RSS

Category Archives: කොන්දොස්තර කමට සුදුසු ජනතාවගේ මුදලින් උගත් දොස්තර

සැත්කම් අඬුව මාස තුනක් බඩේ

2013 මැයි මස 10 10:49:14 | . , රත්නපාල ගමගේ

 කාන්තාවකගේ පිත්තාශය ඉවත් කිරීමේ සැත්කමට යොදා ගත් අඬුවක් මාස තුනක්  තිස්සේ   ඇගේ උදරයේ තිබිණි.

එංගලන්තයේ වොව්රික්ෂයර් ජාතික රෝහලේ වෛද්‍යවරු දෙවැනි සැත්කමකින් එම අඬුව ඉවත් කළේය.

පිත්තාශය ඉවත් කිරීමෙන් පසුවත් ඇගේ උදරයේ වේදනාව අඩු නොවීම නිසා ඇය ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමේදී සැත්කම් අඬුව ඇගේ උදරයේ ඇති බව සොයා ගැනිණි.

http://lankadeepa.lk/index.php/articles/119876

 

Advertisements
 

ජනතාවගේ මුදලින් නොමිලේ ඉගෙනගත්තු දොස්තර මාෆියාවරුන් විසින් ජනතාව සුරා කෑම

 

20140413_065659

2014 අප්‍රේල් 11 දින “අද” පුවත්පතින් උපුටා ගන්නා ලදී.

 

 

 

දොස්තර කම නොදත් දොස්තර මගේ අත කැපුවා


‘හිතට දුකයි අත නැතුවා ඒත් අපට දිරි ඇතුවා’
අතක්‌ අහිමි අචලාගේ දුක්‌බර කතාව…

ඒ අචලාගේ වමතය.

කුඩා කල සිට ඇයට හුරු වමතය. සෑම කුදු මහත් කටයුත්තකදීම ඇයට හුරු වූයේ වමතය. අතක්‌ අහිමි වීමට වඩා ඇයට ශෝකය දැනුනේ වමත අහිමි වීම ගැනය. සිදුවූයේ ඇද වැටීමකින් අත බිඳීමක්‌ පමණි. මහා බරපතළ දෙයක්‌ නොවේ. අත කපා දැමීමට තරම් හේතුව සොයා ගිය කල්හී සොයා ගැනුණේ මාතර රෝහලේදී අතට වෙළුම දැමූ වෛද්‍යවරයාගේ වරදින් අතෙහි ස්‌නායු අක්‍රිය වී ඇති බවය.

කොළඹ මහ රෝහලේ 64 වාට්‌ටුව පසුගිය දිනවල නීති ශිෂ්‍යයන්ගෙන් පිරී ඉතිරී තිබිණි. ඒ වමත අහිමිවූ තම සොහොයුරිය බලන්නටය. තමාට අහිමි වූයේ අතක්‌ පමණක්‌ වුවද තමා වටා අත් දහස්‌ ගණනක්‌ ඇතැයි ඇය අපට කියා සිටියේ සතුටු සිතිනි. Read the rest of this entry »

 

දොස්තරලා සහ සේවකයෝ

දොස්තරලා සහ සේවකයෝ

 images

(2012 අ‌ප්‍රේල් මස 03 වැනිදා අඟහරුවාදා) http://sydneythought.blogspot.com/2012/06/blog-post_27.html
ඕනෑ ම සේවා ස්ථානයකදී ඔබට හමු වන ආයතන සේවකයා ඉතා සුහද ලෙස ඔබට කෙසේ දැයි විමසීම ඔස්ට්‍රේලියාවේ දී සාමාන්‍ය සිරිතකි. එහෙත් පිළිතුර කුමක්දැයි සෙවීමට මාහට මඳ වේලාවක් ගත වූයේ සී.ටී. ස්කෑන් පරීක්ෂණයට පරීක්ෂණාගාරයට ගිය විට එහි සේවිකාව එසේ විමසූ විට ය. මෙහිවිත් ටික දිනකින් මතුව ආ කොන්දේ වේදනාවක් ගැන අසා මා මෙම පරීක්ෂණයට යොමු කළේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරියකි. සැබවින්ම මා දවස ගෙවන්නේ අපහසුවක් සහිතව ය. එහෙත් සේවිකාවට ‘හොඳින් ඉන්නවා‘ යැයි නොකීම සාධාරණ ද නොවේ.
පරීක්ෂණය සඳහා මා කැඳවාගෙන ගිය හෙදිය සිදුකරන ක්‍රියාවලිය පිළිබඳ විස්තර මාලාවක් ඉදිරිපත් කළා ය. ඇයගේ ඔස්ට්‍රේලියානු ඉංගිරිසි බිනීම හරි හැටි නොවැටහුන ද මම සියල්ල තේරුම් ගත් බවක් ඇඟවීමි. ඇය කියනා දේ තේරුන ද, නොතේරුනද මේ පරීක්ෂණය දැන් අත්‍යාවශ්‍ය එකකි.
ස්කෑන් යන්ත්‍රයට ඇතුළු කිරීමට මත්තෙන් මා ඇඳ මත බෑවූ ඇය මගේ හිස නිසි එල්ලයකට සැකසී ය. ඇගේ අවසන් උපදෙස පරිදි මම දෙනෙත් පියාගතිමි. විශ්වය තුළට ඇද දැමූ ස්වභාවයක් දරමින් යන්ත්‍රය මා ගිල ගනු දැනින. හිසට දැනෙන මද උණුසුමක් සමග විග්‍රහ කළ නොහැකි  වටපිටාවක  පාව යන ස්වරූපයක් දැනෙද්දී හෙදියගේ උවදෙස් අමතක කොට හොරැහින් දෙනෙත් විවර කිරීමේ උමතු ආශාවක් මා තුළ ඇති වූයෙන් උමතුව සමග සටන් කිරීමට තරයේ දෙනෙත් පියා ගතිමි. වරක් මා යන්ත්‍රයෙන් පිටතට ගත් හෙදිය (මේ ඇතුළු කිරීම් පිට කිරීම් මාගේ උපකල්පනයන් මිස යථාව නොවිය හැක. මා තරයේ දෙනෙත් පියා ගෙන උන් බැවිනි.) මාගේ වමතෙහි වැළමිට ආසන්නයට එන්නතක් ඇතුළු කළා ය. ඇයගේ නොතේරුණු ඉංග්‍රීසි වැහැරීම ඒ සමග මට ප්‍රායෝගික ව වැටහෙන්නට විය. තත්පර කිහිපයකින් මාගේ ශරීරය තුළ ආශ්චර්යජනක උණුසුමක් විහිද ගියේ ය. එය විග්‍රහ කිරීමට සුදුසු වදනක් නොවෙතත්, ‘දෙලෝ රත්වීම‘ වැනි වදනකට කිට්ටු වදනක් ඊට උචිත බැව් කිව යුතු ය.
යම් රෝගී තත්වයක් හමුවේ රෝහලක් වෙත යන්නට සිදුවීම දේශීයව හෝ විදේශීයව වුව අපට ලබා දෙන්නේ නියත සංඥාවකි. ‘අප ශරීරය රෝගී වී ඇත‘ යන්න එහි ඇති, සරල හා නිශ්චිත යථාවයි. එහෙත් ‘රෝගී වීම‘ යන්න දේශීයව හා විදේශීයව වෙනස් ස්වරූප ගන්නා ආකාරය විදේශයන්හිදී විවිධ රෝගාබාධයන්ට ලක් ව ප්‍රතිකාර ලබා ගත් මා දන්නා උදවිය බොහොමයක් හරහා හඳුනාගත් අවස්ථා බොහොමයකි. ඇතැමුන් විදේශයකදී රෝහලකට යන්නට සිදුවීම සැළකුවේ තමන් ලද මහත් භාග්‍යයක් වශයෙනි.
“හප්පා… බලන්න එපායැ ඒ හොස්පිට්ල්වල ලස්සන… බිම නිකං දාගෙන බත් කන්න පුළුවන් ගාණයි ඒවගේ පිරිසිදුකම උණත්…“
සිඩ්නි නුවර
විදේශීය රෝහල්වලදී වෛද්‍යවරුන් ඉදිරිපස සිටින රෝගියා වෙත පැමිණ ඔහු හෝ ඇය කැඳවාගෙන යන බවත්, අතිමහත් ගරුසරු සහිතව සළකන බවත් අයියා වරක් පැහැදිලි කර දුන්නේ ඔහුගේ දියණියගේ උපත සිදුවූ ආකාරය පහදමිනි. ඇය උපදින මොහොතේ විදේශයක උන් ඔවුනට දියණියගේ උපත සටහන් කරන්නට වූයේ එරට දී ය. දරු උපත මොහොතේ පියාටත් මව සමග රැඳී ඉන්නට සැළැස්වීම එරට රෝහල් සේවය තුළ හමුවන විශිෂ්ට කරුණු රැසකින් එකක් බව  අයියා කරුණු ගෙනාවේ ය.
“චූටි පුතා ලැබෙන්න මට අමාරු වුණු වෙලාවෙ කටුගස්තොට ඉස්පිරිතාලෙන් මාව භාරගත්තෙ නැහැ… චූටි මල්ලිට හොඳටම තරහ ගියා ඒකට… අන්තිමේ නුවර යන්න වුණා…“
මල්ලිගේ උපත පිළිබඳ මෙම පවත වචන කිහිපයක් ලෙස අම්මාගේ මුවින් පිට ව ගිය ද ඇය ඒ මොහොතේ කෙතරම් වේදනාවක් විඳින්නට ඇති ද? කුළුඳුල් දරුවා ලෙස අයියා උපදින විට ගමට ගොස් කුරුණෑගල රෝහලේදී නතරවී ඇති අම්මා මමත්, මල්ලීත් උපදිද්දී නුවර මහගෙදරම නතරව සිට ඇත‍.
 ශරීරයන්ත්‍රයෙන් මා පිටතට බෑවූ පසු හෙදිය පිටවන දොරටුව මා හට පෙන්වා දී ‘යළි හමුවෙමු‘ යි ද කීවා ය! මේ නම් අපූරු දෙයකි. මෙහි දී ඔබ යම් කිසි මුදලක් ගෙවා සේවාවක් ලබා ගන්නා විටෙක අතිශය ආචාරශීලී වන ආයතන සේවකයෝ දොරවල් හැරගෙන විත් ඔබ පිළි ගනිති. ආසනය වෙත කැඳවාගෙන ගොස් එහි හිඳුවා ලති. ‘ඉතින් කොහොමදැයි‘ අසති. සියල්ල මුල සිට අසා සිටිති. සියල්ල අග මුල ඇති ව විස්තර කර දෙති. යළි පිටව යාමට දොර විවර කොට දී, සුභ දවසක් පතා, ‘නැවත හමුවීමක්‘ ප්‍රාර්ථනා කරති. එහෙත් මේ සුපුරුදු පැතුම හෙදියගේ මුවින් පිට වීම එතරම් මා සිත පුබුදු කළේ නැත. යට කී ‘දෙලෝ රත්වීම‘ එතරම් සිත් ඇද නොගන්නා සුළු වූ බැවිනි.
අප රටේ රජයේ රෝහල්වල පමණක් නොව මුදල් ගෙවා සේවාව ලබාගන්නා පුද්ගලික රෝහලක දී වුව දකින විට සිනාමුසුව, සුභ පතා පිළිගන්නා හෝ පිටව යන විට සුභ දවසක් පතන්නා වූ රෝහල් සේවකයින් මාහට හමුව ඇත්තේ ඉතා කලාතුරකිනි. වරෙක ප්‍රසිද්ධ රෝහලකදී විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසීමට අන්තර්ජාලය හරහා අංකයක් ලබාගත් මට දින කිහිපයකින් දුරකථන ඇමතුමක් ලැබුණේ අදාල දිනයේ වෛද්‍යවරයා නොපැමිණෙන බව සඳහන් කරමිනි. ඒ වෙනුවට මා වෙත වෙනත් දිනයක්ද ලැබුණෙන් එම දිනයේ මම රෝහලට ගියෙමි. මුලින් මා ලබාගත් අංකය පැමිණෙත්ම මම මගේ පත්‍රිකාව දොර අසළ උන් හෙදියට දුනිමි.
“ඔයා ටිකක් පැත්තකට වෙලා ඉන්න. මම කතා කරන්නං“
මගේ පත්‍රිකාව බලා කිසිදු තැකීමක් නොකළ ඇය කීවා ය.
“ඒත් මේක මගේ නම්බර් එකනෙ“ Read the rest of this entry »