RSS

Category Archives: විශේඥ වෛද්ය වරයාගේ කථා වස්තුව.

ලංකාවේ විශේඥ වෛද්ය වරයාගේ කථා වස්තුව.

bad_doctor.jpg.

 

            සියලුම සාමාන්‍යා වෛද්යි වරයකුගේම්   අභිප්රාය වනුයේ විශේඥ හොරෙක් වීමටයි.

            විශේඥ හොරෙක් වූ පසු ඔවුන්  අදාළ ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇනේ ගසයි .( රජයේ රෝහලක එල්ලී නොසිටියොත් මොවුන් රෝගීන් සහ දොස්තර් කඩවලින් ප්‍රතික්ෂේප කරයි )

            මොහු විසින් තමන්ටම වූ වාට්ටුවක්ද  බදා ගනියි.රජයේ රෝහලේදී උදය වරුවේ පැය ½  පමණ කාලයක් තුලදී වාටුව පරික්ෂා කිරීමේදී  මොහුට හතියක් වැටේ ( කනිෂ්ඨයෙකුට ඉතිරිය පවරා මොහු අන්ත්රස්දාන වෙයි)

            මීටත් අමතරව ජනතා සුභාසිද්දිය සහ සේවය පිණිස එම රෝහලේම බාහිර චිකිත්සාගාරයක් පවත්වාගෙන යනු ලබයි.මොහු විසින් පරික්ෂා කරනු ලබන්නේ අලුත් රෝගීන් පමණි. මොහු මැණික් ගල් සෙවීම අරඹනු ලබන්නේ ඉන් පසුවයි..රෝගීන්ගෙන් අසන පළමු ප්‍රශ්නය නම වයස වුවත්  බෝලය බස්සා කෙසේ හෝ  රැකියාව අසාගනු ලැබේ. මැණික් ගල් තෝරා  කබොක් ,කට්ට කෑලි වීදුරු ගල් හලා දමයි.

            රජයේ රෝහලේ පරණ රෝගීන්ට බෙහෙත් දීම ආධුනික දොස්තර විසින් කරනු ලැබේ( මොහු වෙන්න ඉන්න විශේඥ හොරෙකි ).        අලුත් රෝගීන් පරික්ශාවෙදීද   මොහුට පැය ½ ක් පැයක් තුලදී සුපුරුදු හතිය වැටේ ,හතිය වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මොහු විසින් කනිෂ්ට දොස්තරයට වැඩය පවරයි .

            අපේ විශේඥ වෛද්යි වරයාට වැළදෙන   සියලුම හතියන් නිවාගැනීම පිණිස මොහු විසින්  දොස්තර කඩ සංචාරය අරඹන්නේ ඉන් පසුවයි .එක් දොස්තර කඩයක් නිම වී මෙන් අනතුරුව අනික් දොස්තර කඩය කරා යයි. පුදුමයකි! මොහුට  දැන් හතියක් නැත.

            ඒ අයුරින් රාත්‍රී  10-12 වනතුරු හතියක් නොවැටී රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් දොස්තර කඩ 5 පමණ සංචාරය කර රෝගීන් 200 පමණ පරික්ෂා කරයි. දැන් සහයට වෛද්යර වරයෙක් ද නැත.හති වැටෙන්නේද නැත.201 වැනි රෝගියාද  පරික්ෂාවට සැහැදී පැහැදී සිටී.201 වැනි රෝගියෙක් නැති තැන ගෙදර යයි. සමාජය ඇසුරකට මොහුට කාලය නැත.සමාජය  සහ හරි වැරැද්ද හදුනන්නේ නැත.එවිට ව්යාග්‍ර පෙති ගසා  රෝගී කාන්තාවක් දුෂණය කරයි,තට්ටුවෙන් පහලට දමයි මරයි.,ගැබිණි මවක් දුෂණය කරයි,පාසැල් ළමුන් බෙහෙත් දෙන මුවාවෙන් කැමරා කරනු ලබයි ,ගෑණු වැසිකිලියේ කැමරාවක් සවිකරයි.

            එක් රෝගියෙකුගෙන් රුපියල් 800 කි. රෝගීන් 200 න්  දිනකට රුපියල් එක්ලක්ෂ හැට දාහකි.කඩේට රුපියල් 100 කි. කඩේට මුළු මුදල රුපියල් 20,000 කි.       සායන වලදී එකතු කල මැකික් ගල්වලින් සොයාගන්නා ලද ශුද්ධ ලාබය  දිනකට රුපියල්  එක්ලක්ෂ හතලිස්දාහැකි.

          රජයේ රෝහලේ දී පැය භාගයෙන් දොස්තරට  හැදෙන හතිය  දොස්තර කඩේදී  හති නොවැටී මාසයම දුවයි. පුදුමයකි. මැෂිම මාසයේදී  උපයපු මුදල  ලක්ෂ 42 කි. රෝගීන්ගේ දරුවන්ට කන්න වෙන්කළ මුදලින් අපේ  කථා නායක විශේඥ දොස්තර කාර් එකක් අලුතින්  ගනී. ඔවුන්ගේ දරුවන්ට සුර සැපය .අසරණ රෝගියා දිගටම දොස්තර කඩයේ කඹයේ ගැටගසා ඇත . දොස්තරට  අවශ්‍ය විටදී කඹය කපාහරී .ඔහුගේ ලෙඩේද  සුව වී නැත.

 

      අපේ  දොස්තර   ඔහු සහ ඔහුගේ දරුවන් එනතුරු යම රජු  බලා සිටී.

 

Advertisements