RSS

Category Archives: කොළඹ ජාතික රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ ගුටිකෙළිය

කොළඹ ජාතික රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ ගුටිකෙළිය

කොළඹ ජාතික රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ ගුටිකෙළිය

ජාතික+රෝහලේ+වෛද්‍යවරුන්+දෙපිරිසක්+අතර+ගැටුමක්.ගුටි කෙලිය මෙතනින් නරබන්න 

මැති ඇමැතිවරුන් ගහගනිද්දී මේක ප්‍රශ්නයක් නොවේ

– විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ කැඳවුම්කරු නිර්මාල් රංජිත් දේවසිරි

ප්‍රශ්න කතාකර විසඳා ගැනීමට නොහැකි වූ විට වෛද්‍යවරුන් අතරත් මෙවැනි සිදුවීම් ඇතිවෙනවා.

වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාකලාපයන් සමාජයට බලපාන ආකාරය ගැන බැලුවොත් අමුතුවෙන් සමාජයට මෙවැනි දේ බලපාන්නේ නැහැ. වෛද්‍යවරු ගහ ගැනීම ප්‍රශ්නයක් ‍නෙවෙයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමැතිවරු ගහගන්නේ. මම දන්න විදියට වෛද්‍ය නිලධාරී පාර්ශ්ව දෙක අතර තමයි ඔය ගැටුම සිදුවුණේ. මේ නිසා සමාජයට විශේෂයෙන් බලපෑමක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. මොකද වර්තමානයේ හැම තැනම දැන් ගහ බැණ ගැනීම් තියෙනවා. තව දේවල් ඕන නැහැ. අපේ රටේ ආණ්ඩුකරණයත් මේ වගේ තත්ත්වෙකනෙ තියෙන්නේ.

දන්න කෙනෙකුගෙන් ඔය ගැන අහන්න

– ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ

මම ඒ ගැන දැනුවත් නැහැ. මේ සම්බන්ධව දැනුවත් වුණු කෙනෙක් සම්බන්ධ කර ගත්තා නම් හොඳයි.

ඔය කරුණ ගැන මම දැනුවත් නෑ

– ආචාර්ය දොස්තර ගුණදාස අමරසේකර

මම ඔය කාරණේ ගැන කතා කරන්න දැනුවත් නැහැ.

වෛද්‍ය වෘත්තිය බොහෝ පිරිහිලා

– මහාචාර්ය පාතේගම ඤාණිස්සර නාහිමි

සාකච්ඡා කොට විසඳා ගත හැකි ප්‍රශ්න ගුටිබැටවලින් කෙළවර කර ගැනීම කිසිවෙකුත් අනුමත කරන දෙයක් ‍නෙවෙයි. වෛද්‍ය වෘත්තිය යනු ඉතා බුද්ධිමත්ව කළ යුතු සමාජයෙන් ඉතා ගරු බුහුමන් ලැබෙන ක්ෂේත්‍රයක්. නමුත් වර්තමානයේ මෙම වෘත්තිය තුළ බොහෝ පිරිහීමේ තත්ත්වයක් දකින්නට තිබෙනවා.
වෛද්‍යවරයකු කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කළ යුතුයි. වෛද්‍ය වෘත්තියක් ලැබෙන්නේ පෙර පිනකටයි.
වෛද්‍යවරු නම් පවසන්නේ තමන් වෛද්‍යවරයකු බවට පත්වුණේ දිවා රෑ නිදි මරමින් කටපාඩම් කළ නිසා බවයි. උසස් පෙළ කියන්නෙම කටපාඩම් කිරීමනේ. කටපාඩම් කළ පලියටම වෛද්‍යවරයකු වන්නට බැහැ. එහෙම නම් කටපාඩම් කළ නිදි මරපු අය තව කොතරම් නම් සිටිනවාද? ඒ නිසා වෛද්‍ය වෘත්තිය යනු පෙර පිනකට ලැබෙන්නක් බව කවුරු කවුරුත් තේරුම්ගත යුතුයි.
වෛද්‍ය වෘත්තියෙන් පින් රැස්වෙනවා. පවු ලැබෙනවා. මෙහෙම වෘත්තියක් තවත් නැහැ. පින් රැස් වෙන්නේ තම වෘත්තිය හරියට කළහොත් පමණයි.
අසරණ මිනිසුන් ගැන රෝගීන් ගැන අනුකම්පාවකින් දයාවෙන් තොරව කටයුතු කළහොත් එවැනි වෛද්‍යවරුන්ට කිසිදාක පින් රැස් වෙන්නේ නැහැ. ඔවුන් රැස් කර ගන්නේ පව්. ඒ නිසා එවැනි වෛද්‍යවරු අපායට යෑම වැළැක්විය නොහැකියි. තම වෘත්තිය අවංකව, මෛත්‍රී සහගතව කරන වෛද්‍යවරු දිව්‍ය ලෝකයේ උපත  ලබන බවද කිවයුතුයි.
තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් පමණක් කටයුතු කරන වෛද්‍යවරු සැබෑ ජීවකයින් නොවෙයි.

දේශපාලනය සහ බලය පිළිබඳ ගැටුමක්

– ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා

වෛද්‍යවරුන් අතර ඇතිවූ ආරවුල වෛද්‍ය සංගම්වල කඩාවැටීම නිසාද දේශපාලනඥයින්ගේ වුවමනාවට සිදු වූවක් දැයි විමසා බැලිය යුතුයි. මේ ප්‍රශ්නය දෙස අප ඉහළ සිට විශ්‍ලේෂණයක් කර බැලුවහොත් මේ තුළද දැකගත හැක්කේ හුදු දේශපාලනයක් සේම බලය පිළිබඳව ඇති ගැටුමක්.
වෛද්‍යවරුන් අතර විවිධ කණ්ඩායම් ඉන්නවා. ඔවුන්ගෙන් සමහරු කරන්නේ දේශපාලනයම විතරයි. සමහරු ඔවුන්ගේ වුවමනාවට නැටවෙන රූකඩ. තවත් පිරිසක් එනම් පහළම සිටින වෛද්‍යවරුන්ගේ ඉහළින් සිටින්නන්ගේ අතකොලු.
රටේ දේශපාලනය තුළ ඇත්තෙත් මෙවැනිම දෙයක්. ඉහළින් සිටින අය පහළින් සිටින අයව පාලනය කරනවා. හසුරුවනවා. නටවනවා. සමහර විට ඉහළම සිටින අය ලෝකයේ වෙනත් රටවල්වලට අවශ්‍ය පරිදි හැසිරෙනවා. වෛද්‍යවරුන් අතරේද මෙවැනිම තත්ත්වයකුයි මා දකින්නේ.
ඡන්දයක් ගෙන බැලූ විට ගහගන්න, වෙඩි තියාගන්න යන්නේ පහළම සිටින අයයි.
වෛද්‍ය සංගම් තුළ ඇත්තේ දේශපාලනයක්. බලය පිළිබඳව කෑදරකමක්. ඒ නිසා ඔවුන් ඇන කොටා ගන්නවා. වෛද්‍ය සංගම් හරහා දේශපාලනය කරන වෛද්‍යවරුන් අවසානයේ සැබෑ දේශපාලනයට පිවිසෙනවා. ඊට උදාහරණ ඕනෑ තරම්. වෛද්‍ය සංගම්වල දේශපාලනය කරමින් ඔවුන් ජාතික දේශපාලනයට එනවා.
අවංකවම සංගමයේ කඩාවැටීම නවත්තගන්න කටයුතු කරන වෛද්‍යවරු පිරිසක්ද මේ අතර සිටින්නට පුළුවන්. නමුත් ගැටුම් ඇතිවන්නේ බලයට ඇති දැඩි වුවමනාව නිසාමයි. බලයට සීමාවක් නැහැ.

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=38648:2014-08-03-18-03-43&catid=48:2012-04-02-08-50-52&Itemid=75

ගුටි කෙලිය මෙතනින් නරබන්න 

Advertisements
 

Tags: