RSS

Category Archives: දොස්තරයින්ට අඩුකොල වන් වූ යෝජිත සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය

දොස්තරයින්ට අඩුකොල වන් වූ යෝජිත සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය

මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියට වඩා හාත්පසින් ම වෙනස්‌ ඖෂධ හාමිලාගේ යෝජිත කෙටුම්පත

imagesඒමන්ති මාරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අලුතින් සකස්‌ කර මහජන අදහස්‌ විමසීම සඳහා අන්තර්ජාලයට එක්‌ කර ඇති ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත මේ වන විටත් ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරු, ඖෂධවේදීහු, සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් ඇතුළු බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්‌ව අවසන් ය. මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් සකස්‌ කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පදනම් කරගෙන යෝජිත පනත් කෙටුම්පත සකස්‌ කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබුණ ද එම පනත් කෙටුම්පතෙහි මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියෙහි මූලික අරමුණ වූ ගුණාත්මක බවින් උසස්‌ ඖෂධ අඩු මිලට රෝගී ජනතාව අතට පත් කරලීමේ සංකල්පයටත් අන්තර්ගතව නැති බව එය විවේචනය කරන පිරිසගේ මතය වී තිබේ.

සැබැවින්ම අන්තර්ජාලයට එක්‌කර ඇති යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත සකස්‌ කළ ආකාරය පමණක්‌ නොව එය නැවත සකස්‌ කිරීමට මුල් වූ හේතුවම අර්බුදකාරී ය. මහාචාර්ය බිබිලේගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මුල් කර ගෙන සකස්‌ කර කැබිනට්‌ මණ්‌ඩලයේ ද අනුමැතිය හිමිව තිබූ ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත කිසිදු සාක්‍ෂියක්‌ නොමැතිවම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේදී අස්‌ථානගත වූ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ජනමාධ්‍යයන්ට 2012 වසරේදී ප්‍රකාශ කිරීම මෙම අර්බුදයෙහි ආරම්භක අවස්‌ථාව වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි වගකිව යුතු අමාත්‍යාංශයක්‌ තුළ ඖෂධ ප්‍රතිපත්තිය වැනි ජාතික වටිනාකමක්‌ ඇති ප්‍රතිපත්තියක කෙටුම්පතක්‌ ඡායාපිටපතක්‌ හෝ තබා නොගෙන එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යෑවූ බවට කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයක්‌ වී තිබේ. කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පවසන ආකාරයට එම කෙටුම්පත අස්‌ථානගත වී අවසන් ය. මෙම තත්ත්වය යටතේ පැන නගින නැවත ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතක්‌ සකස්‌ කිරීමේ අවශ්‍යතාවය අවසානයේදී ඖෂධ සමාගම් හා එම සමාගම්වලට කත් අදින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් උසස්‌ නිලධාරීන් තම වාසියට හරවා ගනු ඇතැයි අප මීට පෙර ද අවධාරණය කර සිටියෙමු. අවසානයේදී එය අලුතින් සකස්‌ කර විවේචනයට ලක්‌ වෙමින් පවතින ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත තුළින් සනාථ විය. Read the rest of this entry »

 

ඖෂධ පනත් කෙටුම්පත නැතිවීම ගැන සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන පැහැදිලි කරයි

Maithripalaඖෂධ පනත් කෙටුම්පත නැතිවීම ගැන සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන පැහැදිලි කරයි
රටේ ජනතාවට ඉතා වැදගත් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වසර ගණනාවක් තිස්සේ  ගෙනඒමට නොහැකි වී තිබෙනවා. ඔබ එයට බොහෝ උත්සාහ ගත්තත් එය කරන්න බැරි වුණේ ඇයි…?

මම සෞඛ්‍ය ඇමැති ධුරයට පත් වෙන්නේ 2010 අප්‍රේල් මාසයේදීයි. ඒ කාලයේදීම මම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කිරීමට අවශ්‍ය පියවර ගත්තා. මෙහි ප්‍රතිපත්තිය හදලා ඒ වෙන කොට අවුරුදු 40ක් වෙනවා. මීට පෙර සිටි කිසිම ආණ්ඩුවක් එහි මූලික කටයුතුවලටවත් අත තියලා තිබුණේ නැහැ. 2010 අපි පනත හදන්න පටන් ගෙන 2011 වෙන කොට එය හදලා ඉවර කළා. නමුත් එවකට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරිනිය විසින් ඒ සියල්ල අස්ථානගත කරලා තිබුණා. ඊට පස්සේ ඇයද එම ආයතනයෙන් ඉවත් වෙලා තිබුණා. ඒ නිසා අපට නැවතත් මේ පනත හදන්න සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් අපි නින්දා අපහාස ගොඩක් විඳිනවා. මීට මාස හයකට පමණ කලින් අපි හදපු කෙටුම්පත ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. ඇමැති මණ්ඩලය මෙය ව්‍යවස්ථා කමිටුව වෙත යොමු කරලා තියෙනවා. ඒ වගේම අප මහජන අදහස් විමසීමක්ද කරමින් සිටිනවා. කෙටුම්පතට ඇතුළත් කළ යුතු සංශෝධන මෙහිදී ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සියලු සංශෝධන අපි ව්‍යවස්ථා කමිටුවට යොමු කරලා දැන් ඒ සියලු කාරනා සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා.

කොහොම වුණත් දෙවන පනතත් ගෙන ඒම ප්‍රමාද වෙනවා නේද?
මේ වන විට විශේෂඥ මණ්ඩලයක් විසින් සංශෝධනත් එක් කොට සැකසූ පනත් කෙටුම්පත ව්‍යවස්ථා කමිටුව වෙත යවලා තියෙනවා. ව්‍යවස්ථා කමිටුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මෙහි තවත් පනත් කෙටුම්පත් ගණනාවක් ගොඩ ගැහිලා තිබුණත් මම එහි අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා මේ පනතේ කටයුතුවලට ප්‍රමුඛතාවයක් දෙන්න කියලා. ඒ නිසා මම හිතනවා ඉතාම ඉක්මනින් ව්‍යවස්ථා කමිටුව එයාලගේ වගකීම ඉටු කරලා නැවත ඇමැති මණ්ඩලයට එවයි කියලා. ඇමැති මණ්ඩලයේ අනුමැතියෙන් පසු අපි බලා‍පොරොත්තු වෙනවා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. Read the rest of this entry »

 

ජාතික ඖෂධ පනත් කෙටුම්පත හැදුවත් නීති නිලධාරිනියක් එය අතුරුදන් කරලා මහාචාර්ය සේනක බිබිලේ 36වැනි  ගුණ සමරු උළෙල ඇමැති මෛත්‍රීපාල සිරිසේන

n-12https://www.youtube.com/watch?feature=player_embedded&v=584bH1RZirs සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරු උළෙලේදී වෛද්‍ය පීඨයන්හි ඖෂධවේදය පිළිබඳ වි‍ශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් අගයමින් සහතිකපත් ප්‍රදානය කළ අයුරු. මොන නීති හැදුවත්, මොන පනත් හැදුවත්, කුමන විදියේ ආයතන හැදුවත්, නීතියේ, ව්‍යවස්ථාවේ සහ ආයතනයේ පවිත්‍රභාවය, නිර්මලභාවය, පිරිසිදුකම කොතෙක් තිබුණත්, ඒ සියල්ලෙහි ප්‍රතිඵලය රඳා පවතින්නේ ඒවා ක්‍රියාත්මක කිරීමට බාරගන්නා පුද්ගලයා සතු චරිත ලක්ෂණ මත බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජාතික ඖෂධ පනත් කෙටුම්පත 2011 වසර අවසන් වන විට සාදා නිම කළත් නීති කෙටුම්පත් ආයතනයේ නිලධාරිනියක් වන තෙරේසා මහත්මිය එය අතුරුදන් කිරීමෙන් පසුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීම මේ වන තෙක් පසුබට වී ඇති බව ඇමැතිවරයා පැවැසුවේය. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 36වැනි ගුණ සමරු උළෙල අමතමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඇමැතිවරයා මේ බව පසුගිය දා (20) ප්‍රකාශ කළේය. Read the rest of this entry »

 
Video

ඖෂධ පනත අතුරුදහන් කළ තෙරේසාට දේව ශාපය ලැබෙනවා – මෛත්‍රීපාල … සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය එළිදැක්වීමට නොහැකි … තෙරේසා නැමැති කාන්තාව විසින් එය අතුරුදහන් කරවීමයි.

 

සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට මහජනතාවට අදහස් ඉදිරිපත් කළ හැකිලු

drugsinhandයෝජිත ඖෂධ ප්‍රතිපත්තිය ඩවුන්ලෝඩ් කිරීම  සදහා මෙතනට යොමුවෙන්න