RSS

Category Archives: රෝහල් වාට්ටු කාර්ය මණ්ඩල වරදින් මරු තුරුලට ගිය අසරණ මවක්

රෝහල් වාට්ටු කාර්ය මණ්ඩල වරදින් මරු තුරුලට ගිය අසරණ මවක්

රෝහල් වාට්ටු කාර්ය මණ්ඩල වරදින් මරු තුරුලට ගිය අසරණ මවක්

http://www.silumina.lk/2014/05/04/_art.asp?fn=as1405046

58 හැවිරිදි ශ්‍රියාලතා, ටික දිනෙක පටන් වධ දෙන බඩේ රිදුම ගැන සිය පුතුට කීවේ වරක් දෙවරක් නොවේ.

කැලණියේ පදිංචිකරුවන් හෙයින්, තොරණ හන්දියේ ප්‍රසිද්ධ ඩිස්පැන්සරියක් වෙත පුතු සිය මව රැගෙන ගියේ එහෙයිනි.

ඒ, 2007 වසරේ මාර්තු 16 වැනිදාය.

පෙනෙනවාටත් වඩා ඇගේ තත්ත්වය බරපතළ බව දුටු වෛද්‍යවරයා, බෙහෙත් දීම ප්‍රතික්ෂේප කොට වහාම ඇය ජාතික රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දුන්නේය.

ඒ පිම්මේම, අම්මා ජාතික රෝහලට රැගෙන ගිය පුතු එදිනම ඈ රෝහල්ගත කළේය.

ඇගේ රෝග ලක්ෂණ අනුවත් කඩිමුඩියේ කළ පරීක්ෂණ හා ඒවායේ ප්‍රතිඵල අනුවත් රෝගය නිර්ණය කළ වෛද්‍යවරු වහා ඇය සැත්කමකට බඳුන් කළහ.

එය ‘ඇපෙන්ඩිසයිටිස්ට්’ රෝග තත්ත්වය විය. සැත්කමින් පසු දින කිහිපයක් රෝහල් වාට්ටුවේ ගත කළ ද ඈ කෙරෙන් දිස්වූයේ දැඩි අපහසුතාවකි.

එහෙත් එදින වෛද්‍යවරයා ඇගේ ටිකට් කපා රෝහලින් පිටත් කළේ, ‘තවම මගේ බඩ රිදෙනවා ඩොක්ට….’ යි ඈ වේදනාවෙන් පවසද්දීමය.

සැබැවින්ම එය සුළු වේදනාවකටත් වඩා ඈ හෙම්බත් කළ තදබල උදරයේ වේදනාවක් විය. එය වටහාගත හැකි එකම කෙනා වූයේ ශ්‍රියාලතාගේ පුතු පමණි.

‘ඩොක්ට… අම්මට අමාරුයි කියනවා. තව ටික දවසක් බැලුවොත් හොඳයි නේද…’ ඔහු වෛද්‍යවරයාට කීවේ කරන්නට කිසිවක්ම නැතිව අසරණ වූ තැනය.

‘ඒක එතරම් ගණන් ගත යුතු තත්ත්වයක් නෙවෙයි. මම ඒකට වේදනා නාශක ටිකක් ලියලා දෙන්නම්. ඒකට අඩුවෙලා යයි…’

Read the rest of this entry »