RSS

Category Archives: දොස්තර අති විශේෂ

ප්‍රතිකාර ගන්න රෝහලට ආ පස්‌ හැවිරිදි දරුවාට වෛද්‍යවරයා පහර දෙයි

ප්‍රතිකාර ගන්න රෝහලට ආ
පස්‌ හැවිරිදි දරුවාට වෛද්‍යවරයා පහර දෙයි

?????????????????????????????????????????????????????????????????????????????????????????????????????සීගිරිය විශේෂ

මාතලේ මූලික රෝහලේ බාහිර රෝගී අංශයට සිය මව සමග ප්‍රතිකාර ගැනීමට පැමිණි පස්‌ හැවිරිදි දරුවකුට එහි වෛද්‍යවරයකු පහරදීමේ සිද්ධිය පිළිබඳව මාතලේ පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර ඇත. උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී කයිකාවල ඉකිරිගොල්ල පදිංචි නිමල් තාරක දරුවා සිය මව සමග බාහිර රෝගී අංශයට ගිය අවස්‌ථාවේ එහි පෝළිමේ රැඳී සිටියදී එක්‌වරම වෛද්‍යවරයා පැමිණ කුඩා දරුවාගේ අතින් ඇදගෙන ගොස්‌ පා පහරක්‌ එල්ල කර ඇති අතර ඉන් දරුවා බිම වැටී ඇති බවත් ප්‍රකාශ වෙයි.

පසුව සිද්ධිය පිළිබඳව දරුවාගේ මව වන සුනේත්‍රා මාලනී මහත්මිය පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය සියසින් දුටු මානලේ මන්දන්ඩාරව පදිංචි සමන් විතානගේ මහතා මෙසේ කීය. මේ දරුවා මට ඉදිරියෙන් මව සමග පෝළිමේ සිsටියා. වෛද්‍යවරයාගේ කාමරයේ දොරට හෙමින් තට්‌ටු කරමින් දරුවා සිටියේ. එක්‌වරම වෛද්‍යවරයා සිය පුටුවෙන් නැගිටවිත් දරුවාගේ අතින් අල්ලා ගෙන කාමරයට ඇදගෙන ගියා. ඒත් එක්‌කම පොඩි දරුවාට පා පහරක්‌ එල්ල කළා. දරුවා බිම වැටුණා. පස්‌සේ දරුවාගේ අම්මාගේ කෑ ගැසිල්ලත් එක්‌ක ඕ.පී.ඩී. එකේ නොසන්සුන්තාවක්‌ ඇතිවුණා. අසරණ වුණු මිනිස්‌සු එන රෝහලක වෛද්‍යවරයකු මේ වගේ හයක්‌ හතරක්‌ නොතේරෙන දරුවන්ට පහර දෙනවා නම් ඒ පිළිබඳව විධිමත් පරීක්‌ෂණයක්‌ කරන්න ඕන. උණට බෙහෙත් ගන්න ආපු ඒ දරුවාට බෙහෙත් නැතිව ගුටි කාලා පොලිසි යන්න වුණා යෑයි ඒ අසල සිටි පිරිස්‌ කීහ.

.

 ——————————————————————————————————————————————————————————————
දොස්‌තර මහත්තයා මට පයින් ගැහුවා
– කයිකාවල පුංචි නාමල් කියයි
නෝමන් පලිහවඩනදොස්‌තර මහත්මයා… මට පයින් ගැහුවා යෑයි මාතලේ කයිකාවල පදිංචි නාමල් තරංග රණතුංග දරුවා “දිවයින” නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ දුරකථනයෙන් කියා සිටියේය.දොස්‌තර මහත්මයා ඔයාට පයින් ගැසුවේ ඇයිදැයි අප ඇසූ මොහොතේ ඉස්‌පිරිතාලේ බිත්තියකට හේත්තු වුණ නිසා එයා ගැහුවේ යෑයි ද ඔහු කීවේය.ඔහුගේ මවගේ ජංගම දුරකථනය මාර්ගයෙන් දරුවා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට හැකිවිය. මෙම දරුවා බිත්තිය වශයෙන් සඳහන් කළේ රෝහල් කාමරයේ හාඩ්බෝඩ් ආවරණයටයි.

Read the rest of this entry »

 

”මම මිනීමැරුවේ නැහැ” වෛද්‍ය සුදර්ශන බාලගේ -චමිලාව බිම දිගේ ඇදගෙන ගියේ වෛද්‍ය බාලගේමයි- බියට්‍රිස්

මීගමුව රෝහලේ 6 වන මහලේ කාමරයක තිබි හමුවු චමිලාගේ අත්බෑගය

වෛද්‍ය සුදර්ශන බාලගේ සහ බිරිඳ

නඩුවේ ප්‍රධාන සාක්ෂිය සැපයු බියට්‍රිස් මහත්මිය

වසර 2007 නොවැ 12 වනදා මීගමුවරෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනයට ලක්වු චමිලා දිසානායකගේ ඝාතන සැකකරු වන වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් පසුගිය මාර්තු 26 වනදා අධිකරණයේදි ලබාදුන් සාක්ෂිය මේ නඩුව වඩාත් විවාදාත්මක තත්වයක් ජනිත කර තිබේ.
එනම් මෙතෙක් ගරු අධිකරණයට වරන් වර කැදවා තිබුණ සාක්ෂි වලින් කියැවනු කරුණු වලට එහෙම පිටින්ම පටහැනි විස්තරයක් මෙම සැකකාර වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කර සිටිමයි.
කෙසේ වෙතත් මේ සියල්ල ඉදිරියේදි විවාදයට ගැනෙනු ඇත.
මේ නඩුව අරඹයා මීගමුව තුල මහත් පිළිකුලෙන් යුතුව කථා බහට ලක්ව තවත් එක් වැදගත් කරුණක් වෙයි.
එනම් දුපපත් අසරණ වෙළද කලාප යුවතියක් ඝාතනය කරන ලද නඩුවක  සැකකරු වෙනුවෙන් පෙනි සිටින මීගමුවේ එක්තරා නිතිඥයෙකු පිළිබදවය.
ඔහු ජනතා සේවය සදහා දේශපාලනය පමණක් නොව ඒ වෙනුවෙන්  වු ප්‍රධාන වගකිමකටද හිමිකම් කියන්නෙකි.
කෙසේ වෙතත් චමිලාගේ ඝාතකයාට දඩුවම් දිම සහ ඒ ඝාතකයා නිදහස් කරගැනිම යන ද්වන්ධ සටන දැන් අධිකරණය තුල විවාදයට බදුන් වෙමින් තිබේ.
යුක්තිය සහ ඒ වෙනුවෙන් සැබැවින්ම පෙනි සිටියෝ කව්රුන්දැයි තීන්දු කෙරෙන දිනය වැඩි ඈතක නැත.

මම මිනීමැරුවේ නැහැ. නිර්දෝෂි පුද්ගලයෙක් වන මට මේ කර ඇති චෝදනා නිසා මගේ මුළු ජීවිතයම විනාශ වී ඇතැයි මීගමුව රෝහ‍ලේදී තරුණියක් දූෂණය කර 6 වෙනි මහලෙන් බිමට තල්ලු කර මරා දමන ලදැයි කියන සිද්ධියේ සැකකාර වෛද්‍යවරයා 26 දා පැවැති නඩු විභාගයේදී විවෘත අධිකරණයේදී පැවැසීය. මීගමුව මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ. ගපූර් මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.
මීගමුව මහ රෝහ‍ලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකු වශයෙන් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි ඉන්දික සුදර්ශනබාලගේ නමැති වෛද්‍යවරයා මෙම සිද්ධියට චෝදනා ලබා සිටියේය.
දඹගල්ල කටුකරුමණ්ඩිය පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ චමිලා දිසානායක නම් (එවකට) 22 වියේ පසු වූ ඇඟලුම් සේවිකාවක් බලහත්කාරයෙන් දූෂණය කර මීගමුව රෝහලින් බිමට තල්ලු කර මරා දමන ලදැයි සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්‍ලේ සඳහන්ය.
සැකකාර වෛද්‍යවරයා විවෘත අධිකරණයේදි තවදුරටත් මෙසේ පැවැසීය.
මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක් පියා රියැදුරු මහතෙක් මම  5 වෙනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බි.බි.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහ‍ලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාර ගත්තා.
මීගමුව රෝහ‍ලේ 6 වෙනි මහ‍ලේ කාමරයක මම බිරිඳත් සමග නේවාසිකව සිටියා. බිරිඳ හෙදියක් ලෙස රාගම රෝහ‍ලේ රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකථන ක්‍රියාකරුගේ කාමරයත් තිබුණා.
පෙ.ව. 8.20ට පමණ වෛද්‍ය ඉන්දික ආව. 9.30ට පමණ මම 6 වෙනි මහ‍ලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිඳ කාමරයේ සිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිඳ ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා. මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාරා කියන ගෑනු ළමයෙක්ව සායනයට පරීක්ෂණය සඳහා කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා ඊට පසු මම එම රෝගියාව පරික්ෂා කළා. ඇය හයිපතයිරොයිඩ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්. නැවත එම රෝග මතුවෙලා. මම ඒ ගැන ඇගේ සායන ‍පොතේ සටහන් කළා. විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් මම බැලුවා ඇය එතන සිටියේ නැහැ. පහළ මහලයට ගිහිල්ලා බැලුවා එහෙත් නැහැ. මම කැන්ටිමෙන් කෝපි කෝප්පයක් බිලා නැවත සායනයට ආවා. එවිට එම තරුණියව විශේෂඥ වෛද්‍යවරිය වෙත යවන ලද බව කිව්වා.
විශේෂඥ වෛද්‍යවරයා බැලූ තරුණියව ඊ4 ඊ.ඉ.ඩ්. පරීක්ෂණය කරන්නට කියලා තුණ්ඩුවේ ලියලා තිබුණා. එයා මේක කොහෙන්ද කරන්න පුළුවන් පිටින් කරන්ඩ පුළුවන්ද කියලා මගෙන් ඇසුවා. මම කිව්වා පිටින් කරනා නම් රු. 170ක් විතර යයි කියලා. තුණ්ඩුව ඒ ළමයට දුන්නා. පුළුවන් කමක් තියෙනවා නම් කරන්ඩ කියලා.
මම 6 බි වාට්ටුවට කතා කරලා අලුතෙන් ඇතුළු වීමට රෝගීන් ඉන්නවද කියලා ඇසුවා. 2.00ට පමණ මම ශල්‍ය කාමරයට එන්න කිව්වා.
මම ශල්‍යාගාරයේ සිට කාමරයට ඇවිත් නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගියා. එහිදී ඔළුව තුවාල වුණු කාන්තාවක් කොළඹට යැවූ බව දැන ගත්තා.
මට දත්වල ආබාධයක් තිබුණා. මම දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියා. 2007.11.26 වෛද්‍ය ධම්මික මහතාට ‍පොළොන්නරුවට යාමට මාරුවක් ලැබ තිබුණා. ඔහුට සිහිවටනයක් දීමට මම ටවුමට ගියා. නැවත කාමරයට ආවා.
කාමරය අසල ‍පොලීසියෙන් සිටියා. ගෑනු කෙනෙක්ව වැටිලා මැරිලා කියලා ‍පොලීසිය කිව්වා. ‍පොලීසිය කිව්වා මගේ කාමරය පරික්ෂා කිරීමට අවශ්‍ය බව මම මේ සම්බන්ධව වෛද්‍ය අධිකාරී ඇන්ටන් තිසේරා මහතාගෙන් දුරකථනයෙන් විමසුවා. ඔහු කීවා ‍පොලිස් පරික්ෂණවලට සහය දෙන්න කියලා. ‍පොලීසිය කාමරය පරික්ෂා කළා. මට රෝහල් ‍පොලීසියට එන්ඩ කිව්වා. එහිදී මාව එම කාන්තාවගේ මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත්තා.
මට මුකුත් අදහගන්ඩ බැරි වුණා. මුළු රෝහ‍ලේම අය බලන් සිටින විට මාව ජීප් එකට දාගත්තා. මගේ බිරිඳ ජීප් එක ළඟට ඇවිත් කිව්වා ඔයා වරදක් කරලා නැහැනේ හිත හදාගෙන ඉන්න කියලා.” මාව ‍පොලීසියට ගෙනියලා අත් දෙක බැඳලා ඇඟිලි තුඩුවලින් එල්ලලා මට ගැහැව්වා. ඇත්ත කියපන් නැත්නම් මුහුදු වෙරළට ගෙනියලා වෙඩි තියලා මරනවා කිව්වා. අලුයම 4.00 වන තුරු ප්‍රශ්න කළා. අලුයම 5.00ට පමණ සිර කූඩුවට දැම්මා.
මම පටියකින් බෙල්ල තද කරගෙන මැරෙන්න හැදුවා. මැරුණේ නැහැ. මම ඇඳගෙන සිටි ටීෂර්ට් එකෙන් ඇදගෙන ගිහිල්ලා ‍පොලීසිය මට ගැහැව්වා. පවිත්‍රතා අංශයේ  බියට්‍රිස්ද එම ස්ථානයේ සිටියා. මාව හිර ගෙදරට දැම්මා.
මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. මම මිනිස්සුන්ගේ ජීවිතය බේරාගන්නා වෛද්‍ය වරයෙක් අනේ  මගේ ජීවිතය විනාශ වීමට ඉඩ දෙන්න එපා. සැකකාර වෛද්‍ය වරයා අවසාන වශයෙන් පැවැසීය.
විත්තිය වෙනුවෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා සමග ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා හා තනුජ හතුරුසිංහ මහත්මිය පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් හා නීතිඥ තුසිර මැලෙව්වෙ තන්ත්‍රි යන මහත්වරු ඉදිරිපත් වූහ. රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂී හේරත් මහත්මිය පැමිණිල්ල මෙහෙයවීය.

රේමන් අ‍පෝන්සු මීගමුව ලක්බිම

සැකකාර සුදර්ශන බාලගේ විසින් චමිලාව කාඩ්බෝඩ් එකක් මත තබාගෙන ඇදගෙන යන අයුරු මීගමුව රෝහලේ පවිත්‍රතා අංශයේ බ්‍රියට්‍රිස් මහත්මිය විස්තර කළේ මෙලෙසිනි……

මම , ලේකම් මොහොට්ටිගේ බ්‍රියට්ට්‍රිස් . කෙටියෙන් කියනවා නම් එල්. එම්. බියටී්‍රස්.          මම වැඩකලේ මීගමුව තලාදුව ප්‍රදේශයේ පිහිටි — විල් ෂයින් ˜ කියන පවිත්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි.
මම විල් ෂයින් ආයතනය හරහා මීගමුව රෝහලට වැඩට ගියේ 2002 වසරේ. පලමුවෙන්ම මට මීගමුව රෝහලේ රෝගීන් භාර ගන්න ස්ථානයේ ඒ කියන්නේ පී.සී.යූ. (ප්‍රාථමික ප්‍රතිකාර අංශය) එක ලඟ වැඩ කරන්නයි ලැබුනේ. එතැන මම මාස 07 ක් විතර වැඩ කලා. ඊට පස්සේ මාව මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ පලමු වරට ආරම්භ කරපු තියටර් එකේ (ශල්‍යාගාරය) වැඩට දැම්මා.
මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ.
ඔය දිනය වුනේ 2007 අවුරුද්දේ නොවැම්බර් මසේ 12 වැනිදා ( 2007/11/12 ) යි. සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම් . මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා.

එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්.  අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ.  ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා.
අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර). එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්.
මම හිතුවේ අපේ ක්ලීනන් කරන කිහිපදෙනෙක් ඇවිල්ලා ඒ තට්ටුවේ තියෙන දොස්තරලාගේ කාමර අස්කරනවා කියලා. ඒත් කෝකටත් මම නැගිටලා ඒ වෙලාවේ කොට බිචිචියෙන් පහල බැලූවා . ඒ බලද්දි තමයි මම දැක්කේ ඔය දොස්තර මහත්තයා කාර්ඩ්බෝර්ඩ් එකක් කොරිඩෝව දිගේ ඇදගෙන යනවා, ඒ කාර්ඩ්බෝර්ඩ් එක උඩ ගැහැනු ළමයෙක් උඩබැලි අතට හිටියා . ඒ ගැණු ළමයාගේ ඇස් වැහිලයි තිබුනා. ඔය දොස්තර මහත්තයාව මම මීට කලින් දැකලා තියෙනවා. මොකද ඒ දොස්තර මහත්තයා මේ තියෙටර් එකටත් සමහර දාට එනවා.
නම ගම කියන්න දන්නේ නැතිවට නිතරම මම මේ දොස්තර මහත්තයාව දැකලා තියෙනවා. එයා අපිත් එක්ක කථා කරන්නේවත් නැති එක්කෙනෙක්. වෙන දොස්තරලා නම් අපි එක්ක කතා කරනවා. නමුත් මෙයා එහෙම ලෙහෙසියෙන් කථා කරන එක්කෙනෙක් නෙමේ.  ඔය දොස්තර මහත්තයා කසාද බැඳලා කියලා ආරංචි වුනාට එයාගේ නෝනා කවුද කියලා අපි කවදාවත් දැකලා තිබුන්නේ නැහැ.
ඉතින් මට එකපාරටම හිතුනා මේ දොස්තර මහත්තයාගේ නෝනාද දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඒ වෙලාවේ දොස්තර මහත්තයාගෙන් ඇහුවා උදව්වක් ඕනේද ? කියලා. ඒ වෙලාවේ තමයි එයා මාව දැක්කේ. එයා කිව්වා උදව් අවශ්‍ය නැහැ කියලා.
ඊට පස්සේ ටික වෙලාවකින් මම තියටර් එකේ ඉන්න මයුරානි කියන මිස්ට  මේ බව කිව්වා. එයා මගෙන් දොස්තරගේ නම ඇහුවා. මම නම දන්නේ නැහැ කියලා දොස්තරගේ හැඩ හුරුකම් කිව්වා. ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා.

ඝාතනයට ලක්වු චමිලා

බ්‍රියට්‍රිස්  ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා. ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් මට වැඩකුත් නැහැ.
ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා කියලා එයා මට කිව්වා. මමත් හා කියලා පල්ලෙහාට ඇවිත් එතකොට වෙලාව දවල් 12.45 විතර ඇති, මීගමු රෝහලේ ති්යෙන අපේ විල්ෂයින් ආයතනයේ ඔෆිස් එකට ඇවිත් අපේ සුපයිසර් මහත්තයා එක්කත් කතා කර කර හිටියා. හැබැයි මේ වගක් මම ඒ සුපයිසර් මහත්තයා එක්කවත් කිව්වේ නැහැ.
ඊට පස්සේ ටික වෙලාවකින් සෙනග හරිම කලබලයකින් දුවන්න ගත්තා 06 වැනි තට්ටුවෙන් ගැණු ළමයෙක් බිමට වැටිලා කියලා. ටික වෙලාවකින් මමයි අපේ සුපයිසර් මහත්තයත් ඒක බලන්න හන්දා ඔෆිස් එකෙන් එලියට ඇවිත් පී.සී.යූ. එක පැත්තට ආවා. එතකොට එතැන සෙනග පිරිලා. සෙනග එක්ක ඇතුලට යන්න බැරි හන්දා මම එලියට වෙලා හිටියා. සුපයිසර් මහත්තයා නම් සෙනග එහාට මෙහාට කරලා ඇතුලට ගියා. පස්සේ මම සුපුරුදු විදිහට තියටර් එකේ වැඩට ආවා. එහෙම වැඩකරන අතරතුරේ ආරංචි වුනා ඒ ළමයාව කොළඹ අරන්ගියා කියලා. එහෙම වෙලා එදා දවසේ මම වැඩ ඉවර වෙලා ගෙදරත් ගිහින් ඉන්න කොට මීගමු පොලිසියෙන් මාව හොයා ගෙන අපේ ගෙදරටම ආවා. ඇවිත් මට කිව්වා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ , ඔයා දවල් 07 තට්ටුවේ (තියටර් එක ළග)  ඉන්න කොට දැක්ක දේ හරියට බය නැතිව කියන්න කියලා. ඊට පස්සේ මම ඉතින් පොලිසියට මම එදා දැක්ක දේවල් සේරම කිව්වා. එහෙම වතා කීපයක්ම මම පොලිසියටත් ආවා. පස්සේ සති කිහිපයකින් මාව උසාවියේ මහේස්ත්‍රාත්තුමාගේ විශේ්ෂ කාමරයකට අරන් ගිහින් එදා සිද්දීයට සම්බන්ධ දොස්තර මහත්තයාව හදුනාගන්න කියලා පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුවා. එතැන 20 ක් විතර හිටියා. එතකොට මේ දොස්තරත් ඒ අය අතර හිටියා. අර පෙර දකිද්දී වාගේ නෙමෙයි .එතකොට ඒ දොස්තරගේ රැවුල එහෙම ටිකක් වැවිලා තිබුනා. ඒත් මට ලෙහෙසියෙන්ම දොස්තර මහත්තයාව හදුනාගන්න පුළුවන් වුනා. මම එයාව හදුනාගෙන මහේස්ත්‍රාත් තුමාට පෙන්නුවා.
මැරුණු චමිලාගේ ෆොටෝ දැක්කාහම මට මතක් වුනා එදා මේ දොස්තර කාඩ් බෝර්ඩ් එකේ තියාගෙන ඇදන්ගිය ගැණු ලමයා චමිලාම තමයි කියලා.
මොකද එදා ඒ කාඩ් බෝර්ඩ් එකේ උඩුබැලි අතට ඇස් වැහිලා හිටපු ගෑණු ලමයාගේ කොන්ඩේ ක්‍රේල් , සුදුයි, ලස්සන ගැණු ළමයෙක්. ඒ ලක්ෂනම තමයි මැරුණු  චමිලාට තියෙන්නෙත්. ඒක හන්දා දැන් මට හොදටම විස්වාශයි, එදා මම දැක්කේ ස්ථීරයෙන්ම චමිලාවම තමයි කියලා.

http://www.meepura.com/2014/03/29/%E0%B6%B8%E0%B6%B8-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90-%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D/

 

වරිගය රැක ගන්න ජනතාව ගොනාට අන්දන දොස්තර මුදලාලිලා

September 7, 2011 at 1:42 pm | Lanka C News.

imagesමේ රටේ සිටින බටහිර දොස්තරලාට තරම් හොද ආර්ථික විද්‍යා දැනුමක් මහා බැංකුවේ උදවියටවත් නැති තරම්ය. හීන් නූලෙන් තමන්ගේ වැඩකරගැනීමේ කලාවෙන්ද ඔවුන් කෙල පැමිනියන්ය. අප රටේ අමන දනන් බහුතරයක් සිටින තාක් කල් ඔවුන්ට බැටළු හම පොරවාගත් වෘර්ක  බූමිකාව යසට රගපෑමට ඉඩකඩ ඇත.මේ රටේ විවෘර්ත ආර්ථිකයක් ඇති බව නොදන්නා කෙනෙක් ඇත්නම් එක්කෝ අමුම මුග්ධයෙකි නැත්නම් අංක එකේ කපටි කෛරාටිකයෙකි.  විවෘර්ත ආර්ථිකය තුල වටිනාකම පාලනය වනුයේ ඉල්ලුම – සැපයුම න්‍යාය මත බව අප කවුරුත් දන්නා සත්‍යයකි.
කළු කඩ මුදලාලිට බඩුවල මිල වැඩි කිරීමට උවමනා වූ විට කරනුයේ හිගයක් ඇති  කිරීමය. වෙනත් වචනයකින් කියන්නේනම් සැපයුම අඩු කිරීමය. අද දොස්තර මුදලාලිලා රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන හිතු පරිදි මුදල් උපයනුයේද කළු කඩ න්‍යාය හීන් නූලෙන් බාවිතයෙන්ය. රටේ අවශ්‍යතාවයටසරිලන තරම වෛද්‍යවරුන් බිහි නොවීම සහ ලෝකයේ අන්රටවල ඇති අදික ඉල්ලුම මත  නිදහස් අද්‍යාපනය  ලබා වැඩි ආදායමක් ඉපයීමට විදේස ගතවන වෛද්‍යවරු හේතුවෙන් වෛද්‍ය හිගයක් ඇතිවීම අනිවාර්ය යථාර්තයකි. එතුල රටතුල ඉතිරිවන සීමිත වෛද්‍යවරු පිරිසට දැඩි ඉල්ලුමක් ඇතිවීම මගින් ඔවුන්ට රිසි පරිදි රෝගීන් ගසා කෑමේ ඉඩ කඩක් නිර්මාණය වී ඇත.  ලැබෙන සේවයේ ගුණාත්මක පරිහානියක්ද ඇත.

ආණ්ඩුවකට කිසම වෘතියක 100%  වෘතිකයන් බිහි කිරීමේ හැකියාවක් නැත. ඉන්ජිනීරුවන්, ගණකාධිකාරීන්, පරිපාලකයන් ආදී සෑම වෘතියකම සැලකියයුතු ප්‍රතිශතයක් බිහිවනුයේ පුද්ගලික අංශය හෝ රජයට අනුබද්ද වෙනත් ආයතන මගිනි. මෙරට දොස්තර මුදලාලිලාගේ කෙස් පැලෙන තර්කවලට අනුව වෛද්‍යවෘතියට මෙය ගැලපෙන්නේ නැත. ඔවුන් මේ සදහා බාවිතා කරනුයේ ත්‍රස්තවාදයය්. ත්‍රස්තවාදීයාගේ උපාය මාර්ගය වන මිනිසුන් බිය ගැන්වීමය.

පුරාන භාරතයේ බමුණන් තම බලය රැකගැනීමට කලේ වෙනත් කුලයක පුද්ගලයකු වේදය කියවනු ලබූවොත් ඔවුන්ගේ කටට උණු තෙල් වක්කිරීමට නියෝග කිරීමය්. අද වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට කැමති බහුතරක් සිදුන්ගේ ඉරණමද වෛද්‍ය බමුණු කුලය විසින් පාගා දමා ඇත්තේ පැරණි කපටි බමුණන් අනුවම යමිනි.

දොස්තර ත්‍රස්තයන් මෙය අපූරුවට රගදක්වන්නේය. පළමුව ඔවුන් මෝඩ ලාංකිකයන් ගොනාට අන්දවන්නේ පුද්ගලික අංශයෙන් වෛද්‍යවරු බිහිවූවොත් අනිවාර්යයෙන්ම ඔවුන් අදක්ස සහ අඩු තත්වයෙන් යුතු බයානක වෛද්‍යවරු වන බවය්. නමුත් අප කවුරුත් දන්නා සත්‍ය වනුයේ, පුද්ගලික අංශයේ සේවාවන් බොහෝ විට රාජ්‍ය අංශයට වඩා ගුනාත්මක බවය්. මෙය පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පමණක් වැරදෙන්නේ කෙසේද යන්න එකම දොස්තර මුදලාලි කෙනෙක් වත් විස්තර කරන්නේද නැත. එසේනම්ලොව පුරා ඇත්තේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පමණක් විය යුතුය. මෙසේ සාමාන්‍ය ජනතාව ගොනාට අන්දා බියපත් කරන දොස්තරලා සියල්ලම විදෙස්වල විසේසඤ වෛද්‍ය උපාදිකර පැමිණෙන්නේද එරටවල රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලින් පමණක්ම විය උතුය.

දෙවනුව මෙම ත්‍රස්ත දොස්තරලා කරනුයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්දය පවසමින් අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජන කිරීමය. පුවත් පත් සාකච්චා වලට පැමිණෙන ඇතැම් වෛද්‍යවරු හැසිරෙනුයේ බෝසත් වරු ලෙසිනි. රටේ වෛද්‍ය අද්‍යපන අවස්ථා වැඩි කිරීමට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඔවුන් දිවි හිමියෙන් විරුද්ද බව පවසය්. නමුත් මේ බොහෝ දෙනා පුද්ගලික අංශයේ මුදලට රෝගීන්ට බෙහෙත් දෙන චැනල් මාපිලුන්මය. එතනදී පුද්ගලික අංශය හොදය. බහු ජාතික ඖසධ සමාගම් සමග ගජ මිතුරන් ලෙස “brand name” වලින් ඖසධ නියමකර මිලියන ගණනින් සන්තෝසම් ලබාගන්න විටද පුද්ගලික අංශයේ වරදක් නැත.

තමන්ගේ වෛද්‍ය බමුණු කුලය තුල යටත් විජිත සමය තුල ඇති කරගත් ඇති අසීමිත සමාජීය සහ ධන බලය දිගටම රැක ගැනීමේ නොනිමි අසාවෙන් මත්වී සිටින මොවුන්ට කන්න උවමනාවූ විට පමණක් කබරගොයත් තලගොයා වන්නේය.

තමන් කැමැති යමක් ඉගෙනීමට ඇති මූලික අය්තිය ශ්‍රී ලංකාව තුල අද නොමැත්තේ වෛද්‍ය අද්‍යාපනය තුල පමණි.

උසස් පෙළ හදාරන සිසුන් අතරින් අද වඩාත් මානසික පීඩනයකට ගොදුරුවී අද්‍යාපනය කරනුයේ ජීව විද්‍යා සිසුන්ය. වෛද්‍ය විද්‍යා කඩයිම් ලකුණු මට්ටම පසු කිරීම අද යුද්දයකි. මුදල් යහමින් ඇති සිසුන් A/L අසමත් උවද පිටරට ගොස් වෛද්‍ය උපාදිය ගෙන මෙරට පැමිණ යහතින් වැජබෙන්නේය. ප්‍රශ්නය ඇත්තේ එතරම් ආර්ථිකයක් නැති මධ්‍යම පාන්තික දරුවන්ටය.

මේ හරහා පිටරටට ඇදෙන ඇති මහත් ධනස්කන්දය නැවතීමට රජයට වගකීමක් ඇත.

අනෙක් අතට මෙසේ දැඩි තරගකාරීතත්වය හේතුවෙන්  අසහනයට පත්වන තරුණ කණ්ඩායම් තුල සමාජ වෛරය වපුරවා තම දේසපාලන බඩගෝස්තරය රැකගන්නා අන්තගාමී දේශපාලන ව්‍යාපාරයන්ටද මෙම වණය රැකගත යුතුව ඇත. ඔවුන්ද ලෝකය මතුපිටින් පමණක් කියවන මනෝරාජික මෝඩ ගිරාපොතකයන් බෝර්ඩ් ලෑලි ඔසවාගෙන පාරට බස්සනු ඇත.

ජනතාව ගොනාට ඇන්දීමත්, බියගැන්වීමත් නැවැත්වීමට රජය ඍජුව ක්‍රියාකළයුතු  කාලය පැමිණ ඇත.

– නාලක ගමගේ  (nalakainfo@gmail .com)

Read the rest of this entry »

 

ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ මිගමුව රෝහලේ සේවය කල සුදර්ශන බාලගේ නමැති සීමාවාසික වෛද්‍යවරයා විසින් චමිලාගේ වෛද්‍ය වාර්තාවක් පෙන්වීමට යැයි රවටා රැගෙන ගොස් ඇයව දුෂණය කොට මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනය කරන ලදී.

අචලා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය චමිලා වෙනුවෙන් ක්‍රියාත්මක නොවුයේ මන්ද

POSTED BY සුදු මහත්තයා POSTED ON 7:43 PM


නිතිය යුක්තිය අගයන අසාධාරණයට හිස නොනමන අය මිගමුව උසාවියට එන්න…

කොළඹ නීති පීඨයේ ශිෂ්‍යාවක වන අචලා ප‍්‍රියදර්ශනී ගේ වම් අත කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් නොසැල කිලිමත්ව ක්‍රියා කල මාතර රෝහලේ ඇය ප‍්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍ය වරුන්ට හා කාර්ය මණ්ඩලයට චෝදනා පත‍්‍ර බාර දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

අචලා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය වෙළඳ කලාපයේ දුගී තරුණියක වූ මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා වෙනුවෙන් ක්‍රියාත්මක වුයේ නැත.

චමිලා ගේ ඝාතනය සිදු වුයේ 2007 වසරේදී මිනීමරු දොස්තර කෙනෙකු අතිනි. ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ මිගමුව රෝහලේ සේවය
කල සුදර්ශන බාලගේ නමැති සීමාවාසික වෛද්‍යවරයා විසින්  චමිලාගේ වෛද්‍ය වාර්තාවක් පෙන්වීමට යැයි රවටා රැගෙන ගොස් ඇයව දුෂණය කොට මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනය කරන ලදී.

නමුත් මේ මිනීමරු දොස්තර දැන් නිරුපද්‍රිතව යලිත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කොට තිබේ. මේ සඳහා මොහුට දුෂිත වෛද්‍යවරු කිහිප දෙනෙකුගේම සහය ලැබී  තිබේ.

චමිලාව ඝාතනය කිරීමට පෙරද සුදර්ශන බාලගේ කාන්තාවන් කීප දෙනෙකුට  අතවර කොට ඇති බවට තොරතුරු තිබේ. මොහු උතුරු කොළඹ රාගම රෝහලේ සේවය කල හෙදියක දුෂණය කොට මර දැමු බවටද චෝදනා ලද්දෙකි.

මෙම හෙදිය ඔහුගේ හිටපු පෙම්වතියේගේ යෙහෙළිය වූ අතර මිය ගියේ කෘමිනාශක අඩංගු සිරින්ජරයක්  ශරීරගත වීමෙනි. නමුත් සාක්ෂි මදි වීම නිසා මේ හෙදියගේ මරණය සටහන් වන්නේ දිවිනසා ගැනිමක් වශයෙනි.

ඉන්පසු මිගමුව රෝහලේ සේවයට යන සුදර්ශන බාලගේ 2007 අගොස්තු මාසයේදි මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් වෛද්‍ය පරික්ෂණයකට යැයි කියමින් තමන්ගේ කාමරයට කැදවාගෙන ගොස් ලිංගික අතරවරයක් කිරිමට තැත් කළේය.

එම තරුණිය බියට පත්ව ඇය කැගසා කාමරයෙන් පැන විත් ඇගේ පෙම්වතාට දැනුම් දිමෙන් පසු අයගේ පෙම්වතා විසින් සුදර්ශන බාලගේ මීගමුව රෝහල් භූමිය තුලදිම පහර දෙන ලදී. මෙම ස්ත්‍රී දුෂණ තැත රෝහල් බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නද සුදර්ශන බාලගේට  එදිරිව නිතිය ක්‍රියාත්මක වුයේ නැත.

මේ දුෂකයා බේරා  ගැනීමට මීගමුව රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් පෙරට ආහ. ඔවුන් වින්දිත තරුණියගේ ඇද ඉහපත් වාර්ථාවල ඇය සිහිමද ගතියකින් පෙලෙන්නියක් ලෙසින් සදහන් කරමින් ස්ත්‍රී දුෂණය යට ගැසුහ. එදා නිතිය ක්‍රියාත්මක වූයේනම් අද චමිලා ජිවතුන් අතරය.

ටික කාලයකට පසු යලිත් වරක් දුෂකයා ක්‍රියාත්මක විය. දිනය 2007 නොවැම්බර් 12, මෙවර ඔහුගේ ගොදුර වුයේ චමිලාය. රෝගයකට බෙහෙත් ගැනීමට මිගමුව රෝහලට ගිය වෙළඳ කලාපයේ කම්කරු සේවිකාවක් වූ චමිළාව දුෂණය කොට ඇයව රෝහල් බිල්ඩිමකින්  පහලට තල්ලු කිරීමට මෙම නරුමයාට හැකි විය.

මෙම අපරාධය සම්බන්යෙන් ඇසින් දුටු එක් සාක්ෂිකාරියක් වුවාය.
මීගමුව රෝහලේ පිරිසිදු කරන්නියක් වු බියට්‍රිස් මහත්මිය සුදර්ශන බාලගේ සිහි මඳ ගතියකින් සිටි චමිලා නම් වු තරුණියව කාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යන අයුරු දුටුවාය. ඉන්පසු යලිත් මිනිසුන් ඇයව  දකින්නේ ලේ පෙරාගෙන රෝහල් බිල්ඩිමෙන් පහල වැටී සිටියදීය .

මෙම මිනිමරුවේ වැදගත් සාක්ෂිකාරියක වූ බියට්‍රිස් මහත්මිය මීගමු රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නිර්දේශය මත මීගමුව රෝහලේන් ඉවත් කිරිමට සමහර වෛද්‍යවරු උත්සහ දැරූහ  මීපුර පුවත් පත උද්ගෝෂණය නොකරන්නට බියට්‍රිස් මහත්මියට රැකියාව අහිමි කිරීමට තරම් මිගමුව රෝහලේ වෛද්‍ය මාෆියාව බලවත් විය.

මීගමුව රෝහලේදි ඝාතනයට ලක්වු චමිලා නම් නිදහස් වෙළද කලාප යුවතියගේ චුදිත සිමාවාසික වෛද්‍යවරයා ආරක්ෂා කරන්නට මීගමුව රෝහලේ වෛද්‍යවරුන් නරුම උත්සාහයක යෙදුන බව කියන්නේ මිනිස් ජිවිත සම්බන්දයෙන් ඔවුන් තුල තිබෙන පහල තක්සේරුව පෙන්වා දීමටය.

සුදර්ශන බාලගේ නම් වු සිමාවාසික වෛද්‍යවරයාගේ වෛද්‍ය කවුන්සිල ලියාපදිංචිය සදහා විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් රෙකමදාරු කල යුතුව තිබුනද ආදාල ශල්‍ය වෛද්‍ය විශේෂඥයා විසින් තමන්ගේ රෙකමදාරු අත්සන ඉන් ඉවත් කරගැනිමෙන් පසුද අවස්ථා කිපයකදිම මීගමුව රෝහලේ වෛද්‍යවරුන් විසින් අදාල අත්සන නැවත ලබාගෙන වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය ක්‍රියාත්මක කරවා තිබේ.

මොහු නම වෙනස් කොට ගෙන අදාල ලියාපදිංචිය නීති විරෝධිව ලබාගෙන ඇත. මොහු යොදාගෙන තිබෙන නම වෛද්‍ය ඉන්දික. එස් .බාලසුරිය වන අතර වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි කල අංකය  22692වේ. මේ ගැන ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ නිලධාරීන් දැනගෙන සිටියේ නැත කීම කිසිසේත්ම පිළිගත නොහැක.

ප්‍රසිද්ධ මිනිමරුමක සැකකරුවෙකුට හා තවමත් විභාග වන මිනීමැරුම් නඩුවක සැකකරුවෙකුට වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය දීම ගැන  සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

මීගමුව බන්ධනාගාරයෙන් ඇප ලබා එලියට එන සුදර්ශන බාලගේට  මිගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා ලෙසින් කටයුතු කරන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ  සංගමයේ හිටපු  විධායක නිලධාරියෙකු වූ  වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්න තමන්ගේ කුරණ පිහිට තිබෙන ආරෝග්‍යා පුද්ගලික බෙහෙත් ශාලාවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ සලසා දෙයි.

(මෙම රෝහල චමිලා මරා දැමුණු මීගමුව රෝහලට සැතපුම් 3 ක් ඈතින් තියෙන්නකි)  (මෙහි ලිපිනය මීගමුව කුරණ අංක 7 දරණ  ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් වේ ) මෙමගින් සුදර්ශන බාලගේ ගේ ශ්‍රමය කුණු කොල්ලයට ලබාගැනීමට වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්නට හැකි වන නමුත් ප්‍රතිකාර ගැනීමට එන කාන්තා රෝගීන්ව මහත් අනතුරකට ඔහු පත් කරයි. මේ ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිහඬය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාම පවසන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යංශය තුල සතියකට ලිංගික හිරිහැර 10 ක් පමණ සිදුවේ. බොහෝ දූෂකයන් නිතිය අතික්‍රමණය කරති. සුදර්ශන බාලගේ නොහොත් ඉන්දික. එස් .බාලසුරියද මින් එක අයෙකි.

අහස පොලව නුඋසුලන අපරාධයක් කල අපරාධකරුවා තවමත් යහතින් සිටින්නේ නරුම දොස්තර මාෆියාවේ ආධාරයෙනි. නිතිය යුක්තිය අඳුනන මානව හිතවාදී දොස්තරලා අප අතර සිටිති නමුත් ඔවුන්ව පවා මේ මිනීමරුවන්ට උල්පන්දම් දෙන මාෆියාව නිහඬ කොට තිබේ.

ඝාතනයට ලක් වූ චමිලාගේ නඩුව නැවතත් 2013 මාර්තු 5 සහ 6 යන දිනවලදි මීගමුව උසාවියේදි ඇසිමට නියමිතය. නිතිය යුක්තිය අගයන අසාධාරණයට හිස නොනමන ජනයාට එදාට මිගමුව උසාවියට එන ලෙස අප ඉල්ලා සිටිමු

 

දූෂණය කර අබිරහස් ලෙස මහලින් පහලට දැමූ චමිලාට සාධාරණය ඉටු වෙයිද?

දූෂණය කර අබිරහස් ලෙස මහලින් පහලට දැමූ චමිලාට සාධාරණය ඉටු වෙයිද?

වෙළද කලාපයේ  සේවය කරමින් සිටියදී 2007 නොවැම්බර් මාසයේදී මීගමුව රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි චමිලා නම් තරැණියක්  දූෂණය කර අබිරහස් ලෙස  රෝහලේ නව  ගොඩනැගිල්ල  06 වන මහලින් පහලට දැමූ පසු ඇයව ප්‍රතිකාර සදහා රාගම රෝහලට ගෙනයන අතරතුරදී  ඇය මිය ගියේය.


මේ සම්බන්ධව සැක පිට රෝහලේ වෛද්‍යවරයෙකු  වන සුදර්ශන බාලගේ  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කරන ලදී. මේ නඩුව සම්බන්ධයෙන් රෝහලේ පිරිසිදු කිරීමේ සේවිකාවක් වන බියට්‍රිස් මහත්මිය සාක්ෂි දුන් අතර  පසුව ප්‍රධාන සැකකරැ වෛද්‍ය  බාලගේ ඇප මත නිදහස් කරන ලදී.  චමිලා ඝාතන නඩුවේ තවත් නඩු වාරයක් 2011 ජූලි 29 වනදා පැවැත්වුණ අතර ඒ සදහා ප්‍රධාන  සැකකරැ වෛද්‍ය සුදර්ශන බාලගේ ඉදිරිපත්වූ අතර බියට්‍රිස් ඇතුළු තවත් සාක්ෂිකරැවන් 06 දෙනෙකු ඉදිරිපත් කෙරිණි.

මීගමුව මහා අධිකරණයේදී මෙම නඩු විභාගය ලබන සැප්තැම්බර් 26 වනදාට පැවැත්වීමටත් එදින සිට දින 05ක් මෙම නඩුවේ විභාගය පැවැත්වීමටත් නියමිතව බව උසාවි ආරංචි මාර්ග සදහන් කරයි. මොණරාගල  ප්‍රදේශයේ සිට පැමිණ ජිවිතය පිළිබදව  මහත්  බලාපොරොත්තු රැසක් සමග  බද්‍ර යොවුන් වියෙහි පසුවූ චමිලා  කදවල ස්මාර්ට් ෂර්ට් ආයතනයේ සේවය කළ සේවිකාවකි.

ඇයගේ මිනීමරැවන්ට නිතිය ඉටුකරන ලෙස ඉල්ලා මෙම ඝාතනය සිදුවූ ආසන්නයේ ඇයගේ කම්හලෙහි සේවිකාවන් රැසක්  උද්ඝෝෂණ වල නිරත වූහ. මේ වන විට චමිලාගේ ජිවිතයට සිදුවූ අසාධාරණය  මුලු මහත් සමාජයටම අමතක වී ඇති අතර  ඇයට සිදුවූයේ කුමක් ද කියා සැක කළ කිසිවක් තවමත් නීතිය හමුවෙහි තහවුරැ කර නොමැත.

 

http://www.hotandfastnews.com/2011/08/blog-post_2461.html

 

දූෂණය කර අබිරහස් ලෙස මහලින් පහලට දැමූ චමිලාට සාධාරණය ඉටු වෙයිද?

අචලා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය චමිලා වෙනුවෙන් ක්‍රියාත්මක නොවුයේ මන්ද ?

නිතිය යුක්තිය අගයන අසාධාරණයට හිස නොනමන අය මිගමුව උසාවියට එන්න…

කොළඹ නීති පීඨයේ ශිෂ්‍යාවක වන අචලා ප‍්‍රියදර්ශනී ගේ වම් අත කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව ක්‍රියා කල මාතර රෝහලේ ඇය ප‍්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍ය වරුන්ට හා කාර්ය මණ්ඩලයට චෝදනා පත‍්‍ර බාර දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

අචලා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය වෙළඳ කලාපයේ දුගී තරුණියක වූ මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා වෙනුවෙන් ක්‍රියාත්මක වුයේ නැත.

චමිලා ගේ ඝාතනය සිදු වුයේ 2007 වසරේදී මිනීමරු දොස්තර කෙනෙකු අතිනි. ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ මිගමුව රෝහලේ සේවය කල සුදර්ශන බාලගේ නමැති සීමාවාසික වෛද්‍යවරයා විසින්  චමිලාගේ වෛද්‍ය වාර්තාවක් පෙන්වීමට යැයි රවටා රැගෙන ගොස් ඇයව දුෂණය කොට මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනය කරන ලදී.

නමුත් මේ මිනීමරු දොස්තර දැන් නිරුපද්‍රිතව යලිත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කොට තිබේ. මේ සඳහා මොහුට දුෂිත වෛද්‍යවරු කිහිප දෙනෙකුගේම සහය ලැබී  තිබේ.

චමිලාව ඝාතනය කිරීමට පෙරද සුදර්ශන බාලගේ කාන්තාවන් කීප දෙනෙකුට  අතවර කොට ඇති බවට තොරතුරු තිබේ. මොහු උතුරු කොළඹ රාගම රෝහලේ සේවය කල හෙදියක දුෂණය කොට මර දැමු බවටද චෝදනා ලද්දෙකි.

මෙම හෙදිය ඔහුගේ හිටපු පෙම්වතියේගේ යෙහෙළිය වූ අතර මිය ගියේ කෘමිනාශක අඩංගු සිරින්ජරයක්  ශරීරගත වීමෙනි. නමුත් සාක්ෂි මදි වීම නිසා මේ හෙදියගේ මරණය සටහන් වන්නේ දිවිනසා ගැනිමක් වශයෙනි.

ඉන්පසු මිගමුව රෝහලේ සේවයට යන සුදර්ශන බාලගේ 2007 අගොස්තු මාසයේදි මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් වෛද්‍ය පරික්ෂණයකට යැයි කියමින් තමන්ගේ කාමරයට කැදවාගෙන ගොස් ලිංගික අතරවරයක් කිරිමට තැත් කළේය.

එම තරුණිය බියට පත්ව ඇය කැගසා කාමරයෙන් පැන විත් ඇගේ පෙම්වතාට දැනුම් දිමෙන් පසු අයගේ පෙම්වතා විසින් සුදර්ශන බාලගේ මීගමුව රෝහල් භූමිය තුලදිම පහර දෙන ලදී. මෙම ස්ත්‍රී දුෂණ තැත රෝහල් බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නද සුදර්ශන බාලගේට  එදිරිව නිතිය ක්‍රියාත්මක වුයේ නැත.

මේ දුෂකයා බේරා  ගැනීමට මීගමුව රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් පෙරට ආහ. ඔවුන් වින්දිත තරුණියගේ ඇද ඉහපත් වාර්ථාවල ඇය සිහිමද ගතියකින් පෙලෙන්නියක් ලෙසින් සදහන් කරමින් ස්ත්‍රී දුෂණය යට ගැසුහ. එදා නිතිය ක්‍රියාත්මක වූයේනම් අද චමිලා ජිවතුන් අතරය.

ටික කාලයකට පසු යලිත් වරක් දුෂකයා ක්‍රියාත්මක විය. දිනය 2007 නොවැම්බර් 12, මෙවර ඔහුගේ ගොදුර වුයේ චමිලාය. රෝගයකට බෙහෙත් ගැනීමට මිගමුව රෝහලට ගිය වෙළඳ කලාපයේ කම්කරු සේවිකාවක් වූ චමිළාව දුෂණය කොට ඇයව රෝහල් බිල්ඩිමකින්  පහලට තල්ලු කිරීමට මෙම නරුමයාට හැකි විය.

මෙම අපරාධය සම්බන්යෙන් ඇසින් දුටු එක් සාක්ෂිකාරියක් වුවාය.
මීගමුව රෝහලේ පිරිසිදු කරන්නියක් වු බියට්‍රිස් මහත්මිය සුදර්ශන බාලගේ සිහි මඳ ගතියකින් සිටි චමිලා නම් වු තරුණියව කාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යන අයුරු දුටුවාය. ඉන්පසු යලිත් මිනිසුන් ඇයව  දකින්නේ ලේ පෙරාගෙන රෝහල් බිල්ඩිමෙන් පහල වැටී සිටියදීය .

මෙම මිනිමරුවේ වැදගත් සාක්ෂිකාරියක වූ බියට්‍රිස් මහත්මිය මීගමු රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නිර්දේශය මත මීගමුව රෝහලේන් ඉවත් කිරිමට සමහර වෛද්‍යවරු උත්සහ දැරූහ  මීපුර පුවත් පත උද්ගෝෂණය නොකරන්නට බියට්‍රිස් මහත්මියට රැකියාව අහිමි කිරීමට තරම් මිගමුව රෝහලේ වෛද්‍ය මාෆියාව බලවත් විය.

මීගමුව රෝහලේදි ඝාතනයට ලක්වු චමිලා නම් නිදහස් වෙළද කලාප යුවතියගේ චුදිත සිමාවාසික වෛද්‍යවරයා ආරක්ෂා කරන්නට මීගමුව රෝහලේ වෛද්‍යවරුන් නරුම උත්සාහයක යෙදුන බව කියන්නේ මිනිස් ජිවිත සම්බන්දයෙන් ඔවුන් තුල තිබෙන පහල තක්සේරුව පෙන්වා දීමටය.

සුදර්ශන බාලගේ නම් වු සිමාවාසික වෛද්‍යවරයාගේ වෛද්‍ය කවුන්සිල ලියාපදිංචිය සදහා විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් රෙකමදාරු කල යුතුව තිබුනද ආදාල ශල්‍ය වෛද්‍ය විශේෂඥයා විසින් තමන්ගේ රෙකමදාරු අත්සන ඉන් ඉවත් කරගැනිමෙන් පසුද අවස්ථා කිපයකදිම මීගමුව රෝහලේ වෛද්‍යවරුන් විසින් අදාල අත්සන නැවත ලබාගෙන වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය ක්‍රියාත්මක කරවා තිබේ.

මොහු නම වෙනස් කොට ගෙන අදාල ලියාපදිංචිය නීති විරෝධිව ලබාගෙන ඇත. මොහු යොදාගෙන තිබෙන නම වෛද්‍ය ඉන්දික. එස් .බාලසුරිය වන අතර වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි කල අංකය  22692වේ. මේ ගැන ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ නිලධාරීන් දැනගෙන සිටියේ නැත කීම කිසිසේත්ම පිළිගත නොහැක.

ප්‍රසිද්ධ මිනිමරුමක සැකකරුවෙකුට හා තවමත් විභාග වන මිනීමැරුම් නඩුවක සැකකරුවෙකුට වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය දීම ගැන  සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

මීගමුව බන්ධනාගාරයෙන් ඇප ලබා එලියට එන සුදර්ශන බාලගේට  මිගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා ලෙසින් කටයුතු කරන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ  සංගමයේ හිටපු  විධායක නිලධාරියෙකු වූ  වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්න තමන්ගේ කුරණ පිහිට තිබෙන ආරෝග්‍යා පුද්ගලික බෙහෙත් ශාලාවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ සලසා දෙයි.

(මෙම රෝහල චමිලා මරා දැමුණු මීගමුව රෝහලට සැතපුම් 3 ක් ඈතින් තියෙන්නකි)  (මෙහි ලිපිනය මීගමුව කුරණ අංක 7 දරණ  ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් වේ ) මෙමගින් සුදර්ශන බාලගේ ගේ ශ්‍රමය කුණු කොල්ලයට ලබාගැනීමට වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්නට හැකි වන නමුත් ප්‍රතිකාර ගැනීමට එන කාන්තා රෝගීන්ව මහත් අනතුරකට ඔහු පත් කරයි. මේ ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිහඬය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාම පවසන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යංශය තුල සතියකට ලිංගික හිරිහැර 10 ක් පමණ සිදුවේ. බොහෝ දූෂකයන් නිතිය අතික්‍රමණය කරති. සුදර්ශන බාලගේ නොහොත් ඉන්දික. එස් .බාලසුරියද මින් එක අයෙකි.

අහස පොලව නුඋසුලන අපරාධයක් කල අපරාධකරුවා තවමත් යහතින් සිටින්නේ නරුම දොස්තර මාෆියාවේ ආධාරයෙනි. නිතිය යුක්තිය අඳුනන මානව හිතවාදී දොස්තරලා අප අතර සිටිති නමුත් ඔවුන්ව පවා මේ මිනීමරුවන්ට උල්පන්දම් දෙන මාෆියාව නිහඬ කොට තිබේ.

ඝාතනයට ලක් වූ චමිලාගේ නඩුව නැවතත් 2013 මාර්තු 5 සහ 6 යන දිනවලදි මීගමුව උසාවියේදි ඇසිමට නියමිතය. නිතිය යුක්තිය අගයන අසාධාරණයට හිස නොනමන ජනයාට එදාට මිගමුව උසාවියට එන ලෙස අප ඉල්ලා සිටිමු.

දූෂණය කර අබිරහස් ලෙස මහලින් පහලට දැමූ චමිලාට සාධාරණය ඉටු වෙයිද?

– අමිල ගුණරත්න

 

http://www.hotandfastnews.com/2013/02/blog-post_4935.html