RSS

Category Archives: වෛද්‍ය වර්ජන

අහිංසක නැති බැරි ජනයාම කැපෙන වැඩ වර්ජන තුරුම්පුව( ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනවාලු.)

පීඩිත ජනයාම කැපෙන වැඩ වර්ජන තුරුම්පුව

Nurseදින තුනක් තිස්සේ මෙරට රජයේ රෝහල් බොහොමයකම  පැවැති සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය මේ වන විට අවසන් වී ඇත. මාධ්‍ය වාර්තා හෙළි කරන අන්දමට මේ වන විට  වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ කුරුණෑගල මහ රෝහ‍ලේ පමණි.කුරුණෑගල රෝහ‍ලේ පවතින වැඩ වර්ජනයට මුල් වී ඇත්තේ සූතිකාගාර පුහුණුවට අදාළ ප්‍රශ්නයක් නොවෙතැයි කියන හෙද සංගම් ප්‍රකාශ කරන්නේ එය එම රෝහ‍ලේ පවුල් සෞඛ්‍ය  සේවිකාවන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී  ඇති උපදෙසක් සම්බන්ධයෙන් විරෝධය පළකිරීමක් වශයෙන් සිදු කෙරෙන වැඩ වර්ජනයක් බවයි. කෙසේ වෙතත් ඉකුත් දින තුනක් තිස්සේ පැවැති සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය නිසා මෙරට රෝහල් ක්‍ෂේත්‍රයේ බරපතළ    බිඳ වැටීමක්  සිදුවූ බව  නොරහසකි. ඉකුත් දින කීපය තුළ මාධ්‍ය වාර්තා හෙළි කර තිබූ අන්දමට   එම කාලවකවානුව ඇතුළත සිදු කිරීම සඳහා කල් තියා දින ලබාදී  තිබූ සැත්කම් 40000ක්   පමණ කල් දැමීමට සිදුවී ඇත. හදිසි සැත්කම් සහ සිසේරියන් සැත්කම් එම සංඛ්‍යා ‍ලේඛනයට ඇතුළත් නොවේ.
මෙරට  පැවැත්වෙන බොහොමයක් වැඩ වර්ජනවලින් මෙන්ම ඉකුත්දා පැවැති සෞඛ්‍ය  සේවා වැඩ වර්ජනය නිසාද බෙහෙවින්  අසරණ  තත්ත්වයට පත්වූයේ අත මිට මිල මුදල් නොගැවසෙන  නැතිබැරි ජනතාවයි. අප එසේ කියන්නේ රජයේ රෝහල් සේවකයන්ගේ වැඩ වර්ජනය නිසා යහමින් මිල මුදල් ඇති ධනවත් රොගීන්  කිසිවකුට හෝ එමගින් කිසිදු බලපෑමක් සිදු නොවූ බැවිනි. රටේ සෑම නගරයක් පාසාම පෞද්ගලික රෝහල් පිහිටුවා තිබෙන මෙකල ඇති හැකි ඕනෑම කෙනෙකුට එමගින් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීම ඒ සඳහා මුල් වූ ප්‍රධානතම සාධකයයි. එහෙත් දිළිඳු ජනතාවට එවැනි   දෙයක් ගැන සිතීමට පවා අපහසුය.
ඒ අනුව ඉකුත් දින කීපය තුළ රජයේ  රෝහල්වල පැවැති හෙද සේවා වැඩ වර්ජනය නිසා දැඩි ලෙසම දුකට පත්වූයේ අන්ත අසරණ දුප්පත් රෝගීන් බව නොරහසකි. එය රෝහල්  ක්‍ෂේත්‍රයට පමණක් නොව මෙරට ඕනෑම ක්‍ෂේත්‍රයකට ‍පොදුවේ  බලපාන තත්ත්වයක් බවට පත් වී තිබේ.
එමගින් පැහැදිලි වන ප්‍රධානතම   කරුණක් වන්නේ ඉකුත්දා දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කළ සෞඛ්‍ය සේවකයන් එතරම්  වැදගත්කමක් නොමැති සුළු ප්‍රශ්න මුල් කර ගෙන මෙරට අන්ත අසරණ  දුප්පත්  ජනතාවගේ  ජීවිත පරදුවට තැබිමට පෙළඹී ඇති බවයි. කිසිවක් කරකියා ගත නොහැකි වූ අසරණ  වකුගඩු රෝගීන් සිය ගණනක් ඒ අතර සිටියහ. ඒ අතරින්  ඇතැම් දෙනෙකු තමන් මෙලෙස දුක් වේදනාවට පත් නොකර වස  පානය කිරීමට සලස්වා එක්වර මරා දමන ලෙස  වැඩ වර්ජකයන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ  වේදනාව දරා ගැනීමට පවා නොහැකිවය.
විද්‍යුත්  මාධ්‍යයෙන්  විකාශය වූ එම අසරණ රෝගීන්ගේ දුක් අදා්නා දැක දැකත් වැඩ වර්ජක වෘත්තීය සමිති නායකයන් තම ඉල්ලීම්   දිනා ගන්නාතුරු සටන අත්නොහරින බවට වහසිබස්  දෙඩූ බව අපට මතකය. සෞඛ්‍ය  සේවකයන්ගේ වැඩ වර්ජනය  නිසා විපතට පත් වී සිටින අසරණ රෝගීන්ගේ ජීවිත ගැන හෝ සානුකම්පිතව සිතා බලා වැඩ වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයාටද ඉල්ලීමක් කිරීමට සිදුවූයේ උද්ගත   වෙමින් පැවැති  තත්ත්වයේ බරපතළකම සලකාගෙනය.
සෞඛ්‍ය ඇමැතිවරයාගේ එම ඉල්ලීමට දක්වන ලද ප්‍රතිචාරයක් වශයෙන් හෝ මෙරට  සමස්ත ජනතාව අතරින් තමන් වෙත එල්ලවෙමින් පැවැති  අප්‍රසාදය නිසා බියට පත්වීම නිසා හෝ වෘත්තීය  සමිති නායකයන් පසුව තම වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කිරීම වෙනම කතාවකි. එහෙත් මෙහිදී  පැන නැගෙන ප්‍රශ්නය වන්නේ වැඩ වර්ජනයට මුල් වූ පුස්තුතය මුළු රටටම  ඉතා අයහපත් ලෙස බලපාන අන්දමේ බරපතළ  තීන්දුවක් ගැනීමට තරම් වැදගත් දෙයක්දැයි යන්න පිළිබඳවය. මෙය මෙරට වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයේ   පමණක් නොව සමස්ත ජනතාව  අතරම ඉතා පුළුල්  වශයෙන්  සංවාදයට හා විමර්ශනයට ලක් විය යුතු කරුණකි.  අප එසේ කියන්නේ  මෙවැනි අත්තනෝමතික හා හිතුවක්කාර වැඩ වර්ජන ඉදිරි කාලය  තුළත් පැන නැගීමට ඉඩ ඇති බැවිනි

 

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 25 දාට පසු වර්ජනයේ

images.jpg2014/04/23  දිවයින
සේවා ඉල්ලීම් 2 ක්‌ මුල් කර ගෙන රජයේ රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ මෙම 25 වැනිදායින් පසු දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

වසර 8 ක්‌ පමණ තිස්‌සේ ප්‍රමාද වෙමින් පවතින විශේෂ හා පළමු ශේ්‍රණිවල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවා උසස්‌වීම් ක්‍රියාත්මක කිරීම හා සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීම නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා “දිවයින” ට පැවැසීය.

මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන දින වකවානු පිළිබඳව මෙම 25 වැනිදා බල මණ්‌ඩලයේ විධායක කමිටුව රැස්‌වී තීරණයක්‌ ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2014/04/23/news08.html
ඒමන්ති මාරඹේ

 

Tags: