RSS

Category Archives: වරිගය රැක ගන්න ජනතාව ගොනාට අන්දන දොස්තර මුදලාලිලා

මහනුවර රෝහලේ වාට්‌ටුව දොස්‌තරලාට ජිම් එකක්‌ කරදීලා!

මහනුවර රෝහලේ ගෙවන වාට්‌ටුව
දොස්‌තරලාට ජිම් එකක්‌ කරදීලා!

– හෙද සංගමයේ සභාපති
Divaina/2014/04/25/
ඒමන්ති මාරඹේ


මහනුවර ශික්‍ෂණ රෝහලේ නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිකර තිබූ ගෙවන වාට්‌ටු දෙක වසා දමා ඉන් එක වාට්‌ටුවක කෝටි ගණනක්‌ වැය කර වෛද්‍යවරුන්ට කායවර්ධන ව්‍යායාම් සිදු කිරීම සඳහා මධ්‍යස්‌ථානයක්‌ (ජිම්) පිහිටුවා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ (24 දා) ප්‍රකාශ කළේය.

මේ වන විට ගෙවන වාට්‌ටු දෙකම වසා දමා ඒවායේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සවිකර තිබූ උපකරණ සියල්ල වෙනත් කාමරයක දමා දොරගුළුලා ඇති බවත් එක්‌ වාට්‌ටුවක කායවර්ධන මධ්‍යස්‌ථානයක්‌ හා අනෙක්‌ වාට්‌ටුවෙහි වෛද්‍යවරුන්ගේ ඇමතුම් (ඔන් කෝල්) රාජකාරි සිදු කිරීමේ කාමරයක්‌ පිහිටුවා ඇති බවත් රත්නප්‍රිය මහතා කීවේය.

මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර ශික්‍ෂණ රෝහලේ රෝගීන්ට ගෙවන වාට්‌ටුවල ප්‍රතිකාර ලැබීමේ අවස්‌ථාව අහිමි වී ගොස්‌ ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙසේ ගෙවන වාට්‌ටු දෙක වසා දමා රුපියල් කෝටි ගණනක්‌ මහජන මුදල් නාස්‌ති කරමින් වෛද්‍යවරුන්ට කාය වර්ධන මධ්‍යස්‌ථානයක්‌ හා ඇමැතුම් රාජකාරි කාමරයක්‌ ඉදිකර දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශ පරිපාලකයන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව බව හෙතෙම අවධාරණය කළේය.

පුංචිබොරැල්ල, රජයේ ඖෂධවේදීන්ගේ සංගම් ශාලාවේ ඊයේ (24 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

http://www.divaina.com/2014/04/25/news04.html

 

ගම්පහ කුණු පලතුරු තොගයේ හිමිකරු වෛද්‍යවරයෙක්

ගම්පහ කුණු පලතුරු තොගයේ හිමිකරු වෛද්‍යවරයෙක්

 http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=35566:2014-03-26-06-36-31&catid=42:2012-05-31-04-01-44&Itemid=90

2014 මාර්තු 26 11.58 a.m
Fruitsගම්පහඔරුතොට පාරේ ගබඩාවක තිබී වෙළෙඳපොලට නිකුත් කිරීමට සුදානම් කළ නරක් වුපළතුරු කිලෝග‍්‍රෑම් පනස් පන්දහසක පමණ තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් බදාදා(26) අත්අඩංගුවට ගත් අතරඇපල්, දොඩම් සහ මිදි ඒ පලතුරු අතර වන බව පැවැසේ. අදාල නරක් වු පළතුරු තොගය වෛද්‍යවරයෙකුට අයත් සමාගමක් විසින් විදෙස්රටකින් ආනයනය කර ඇතැයි විමර්ශනවලින් හෙලිව තිබෙන බව වාර්තා වෙයි. පාරිභෝගික අධිකාරිය පවසන්නේ එම වෛද්‍යවරයාටනඩු පවරන බවය. එම පලතුරු තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂදෙසිය පනක් පමණ බව විශ්වාස කෙරේ.
මේ අතර තවත්නරක්වූ කිලෝග‍්‍රෑම් 25,000ක පමණ වු පළතුරු තොගයක් කොළඹ පිටකොටුව ගුණසිංහපුර ප‍්‍රදේශයෙන් ඉකුත්දා සොයා ගනු ලැබූ අතර එම පළතුරු තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 60ක් බව පැවැසිණි

 

වෛද්‍ය මා‍ෆියාව හා සම සෞඛ්‍ය ප්‍රශ්නය

වෛද්‍ය මා‍ෆියාව හා සම සෞඛ්‍ය ප්‍රශ්නය

පේරාදෙණිය හා රුහුණ සරසවි වල  සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් දැන් මාස 2 කටත් අධික කාලයක් තිස්සේ ගලහ මං සන්ධියේත්, ගාලු නගරයේත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වමින් සිටිති.

මෙම සත්‍යග්‍රහය ගැන අදාල කිසිම බලධාරියෙකුගේ අවධානය යොමුව ඇති බවක් නොපෙනේ.කාලයත් සමග සිසුන් උනන්දුව හීන වී සත්‍යග්‍රහය නවතා ආපසු දේශනවලට සහභාගි වනු ඇතැයි බලධාරින් සිතා සිටින බවක් ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පෙනේ.

මෙම වර්ජක සිසුන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

2006 දී මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨ ආරම්භ කරන විට වසර 4ක්ව තිබී පසුව වසර 3කට කපාදු කරන ලද පාඨමාලා කාලය නැවත වසර හතර දක්වා දිගු කර දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති.

ආරම්භයේදී වසර 4කට සැලසුම් කර සිසු කණ්ඩායම්  කිහිපයක්ම උපාධිය ලබාගන්නා තෙක් සිව් වසරක පාඨමාලා පැවත්වීමෙන් පෙනී යන්නේ හෙද ,විකිරණ ශිල්පි, වෛද්‍ය රසායනගාර ශිල්පි,භෞත චිකිත්සක  යන මෙම උපාධි පාඨමාලාවල වසර හතරක් උගැන්වීමට තරම් සෛධාන්තික හා ප්‍රායෝගික විෂය කරුණු ඇති බවයි.

එසේම කප්පාදුවෙන් පසුව පවා විශේෂ උපාධියක් ලෙස සිව් අවුරුදු පාඨමාලා පැවත්වීමට යෝජනා කිරීමෙන් (3+1) පෙනී යන්නේද එම සත්‍යයමය.

එසේ නම් පාඨමාලා වසර තුනකට කප්පාදු කිරීම යනු නිසැක ලෙසම අදාල විෂය නිර්දේශයන්ගෙන් 25% එනම් 1/4 ක් කපා දැමීමයි. එය අදාල උපාධි පාඨමාලා වලට ඇති පිලිගැනීම බරපතල ලෙස බිඳ හෙලන්නකි. එසේම  එම සිසුන් උපාධි ලබා රෝගී සත්කාර සේවයට ගිය පසු ඔවුන්ගේ සේවය ලබා ගන්නා රෝගීන්ට කරන බලවත් අසාධාරණයකි.

මෙම කප්පාදුව ගැන උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා හා එම අමාත්‍යාංශයේ ලේකම් වරයා ලබා දෙන්නේ අමු මැටි පිලිතුරකි.ඔවුන් කියන්නේ රජයේ වෛද්‍ය  නිලධාරි සංගමයේ විරෝධතාව නිසා උපාධි පාඨමාලවල කාලය කප්පාදු කළ බවයි. ඔවුන් මෙසේ කියන්නේ රෙදි ඇඳගෙනද නැත්නම් ඔවුන්ට සුපුරුදු ලෙස අමු හෙලුවෙන්දැයි අප නොදනිමු.

එහෙත් එම කථාව ඇත්තක් බව නම් අප දනිමු.

ප්‍රශ්නය නම් මෙරට අධ්‍යාපනය ගැන , විශේෂයෙන් සරසවි අධ්‍යාපනය ගැන හා උපාධි පාඨමාලාවල සංයුතිය හා කාල සීමා ගැන තීරණය කිරීමට ර.වෛ. නි සංගමය වැනි හුදු ආත්මාර්ථකාමි,ගෝත්‍රිකවාදි මානසිකත්වයකින් හෙබි වෘත්තීය සමීතියකට බාර වීමයි. එය බරපතල ඛේදවාචකයකි.

ගෝත්‍රික මානසිකත්වයකින් හෙබි පාදෙනියගේ නායකත්වයෙන්  යුත්  ර.වෛ.නි සංගමය මැදිහත් වන්නේ හුදු පාඨමාලා කාලය කප්පාදු කිරීමට පමණක් නොවේ. සම සෞඛ්‍ය සිසුන්ට අවශ්‍ය නවීන සායනික පුහුණුව ලබා දිය හැකි පහසුකම් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල තිබියදී එම සිසුන්ට එම පහසුකම් භාවිතා කිරීමට ඉඩ නොදෙමින් ඔවුන් කුරුණෑගල රෝහලට හා කොළඹ පෞද්ගලික රෝහල් වෙත පන්නා දැමීමට කටයුතු කර ඇත්තේද මෙම ඊනියා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ගල් වැදි යුගයට අයත් නිලධාරින්මය.

ර.වෛ. නි.සංගමය මෙලෙස හැසිරෙන්නේ අන් කිසිවක් නිසා නොව හුදු වෘත්තීමය ඊර්ෂ්‍යාව හා මාන්නය නිසාය. ඔවුන් සිතා සිටින්නේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටිය යුත්තේ ඔවුන් බවයි. එයට අභියෝගයක් විය හැකි කිසිවකට ඔවුන් ඉඩ නොදෙයි.කිසිවෙක් ඔවුන්ට වඩා අධ්‍යාපනයක් ලබනවාට ඔවුන් විරුද්ධය.

අනිත් අතට ආණ්ඩුව සමග සන්ධාන ගත වී සිටින පාදෙනිය ප්‍රමුඛ ර.වෛ.නි සං. නායකයන් වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නො ඉල්ලයි.  ඒ වෙනුවට තම සාමාජිකයන් රවටා ගැනීම  සඳහා මෙවැනි ගුණ්ඩු භාවිතා කරන අතර බලධාරින්ගේ සහයත් ඔවුන්ට නිතැනින්ම හිමිවේ. මේ පිලිබඳව ඇති තවත් හොඳ උදාහරණයක් නම් රෝහල් වල ඇති අඩු පාඩු ගැන වචනයක්වත් නොකියන පාදෙනිය මෑතක සිට පිටිකිරි බීම ගැනත් , කෘෂි රසායනික ගැනත් මහා දේශප්‍රේමියකු මෙන් කතා කිරීමට ඉදිරිපත් වීමයි.

ඇත්තෙන්ම ර.වෛ. නි. සංගමය වෘත්තීය සමීතියකට වඩා ලං වෙන්නේ හිට්ලර්ගේ එස්.එස්. හමුදාවටය. ඔවුන් කරන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීම නොව තම බලය යොදවා අනෙකුන් පොඩි පට්ටම් කර දැමීමය.

මොවුන්ගේ මෙම ඒකාධිකාරය වහාම පරාජය කළ යුතුය.සියලු දෙනා එකතු වී ඊට එරෙහිව හඬ නැගිය යුතුය. නො එසේනම් පාදෙනියට අවශ්‍ය පරිදි ජීවත් වීමට හිත හදා ගත යුතුය. මක් නිසා ද යත් ඉදිරියේදී අප නිදා ගත යුත්තේ කෙසේ දැයි යන්නටත් නීති දැමීමට ර.වෛ. නි. සංගමය කටයුතු කිරීමට ඉඩ ඇති බැවිනි.

Read the rest of this entry »

 

නොසැලකිලිමත් ​​වෛද්‍යවරයාට එරෙහිව මවක් සටනක

නොසැලකිලිමත් ​​වෛද්‍යවරයාට එරෙහිව මවක් සටනක

http://sinhala.lankanewsweb.net/human-rights/9059-2013-07-08-05-24-02

මෙසේ ​​වෛද්‍යවරයාගේ නොැලකිල්ල හේතුවෙන් සිය දරුවා ආබාධිත තත්ත්වයට පත්වා බවට චෝදන කරන දරුවාගේ වන ආර් ඩි ඉන්ද්‍රානි මහතමිය පසුගිය ජූලි පළමු වැනිදා දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රී ලංකා ​​​​වෛද්‍ය මණ්ඩලයේ ලේඛකාදිකාරී වෙත ලිඛිතව පැමිණිලි කළාය. ඊට අමතරව ඇය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙතද ලිකිතව පැමිණිලි කළාය. ඇය ජනසන්සදයේ සහය ඇතිව සකස්කල දිවුරුම් ප්‍රකාශය පහතින් දැක්වේ.

දිවුරුම් ප්‍රකාශය

ගම්පහ දිස්ත‍්‍රික්කයේ – මීරිගම, කණ්ඩලම, ගල්වල පාර, අංක 52 එ් හි පදිංචි – රන්බංදි දේවලාගේ ඉන්ද්‍රාණි වන මා බෞද්ධාගම්කාරියක වශයෙන්, අවංක ලෙසද, සත්‍ය ලෙසද, ගරුගාම්භීරතා පූර්වකවද- පහත සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රතිඥදී ප‍්‍රකාශ කර සිටිමි.

01. 1. ඉහත නම් සඳන් දිවුරුම් ප‍්‍රකාශිකාව මම වෙමි.
11. මාගේ වයස අවුරුදු 44යි, විවාහක, දරුවන් 01යි
111. මා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක්මි.

02. 2009 ජනවාරි 31 වන දින මා, සී.පී.වීරතුංග සමග විවාහ දිවියට එළඹෙන ලදි.

03. විවාහයෙන්, මම දරුවෙකු ලැබෙන්නට බව දැනගත් වහාම ශ‍්‍රී ජයවර්ධනපුර මහා රෝහලට ගිය බවත්, එතැනදී ප‍්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතාගේ සායනයට යොමු කරනු ලැබූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

04. පළමු දිනයේදී, එම ස්ථානයේ වෛද්‍යවරු මාගේ විස්තර විමසා පරික්ෂා කර, ලියා පදිංචි කරන ලද බවත්, ලියා පදිංචි අංකය 915471 බවත් ප‍්‍රකාශ කර සිටිමි.

05. එදින මට කාඞ්පතක් ලබාදුන් බවත්, ඊලඟ මාසයේ එනම් 2009.08.21 දින සායනයට එන ලෙස දැනුම් දුන් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

06. එ් අනුව මා, 2009.08.21 දින සායනයට ගිය බවත්, එ් අවස්ථාවේදී මාව – විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා පරීක්ෂා කල බවත්, එයින් පසුව මට 2009.09.18 වන දින සායනයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

07. එදින සිට සෑම මාසයකම නොවැරදීම, නියම කරන දිනයන්හී මා සායනයට ගිය බවත්, එ් බව මට රෝහලෙන් නිකුත් කරන ලද කාඞ්පත මගින් සනාථ කරන බවත් ප‍්‍රකාශ කර සිටිමි.

08. මේ ආකාරයට, මා සායනයට ගිය නමුත්, කිසිදු අවස්ථාවක විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මා පරීක්ෂා කලේ නැති බවත්, දරුවාව පරීක්ෂා කලේ කනිෂ්ඨ වෛද්‍යවරු බවත් ප‍්‍රකාශ කර සිටිමි.

09. එම වෛද්‍යවරුන් විසින් නියම කරන ලද සියලූම පරීක්ෂණවලට මා ඉදිරිපත්වූ බව ප‍්‍රකාශ කර සිටිමි.

10. එම වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මා ”නයින් වේල්ස්” පුද්ගලික රෝහලට ගොස් ”ඇනොමලින් ” ස්කෑන් එකක් කරවා ගත් බවත්, එ් අවස්ථාවේ දරුවාට සති 21ක් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

11. මෙම පරීක්ෂණ වාර්තාව මා සතුව තිබෙන බවත්, අනෙකුත් ස්කෑන් කිරීම් ඇතුලූව, සියලූ පරීක්ෂණ කළේ ශ‍්‍රී ජයවර්ධණපුර රෝහලෙන් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

12. එ්වායේ වාර්තාවන්, මාහට අයත් ලිපි ගොනුවේ තිබෙන බව ප‍්‍රකාශ කර සිටිමි.

13. මේ සියලූ අවස්ථාවලදී, මට වෛද්‍යවරුන් කියා සිටියේ දරුවා ඉතා හොඳින් වැඞී ඇති බවත්, ප‍්‍රසවය සාමාන්‍ය බවත්ය.

14. 2010.02.26 දින, මා සායනයට ගිය බවත්, එ් අස්ථාවේදී මාගේ තත්වය සතුටුදායක බවත්, දරුවා ලැබෙන දිනය ලෙසට 2010.03.26 දින යෝජනා කර තිබූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

15. එදින එනම් 2010.02.26 දින සායනයේදී, නැවතත් 2010.03.05 දින සායනයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව ප‍්‍රකාශ කර සිටිමි.

16. එදින, 2010.02.26 දින මා, නිවසට ගොස්, සවස්වරුවේදී දරුවා දැගලීම නැවතුන බවත්, ලැබී තිබූ උපදෙස් අනුව, පැය 12ක් දරුවා දැගලූවේ නැති නිසා, පසුදින එනම් 2010.02.27 දින මා නැවතත් රෝහල් ගතවූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

17. එහිදී පරීක්ෂා කර, ශෛල්‍යකර්මයක් කලයුතු බව ප‍්‍රකාශ කර, මාව ශෛල්‍යකර්මයකට භාජනය කරන ලද බවත්, ශෛල්‍යකර්මය කරන අවස්ථාවේවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා නොසිටි බවත් ප‍්‍රකාශ කර සිටිමි.

18. ශෛල්‍යකර්මයෙන් දරුවාව ගත් පසුව, දරුවා ඇඬුවේ නැති බවත්, එ් නිසා දරුවාව හදිසි ප‍්‍රතිකාර එ්කකයට ගෙන ගිය බවත්, දරුවා ඉපදුනේ 2010.02.27 දින බවත් ප‍්‍රකාශ කර සිටිමි.

19. දින 2කට පසුව, මාව හදිසි ප‍්‍රතිකාර එ්කකයට ගෙනගොස් දරුවා පෙන්වා, දරුවා හොඳින් ඉන්නවා කියා, තව දින දෙකකින් නිවසට යා හැකි බව පවසා සිටි බව ප‍්‍රකාශ කර සිටමි.

20. එයින් දින දෙකකට පසුව, දරුවාට අමාරුවී ඔක්සිජන් දෙන්නට වූ බවත්, දරුවාට ෆිට් එක එනවා, මොකද දන්නේ නැහැ, ස්කෑන් කරන්න අවශ්‍ය බව පවසා සිටි බවත් ප‍්‍රකාශ කර සිටිමි.

21. එමෙන්ම දරුවාගේ මොලේට විෂබීජයක් ඇතුලූවී ඇති බව වෛද්‍යවරු පවසා සිටි බවත්, එසේ වූයේ නම් එ් සඳහා වගකිවයුත්තේ රෝහලම බවත් ප‍්‍රකාශ කර සිටිමි.

22. මේ එකඳු අවස්ථාවකවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා නොසිටි බව ප‍්‍රකාශ කර සිටිමි.

23. දරුවාගේ හිස ස්කෑන් කල පසුව – ඔලූවට ලේ ගලන බව ප‍්‍රකාශ කල බවත්, නමුත් ඊට හේතුවක් වෛද්‍යවරු නොපැවසූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

24. එ් අවස්ථාවේ මාගේ සහෝදරයකු විසින් – විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරාට එ් පිළිබඳව දැනුම් දුන් විට ඔහු කියා සිටියේ ”හැදිලා නැති බබාලාට සමහරවිට ඔලූවේ සියුම් නහර පුපුරන්න පුලූවන්, හේතුවක් කියන්න බැහැ” යනුවෙන් බව ප‍්‍රකාශ කර සිටිමි.

25. මා දරුවා සමග රෝහලින් නික්ම එන විට දරුවාට රෝහලින් නිකුත් කරන ලද රෝග විනිශ්චය තුන්ඩුවේ, මට ”ඉන්සියුලින් ” ලබාදුන් බවට සටහන්කර ඇති බවත්, නමුත් මාහට ”ඉන්සියුලින්” ලබා නොදුන් බවත්, දරුවා බිහිවන අවස්ථාවේ දරුවාගේ වර්ධන සති 36ක් ලෙස ප‍්‍රකාශ කලද, රෝග විනිශ්චය තුණ්ඩුවට අනුව වර්ධන කාලය සති 34ක් වන බවත් ප‍්‍රකාශ කර සිටිමි.

26. රෝහලින් නික්ම යාමෙන් අනතුරුවද දරුවාව පෙන්වූ වෛද්‍යවරු, දරුවාව පරීක්ෂා කර පවසා සිටියේ – දරුවාව යථා තත්වයට පත්කල නොහැකි බව හා ඉදිරියට දරුවා සම්බන්ධයෙන් ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවේවි යනුවෙන් බව ප‍්‍රකාශ කර සිටිමි.

27. ශ‍්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ නාරි හා ප‍්‍රසව වෛද්‍ය විශේෂඥ හේමන්ත පෙරේරාගේ නොසැලකිල්ල හේතුවෙන්, මාගේ දරුවා අංගවිකල බවට පත්ව ඇති බව වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමි.

මට කීමට ඇත්තේ එපමණයි.

ඉහත නම් සඳහන් දිවුරුම් ප‍්‍රකාශය ප‍්‍රතිඥකාරිය
ප‍්‍රතිඥකාරියට කියවා තේරුම්කර දීමෙන්
පසුව, තේරුම් ගෙන, දිනදී, මා ඉදිරිපිටදීය
හිදී, මා ඉදිරිපිටදී අත්සන්
තබන ලදි. සාමදාන විනිශ්චයකාර.

ස්තූතිය – චතුරංගි

 

වරිගය රැක ගන්න ජනතාව ගොනාට අන්දන දොස්තර මුදලාලිලා

වරිගය රැක ගන්න ජනතාව ගොනාට අන්දන දොස්තර මුදලාලිලා

07 September, 2011

 

මේ රටේ සිටින බටහිර දොස්තරලාට තරම් හොද ආර්ථික විද්‍යා දැනුමක් මහා බැංකුවේ උදවියටවත් නැති තරම්ය. හීන් නූලෙන් තමන්ගේ වැඩකරගැනීමේ කලාවෙන්ද ඔවුන් කෙල පැමිනියන්ය. අප රටේ අමන දනන් බහුතරයක් සිටින තාක් කල් ඔවුන්ට බැටළු හම පොරවාගත් වෘර්ක  බූමිකාව යසට රගපෑමට ඉඩකඩ ඇත.

මේ රටේ විවෘර්ත ආර්ථිකයක් ඇති බව නොදන්නා කෙනෙක් ඇත්නම් එක්කෝ අමුම මුග්ධයෙකි නැත්නම් අංක එකේ කපටි කෛරාටිකයෙකි.  විවෘර්ත ආර්ථිකය තුල වටිනාකම පාලනය වනුයේ ඉල්ලුම – සැපයුම න්‍යාය මත බව අප කවුරුත් දන්නා සත්‍යයකි. 
කළු කඩ මුදලාලිට බඩුවල මිල වැඩි කිරීමට උවමනා වූ විට කරනුයේ හිගයක් ඇති  කිරීමය. වෙනත් වචනයකින් කියන්නේනම් සැපයුම අඩුකිරීමය. අද දොස්තර මුදලාලිලා රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන හිතු පරිදි මුදල් උපයනුයේද කළු කඩ න්‍යාය හීන් නූලෙන් බාවිතයෙන්ය. රටේ අවශ්‍යතාවයට සරිලන තරම වෛද්‍යවරුන් බිහි නොවීම සහ ලෝකයේ අන්රටවල ඇති අදික ඉල්ලුම මත  නිදහස් අද්‍යාපනය  ලබා වැඩි ආදායමක් ඉපයීමට විදේස ගතවන වෛද්‍යවරු හේතුවෙන් වෛද්‍ය හිගයක් ඇතිවීම අනිවාර්ය යථාර්තයකි. එතුල රටතුල ඉතිරිවන සීමිත වෛද්‍යවරු පිරිසට දැඩි ඉල්ලුමක් ඇතිවීම මගින් ඔවුන්ට රිසි පරිදි රෝගීන් ගසා කෑමේ ඉඩ කඩක් නිර්මාණය වී ඇත.  ලැබෙන සේවයේ ගුණාත්මක පරිහානියක්ද ඇත.

ආණ්ඩුවකට කිසම වෘතියක 100%  වෘතිකයන් බිහි කිරීමේ හැකියාවක් නැත. ඉන්ජිනීරුවන්, ගණකාධිකාරීන්, පරිපාලකයන් ආදී සෑම වෘතියකම සැලකියයුතු ප්‍රතිශතයක් බිහිවනුයේ පුද්ගලික අංශය හෝ රජයට අනුබද්ද වෙනත් ආයතන මගිනි. මෙරට දොස්තර මුදලාලිලාගේ කෙස් පැලෙන තර්කවලට අනුව වෛද්‍ය වෘතියට මෙය ගැලපෙන්නේ නැත. ඔවුන් මේ සදහා බාවිතා කරනුයේ ත්‍රස්තවාදයය්. ත්‍රස්තවාදීයාගේ උපාය මාර්ගය වන මිනිසුන් බිය ගැන්වීමය.

පුරාන භාරතයේ බමුණන් තම බලය රැකගැනීමට කලේ වෙනත් කුලයක පුද්ගලයකු වේදය කියවනු ලබූවොත් ඔවුන්ගේ කටට උණු තෙල් වක්කිරීමට නියෝග කිරීමය්. අද වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට කැමති බහුතරක් සිදුන්ගේ ඉරණමද වෛද්‍ය බමුණු කුලය විසින් පාගා දමා ඇත්තේ පැරණි කපටි බමුණන් අනුවම යමිනි.

දොස්තර ත්‍රස්තයන් මෙය අපූරුවට රගදක්වන්නේය. පළමුව ඔවුන් මෝඩ ලාංකිකයන් ගොනාට අන්දවන්නේ පුද්ගලික අංශයෙන් වෛද්‍යවරු බිහිවූවොත් අනිවාර්යයෙන්ම ඔවුන් අදක්ස සහ අඩු තත්වයෙන් යුතු බයානකවෛද්‍යවරු වන බවය්. නමුත් අප කවුරුත් දන්නා සත්‍ය වනුයේ, පුද්ගලික අංශයේ සේවාවන් බොහෝ විට රාජ්‍ය අංශයට වඩා ගුනාත්මක බවය්. මෙය පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පමණක් වැරදෙන්නේ කෙසේද යන්න එකම දොස්තර මුදලාලි කෙනෙක් වත් විස්තර කරන්නේද නැත. එසේනම්ලොව පුරා ඇත්තේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පමණක් විය යුතුය. මෙසේ සාමාන්‍ය ජනතාව ගොනාට අන්දා බියපත් කරන දොස්තරලා සියල්ලම විදෙස්වල විසේසඤ වෛද්‍ය උපාදි කර පැමිණෙන්නේද එරටවල රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලින් පමණක්ම විය උතුය.

දෙවනුව මෙම ත්‍රස්ත දොස්තරලා කරනුයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්දය පවසමින් අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජන කිරීමය. පුවත් පත් සාකච්චා වලට පැමිණෙන ඇතැම් වෛද්‍යවරු හැසිරෙනුයේ බෝසත් වරු ලෙසිනි. රටේ වෛද්‍ය අද්‍යපන අවස්ථා වැඩි කිරීමට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඔවුන් දිවි හිමියෙන් විරුද්ද බව පවසය්. නමුත් මේ බොහෝ දෙනා පුද්ගලික අංශයේ මුදලට රෝගීන්ට බෙහෙත් දෙන චැනල් මාපිලුන්මය. එතනදී පුද්ගලික අංශය හොදය. බහු ජාතික ඖසධ සමාගම් සමග ගජ මිතුරන් ලෙස “brand name” වලින්ඖසධ නියමකර මිලියන ගණනින් සන්තෝසම් ලබාගන්න විටද පුද්ගලික අංශයේ වරදක් නැත.

තමන්ගේ වෛද්‍ය බමුණු කුලය තුල යටත් විජිත සමය තුල ඇති කරගත් ඇති අසීමිත සමාජීය සහ ධන බලය දිගටම රැක ගැනීමේ නොනිමි අසාවෙන් මත්වී සිටින මොවුන්ට කන්න උවමනාවූ විට පමණක් කබරගොයත් තලගොයා වන්නේය.

තමන් කැමැති යමක් ඉගෙනීමට ඇති මූලික අය්තිය ශ්‍රී ලංකාව තුල අද නොමැත්තේ වෛද්‍ය අද්‍යාපනය තුල පමණි.

උසස් පෙළ හදාරන සිසුන් අතරින් අද වඩාත් මානසික පීඩනයකට ගොදුරුවී අද්‍යාපනය කරනුයේ ජීව විද්‍යා සිසුන්ය. වෛද්‍ය විද්‍යා කඩයිම් ලකුණු මට්ටම පසු කිරීම අද යුද්දයකි. මුදල් යහමින් ඇති සිසුන් A/L අසමත් උවද පිටරට ගොස් වෛද්‍ය උපාදිය ගෙන මෙරට පැමිණ යහතින් වැජබෙන්නේය. ප්‍රශ්නය ඇත්තේ එතරම් ආර්ථිකයක් නැති මධ්‍යම පාන්තික දරුවන්ටය.

මේ හරහා පිටරටට ඇදෙන ඇති මහත් ධනස්කන්දය නැවතීමට රජයට වගකීමක් ඇත.

අනෙක් අතට මෙසේ දැඩි තරගකාරීතත්වය හේතුවෙන්  අසහනයට පත්වන තරුණ කණ්ඩායම් තුල සමාජ වෛරය වපුරවා තම දේසපාලන බඩගෝස්තරය රැකගන්නා අන්තගාමී දේශපාලන ව්‍යාපාරයන්ටද මෙම වණය රැකගත යුතුව ඇත. ඔවුන්ද ලෝකය මතුපිටින් පමණක් කියවන මනෝරාජික මෝඩ ගිරාපොතකයන් බෝර්ඩ් ලෑලි ඔසවාගෙන පාරට බස්සනු ඇත.

ජනතාව ගොනාට ඇන්දීමත්, බියගැන්වීමත් නැවැත්වීමට රජය ඍජුව ක්‍රියාකළයුතු  කාලය පැමිණ ඇත.