ජය නිවස” පදිංචි සහායක ශල්‍ය වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ (39) නමැති විවාහක එක්‌ දරු පියෙකි.

2007 නොවැම්බර් මස 12 වැනි දින මීගමුව රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි මොණරාගල තම්පලාව දඹගල පදිංචිව සිටි චමිලා දිසානායක නමැති 22 හැවිරිදි රූමත් අවිවාහක ඇඟළුම් සේවිකාව රෝහල් පරිශ්‍රය තුළදී දූෂණය කර පසුව ඇයව රෝහලේ සය වන මහලින් බිමට තල්ලුකොට මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ මහතාගේ සහාය ඇතිව පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ යන මහත්වරුන් විසින් පැමිණිල්ල වෙනුවෙන් නැගූ ප්‍රශ්නවලට සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු සහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් විසින් විත්තිය වෙනුවෙන් නැගූ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‌ෂිකාරිය වන අයිනි ෆාතිමා මහත්මිය මෙසේ පැවැසුවාය.

රෝහලේ සහකාර කළමනාකාරිණියක ලෙස මට ගොඩනැඟිලි කටයුතු භාරවී තිබුණා. මෙහි විත්ති කූඩුවේ සිටින වෛද්‍ය සුදර්ශන බාලගේ නේවාසිකව විසුවේ රෝහලේ සය (6) වෙනි මහලෙයි. රෝහලේ 5 වෙනි මහලේ රැඳී සිටියේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුයි. විත්තිකාර ඉන්දික සුදර්ශන හිටපු කාමරයට තිබුණෙ එක යතුරක්‌ පමණයි. එම යතුර තිබුණෙ විත්තිකරු භාරයෙයි. අපි රෝහලේ වෛද්‍යවරුන්ට කාමර ලබා දෙන්නෙ වෛද්‍යවරුන්ට පමණක්‌ විසීමට පමණයි. ඒව ඔවුන්ගේ බිරිඳත් සමඟ ගතකරන්න අවසර ලබා දී නැහැ. මෙම සිද්ධිය වූ දින විත්තිකරුගේ කාමරයට ගියේ එදින දහවල් 1 – 4 යන යන කාලය අතරතුරයි. දෙවෙනි දවසෙ එම කාමරයට පොලිසිය සමග යද්දී විත්තිකරු එම කාමරයේ සිටියෙ නැහැ. කාමරවලින් පිටතින් සෑම මහලකම කොන්ක්‍රීට්‌ ලෑල්ලක්‌ (ස්‌ලැබ් එකක්‌) තිබෙනවා. ඒවාට ඕනෑම අයකුට ජනෙල් තුළින් ගොස්‌ එම කොන්ක්‍රීට්‌ ලෑලිවලට ගොඩවිය හැකියි. විත්තිකරුගේ කාමරය ඉදිරි කාමරයෙ තිබුනෙ විනාශ කිරීමට තිබෙන උපකරණ ගොඩගසා තිබුණු කාමරයයි. එම කාමරයට යතුරක්‌ තිබුණේ නැහැ. එහි කිසිම කාමරයක්‌ පිටතින් පැමිණෙන පුද්ගලයකුට විවෘත කිරීමේ හැකියාවක්‌ නැහැ. රෝහලේ වාට්‌ටුවලින් නේවාසික රෝගීන් මීට පෙර පහළට පැන තිබෙනවා. එහෙත් ඔවුන් රෝහලට වෙනත් අවශ්‍යතා සඳහා පැමිණි පුද්ගලයන් නොවෙයි. රෝහලේ සය (6) වන මහලේ 33 වෙනි කාමරයේ රැඳී සිටි මෙහි විත්තිකරු නිර්වින්දන වෛද්‍යවරයකු නොවෙයි. මෙම සිද්ධියේදී රෝහලේ ඉහළින් බිමට වැටුණ තරුණිය පහළට වැටී තිබුනෙ සය (6) වන වාට්‌ටුවට කෙලින්. කායික රෝගීන් නේවාසිකව රැඳී සිටි වාට්‌ටුවල පිටතින් ග්‍රිල් යොදා ආරක්‌ෂා කර තිබුණා. සයවන (6) මහලේ 32 වැනි කාමරය ලබාදී තිබුණේ රෝහලේ දුරකථන ක්‍රියාකරවන්නන්ට විවේක ගැනීම සඳහා යෑයි ඇය පැවැසුවාය. වැඩිදුර විභාගය ජුනි මස 13 වෙනි දින දක්‌වා කල් තැබීය. විත්තිකරු එතෙක්‌ රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ මහතාගේ සහාය ඇතිව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ශ්‍රී ලාල් ප්‍රනාන්දු සහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරු පෙනී සිටියහ. මියගිය තැනැත්තියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ තුසිත මැලැව්වෙත්‍රන්ති මහතා සහ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස්‌ යන මහත්වරුන් පෙනී සිටියහ. වැඩිදුර විභාගය ජුනි මස 13 වෙනි දින පැවැත්වේ. Read the rest of this entry »

 

චමිලාව දුෂණය කර 6වන මහලෙන් බිමට දාලා !

චමිලාව දුෂණය කර 6වන මහලෙන් බිමට දාලා !

2007 නොවැම්බර් 12 වනදා දහවල් මීගමුව රෝහලට ප්‍රතිකාර පිණිස පැමිණි අවු 22ක් වූ චමිලා දිසානායක නම් තරැණීයක් එදිනම පැය කීපයකට පසු රෝහලේ 06 වන තට්ටුවෙන් බිමට ඇද වැටුණි. මීගමුව රෝහලේ සිට රාගම රෝහලට ගෙන යන අතර වාරයේදී ඇය මිය ගියාය.
මෙම තරුණියගේ දේහය සම්බන්ධයෙන් ඇතිවූ සැකකටයුතු තත්ත්වය නිසා මිගමුව පොලීසිය විසින් සිදුවීම ආසන්නයේදීම එවකට මීගමුව රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය බාලගේ ඉන්දික සුදර්ශනව (33 ) සැක පිට අත්අඩංගුවට ගෙන මීගමුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.
මොනරාගල පදිංචි නිදහස් වෙළද කලාපයේ ස්මාර් ෂර්ට් ආයතනයේ සේවය කළ මෙම තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් වෛද්‍ය බාලගේ ඉන්දික සුදර්ශන නමැත්තාට එරෙහිව නීතිපති විසින් තරුණියක දූෂණය කර මරා දැමූවේ යැයි අධිචෝදනා ගොනු කර තිබේ.2013 වසරේ මෙම ඝාතන නඩුවේ සාක්ෂි විභාග කිරීම් කීපයක් පැවැත්වුණ අතර අප්‍රේල් මස 29 වන දිනත් රෝහල් සේවකයෙක් හා සේවිකාවක් විසින් අධිකරණයේ සාක්ෂි දෙන ලදි.නැවතත් මෙම ඝාතන නඩුවේ සාක්ෂි විභාගයක් මැයි මස 06 වනදා පැවැත්වූ අතර එදින එම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි බී. ප්‍රසන්න ප්‍රියංජිත් මහතා මීගමුව මහාඅධිකරණය හමුවේ පෙනී සිටියේය.

චමිලා ඝාතනය වීමට පෙර ඇයට ලිංගික බලහත්කාරකමක් සිදුකර ඇතැයි ද ඒ බවට ඇගේ සිරුරේ සහ ඇදුම් පරීක්ෂාවට ලක්කිරීමේදී පෙනී ගිය බවට ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.
චමිලා දිසානායකගේ ඝාතනය සම්බන්ධයෙන් නැවතත් සාක්ෂි විභාගයක් මැයි මස 09 වනදා මීගමුව මහ අධිකරණයේදී සිදුවිය. ඊයේ (09 )මීගමුව මහා අධීකරණයේ පැවති නඩු විභාගයේදී ඇගේ දේහය සම්බන්ධව සිදුකරන ලද රජයේ රස පරීක්ෂණ වාර්තාවේ ඇතුලත් කරුණු පුර්ණ විමර්ශනයකට ලක්විය.
මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥවරයා විසින් රජයේ රස පරීකෂණ වාර්තාව පිළිබදව ද විමසා සිටි අවස්ථාවේ ඒ ගැන පැහැදිලි කිරිමක යෙදුන විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ජිත් පෙරේරා මහතා කියා සිටියේ රස පරීක්ෂණය සදහා, අමාශය තුළ ඇති ද්‍රව්‍ය, පිත, ලේ, මොලේ සාම්පලයන් හා පෙනහළු ලබාගෙන තිබුන අතර ඒවායේ කිසිදු විෂ ද්‍රව්‍යයන් වන කෘෂි රසානික ද්‍රව්‍ය, සයිනයිඩ්, ලෝහමය සහ වෙනත් විස රසායන ද්‍රව්‍ය නොතිබූ බවයි.
එමෙන්ම මොලේ කොටස් වලද ක්ලෝරෆෝම් නමැති ද්‍රව්‍ය කොටස් ද නොමැති බව අධිකරණ වෛද්‍යවරයා විසින් පවසන ලදී. ඒ අනුව පෙනි යන්නේ චමිලා සිය දිවි හානිකර ගැනිම සදහා මේ කිසිවකු භාවිතා කර නොමැති බවය.
එමෙන්ම මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණ කර තිබු පරිදි ඇගේ ශරීරය තුළ අභ්‍යන්තර ලේ ගැලීම් පිළිබදව තවදුරටත් කරුණ පැහැදිලි කළ අධිකරණ වෛද්‍ය නිළධාරි ප්‍රියංජිත් මහතා පවසා සිටියේ, සිරුරේ මෘදු පටක තැලීම් සිදුවී තිබූ බවය.
එමෙන්ම වකුගඩු සුදුමැලිවී තිබු බවද දන්වා සිටියේය. එමේ සිදුවන්නේ අධික රුධිර වහනයක් සිදුව තිබෙන නිසා බවත් දන්වා සිටියේය.
එමෙන්ම දූෂණයට ලක්විමට පෙර චමිලාගේ ගෙල මිරිකා තිබුන බවද සිය නිරික්ෂන වල අන්තර්ගත බව දන්වනු ලැබිය. ඇස්වල සහ කන්පෙත්තේ ඇතිව තිබූ ලේගැලීම් අනුව එය නිගමනය කළ හැකි බවද ප්‍රකාශ කළේය.
චමිලා 06 වන මහලෙන් වැටෙන අවස්ථාව වන විට ඇයගේ සිහියේ ප්‍රකෘති තත්ත්වය පිළිබදව ද විමසීමක් පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරයා විසින් සිදුකරන ලදී.
‘‘ඇයගේ අත්වල වර්ණ කිසිවක් තිබුණේ නැහැ. උඩකින් වැටෙන අවස්ථාවේදී යම් පුද්ගලයෙකුට සිහිය තිබෙනවා නම්, ඒ කෙනා තම සිරුරේ සංවේදි අවයව බේරා ගැනීමට අතපය ඉදිරියට දානවා. එහෙම දැම්මා නම් ඇගේ අත්වල ඒ ලක්ෂන තිබිය යුතුයි. ඇයගේ අත්වල වර්ණ කිසිවක් තිබුණ් නෑ. එබැවින් ඒ අවස්ථාවේ සිහි නැතිව සිටි බව නිගමනය කළ හැකියි.” යනුවෙන් පවසා සිටින ලදි.
 

ස්ත්‍රී දුෂක මිනී මරු දොස්තර අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට සිටියදි ඇප ලබා එලියට පැමිණි ඔහු මීගමුව රෝහලට සැතපුම් 3 ක් ඈතින් පුද්ගලික ඩිස්පැන්සරියක බෙහෙත්දිම අරඹයි.

වෛද්‍ය කවුන්සිලයේ කණෙන් රිංගු මීගමුවේ තවත් අය මෙන්න
නිතිය අතික්‍රමණය කර ඇත.එදා දේශපාලකයන් සහ ඔවුන් ගේ ගෝලබාලයන් නිතියට වෙට්ටුදා නිතිය මඟ හරින පසුබිමක සිට අද එය වෛද්‍යවරුන් අතින් පවා සිදුවන අන්දමේ අර්බුදයකට මේ සමාජය දැන් ගමන් කර තිබේ.
මීගමුව රෝහලේදි තරුණියක් දූෂණය කර  හයවන මහලෙන් බිමට දමා ඝාතනය කලේය යන චෝදනාව මත විවාහක සිමාවාසික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට සිටියදි ඇප ලබා එලියට පැමිණි ඔහු මීගමුව රෝහලට සැතපුම් 3 ක් ඈතින් පුද්ගලික ඩිස්පැන්සරියක බෙහෙත්දිම අරඹයි. මේ ඩිස්පැන්සරිය අයත්ව සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලයක් දැරෑ අයෙක්ටය තමන්ගේ ඩිස්පැන්සරියේ බේත් දෙන්නේ ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි නැති අයෙක් බව හේ  හොදින් දනි.
මෙහි සදහන් ඇතැම්  දෑ  වෛද්‍ය කවුන්සිලය ඇතැම් විට නොදැන සිටියත් වෛද්‍ය පානාවැන්න මහතා ඇත්තටම නොදන්නේද????????? අපි මීට දින කිපයකට පෙර අපගේ වෙබ් අඩවියේ ලිවෙමු අපට අනුව වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න දැන දැන වැරදි කිපයක්ම සිදු කර තිබුණි.
1.අප දැනටමත් හෙළිදරව් ඇති අදාල ඩිස්පැන්සරියේ බේත් තුණ්ඩුවල වෛද්‍යවරුන් දෙදෙනෙකු ගේ නම් ඇත. ඉන් එක් අයෙක් වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්න යන අයයි. ඔහු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වි තිබුනේ 1999. 11.11 වන දිනය. ලියාපංචි අංකය 14748 වේ. වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නම් http://www.srilankamedicalcouncil.org වෙබ් අඩවියට ගොස් ඒ ලියාපදිංචි අංකය ඇතලත් කිරිමෙන්  විස්තර සපයා ගැනිමට පුළුවන.
2.ඒ අනුව අප වෛද්‍ය පානාවැන්න මහතාට අමතර එකි ඩිස්පැන්සරියේ බේත් තුණ්ඩුවේ ඇති අනෙක් වෛද්‍යවරයා පිළිබදව වෛද්‍ය කවුන්සිලයේ වෙබ් අඩවියෙන් සොයා බැලුවද එවැන්නෙක් ගැන කිසිදු සදහනක් එහි නැත. එසේ නම්  මහජනයා නොමග යැවිම සදහා වෛද්‍ය ඉන්දික. එස් .බාලසුරිය යන නම යොදා ඇත.
මෙහිදි අපට මතුවු සැකය වුයේ මෙහි සදහන් වෛද්‍ය ඉන්දික ඒස් බාලසුරිය යනු සියල්ලෝම රැවටිම සදහා සුදර්ශන බාලගේ විසින් යොදන්නට ඇති නම බවය. ඒ අනුව සුදර්ශන යන නම යොදනු වෙනුවට ඔහු ඉන්දික යන නමට පසු S. අකුර පමණක් යොදයි. එමෙන්ම බාලගේ යන ඇත්ත නමට ලගින් යන බාලසුරිය යන්න යොදාෙගන  ඇත.
එහෙත් ලියාපදිංචි අංක 22692 යටතේ ඉන්දික එස් බාලසුරිය යනුවෙන් වෛද්‍යවරයෙක් නැත.
එ් අනුව සුදර්ශන බාලගේ විසින් වෛද්‍ය කවුන්සිලියේ නැති වෛද්‍යවරයෙක් නිර්මාණය කර ඇත.
ලංකා වෛද්‍ය කවුන්සිලයත්  නොදැන සිටි සුදර්ශන බාලගේ පමණක් දැන සිටි කරුණක් පසුගිය දිනවල හෙළිදරව් කරගැනිමට ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ට හැකිවිය.
. එනම් ඔවුන්ගේ වෙඩ් අඩවියේ දකුණු පස කෙළවරේ ඇති Search. යන්නට ගොස් 22692 යන අංකය ලබාදුන් විට ඒහි ප්‍රථිඵලය  වම්පසින් දිස්වන්නට පටන් ගනි. එහි ඇති නම වන්නේ  I.S.Balage  ය. එනම් අපට අනමාන කළ හැක්කේ ඉන්දික සුදර්ශන බාලගේ යන නමය.
මෙවන් වංචා සිදුකරමින් රෝගින්ට ප්‍රතිකාර කරන්නට තමන්ගේ ඩිස්පැන්සරියේ ඉඩලබාදිම සම්බන්ධයෙන් තමන්ගේ කවුන්සිලයේ ලියාපදිංචි වි ඇති වෛද්‍ය ඉන්ද්‍රජිත් මහතා කැදවා පියවරක් ගතයුතුව ඇති බවට වෛද්‍ය කවුන්සිලය කටයුත් කළ යුතු යැයි  තවදුරටත් සදහන් කළේය.
මේ සියළු තොරතුරු අප අවස්ථා කිපයකදිම හෙළි කළෙමු. මෙයට අමතරව අප විසින් මීට වසරකට පෙරද අපගේ පුවත්පත හරහා මේ නිතිවිරෝධි ක්‍රියාව ගැන සදහන් කළද කිසිදු වෙනසක් සිදුනොවි ඒ සියල්ල එලෙසින්ම සිදුවිය.
එහෙත් අප විසින් සිදු කරන ලද ඉතා පැහැදිලි කරුණු සහිත හෙළි කිරිම් පිලබදව  පුළුල් සාකච්ජාවක් මීගමුවේ සහ අවට වෛද්‍යවරුන් අතරත් වෛද්‍ය කවුන්සිලයේත් තවත් වැදගත් ස්ථාන කිපයකමත් සිදුවෙමින් පැවැති බවට අපට නිරන්තරයෙන්ම තොරතුරු හෙළි විය.
මෙහි පථිපල ලෙසින් වෛද්‍ය පානාවැන් න මහතා තමන් අතින් සිදුවු වු වැරැද්ද මීගමුව රෝහලේ වෛද්‍යවරැන් ඉදිරියේ නිවරදි කරමින් තමන්ගේ කුරණ ඩිස්පැන්සරියෙන් සුදර්ශන බාලගේ ඉවත් කිරිමට තිරණය කරනු ලබයි.
පමාවි හෝ ඔහු සිදු කළ මේ නිවරදි කිරිම අපි අගේ කරමු.
එහෙත් වෛද්‍ය වෘත්තිය ලක්ව ඇති බරපතල අර්බුදයේ පුමාණය මේ සමාජය තුල නැවතත් ලකුණු කළ යුතුව තිබෙන නිසා පහත අවධාරණයන් මතු කළ යුතුව තිබේ.
1.සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් මීගමුවේ නැද්ද??
ශ්‍රි ලංකාවේ පවතින නිතිය අනුව ප්‍රදේශයක නිත්‍යාණුකූල නොවන වෛද්‍යවරයෙක් සිටි නම් ඔහු පිළිබදව කටයුත කිරිමේ වගකිම පැවරෙන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාටය. වෛද්‍ය පනාවැන්න මහතාගේ මේ කුරණ ඩිස්පැන්සරියේ සුදර්ශන බාලගේ යොදාගනිමින් ප්‍රතිකාර කිරිම සිදුකෙරෙන්නේ දැනට වසර 2 කක පමණ සිටය.එහෙත් මීගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මේ පිලිබදව කිසිදු මැදිහත් විමක් සිදුකර තිබුනේ නැත.මෙහි ඇති දෛවයේ සරදම වන්නේ මීගමුවේ පද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යන වෛද්‍යවරුන් විසින් පිහිටුවාගෙන ඇති සංගමයේ සභාපති වන්නේ මීගමුවේ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වන  වෛද්‍ය ලක්ෂ්මන් මහතාය. ඒ සංගමයේ ලේකම් වන්නේ  වෛද්‍ය ඉන්ද්‍රජිත් පානාවැන්නය.ඉතින් අපට මුලින්ම අසන්නට ඇත්තේ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා මේ කිසියවක් නොදන්නේද යන්නයි. එමෙන්ම ඔහු තම රාජකාරිය මේ කරුුණු අරභයා ඉටු කලේද යන්නයි.
2. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා අයියා වු කළ ??
වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න මහතාට නම් වෛද්‍ය විජයලත් අයියා ය. එහෙත් මීගමුවේ මහජනයාට ඔහු මේ ප්‍රදේශයේ මහජනයා වෙනුවෙන් පෙනි සිටින සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියායි.ඒ අනුව අප  විසින් සිදු කරන ලද  මේ කරුණු කිසිවක් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා ලෙසින් ඔහු  නොදැන සිටියේද??
3.වෛද්‍ය වෘත්තියේ ගරුත්වය රකින්නට පෙරට එන්නට එකදු  වෛද්‍යවරයකේ හෝ මීගමුවේ  නොසිටියේද??
මේ බරපතල වෘත්තිමය වැරැද්ද හමුවේ වසර 2 කක් පසුවි හෝ සිය වෘත්තිය සාදාචාරය ගැන සිතා වෛද්‍ය පානාවැන්න විසින් සිදු කරගෙන ගිය මේ වැරැද්දට තදින් සිටින්නට පියවර ගැනිම ගැන ඊට මුල් වු වෛද්‍යවරුන් අපි අගයමු. එහෙත් මාධ්‍ය විසින් කිසිවෙකුටත් ගැලිවි ගත නොහැකි ලෙසින් සියළු හෙළිදරව් කිරිම් නොකර සිටියේ නම් තවත් වසර කියක් නම් මේ වෘත්තිය වැරැද්ද සිදුවිමට නියමිතව තිබුණිද..???
4.රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ට සිය වෘත්තිය ආචාර ධර්ම ප්‍රසිද්ධියේ කඩකරන අය සම්බන්ධයෙන් ගතු යුතු පියවර ගැන විනය නිති මාලාවක් තවමත් නැතිද??
අප දැනටමත් හෙළි කර ඇති පරිදි  වෛද්‍ය පානාවැන්න  රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මීගමුව ශාඛාවේ ක්‍රියාකාරි නිළධාරියෙක්ව සිටියේය.ඉතින් මේ බරපතල වැරැද්ද ඔවුන් නොදැන සිටියේද??? දැනගත්තක් තමන්ගේ නායකයෙකු නිසා නිහඩව සිටියේද???
මේ සියල්ල ගැන සලකා බලන විට අද දේශපාලකයන්ගේ සිට  සියළු වෘත්තිය ක්ෂේත්‍ර තුල නිතිය අතික්‍රමණය කොට කෑලෑ නිතිය ස්ථාපිත කරගැනිමට සැකසෙමින් ඇති ඉඩ ගැනත් සියල්ලෝ ඒ ගැන නිහඩව සිටිම විග්‍රහ කර ගැනිමට  මීගමුවේ මේ උදාහරණය තරම් තවත් හොද එකක් තිබේද??



උපුටා ගැනීම – http://www.meepura.com

 

Read the rest of this entry »