RSS

Category Archives: ජාතික ඖෂධ ප්‍රතිපත්තිය

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ පනතේ අවසන් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා වෙත පිළිගන්වනු ලැබිණි.

ඒ අරලියගහ මන්දිරයේදී ය.

මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලෙස එලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පවසා ඇත්තේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් ‍කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩිනමින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ය.

පනත ක්‍රියාත්මක කිරීමත් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය නමින් ස්වාධීන ආයතනයක් ද ස්ථාපිත කෙරෙනු ඇති.

‍ඖෂධ  සමාගම් ලියාපදිංචිය විධිමත් කිරීම, ගුණාත්මක භාවයෙන් මෙන්ම උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ භාවිතය මෙතුළින් අපේක්ෂා කෙරේ.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමත් සමග මෙරට ‍ඖෂධ ක්ෂේත්‍රයේ සිදුවන වංචා සහ දූෂණ වළක්වා ගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

 

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය නැතිකරන්න උඩගෙඩි දෙන දොස්තර වරු. ( දොස්තර හොරු පඩිපත වැඩිකරගන්න ස්ට්‍රියික් කරනවා වගේ සේනක බිබිලේගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ස්ට්‍රයික් කරපල්ලා)

නිදහස් සෞඛ්‍ය සේවාව සහ සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය
නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීමටත්, සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවා ගැනීමටත් පෙළ ගැසෙමු!
අප රටේ සෞඛ්‍ය සේවාව දිගින් දිගටම අර්බුදකාරී තත්වයකට ඇද වැටෙමින් පවතී. ඖෂධ හිඟය, බාල ඖෂධ ගෙන්වීම, අත්‍යාවශ්‍ය රසායනික පරීක්ෂණ හා විකිරණ පරීක්ෂණ රජයේ රෝහල් වල සිදුකිරීම අඩුකර තිබීම, රෝහල් වල ඇඳන් හිඟය, කාර්ය මණ්ඩලවල හිඟය මේ අර්බුදකාරී තත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඉහත ගැටළු අතරින් ඖෂධ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ඖෂධ ගිඟය, බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ නිසි ප්‍රමිතියට නොමැතිවීම, ඖෂධ මිල අධික වීම ආදිය නිසා රෝගීන්ට ගුණාත්මක ඖෂධ ලබා ගැනීමට නොහැකි වී ඇත.

රජයේ රෝහල් වල අත්‍යාවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සිදු නොවීමෙන් ඖෂධ හිඟය බරපතල තත්වයට පත්ව තිබේ. පසුගිය වසරේ පමණක් ලංකාවට ආනයනය කළ ඖෂධ වර්ග 60ක් පමණ තත්වයෙන් බාල වීමෙන් පෙනී යන්නේ රෝගියාට ලැබෙනුයේ තත්වයෙන් බාල ඖෂධ බවය. මේ අතර වෙළඳ පොළේ ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග ආදී ජීවිත කාලයම ඖෂධ ලබා ගන්නා රෝගීන්ට මෙම ඖෂධ මිල ගණන් කිසිසේත්ම දරාගත නොහැකි වී තිබේ. එමනිසා ඔවුන් බහුතරය ඖෂධ මිල දී ගත නොහැකි තත්වයට පත්ව ඇත. තවද අත්‍යාවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ මිල ද වේගයෙන් ඉහළ ගොස් ඇත.

ඇති වී තිබෙන මේ තත්වය ආණ්ඩුව හා ඖෂධ සමාගම් එක්ව සිදුකරන ඖෂධ ජාවාරමේ ප්‍රතිඵලයකි.

මෙම ඖෂධ ජාවාරමට වැට බැඳීම සඳහා ලොවපුරා ගෙනගිය අරගලයට නායකත්වය දුන්නේ මහාචාර්ය සේනක බිබිලේ ය. ඔහු ඉදිරිපත් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අපේ රටේ මේ දක්වා ක්‍රියාත්මක කිරීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කොට නැත. නමුත් රටවල් ගණනාවක් ඔහුගේ එම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඖෂධ ජාවාරම්කරුවන්ට වැට බැඳ තිබේ.

අපේ රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඖෂධ ජාවාරම් කරුවන්ට වැට බඳිමින් ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන වගකීමකි. නමුත්, ආණ්ඩුව දිගින් දිගටම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගහරිමි සිටී. එනිසා එය ක්‍රියාත්මක කර ගැනීම සඳහා සංවිධානාත්මකව ආණ්ඩුවට බලපෑම කළ යුතුය. ඒ සඳහා අප සියළු දෙනා එකාවන්ව පෙළ ගැසෙමු.

(සැප්. 27 දිනට යෙදුණු මහාචාර්ය සේනක බිබිලේ 33 වන ගුණ සමරුව වෙනුවෙන් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් නිකුත් කළ අත් පත්‍රිකාව) 

 

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මාෆියාකරුවන් නිර්වින්දනය කරයිද?

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මාෆියාකරුවන් නිර්වින්දනය කරයිද? 2014/03/16  දිවයින 

http://www.divaina.com/2014/03/16/feature15.html

ලොව ලාභදායිම ව්‍යාපාරය… ආයුධ වෙළඳාමය. ඊට සමකළ හැකි තවත් ව්‍යාපාරයක්‌ තිබේ නම් ඒ ඖෂධ වෙළඳාමය. රෝගාබාධයන්ට ලක්‌ වන්නන් සිටිනතාක්‌ කල් ඖෂධ වෙළඳාමට වාසිය. ඖෂධ වෙළ¹ම ජාවාරමක්‌ බවට පත්වන්නේ මේ වාසිය නිසාය. ඖෂධ ජාවාරම මාෆියාවක්‌ වන්නේ ලාභ ලැබිය හැකි පහසුම මාර්ගය එය වන නිසාය.

සිය ව්‍යාපාරය රැක ගැනීම සඳහා මේ ඖෂධ මාෆියාකරුවන්ට කළ නොහැක්‌කක්‌ නොමැත. අවශ්‍ය නම් ඒ උදෙසා ජීවිතයක්‌ නැති කිරීමට වුවද ඔවුන් පසුබට වන්නේ නැත, ඒ නිසාම ඖෂධ මාෆියාවට එරෙහි වන්නෝ ඒ සඳහා වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌ වරක්‌ සිතති.

ඖෂධ මාෆියාවට වැට බැඳීම සඳහා බොහෝ රටවල් ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇත. ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තිද ක්‍රියාත්මක කරති. එහෙත් තුන්වැනි ලෝකයේ රටවල්. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක්‌ ඖෂධ මාෆියාව නමැති බහුජාතික බූවල්ලාගේ ග්‍රහණයට හසුව සිටිති. ජාතික ප්‍රතිපත්තීන් එද්දී ඒවාට වැට බඳිති.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශ්‍රී ලංකාවටද දැනුණේ අද ඊයේ සිට නොවේ. ශ්‍රී ලංකාවේ අපද වසර ගණනාවක පටන් ඖෂධ මාෆියාවට ගොදුරුව සිටිති. මේ ඖෂධ ජාවාරම්කරුවන්ගේ සූරාකෑමට ලක්‌ නොවූ කෙනෙක්‌ සිටිත්ද…. මවුකුස සිටින නූපන් දරුවා පවා මේ නරුම ඖෂධ මාෆියාකරුවන්ට ගොදුරු වී සිටී. කුස තුළ සිටින දරුවා වෙනුවෙන් මව භාවිත කරන බෙහෙත් පෙත්තේ සිට මිය යන මොහොතේ දී… තවත් එක්‌ විනාඩියක්‌ හෝ ජීවත් වීම සඳහා කෙනකු බොන බෙහෙත් උගුරෙන් පවා මේ ජාවාරම්කරුවෝ මුදල් ගසා කති.

එදා හැත්තෑව දශකයේ දී කීර්තිමත් වෛද්‍යවරයකු වූ මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව පෙන්වා දුන්නේ ඒ නිසාය. බහුජාතික සමාගම් විසින් රෝගීන් සූරාකමින් ලොව පුරා ගෙන යන ඖෂධ මාෆියාවේ ස්‌වභාවය මහාචාර්ය සේනක බිබිලේ විසින් මුළු ලෝකයටම හෙළි කළේය. දුප්පත් රටවල් මේ මාෆියාකරුවන්ගෙන් ගළවාගැනීමට ඔහුට බලවත් වුවමනාවක්‌ තිබිණි. ඒ නිසාම ඖෂධ ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය බව ඔහු තරයේ කියා සිටියේය. Read the rest of this entry »

 

ජාතික ඖෂධ ප්‍රතිපත්තයත් විකෘති කරලාලූ!

ඒමන්ති මාරඹේ- 2014 /03/16

images(2)නව ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ පෞද්ගලික වුවමනාව මත සමහර කරුණු ඇතුළු කර ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිත දැනුම් දීමක්‌ කර තිබේ.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත සකස්‌ කිරීමට පෙර රජයේ ඖෂධවේදීන්ගේ අදහස්‌ ද විමසන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිය සංගමය වෙත කලින් දැනුම් දී තිබුණද මෙතෙක්‌ එවැන්නක්‌ සිදු නොවූ බවද ඖෂධවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙහි සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය මත අදාළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර හෝ ඖෂධවේදීන්ගේ අදහස්‌ හා යෝජනා නිල වශයෙන් ලබා ගන්නා ලෙසද අදාළ කරුණු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමේ ගැටලු පවතී නම් ඒ පිළිබඳව ඖෂධවේදීන්ගේ වෘත්තීයවේදී සංවිධානය සමග නිල වශයෙන් සාකච්ඡා කරන ලෙස ද සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

http://www.divaina.com/2014/03/16/news08.html

 
Image

 

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම-2014/03/16 දින දිවයින 

imagesශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීම යනු අතිශය දුෂ්කර වූද ඊටත් වඩා අන්තරාදායක වූද කාර්යයක්‌ බව කවුරුත් දනිති. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ වෙනුවෙන් හඬ නැඟූ විශිෂ්ට වෛද්‍යවරයකු වූ මහාචාර්ය සේනක බිබිලේ මහත්මාණන් සදාකාලිකව නිහඬ කරන ලද්දේත් ඖෂධ මාෆියාවේ රුදුරු බලවේග විසින් බව නොදන්නා අයෙක්‌ සිටිත්ද?

දසක හතරකට නො අඩු ඉතිහාසයක්‌ සමග ඖෂධ මාෆියා කල්ලිය විසින්ම යටපත් කරන ලද ඒ උතුම් ඖෂධ ප්‍රතිපත්තිය සකසා ජනාධිපතිවරයාට භාර දීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වීම ජනතාවගේ භාග්‍යයක්‌ වන්නේ ද ඒ පසුබිම තුළය.

ජනාධිපතිවරයා අතට පත් කරන ලද ඒ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සිය කැබිනට්‌ මණ්‌ඩලයෙන් අනුමත කරවා පනතක්‌ ලෙස නීතිගත කිරීම නුදුරු අනාගතයේදී සිදු වනු ඇතැයි ද අපි විශ්වාස කරමු. එහෙත් එය කෙබඳු අභියෝගයක්‌ විය හැකිද යන්න පිළිබඳව අපට මෙන්ම රටට ද නිසි වැටහීමක්‌ තිබේ.

ධනවාදී පාරිභෝගික අර්ථ ක්‍රමයක ශාපය විසින් කුණපයක්‌ බවට පත් කරන ලද මේ සමාජය තුළ තවමත් ඔඩු දුවමින් ඇත්තේ දූෂණය, වංචාව, අල්ලස, අපරාධ හා නොයෙක්‌ අපයෝජනයන් බව ද අපි දනිමු. බල්ලො මරා හරි සල්ලි හම්බු කිරීම පරමාර්ථය කර ගත් සිත් පිත් නැති සමාජයක ඒ වෙනුවෙන් මිනිස්‌ ජීවිත කෙතරම් නොවටනා දේවල් බවට පත්ව තිබේද? Read the rest of this entry »