RSS

Author Archives: මා අසරණ රෝගිකි .

About මා අසරණ රෝගිකි .

මා අසරණ රෝගිකි . ශ්‍රී ලංකාවේ දොස්තර මාෆියාව සහ අශිෂ්ට ගෝත්‍රික දොස්තරයින් මාව හුරාගෙන කනවා. මගේ ලමයව මු ලිංගික අපයෝයනයට ලක් කළා. මාව දුෂණය කළා , මරා දැමුවා. වැසිකිලිවල මු කැමරා හයි කරලා පහත් වින්දනයක් ලබනවා.බෙහෙත්ගන්න ආපු මගේ ළමයට මු පයින් ගැහුවා.මගේ ළමය මේ නරුමයින්ගෙන් බේරගන්න මට පිහිටක් වන්න. ඔබට පිං අත් වෙයි. අනේ පිහිටක් වන්න.ඔබට පෙන්නේ නැද්ද මගේ සල්ලි වලින්ම ඉගෙනගත්තු මේ දොස්තරයින් බෙහෙත් කොම්පැනි කාරයිනුයි ,චැනල් කඩයි එක්ක එකතු කරගෙන මටයි මගේ නොදරුවාටයි කරන වින්නැහිය. මේ දොස්තරයින් කිසිම කෙලෙහි ගුණයක් දන්නේ නැති උන්. මගේ දරුවට කන්න දෙන්න තියෙන සල්ලි වලින් තමයි මම ඒ කාලේ මේ දොස්තරයින්ට මම ඉගැන්නුවේ.දැන් බලන්න මුන් ඉගෙනගත්තාට පස්සේ මට මගේ දරුවට කරන දේ .මගේම සල්ලි වලින් ඉගෙනගෙන මාවම මරන්න හදනවා. ලංකාවේ වැඩියෙන්ම රෝහල්වල වර්ජනය කරලා අපේ අම්මලා නංගිලා මල්ලිලා අයියලා කීදෙනෙක් මුන් මරාගත්තාද. අනේ මට ඔබේ පිහිට අවශ්‍යයි. අනේ පිහිටක් වන්න .අනේ නොදැක්කා වගේ ඉන්න එපා! මම අසරණයි.මගේ දරුවා අසරණයි. ඔබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! අනේ මාවයි මගේ දරුවාවයි බේරාගන්න.මට කියන්න කෙනෙක් නෑ. මම අද අසරණ වෙලා.
Video

Negombo High Court sentences doctor to death

 
 
Video

Doctor who was found guilty for the Rape and murder of a girl in Negombo hospital sentenced to death by the court

A doctor who was found guilty of the rape and murder of a garment factory worker by pushing her off the 6th floor of the hospital building was sentenced to death by the Negombo High Court Judge.

Doctor Indika Sudarshana Balasuriya attached to the Surgery Unit of the Negombo Hospital had murdered 22-year old Chamila Dissanayake of Moneragala on the 12th of November 2007.

Chamila was serving in the Katunayake Free Trade Zone at that time.

Several hospital workers as well as the Judiciary Medical Officer of the Ragama Teaching Hospital gave evidence during the hearing of the case in 2013.

Police Inspector Pradeep Siriwardana who conducted the investigations testified that among the evidence found in the convicted doctor’s room were several brands of aphrodisiacs.

http://www.hirunews.lk/goldfmnews/91097/update-negombo-doctor-who-raped-girl-pushed-her-off-from-building-sentenced-to-death-video

 

 

ඇඟලුම් සේවිකාව දුෂණය කර මීගමු රෝහලේ 6 වැනි තට්‌ටුවෙන් බිමට දැමීම මරදන්කඩවල ගෝත්‍රික දොස්‌තර එල්ලුම් ගහට.

බියට්‍රිස් නම් ඒ දුප්පත් කම්කරු කාන්තාව ගේ බිය නැති සාක්කිය නිසා තමයි මූව එල්ලුම් ගස් යවන්න හැකි උනේ. මීගමුවෙ දොස්තරල ඒ මනුස්සයට බල පෑම් කලා. රස්සාවෙන් එලෙව්ව​. ඒ මනුස්සය ඒත් සැලුනෙ නැ. අදත් රස්සාව නෑ.
මීගමු රෝහලේ මේකට සම්බන්ධ බලු දොස්තරල සෙට් එක දැන් මොකද කියන්නෙ ?

ඒ කාන්තාව තමයි දැක්කෙ මූ මේ දැරිවිය කාඩ් බෝඩ් එක්ක දල බිම දිගේ ඇදගෙන යනව​.
මේ ලමය පියයුරේ ගෙඩියක් ඔපරේශන් කර ගන්න ඉස්පිරිතාලෙට ආවෙ. මූ තමයි ඇයව පරීක්ශා කළ දොස්තරය​. ඌ ඇයව වෙනම කාමරයකට පරීක්ශාවට යන්න කියල එහිදී දූශනය කරල මැරුව​. සක්කිලි බල්ල​.
මීගමු රෝහලේ මේකට සම්බන්ධ බලු දොස්තරල සෙට් එක දැන් මොකද කියන්නෙ ?

download hospital-2-01

————————————————————————————————————————————————————————————————————–

 

ඇඟලුම් සේවිකාවට අපරාධයක්‌ කර
මීගමු රෝහලේ 6 වැනි තට්‌ටුවෙන් බිමට දැමීම

මරදන්කඩවල දොස්‌තර ගස්‌!
දොස්‌තරලාත් මෙහෙම කරනවා නම්
ලෙඩුන් කාගෙන් බෙහෙත් ගන්නද?
නීතිඥ විමසයි

ගස්‌ ගිය දොස්‌තර
මරාදැමූ තරුණිය
agalum-grl-2 agalum-grl-drdownload??????????
මීගමුව සමූහ – විමල් කීර්ති

මීගමුව මහ රෝහල වෙත පැමිණි අවිවාහක රූමත් ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර ඇය රෝහලේ 6 වැනි මහලෙන් තල්ලු කොට කෲර ලෙස ඝාතනය කිරීම සම්බන්ධව වැරදිකරු වූ මීගමුව මහ රෝහලේ සේවය කළ මරදන්කඩවල ඉන්දික සුදර්ශන බාලගේ නමැති 34 හැවිරිදි වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා විසින් ඊයේ (03 වැනිදා) මරණීය දණ්‌ඩනය නියම කරන ලදි.

ඊට අමතරව ඇඟලුම් සේවිකාව දූෂණය කිරීමේ වරද සම්බන්ධව වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් දස දහසක දඩ මුදලක්‌ ගෙවීමට ද වෛද්‍යවරයාට නියම විය.

මෙම දොස්‌තර රාගම මහරෝහලේ හෙද සේවිකාවක සමඟ විවාහ වී සිටි එක්‌ දරු පියෙකි. 2007 නොවැම්බර් මස 12 වැනි දින මීගමුව මහ රෝහලට වෛද්‍ය සායනයකට සහභාගි වීම සඳහා පැමිණසිටි අවිවාහක ඇඟලුම් සේවිකාවක වූ චමිලා දිසානායක නමැති 22 හැවිරිදි සුරූපී තරුණිය රෝහල් පරිශ්‍රය තුළදී දූෂණය කර පසුව ඇය රෝහලේ සයවන මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහි නීතිපතිවරයා මීගමුව මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. ඝාතනයට ලක්‌වූ චමිලා දිසානායක මෙනවිය එවකට කටුනායක ආයතනයක ඇඟලුම් සේවිකාවක්‌ වූ අතර ඇය මොනරාගල දඹුලුගල ගම්මානයේ පදිංචිකාරියකි.

ඇය සේවය කරන අතරතුර ඇගේ පියයුරක ඇති වූ ආබාධයකට පියයුරු සැත්කමක්‌ කොට තිබිණි. එම සැත්කමෙන් අනතුරුව ඇය වෛද්‍ය සායනයකට සහභාගි වීම සඳහා මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලට පැමිණි අවස්‌ථාවේ මෙම කුරිරු ඉරණමට ලක්‌ විය.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව චමිලා දිසානායක මෙනවිය වෛද්‍ය සායනයට සහභාගිවීම සඳහා පැමිණි අවස්‌ථාවේ එදින වෛද්‍ය සායනය පවත්වා ඇත්තේ මීගමුව දිස්‌ත්‍රික්‌ මහරෝහලේ එවකට සහාය ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම සහායක නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස සේවය කරන මෙම විත්තිකරු විසිනි.

වෛද්‍ය සායනයට සහභාගි වූ චමිලා දිසානායක මෙනවියගේ වෛද්‍ය සායනයට අදාළ පොත වෛද්‍ය සායනයේ තිබී අස්‌ථානගත වී ඇති අතර එම පොත සෙවීම සඳහා යෑයි විත්තිකරු චමිලා දිසානායක මෙනවිය කැඳවාගෙන විදුලි සෝපානය (ලිෆ්ට්‌) මගින් ඉහළ මහලයකට ගොස්‌ ඇත. ඒ බව සාක්‍ෂි ඉදිරිපත් කිරීමේදී හෙළි විය.

එසේ විත්තිකරු විසින් ඉහළ මාලයකට කැඳවාගෙන ගිය චමිලා දිසානායක මෙනවිය ඊට හෝරාවකට පමණ පසුව රෝහලේ සය (6) වන මහලින් බිමට වැටී බරපතල තුවාල ලබා මියගොස්‌ ඇත. පසුව මෙම සැක කටයුතු මරණය පිළිබඳව මීගමුව පොලිසිය මගින් සිදු කළ පුළුල් පොලිස්‌ විමර්ශනවලදී විත්තිකරු විසින් කිසිවකු කාඩ්බෝඩයක දමා ඇදගෙන යන අයුරු එහි පිරිසිදු කිරීමේ නියුතුව සිටි බියට්‍රිස්‌ නමැති සේවිකාවක්‌ දැක තිබේ. ඉන් අනතුරුව පොලිසිය සිදු කළ පුළුල් විමර්ශනවලදී විත්තිකරු සහ ඔහුගේ බිරිඳ නේවාසිකව විසූ කාමරයට ඉදිරි පාළු කාමරයක සඟවා තිබූ සිද්ධියෙන් මියගිය චමිලා දිසානායක මෙනවියගේ රුධිරය තැවරුණු යට ඇඳුම් දෙකත්, ඇගේ ගමන් බෑගය, කුඩය, වෛද්‍ය සායන පොත සහ ඇගේ ජාතික හැඳුනුම්පත හමුවී ඇත.

එම වෛද්‍ය සායන පොතෙහි එදින වෛද්‍ය නිර්දේශ සටහන් කර ඇත්තේ විත්තිකරුගේ අත්අකුරින් බව පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වීය. විත්තිකරු විසින් චමිලා දිසානායක මෙනවිය තම නේවාසිකාගාරයේ කාමරය තුළ දූෂණය කරනු ලැබූ අවස්‌ථාවේ විත්තිකරුගේ බිරිඳ වූ රාගම මහරෝහලේ හෙදිය එහි සිට නැත.

නඩු තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා අධිකරණය අමතමින් මෙසේ කීය.

“මෙම නඩුව පරිවේශනීය සාක්‍ෂි මත සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වූ නඩුවක්‌. මෙම නඩු තීන්දුව දීමට පෙර අධිකරණයෙන් තීන්දු ලබා දුන් පරිවේශන සාක්‍ෂි මත ඔප්පු වූ නඩු ගණනාවක්‌ මා අධ්‍යයනය කළා. අවධානය යොමු කළා. අධිකරණය නිත්‍යානුකූලව නඩු විසඳිය යුතුයි. අධිකරණය දෙන තීන්දු දෙස මහජනයා ඕනෑකමින් බලා සිටිනවා. සමස්‌ත සාක්‍ෂි විශ්ලේෂණය කිරීමේදී විත්තිකරුට එල්ල වූ සියලු චෝදනා සැකයෙන් තොරව ඔප්පු වී ඇත.”

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා –

විත්තිකරු මරදන්කඩවල වැනි ග්‍රාමීය පරිසරයක උපත ලබා නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු වුණා. විත්තිකරු හැමදාම පෙනී සිටියේ මිනිස්‌ ජීවිත බේරන්න මිස මිනිස්‌ ජීවිත නැති කරන්න නොවෙයි. මොහු කුඩා දැරියකගේ පියෙක්‌. මව විශ්‍රාමික ගුරුවරියක්‌. එහෙත් කුරිරු ඉරණම විසින් විත්තිකරු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට පත් කළා. මොහු නිර්දෝෂයි. මෙම විත්තිකරු පසුවන්නේ තරුණ වයසෙයි. ඔහුට එරෙහිව පවතින නඩු හෝ පෙරවැරදි නැහැ. විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී එම තත්ත්වය සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක්‌ පමණුවන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී රජයේ අධි නීතිඥ ක්‍රිසංගා ප්‍රනාන්දු මෙනවියගේ සහය ඇතිව පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා මෙසේ කීය.

“වෛද්‍යවරයාගේ ප්‍රධාන කාර්ය විය යුත්තේ ජනතාව ජීවත් කරවීමයි. මෙම විත්තිකරු අතින් ඝාතනයට ලක්‌ වූයේ 22 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මොනරාගල තම්පලාව දඹුලුගල සිට කටුනායකට පැමිණෙන්නේ තම පවුල නඩත්තු කිරීම සඳහා යමක්‌ හරි හම්බ කිරීමටයි. වෛද්‍යවරයකු මෙවැනි තත්ත්වයකට පත්වේ නම් අසනීප වූ ලෙඩෙක්‌ ප්‍රතිකාර ලබා ගන්න යන්නේ කොහාටද? ඇය කටුනායක ආයතනයක සේවය කළේ ඇඟලුම් සේවිකාවක්‌ ලෙසයි. ඇය රෝහලට ආවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවත් වෙන්නයි. එහෙත් සිදු වුණේ ඊට හාත්පසින් වෙනස්‌ දෙයක්‌. මෙම තරුණිය දූෂණයට ලක්‌ව තිබුණා. ඝාතනය කිරීමට පෙර ඇගේ ගෙල මිරිකා තිබුණා. මියගිය තරුණියගේ බාහිර තුවාල 60 ක්‌ තිබුණා. මෙම මරණයේදී සිදුවූ බරපතල භාවය නිසා රටේ විශාල මහජන කැළඹීමක්‌ සිදුවන්න ඉඩ තිබුණා. මෙම නඩු තීන්දුව පිළිබඳව අවට සමාජය බලා සිටිනවා. අවුරුදු 22 ක අවිවාහක තරුණියකට සිදු කළ මෙම අමානුෂික ක්‍රියාවට අධිකරණයෙන් උපරිම දඬුවම් ලබා දෙන්න”

මෙම සිද්ධියේදී මියගිය චමිලා දිසානායක මෙනවියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත මැලැව්වේතන්ත්‍රී මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්‌ මහතා –

“මෙම සිද්ධියේදී කෲර වධ බන්ධනවලට ලක්‌ව මියගිය චමිලා දිසානායක මෙනවිය මොනරාගල දඹුලුගල සිට කටුනායකට පැමිණියේ රැකියාවක්‌ කර යමක්‌ හරි හම්බ කර ගැනීමේ අහිංසක චේතනාවෙන්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ ඇගේ කන්‍යාභාවයත් නැතිවී ජීවිතය පවා පුදන්න වුණා. චමිලා දිසානායක මෙනවිය මෙම කුරිරු ඉරණමට ලක්‌ කළ විත්තිකරු ට නීතියේ නාමයෙන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසට අයෑද සිටිනවා”.

මරණීය දඬුවම් නියමවීමට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශයක්‌ කරමින් ඉන්දික සුදර්ශන බාලගේ නම් වෛද්‍යවරයා මෙසේ පැවසීය.

“උතුමාණනි, මම ඉපදුණේ මනුෂ්‍යයන් ජීවත් කරන්න මිස මිනිසුන් ඝාතනය කිරීමට නෙවෙයි. මට විරද්ධව පොලිසිය බොරු සාක්‍ෂි ගෙතුවා. වසර 7 ක්‌ මම දුක්‌ වින්දා. මෙම සිද්ධියට අදාළ ඝාතකයන් දැනටමත් මීගමුව රෝහල තුළ සිටිනවා.

මරණ දඬුවම් නියම වූ වෛද්‍යවරයා බන්ධනාගාර ගතව සිටියදී අවස්‌ථා දෙකකදී ගෙල වැලලාගෙන දිවි හානි කර ගැනීමට තැත් කර තිබිණි.

http://www.divaina.com/2014/09/04/news01.html

====================================================================================================

තිකාර ගැනීමට පැමිණි ඇඟලුම් සේවිකාවක දූෂණය කර මීගමුව රෝහ‍ලේ හයවැනි තට්ටුවෙන් බිමට තල්ලුකර ඝාතනය කිරීමේ චෝදනාවලට වරදකරු වූ එම රෝහ‍ලේ වෛද්‍යවරයකුට මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගපූර් මහතා විසින් ඊයේ (03) මරණීය දණ්ඩනය නියම කරන ලදී.පැමිණිල්‍ලේ සාක්ෂි මත මෙම නඩුව සාධාරණ සැකයෙන් ඔබ්බට යමින් පළමු හා දෙවැනි චෝදනා ඔප්පු වී ඇතැයි මෙහිදී සිය තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ මීගමුව මහ රෝහ‍ලේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ මරදන්කඩවල පදිංචි ඉන්දික සුදර්ශන බාලගේ නමැති පුද්ගලයකුටය. 2007 වසරේ නොවැම්බර් 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මොනරාගල තම්පලාවැව දඹගල්ල කටුකුරමණ්ඩිය පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ චමිලා දිසානායක (එවකට 22 හැවිරිදි) නමැති ඇඟලුම් සේවිකාව මීගමුව රෝහ‍ලේදී කෙලෙසන ලදැයිද එදින එකී වේලාවේදී එකී ක්‍රියා කලාපයේදී ඇය මීගමුව මහ රෝහ‍ලේ හයවැනි තට්ටුවෙන් බිමට තල්ලු කර මරා දමන ලදැයිද ඉහත සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.
‍පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මූලික ලඝු නොවන නඩු විභාගයකින් තොරව නීතිපතිවරයා මෙම සිද්ධියේ සැකකරුවූ වෛද්‍යවරයාට එරෙහිව පැවරූ නඩුව 2013 අප්‍රේල් මස 29 වැනිදා මහාධිකරණ විනිසුරුවරයා විසින් විභාගයට ගන්නා ලදී.
විත්තිකරුට එරෙහිව අධිචෝදනා කියවා දීමෙන් අනතුරුව ජූරි සභාවක් නොමැතිව නඩුව විභාගයට ගැනීමට විත්තිකරු එකඟවීමෙන් පසු නඩු විභාගය ඇරඹිණි.

මියගිය චමිලා දිසානායක මොනරාගල දිස්ත්‍රික්කයේ දඹගල්ල ‍පොලිස් වසමේ පදිංචිකාරියකි. දරුවන් අටදෙනකුගෙන් යුත් පවුලක පස්වැනියා වූ ඇය කටානේ ‘ස්මාර්ට් ෂර්ට්’ ඇඟලුම් ආයතනයේ සේවයට පැමිණ ඇත්තේ මියගිය දිනට වසර තුනහමාරකට පමණ පෙරය. ඇය මොනරාගල තම්පලාවැව විද්‍යාලයෙන් අ.‍පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී ඇත. ඇඟලුම් සේවයට බැඳෙන විට චමිලාගේ වයස අවුරුදු 18කි. එදා පටන් ඇය නවාතැන් ගෙන සිටියේ කටාන කෝවින්ද පිහිටි නවාතැනකය.

2007 නොවැම්බර් 12 දා සිට මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී අදට අවුරුදු 06 මාස 09 දින 21කි. 2007 ඔක්තෝබර් 12 දා ඇය රෝහලට පැමිණ ඇත්තේ පියයුරු සම්බන්ධ රෝගී තත්ත්වයක් නිසා මීගමුව රෝහ‍ලේ සිට නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වෛද්‍ය සහතිකය ලබා ගැනීමටය.

චමිලාගේ මරණය පිළිබඳ බහුතරයක් සාක්ෂි ලැබි තිබුණේ වෛද්‍ය සුදර්ශනට එරෙහිවය. ‍පොලිසිය සිය විමර්ශනවලින් සොයා ගත් පරවේෂණීය සාක්ෂි මත පැමිණිල්ල ගොනු කර තිබුණි. සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු මිනිස් ජීවිත ආරක්ෂා කරන මිනිසුන්ට සුවය ලබාදෙන වෛද්‍යවරයෙක්. එවැනි කෙනෙක් මෙවැනි දෙයක් කරයිද? මේ වෛද්‍යවරයාගේ දෙමව්පියන් විශ්‍රාමිකයන්  කුඩා දරුවකුත් සිටිනවා. එබැවින් ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා අදහස් දක්වමින් මිනිස් ජීවිතවලට සුවය දෙන මිනිස් ජීවිත බේරා ගැනීමට සිටින වෛද්‍යවරයෙක් මෙහි සැකකරු. මියගිය තරුණිය මොනරාගල දිස්ත්‍රික්කයේ තම්පලාවැව දඹගල්ල කටුකුරමණ්ඩිය අති දුෂ්කර ප්‍රදේශයක ජීවත් වූ අයෙක්. නගරයට ඇඟලුම් ආයතනයක සේවයට ආවේ ජීවත් වීමටයි. ඇය අවුරුදු 22ක තරුණියක්ව සිටියදී රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි විටදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙන්නේ.
තවදුරටත් ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙවැනි සිද්ධීන් කිහිපයකට දුන් නඩු තීන්දු කිහිපයක් ගෙනහැර දක්වමින් උපරිම දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා තමන් ළඟට ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට මෙැවනි දෙයක් කළේ කෙසේද? රටට විදේශීය විනිමය ගෙන දෙන රැකියාවකයි ඇය යෙදී සිටියේ. එම නිසා දඬුවම් නියම කිරීමේදී මේ ගැනත් සැලකිල්ලට ගත යුතු වෙනවා.

චූදිත වෛද්‍යවරයා විවෘත අධිකරණය අමතමින්, දැන් චමිලා වෙනුවෙන් සාධාරණයක් ඉටුවෙලා තියෙනවා. මා වෙනුවෙනුත් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා. ‍පොලිසියෙන් මාව ඉලක්ක කරගෙන සම්පූර්ණ චෝදනා ගොනු කර තිබෙනවා. නමුත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තවම මීගමුව රෝහ‍ලේ සිටිනවා. ඇඟිලි සලකුණු තිබුණා කියලා චෝදනා පත්‍රයේ සඳහන් වුණා. එහෙත් ඇඟිලි සලකුණු වාර්තාව අධිකරණයට කැඳෙව්වේ නැහැ. මම රෝගීන් සුව කිරීමට සිටින වෛද්‍යවරයෙක්. අධිකරණයෙන් මට සාධාරණයක් ඉටු කරයි කියලා බලා‍පොරොත්තු වෙනවා.

අවුරුදු 22ක තරුණියක දූෂණය කිරීමේ පළමු චෝදනාවට වසර 15ක සිරදඬුවමක්ද රුපියල් 10,000ක දඩයක්ද ගෙවන ලෙස නියම කර දඩය නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවමක්ද නියම කරන බව පැවසීය. තරුණිය ඝාතනය කළේ යැයි කියන දෙවැනි චෝදනාවට මරණ දණ්ඩනය නියම කර ජනාධිපතිවරයා නියම කරන දිනයක මරණ දඬුවම දෙන තුරු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස සඳහන් කර තිබුණි.

මෙම නඩුව පරවේෂණීය සාක්ෂි මත සාධාරණ සැකයකින් තොරව ඔබ්බට ඔප්පු වී ඇතැයිද විනිසුරුවරයා තීන්දුව දෙමින් පැවසීය.
රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ නවරත්න මාරසිංහ මහතා සමග අධිනීතිඥ ක්‍රිසංගා ප්‍රනාන්දු මෙනවිය ඇතුළු නීතිවේදීහු නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූහ. ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා සමග නීතිඥ තුසිර මැලැව්වේතන්ත්‍රි මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් මෙදින ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.
එස්. ප්‍රනාන්දු – මීගමුව / මීරිගම වාර්තාකරු

http://www.rivira.lk/online/article/74451-%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%9C%E0%B7%83%E0%B7%8A.html

http://www.dailymirror.lk/top-story/51920-negombo-hospital-doctor-sentenced-to-death.html

http://www.colombopage.com/archive_14B/Sep03_1409726432CH.php

 

 

තමන්ගේ ළමයාට විශේෂඥ වෛද්‍යවරකුගෙන් ගලක් කප්පවාගන්න ඕනනම් රාගම රෝහලේ මානසික ලෙඩ අංශයේ 0112960490 අංකයට අමතන්න. (28 වාට්ටුව )

දොස්‌තර මහත්තයෝ…. ලැඡ්ජයි….

පියුම්….ඔහුගේ සැබෑ නම නොවේ. එහෙත් මේ කතාව කිවයුතු නිසාම ඔහුට පියුම් ලෙස නම තබමි.

පියුම්ට වයස අවුරුදු දාහතරකි. එහෙත් ඔහු සාමාන්‍ය දරුවන්ට වඩා තරමක්‌ වෙනස්‌ය. පියුම් නිතර කිපෙනසුලුය. ඒ නිසාම සම වයසේ දරුවන් සමග නිතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිකර ගනී. මෙය පියුම්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධාවක්‌ වන්නට පටන් ගත්තේය.

පියුම්ගේ මේ හැසිරීම් රටාව දෙස දැඩි ලෙස අවධානය යොමුකළ ඔහුගේ දෙමවුපියෝ.. තම දරුවා මානසික වෛද්‍යවරයකු වෙත යොමුකිරීමට තීරණය කළහ. ඒ පසුගිය වසරේ ජනවාරි මස අග භාගයේදීය.

කෙසේ වෙතත් පියුම් දැඩි මානසික රෝගයකින් පෙළෙන දරුවකු නම් නොවේ. එකම ගැටලුව තමන්ට තමාව පාලනය කර ගැනීමේ ශක්‌තියක්‌.. මේ දරුවා තුළ නොතිබීමය.

දරුවා යොමු කිරීම සඳහා දෙමවුපියන් විසින් මානසික වෛද්‍යවරයකු තෝරා ගත්තේය. ඔහු මානසික විශේෂඥ වෛද්‍යවරයෙකි. පියුම්ව දෙමාපියන් විසින් ගෙන යන්නේ මේ විශේෂඥ වෛද්‍යවරයා සේවය කරන පෞද්ගලික රෝහල වෙතය.

වෛද්‍යවරයා විසින් පියුම් පරීක්‍ෂා කර බැලුවේය. දරුවා සමග තනිවම කතා කළ යුතුයි” යෑයි පැවසූ වෛද්‍යවරයා සිය කාමරයෙන් පිටව යන ලෙස දෙමවුපියන්ට අණ කළේය.

වෛද්‍යවරයකු විසින් කාන්තා රෝගියෙක්‌ හෝ රෝගී දරුවකු පරීක්‍ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම කාන්තාවගේ සැමියා හෝ වෙනත් ඥතියකු ද, දරුවාගේ දෙමවුපියන් හෝ වැඩිහිටියකු ද එම ස්‌ථානයේ සිටිය යුතුමය. නැතිනම් හෙදියක්‌ හෝ සිටිය යුතුය. එය වෛද්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්මයකි.

එහෙත් මේ විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක්‌ම පියුම්ව පරීක්‍ෂාවට ලක්‌කර තිබෙන්නේ දෙමවුපියන් සිය කාමරයෙන් ඉවත් කිරීමෙන් පසුවය. හෙදියක්‌ද තම සහායට තබා නොගෙනය. මෙය දෙමාපියන්ට ගැටලුවක්‌ විය. මෙහි කුමක්‌ හෝ දෙයක්‌ සිදුවන බව වැටහුණු දෙමාපියන් දරුවාගෙන් මේ පිළිබඳ විමසා ඇත.

මව පියා කාමරයෙන් පිටව ගිය පසු වෛද්‍යවරයා ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාට අසභ්‍ය දර්ශන පෙන්වන බවත්, තම ලිංගික අවයව ස්‌පර්ශ කරන බවත්, දින කීපයක්‌ම එසේ සිදුවූ බවත් පියුම් දෙමාපියන්ට පවසා ඇත.

දෙමාපියන් දරුවා වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. සිදුව ඇතිදේ අනාවරණය කරගත් එම වෛද්‍යවරයා මේ පිළිබඳ වහා පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන ලෙසත්, දරුවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතට ඉදිරිපත් කරන ලෙසටත් දැනුම් දී ඇත.

ඒ අනුව ළමා හා කාන්තා කාර්යාංශය විසින් පියුම්ව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකෙරේ. ඒ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දිනකය.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද පියුම් පරීක්‍ෂාවට ලක්‌කරයි. ඉන් පසු ඔහුව තවත් මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරයි. ළමා මනස පිළිබඳ පුළුල්ව හදාරා ඇති තවත් මහාචාර්යවරියක්‌ වෙතද දරුවා යොමු කරයි. ඔවුන් දෙදෙනාගේම වාර්තා සැලකිල්ලට ලක්‌ කරමින් දරුවා පිළිබඳ වාර්තාවක්‌ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පිළියෙළ කරයි. එම වාර්තාව 2013 ඔක්‌තෝබර් 01 දා අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මහෙස්‌ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කෙරේ.

මානසික වෛද්‍යවරුන් සිටින්නේ මානසික රෝගීන් සුවපත් කිරීමට මිස මානසික රෝගයෙන් පෙළෙන අයගේ මනස තව තවත් අවුල් කිරීමට නොවේ.

පියුම්… දරුවෙකි. ඔහු ඉතා බැරෑරුම් මානසික රෝගයකින් පෙළුණු දරුවකු නොවේ. දරුවාට ඇති ආදරය නිසාම දෙමාපියන් කළේ පියුම්ගේ මානසික ආතතිය හඳුනාගෙන ඉන් ඔහු ගලවා ගැනීමටය. දරුවාගේ අධ්‍යාපන කටයුතු නිරවුල් මනසකින් යුක්‌තව කරගෙන යැම සඳහා මඟ හෙළිකර දීමය. එහෙත් පියුම්ට, ඔහුගේ දෙමාපියන්ට සිදුවූයේ වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටුණා හා සමාන සිදුවීමකි. මානසික විශේෂඥ වෛද්‍යවරයා පියුම්ගේ මනස අවුලෙන් අවුලට පත් කළේය.

කාලය ගෙවී ගියේය. මීට සති කීපයකට පෙර ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස්‌ නිලධාරියෙක්‌ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණේ. පියුම් පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ ඉල්ලා සිටින බව එම පොලිස්‌ නිලධාරියා පවසා ඇත. එහෙත් ඒ වන විටත් එම වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අධිකරණය වෙත යොමුකර තිබිණි. එහෙත් ඉල්ලීම මත එම වාර්තාවේ ඡායා පිටපතක්‌ පොලිස්‌ නිලධාරියාට ලැබේ. මුල් පිටපත මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාරදී ඇත.” යනුවෙන්ද එම ඡායා පිටපතේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සටහනක්‌ තබා ඇත. පොලිස්‌ නිලධාරියා එය රැගෙන ගියේය.

ඉන් දින දෙකකට පසුව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දෙදෙනෙක්‌ පැමිණේ. තමන් විශේෂඥ වෛද්‍යවරුන් යෑයි හඳුන්වා දෙන මොවුන් දෙදෙනා එහි සිටි අයගෙන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පිළිබඳ විමසා තිබේ. ඒ අවස්‌ථාවේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොසිටියේය.

විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු පැමිණ ඇතැයි සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක්‌ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට දුරකථන ඇමතුමකින් පැවසුවේය.

නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා මගේ වාර්තාව වෙනස්‌ කරලා දෙනවා නම් නඩුව අයින් කර ගන්න පුළුවන් කියලා.. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයකු ද එම දුරකථනයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කීවේය.

අපට ලැබී තිබෙන තොරතුරු අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට දුරකථනය ඔස්‌සේ ඉතා තදින් බැණ වැදී… පියුම්ට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස්‌ කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා දරුවා පරීක්‍ෂා කළ මහාචාර්යවරයාගෙන්ද ඉල්ලීමක්‌ කර ඇති බව දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ දරුවා ලිංගික අපයෝජනයට ලක්‌කළ තැනැත්තා බවද පැවසේ. මොවුන් මේ සූදානම් වන්නේ මෙම ළමා අපචාර සිද්ධිය යටගසන්නටය. මේ මානසික විශේෂඥ වෛද්‍යවරයා විසින් අපයෝජනයට ලක්‌ කළ පළමු දරුවා පියුම් විය නොහැකිද. අවසාන දරුවාද පියුම් වියහැකිද.

දැන් මේ අප කතා කරන මොහොතේද ඔහු විසින් මෙම ක්‍රියාව සිදු නොකරන බව කිව හැක්‌කේ කාටද.

විලි ලැඡ්ජාවෙ බෑ… මේ සිද්ධිය දැනගත් වෛද්‍යවරයකු අපට පවසද්දී… මේ වගේ අයට සමාවක්‌ දෙන්න නරකයි…” තවත් වෛද්‍යවරයෙක්‌ කීවේය.

සත්‍යයකි. උක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයාගේ ක්‍රියාකලාපය හෙළාදැකීමට තරම් කොන්දක්‌ වෛද්‍යවරුන්ට තිබිය යුතුය. එහෙත් ඔහු නිදොස්‌ කිරීමට ඔහුට එරෙහි සාක්‍ෂි වෙනස්‌ කොට… නඩු යට ගැසීමට වෙර දරන වෛද්‍යවරුද සිටිති.

සුවය පතා පැමිණෙන අසරණ රෝගීන් වෙතින් තමන්ගේ පහත් ආශාවන් සන්තර්පනය කර ගැනීමට කෙනකු ක්‍රියා කරන්නේ නම් ඔහු වෛද්‍ය වෘත්තියට කිසිසේත් ගැළපෙන්නෙකු නොවේ. එවැන්නන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන කිසිවකු ඇත්නම්… ඔහුටද වෛද්‍යවරයා යන නම වෙනුවට පහත් ලිංගික අපචාරකයා, ලිංගික අපයෝජකයා යන ලේබලය ඇලවීම සුදුසු වන්නේය.

අජිත් අලහකෝන්


 http://www.divaina.com/2014/08/31/feature20.html

 

මානසික වෛද්‍යවරයාට මානසික රෝගයක් බව ඌ නොදනී. ළදරුවෙක් අපහරණය කරයි.

දොස්‌තර සහ මිතුරෝ (1)

දෙමාපියෝ නිතර කිපෙන, නිතර දබර කර ගන්නා සිය දාහතර හැවිරිදි පුත්‍රයා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරයි. දොස්‌තර කරන්නේ කුමක්‌ ද? එම දරුවා දූෂණය කිරීම ය.

දෙමාපියෝ නිතර කිපෙන, නිතර දබර කර ගන්නා සිය දාහතර හැවිරිදි පුත්‍රයා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරයි. දොස්‌තර කරන්නේ කුමක්‌ ද? එම දරුවා දූෂණය කිරීම ය.

(මෙහි 2 වැනි කොටස පළවන්නේ හෙට නොව මතු දිනකදී ය)

…. දෙමාපියෝ නිතර කිපෙන, නිතර දබර කර ගන්නා සිය දාහතර හැවිරිදි පුත්‍රයා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරයි. දොස්‌තර කරන්නේ කුමක්‌ ද? එම දරුවා දූෂණය කිරීම ය. දැන්, දොස්‌තරට කළ යුත්තේ කුමක්‌ ද? පණ පිටින් අංගඡේදනය කිරීම ය. එහෙත් අපේ රෝමානු ලන්දේසි නීති පොත්වල එවැන්නක්‌ නැත. ඒ නිසා ළමයාගේ මාපියෝ නීතියේ පිළිසරණ පතති. නීතිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ළමයා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කරනු ලැබේ. එවිට දූෂක දොස්‌තරගේ දොස්‌තර මිතුරෝ ඉදිරිපත්ව දූෂකයාගේ වාසියට අධිකරණ වෛද්‍ය වාර්තාව හදන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට බලපෑම් කරති…..

ඉහත සඳහන් ඡේදය ඊයේ (28 වැනිදා) මේ පුවත්පතේ මුල් පිටුවේ පළ වූ වාර්තාවක සම්පිණ්‌ඩනයයි. සිය පුතා සුවපත්කර ගැනීමට දොස්‌තර වෙත ගිය දෙමාපියන්ට සිදු වී ඇත්තේ දොස්‌තර සංහතියම එපා වන විපත්තියකි. ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇනීම වැනි පැරැණි දිරාගිය උදාහරණ මේ සිද්ධියට සමාන කිරීම නො හොබී. මන්ද ගහේ දිගේලි කර (බැඳ තබා) ඇති ගොනාට ඇනිය හැක්‌කේ කඹයේ දුර නිම වනතුරු පමණි. ගහෙන් වැටෙන මිනිහාට බඩගාගෙන ගොස්‌ ගොනාගෙන් ගැලවිය හැකි ය. ඒ මිනිහාට අනින්නට තවදුරටත් වුවමනාවක්‌ හරකාට තිබුණ ද කඹය ඉවර වීම නිසා ඉන් එහාට යැමට ඌට නො හැක. එහෙත් දොස්‌තර කෙනෙකු යනු හරකෙක්‌ නොවේ. දූෂක දොස්‌තර හරකෙකුට සමාන කිරීම ඒ උත්තම සතාට කරන නිග්‍රහයකි. දොස්‌තරගේ කඹය හරකාගේ කඹය මෙන් සීමාසහිත දුරක්‌ තිබෙන කඹයක්‌ නොව නිමක්‌ නැති දිගක්‌ ඇති කඹයකි. ඒ බව චැනල් දොස්‌තරලාගෙන් බලාගත හැකි ය. ඔහු පෞද්ගලික රෝහලක සැත්කමක්‌ කරන විට අසීමාන්තික මුදලක්‌ අය කරයි. ඔහු අසීමාන්තික ලෙස පිස්‌සු කෙළින විට ලෙඩාගේ අත වෙනුවට කකුල කැපීම සිදුවෙයි. වම් ඇසට වෙනුවට දකුණු ඇසට සැත්කම් කිරීම සිදුවෙයි. අපගේ මෑත කාලීන වෛද්‍ය ඉතිහාසය මෙවැනි කුණු පැල්ලම් වලින් ගහණය. දොස්‌තර කෙනෙකු විසින් දූෂණය කරනු ලැබ රෝහලේ උඩු මහලින් බිමට හෙළා තරුණියක මරා දැමීමේ සිද්ධිය ඔබට මතකද? වැරදි ප්‍රතිකාර කිරීම නිසා සිය බිරිය මළ බව කියමින් උසාවි යන සැමියන්ගේ ප්‍රමාණය එන්ට එන්ටම ඉහළ යමින් පවතී.

වැරදි ප්‍රතිකාර හෝ වැරදි යයි හැඟෙන ප්‍රතිකාර නිසා මියගිය කෙනකුගේ භාරකරුවන් දොස්‌තර කෙනෙකුට දොසක්‌ කීවොත් මුළු රෝහලම ස්‌ට්‍රයික්‌ කර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට රෝහලේ යතුර භාර දී ගෙවල් බලා යන අවස්‌ථා තිබේ. මෙය ඉතා පහත් zඑකමුතුZ වීමකි. මානසික දොස්‌තර විසින් දූෂණය කරන ලද පිරිමි දරුවාගේ ප්‍රශ්නයේදී එම දොස්‌තරගේ පැත්තට කතා කරමින් ඔහු බේරා ගැනීමට යම් දොස්‌තරෙක්‌ ක්‍රියා කරන්නේ ද, ඔහු වහා හඳුනාගෙන නම ප්‍රසිද්ධියට පත් කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබිය යුතු ය. එවැනි අය දොස්‌තරලා නොව ජන හතුරෝ ය. ඉහත සඳහන් ජනහතුරු දොස්‌තරලාගේ නම් අප සතුව තිබේ. අප එය දැනට හෙළිදරව් නොකරන්නේ දෙවිවරුන් වැනි දොස්‌තරවරුන්ට එමගින් සිදුවිය හැකි හානිය සළකා ය.

http://www.divaina.com/2014/08/29/editor.html

 

 

Tags: , ,

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා මානසික රෝගී ළමයෙකු අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කරයි. දොස්තර රැල එකතුවී මානසික වෛද්‍ය විශේෂඥවරයා බේරාගැනීමේ උත්සාහයක.

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කර ඇත.

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කර ඇත.

 

ළමයෙකු ලිංගික අපයෝජනයට යෙදුණු මානසික විශේෂඥ දොස්‌තර බේරාගැනීමට දොස්‌තරලා පොර!

අපචාරයේ යෙදුණු
දොස්‌තර බේරාගැනීමට දොස්‌තරලා පොර!

අජිත් අලහකෝන්

මානසිකabuse_health_professional විශේෂඥ වෛද්‍යවරයකු විසින් ලිංගික අපයෝජනයට ලක්‌කළ බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්‌ෂණයේ වාර්තාව සැකකාර වෛද්‍යවරයාට වාසි වන පරිදි වෙනස්‌ කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ බලපෑම් කරන බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ ඊයේ (27 දා) ‘දිවයින’ට වාර්තා විය.

සැකකාර වෛද්‍යවරයාට හිතවත් තවත් වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ අදාළ සිද්ධිය යටගැසීම සඳහා දුරකථන පණිවිඩ මගින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට මෙසේ බලපෑම් කරමින් සිටිති.

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා වෙත මීට කලකට ඉහතදී දෙමව්පියන් විසින් දාහතර හැවිරිදි පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. නිතර කිපෙන සුළු ගතියකින් යුක්‌ත දරුවා අනෙක්‌ දරුවන් සමග දබර කරගන්නා බවද එය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ බවද පවසමින් දෙමව්පියන් මෙම දරුවා අදාළ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

දෙමව්පියන් නොමැතිව දරුවා පරීක්‌ෂා කළ යුතු බව පවසා ඇති වෛද්‍යවරයා දින කිහිපයක්‌ම දරුවාව සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කර ඇත.

දරුවාගේ හැසිරීමේ වෙනසක්‌ දුටු දෙමව්පියන් ඒ පිළිබඳ දරුවාගෙන් විමසා පසුව වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමුකර ඇත.

දරුවා පරීක්‌ෂා කළ එම වෛද්‍යවරයා සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර වහා ළමා හා කාන්තා කාර්යාංශයට මේ පිළිබඳ පැමිණිලි කරන ලෙසද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත දරුවා යොමුකරන ලෙසටද ලිතව දැනුම් දී ඇත.

දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ පසු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් යළි මානසික වෛද්‍යවරයා වෙතද ළමා රෝහලේ මහාචාර්යවරියක්‌ වෙතටද යොමුකර ඇත. එම වාර්තා සැලකිල්ලට භාජන කළ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන්පසු දැනට දින කිහිපයකට පෙර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොමැති අවස්‌ථාවක එහි පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්‌ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ජංගම දුරකථනය ඔස්‌සේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඇමතුමක්‌ දී ඇත.

දරුවා සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස්‌ කර දෙනවා නම් අදාළ නීති කටයුත්ත අවසන් කළ හැකි බවත් එනිසා එම වාර්තාව වෙනස්‌ කර දෙන ලෙසටත් එකී වෛද්‍යවරු දුරකථනය ඔස්‌සේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට බලපෑම් කර තිබේ.

එම ඉල්ලීම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත. ඉන්පසු මෙම වෛද්‍යවරු දෙදෙනා දරුවා පරීක්‌ෂා කළ මහාචාර්යවරියටද බලපෑම් කර ඇතැයි අනාවරණය විය.

http://www.divaina.com/2014/08/28/news03.html

 

දොස්තරලා දෙන්නෙක් මහ සභාවක ගුටි ඇණ ගනිති.. දෙදෙනාම පොලීසියේ..August 29, 2014

දොස්තරලා දෙන්නෙක් මහ සභාවක ගුටි ඇණ ගනිති.. දෙදෙනාම පොලීසියේ..

මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.

මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.

මාදම්පේ රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී සහ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍ය ප‍්‍රධානීන්ගේ රැස්වීමක් අතර තුර දී අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.

රැස්වීම අතර තුර සිදු වූ බහින් බස් වීම ගුටි බැට හුවමාරුවකින් අවසන් වී ඇතැයි පවසන පොලිසිය අනෙක් වෛද්‍යවරු එම ගැටුම බේරා ඇතැයිද කියයි.

මුලින්ම පොලීසියට පැමිණිලි කරමින් කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍යවරයා කියා ඇත්තේ මාදම්පේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරි ජයනාත් බුත්පිටිය තමාට පහර දුන් බවයි.

මාදම්පේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිළධාරිවරයාද දෙවනුව පොලීසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි එන්. නවරත්න තමාට පහර දුන් බවයි.

http://lankacnews.com/sinhala/news/121349/

 
Image

රෝහල් සේවා ඇනහිටී 2014/08/27

ssssssss