RSS

Category Archives: ජනතාවට හදි කරන හෙදියන් සහ සුදනා වෙන්න දගලන පොන්න දොස්තරලා

ජනතාවට හදි කරන හෙදියන් සහ සුදනා වෙන්න දගලන පොන්න දොස්තරලා

Ananda-himiඉකුත්දා දින තුනක් තිස්සේ පැවැති සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය නිසා මෙරට රෝහල් ක්‍ෂේත්‍රයේ බිඳ වැටීමක් ඇති වී තිබුණා. එම තත්ත්වය කොතරම් බරපතළ ස්වරූපයක් ගෙන තිබුණාදැයි කිව්වොත් කලින් දින නියම කර තිබූ සැත්කම් 40000ක් පමණ කල් දැමීමට සිදුවූ බවයි අසන්නට ලැබෙන්නේ. මෙවැනි වැඩ වර්ජන නිසා අසීරුතාවයට පත්වෙන්නේ මේ රටේ සිටින දුප්පත් ජනතාව නේද?

සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය නිසා සැත්කම් කල්දැමීමට සිදුවී ඇතැයි කීම අපට පිළිගන්න බෑ. මොකද ඒ විදියට කලින් දින නියම කර තිබූ සැත්කම් කල් දැමීම ඊට කලිනුත් ඕනෑ තරම් සිදු වුණා. එක්කෝ ශල්‍ය වෛද්‍යවරයා නැහැයි කියනවා නැත්නම් නිර්වින්දන වෛද්‍යවරයා නැහැයි කියනවා. අපට අවශ්‍ය නම් ඒ සංඛ්‍යා ‍ලේඛන පවා ලබා දෙන්න පුළුවන්. කොටින්ම කියනවා නම් 2015, 2018, 2020 තරම් ඈතට දින දීපු සැත්කම් පවා තිබෙනවා. 

දැන් ඔබ වහන්සේ කියන්න උත්සාහ කරන්නේ රජයේ රෝහල්වල සැත්කම් කල් දැමීම සාමාන්‍ය සිද්ධියක් කියලනේ. ඒත් පසුගිය දින 3 ක් ඇතුළත සැත්කම් 40000ක් පමණ කල් දැමීමට සිදුවී තිබෙන්නේ ඒ දිනවල පැවැති සෞඛ්‍ය සේවා වැඩවර්ජනය නිසයි?
හැබෑටම දින 3 ක් ඇතුළත මොන මොන රෝහල්වලද ඔය කියන තරම් සැත්කම් ප්‍රමාණයක් කල්දමා තිබෙන්නේ ඒ රෝහල් ගැන කිව්වොත් අපට පුළුවන් ඒ පිළිබඳ නිවැරදි සංඛ්‍යා ‍ලේඛන සොයා ගන්න. අද රජයේ රෝහල්වල දවසකට සැත්කම් කීයද සිදු කෙරෙන්නේ ? ඔය කතාව මහජනතාව නොමග යැවීම සඳහා හිතාමතාම ගොතපු එකක්.

ඉතින් ඔබ වහන්සේ කියන්නේ ඒ කතාව වැඩ වර්ජකයන් අප්‍රසාදයට පත් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් ගොතපු එකක් කියලද ?
සෞඛ්‍ය බලධාරීන් නොවෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි ඒ කතාව පතුරුවා හැර තිබෙන්නේ.

හොඳයි ඔය සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය නිසා සෘජුවම පහර වදින්නේ මේ රටේ දුප්පත් ජනතාවට නොවෙයිද ? 
රජයේ රෝහල්වලට යන දුප්පත් ජනතාව පීඩාවට පත්ව සිටියේ අද ඊයේ සිට නොවෙයි. මීට කාලයකට පෙර සිටමයි රජයේ රෝහල්වලින් දුප්පත් ජනතාවට පහරවැදී තිබුණේ. අද හදවත් සැත්කමකට නැත්නම් වකුගඩු සැත්කමකට ගියාම බොහොමයක් ඖෂධ වර්ග පිටින් ගෙනැවිත් දෙන්න වෙනවා. ඊළඟට අද අපේ ජාතික රෝහල්වල රසායනාගාර, පර්යේෂණාගාර තිබුණට රෝගීන් සඳහා අවශ්‍ය කරන පරීක්ෂණ කටයුතු කරගන්න වෙන්නේ පෞද්ගලික අංශයෙනුයි. හොඳයි අද පුළුවන්ද රජයේ රෝහලකින් රුධිර පරීක්ෂණයක් කරගන්න. උදාහරණයක් වශයෙන් ඉකුත් 5 දා කුලියාපිටිය රෝහ‍ලේ නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකිව තිබියදීත් එම රෝගීන් පිරිස වෙනත් රෝහල්වලට මාරු කරන්න හැදුවා. වෛද්‍යවරුන් ඇතුළු රෝහල් බලධාරීන් එහෙම කරන්න  හැදුවේ ප්‍රතිකාර කරන්න බැරි නිසා නොවෙයි. Read the rest of this entry »