RSS

මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියට වඩා හාත්පසින් ම වෙනස්‌ ඖෂධ හාමිලාගේ යෝජිත කෙටුම්පත

04 Dec

imagesඒමන්ති මාරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අලුතින් සකස්‌ කර මහජන අදහස්‌ විමසීම සඳහා අන්තර්ජාලයට එක්‌ කර ඇති ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත මේ වන විටත් ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරු, ඖෂධවේදීහු, සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් ඇතුළු බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්‌ව අවසන් ය. මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් සකස්‌ කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පදනම් කරගෙන යෝජිත පනත් කෙටුම්පත සකස්‌ කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබුණ ද එම පනත් කෙටුම්පතෙහි මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියෙහි මූලික අරමුණ වූ ගුණාත්මක බවින් උසස්‌ ඖෂධ අඩු මිලට රෝගී ජනතාව අතට පත් කරලීමේ සංකල්පයටත් අන්තර්ගතව නැති බව එය විවේචනය කරන පිරිසගේ මතය වී තිබේ.

සැබැවින්ම අන්තර්ජාලයට එක්‌කර ඇති යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත සකස්‌ කළ ආකාරය පමණක්‌ නොව එය නැවත සකස්‌ කිරීමට මුල් වූ හේතුවම අර්බුදකාරී ය. මහාචාර්ය බිබිලේගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මුල් කර ගෙන සකස්‌ කර කැබිනට්‌ මණ්‌ඩලයේ ද අනුමැතිය හිමිව තිබූ ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත කිසිදු සාක්‍ෂියක්‌ නොමැතිවම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේදී අස්‌ථානගත වූ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ජනමාධ්‍යයන්ට 2012 වසරේදී ප්‍රකාශ කිරීම මෙම අර්බුදයෙහි ආරම්භක අවස්‌ථාව වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි වගකිව යුතු අමාත්‍යාංශයක්‌ තුළ ඖෂධ ප්‍රතිපත්තිය වැනි ජාතික වටිනාකමක්‌ ඇති ප්‍රතිපත්තියක කෙටුම්පතක්‌ ඡායාපිටපතක්‌ හෝ තබා නොගෙන එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යෑවූ බවට කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයක්‌ වී තිබේ. කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පවසන ආකාරයට එම කෙටුම්පත අස්‌ථානගත වී අවසන් ය. මෙම තත්ත්වය යටතේ පැන නගින නැවත ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතක්‌ සකස්‌ කිරීමේ අවශ්‍යතාවය අවසානයේදී ඖෂධ සමාගම් හා එම සමාගම්වලට කත් අදින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් උසස්‌ නිලධාරීන් තම වාසියට හරවා ගනු ඇතැයි අප මීට පෙර ද අවධාරණය කර සිටියෙමු. අවසානයේදී එය අලුතින් සකස්‌ කර විවේචනයට ලක්‌ වෙමින් පවතින ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත තුළින් සනාථ විය.

රෝගීන් මුඛ්‍ය පරමාර්ථය කර ගනිමින් මහාචාර්ය බිබිලේ විසින් සකස්‌ කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුව මෙරටට ඖෂධ ගෙන්වීම මෙන්ම රෝගීන්ට බෙහෙත් නිර්දේශ කිරීම ද සිදුවිය යුත්තේ ඖෂධීය නාමයෙන් පමණකි. එහෙත් මහාචාර්ය බිබිලේ ප්‍රතිපත්තිය පදනම් කරගෙන සකස්‌ කළ බව කියන යෝජිත ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතෙහි 38 (1) වගන්තියට අනුව රෝගීන්ට බෙහෙත් නිර්දේශ කිරීම ඖෂධීය නාමයෙන් මෙන්ම වෙළෙඳ නාමයෙන් ද සිදුකිරීමට වෛද්‍යවරුන්ට හැකියාව තිබේ.

මෙම තත්ත්වය පෙන්වා දෙමින් කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ආර්. එල්. ජයකොඩි මහතා පසුගිය සතියේ කොළඹ පැවැති යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ සම්මන්ත්‍රණයේදී කියා සිටියේ යෝජිත කෙටුම්පත මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියට වඩා හාත්පසින් ම වෙනස්‌ බවයි. අඩුම තරමින් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටීමටවත් නව ප්‍රතිපත්ති කෙටුම්පත අපොහොසත් වී ඇතැයි මහාචාර්යවරයා කීවේය.

ඔහුට අනුව යෝජිත ප්‍රතිපත්ති කෙටුම්පත හරහා පිහිටුවීමට නියමිත ජාතික ඖෂධ ව්‍යවස්‌ථාපිත අධිකාරියෙහි සාමාජිකත්වයට ඖෂධ ක්‍ෂේත්‍රයට කිසිදු සම්බන්ධකමක්‌ නොමැති රසායනාගාර සේවාවන් පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත් කිරිම ද ගැටලු සහගතය. ඖෂධ ක්‍ෂේත්‍රයට කිසිදු සම්බන්ධයක්‌ නොමැති නිලධාරියකු අධිකාරියට පත්කිරීම කිසිසේත් පැහැදිලි නොවන කරුණක්‌ බව මහාචාර්ය ජයකොඩි සඳහන් කළේය. සැබැවින්ම එම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් ධුරය සාමාජිකයකු වශයෙන් ඖෂධ ව්‍යවස්‌ථාපිත අධිකාරියට නම් කිරීම පිළිබඳව එතරම් පුදුම විය යුතු නැත. මන්ද මෙම නව ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත සකස්‌ කිරීමේ කාර්යයට උර දුන් ඖෂධ සමාගම්වලට ගැති වූ එක්‌තරා සෞඛ්‍ය ආයතන ප්‍රධානියකු ඉහත කී රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් ධුරයට පත් වීමට අපේක්‍ෂාවෙන් පසුවීම හේතුවෙනි.

ඉහත කී ධූරය යෝජිත ඖෂධ ව්‍යවස්‌ථාපිත අධිකාරියට නම් කිරීමෙන් තමන් එම ධුරයට පත් වුවහොත් ඉන් පසුවද ඖෂධ සමාගම් හා සම්බන්ධ වෙමින් මෙතෙක්‌ සිදු කළාක්‌ මෙන් කොමිස්‌ මුදල් ලබාගෙන සමාගම්වලට කැමැති ඖෂධ වර්ග මෙරටට ගෙන ඒමට අවසර ලබා දිය හැකි වේ යෑයි එම ප්‍රධානියා සිතන්නට ඇත.

කෙසේ වුවද යෝජිත ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත සකස්‌ කරන කාලයේ පුරප්පාඩුව පැවැති රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට පත්වීමට ඉහත කී සෞඛ්‍ය ආයතන ප්‍රධානියා අපේක්‍ෂාවෙන් සිටියද, ඔහුගේ ක්‍රියාකලාපය හා සුදුසුකම් පිළිබඳව රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත ලැබී තිබූ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව එම කොමිසම ඉහත කී නිලධාරියාව එම ධුරය සඳහා සලකා නොබලන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස්‌Êදුන්නේය.

කෙසේ වුවද එම නියෝගය පැමිණෙන විට ද කෙටුම්පතට ඉහත කී වගන්ති ඇතුළත් කර අවසන්ව තිබිණි. මේ හේතුව මත පනත් කෙටුම්පත නොබෝදා කරලියට පැමිණෙන විට ද එම වගන්ති එහි එලෙසම පැවතුණු බවට විශ්වාස කළ හැකිය.

යෝජිත කෙටුම්පත පිළිබඳව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධානතම විවේචනය වූයේ මෙම කෙටුම්පත මෙරටට තත්ත්වයෙන් බාල ඖෂධ වැඩි වශයෙන් ඇදී ඒමට හා රට තුළ හොර ඔසුසල් වැඩි වශයෙන් බිහිවීමට මඟÊපාදන්නක්‌ බවයි.

රෝගීන්ට ඖෂධීය නාමයෙන් මෙන්ම වෙළෙඳ නාමයෙන් ද ඖෂධ නියම කිරීමට වෛද්‍යවරුන්ට මෙම කෙටුම්පත හරහා බලය ලබා දී තිබීම හේතුවෙන් ඖෂධ සමාගම්වලට ඖෂධ ප්‍රතිපත්තියක්‌ පැවතිය ද තමන්ට රිසි සේ ඖෂධ වෙළෙඳපළ හැසිරවීමේ අයිතියක්‌ මෙයින් ලබා දී ඇතැයි ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඖෂධවේදීන්ගේ සංගමයේ ලේකම් අජිත් පී. තිලකරත්න මහතාට අනුව යෝජිත ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත රෝගීන්ගේ යහපතට හේතු නොවන හුදෙක්‌ එක්‌තරා සෞඛ්‍ය ආයතන ප්‍රධානී වෛද්‍ය නිලධාරියකුගේ වුවමනා එපාකම් මත සකස්‌ කෙරුණු ඔහුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයකි. එම කෙටුම්පත හරහා ඔසුසල්, ඖෂධ ගබඩා හා ඖෂධ මධ්‍යස්‌ථාන වැටලීමේ හා පරීක්‍ෂා කිරීමේ බලතල එකී නිලධාරියා අධ්‍යක්‍ෂ ධුරය දැරූ ආයතනයට සම්බන්ධ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන්ට ලබාදීමෙන් ඒ බව පැහැදිලි වන බව තිලකරත්න මහතා කීවේය.

එකී පරීක්‍ෂා කිරීම් ඖෂධ පරීක්‍ෂකවරුන් විසින් සිදු කළ යුතු වුවද, ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් එය සිදු කළ යුතු බවට ඉහත කී නිලධරයා නිර්දේශ කිරීමට හේතු වී ඇත්තේ ඔහුට ගැති පිරිසක්‌ ළඟÊතබා ගැනීමට අවශ්‍ය වීම බව හේ අවධාරණය කර සිටී.

අනෙක්‌ අතට ඔසුසල්වලින් ඖෂධ වර්ග නිකුත් කිරීමේදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණක්‌ රෝගීන්ට නිකුත් කළ යුතු විශේෂිත වූ ඖෂධ වර්ග පවතින අතර එය හෑල්ලුවකට ලක්‌ කරමින් පිළිගත් වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පමණක්‌ රෝගීන්ට නිකුත් කළ යුතු ඖෂධ වර්ග ද දුරකථන ඇමතුමකින් හෝ කෙටි එස්‌එම්එස්‌ පණිවිඩයකින් ලබා ගැනීමේ හැකියාව කෙටුම්පත හරහා රෝගීන්ට ලබා දී ඇතැයි ඖෂධවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කර සිටී.

මෙකී අර්බුදකාරී ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත සකස්‌ කිරීමට ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දුන් ඉහත කී ආයතන ප්‍රධානී වෛද්‍ය නිලධරයා පුද්ගලික ඔසුසල් ලියාපදිංචි කිරීමේ බලපත්‍ර ලබා දුන්නද, පසුව ඔහුම එකී ඔසුසල් ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් ලවා පරීක්‍ෂාකර ඖෂධවේදීන් ඒවායේ නොසිsටි බව හා කල් ඉකුත් වූ හෝ බාල බෙහෙත් වර්ග එම ඔසුසල්වල තිබී සොයා ගත් බවට ජනමාධ්‍යයන්ට ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යයට කරුණකැයි ඔහු කීවේය.

මෙකී කරුණු සියල්ල එකට කැටි කළ විට පෙනී යනුයේ මහාචාර්ය බිබිලේ ප්‍රතිපත්තිය පදනම් කරගෙන සකස්‌ කළ බව පවසමින් මහජන අදහස්‌ විමසීම සඳහා ඉදිරිපත් කර ඇති ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත මගින් මහාචාර්ය බිබිලේ ප්‍රතිපත්තිය අවමානයට හා හෑල්ලුවට ලක්‌ කර ඇති බවයි.

මෙකී නව ප්‍රතිපත්ති කෙටුම්පත මෙයට පෙර අස්‌ථානගත වූ බවට ප්‍රකාශ වූ ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතට වඩා සම්පූර්ණයෙන් වෙනස්‌ වූවක්‌ බවට දැනටමත් විවිධ පාර්ශ්වයන් මත පළ කර තිබේ. අනෙක්‌ අතට මෙම ප්‍රතිපත්ති කෙටුම්පත අන්තර්ජාලය හරහා මහජනතාවට අදහස්‌ ප්‍රකාශ කිරීම සඳහා පළ කර ඇත්තේ ද ඉංග්‍රීසි භාෂාවෙන් පමණක්‌ වීම බරපතළ අඩුපාඩුවකි.

රටේ බහුතර මහජනතාවගේ ක්‍රියාකාරීන් හා විද්වතුන්ගේ අදහස්‌ හා යෝජනාවන් මෙම ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා ලබා ගැනීමට නම් එය සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් ද පළ කිරීම සිදුÊකළ යුතුය.

මහාචාර්ය බිබිලේ ප්‍රතිපත්තිය හරහා බිහි වූ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථාවට අමතරව බටහිර ඖෂධ මෙරටට ගෙන්වීම සඳහා පසුව පිහිටවූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව යන ආයතනයන් දෙකම එක්‌ ආයතනයක්‌ බවට පත් කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද මහින්ද චින්තනය ප්‍රතිපත්ති ප්‍රකශය තුළ ද සඳහන් කර තිබේ. එහෙත් මෙම යෝජිත ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත හරහා එවැන්නක්‌ ක්‍රියාත්මක කරන බවක්‌ හෝ සඳහන් කර නොතිබීම ද ගැටලුවකි.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ ඖෂධ සමාගම්වලට ගැති වෙමින් කොමිස්‌ මුදලට හා වරප්‍රසාදවලට ගිජු වී බාල බෙහෙත් හා ශල්‍ය උපකරණ මෙරටට ගෙන්වන සෞඛ්‍ය බලධාරීන්ට නම් මෙම නව ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත තම ඖෂධ ජාවාරම තවදුරටත් කරගෙන යැමට බලපත්‍ර ලබාදීමක්‌ වැනිය. මෙකී තත්ත්වය සැලකිල්ලට ගෙන යෝජිත ඖෂධ ප්‍රතිපත්ත කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වන සියලු අදහස්‌ හා යෝජනාවන් එම කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා වන කමිටුව වෙත ඉදිරිපත් කරන බවට සෞඛ්‍ය ඇමැත මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ද ඉකුත් බදාදා (11 දා) ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරු, වෛද්‍යවරු, ඖෂධවේදීන් ඇතුළු විද්වතුන්ගේ සහභාගිත්වයෙන් යෝජිත ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතට අදාළ සංශෝධනයන් ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීම ද සුවිශේෂී අවස්‌ථාවකි. මෙකී සාකච්ඡාවේදී ඉදිරිපත් වූ අදහස්‌ හා යෝජනා

එක්‌රැස්‌ කර සති දෙකක්‌ ඇතුළතදී සෞඛ්‍ය ඇමැතිවරයා වෙත වාර්තාවක්‌ භාර දීමට කටයුතු කරන බව ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

මෙම තත්ත්වය මත දශක දෙකකට ආසන්න කාලයක්‌ මුළුල්ලේ ගෙන එන බව පවසමින් තිබූ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව පෙනී යයි. අර්බුදයට ලක්‌ව ඇති යෝජිත ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත මෙන්ම එයට පෙර සකස්‌ කර අස්‌ථානගත වූ බවට ප්‍රකාශ කළ කෙටුම්පත සකස්‌ කිරීමේදී පවත්වන සම්මන්ත්‍රණ හා සාදයන් සඳහා වැය කෙරුණේ මහජන මුදල් බව බලධාරීන් මෙහිදී අමතක නොකළ යුතුය. රෝගී ජනතාවගේ යහපත සඳහා යෑයි පවසමින් එසේ මහජන මුදල් වැය කරමින් තනා ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ මනදොළ පිනන පෞද්ගලික න්‍යාය පත්‍රයක්‌ මිස ඖෂධ ප්‍රතිපත්තියක්‌ නොවේ නම් ඉහත කී වංචනික ක්‍රියාවලියට දායක වූ නිලධාරීන්ට නිසි දඬුවම් ලබා දිය යුතුව ඇත.

එහෙත් එවැනි වංචනික නිලධාරීන්ට දඬුවම් ලබා දෙනවා තබා ඔවුන්ට එරෙහිව පරීක්‍ෂණයක්‌වත් පැවැත්වෙනවා මෙතෙක්‌ කිසිවෙකු දැක නොමැති බව නොකිවමනාය. අවසන් වශයෙන් කිව යුත්තේ අසරණ රෝගී ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාත්මක කළ යුතු මහාචාර්ය බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හුදෙක්‌ එක්‌ නිලධරයකුගේ පෞද්ගලික න්‍යායපත්‍රයක්‌ වීමට ඉඩ නොදී රෝගී ජනතාව උදෙසාම වන ලියවිල්ලක්‌ බවට පත් කිරීමට බලධාරීන් වගබලා ගත යුතු බවයි.

දිවයින  -http://www.divaina.com/2014/06/15/feature13.html

Advertisements
 

2 responses to “මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියට වඩා හාත්පසින් ම වෙනස්‌ ඖෂධ හාමිලාගේ යෝජිත කෙටුම්පත

  1. Anonymous

    December 5, 2014 at 12:44 am

    http://www.medray.lk
    ශ්‍රී ලංකාවේ රෝග පිළිබඳව ප්‍රථම වතාවට වෙබ් අඩවියක්‌

    කොළඹ ජාතික මහ රෝහලේ 56 ඒ වාට්‌ටුව භාර කායික රෝග විශේෂඥ වෛද්‍ය අශෝකා රත්නතිලක මහත්මිය ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයන්ගේ රෝග ලක්‌ෂණ පිළිබඳ http://www.medray.lk නමින්වු වෙබ් අඩවියක්‌ ඉකුත්දා විවෘත කරනු ලැබීය. මෙරට ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට මෙන්ම වෛද්‍යවරුන්ටද මෙම වෙබ් අඩවිය ප්‍රයෝජනවත් වේ. මෙරට රෝගීන්ගේ රෝග ලක්‌ෂණ නිරීක්‍ෂණයෙන් අධ්‍යයනය කිරීමටද මෙමගින් අවස්‌ථාව සැලසෙයි. වෙබ් පිටු සැකසීම මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ ප්‍රසාද් ප්‍රමුදිත සෝමරත්න විසින් සිදු කර තිබේ. මෙම වෙබ් අඩවිය සැකසීම විශේෂඥ කිරණ වෛද්‍ය සුනීතා වීරකෝන් මහත්මිය සහ වෛද්‍ය දිනේෂ් සිවලිංගම් මහතාගේද සහාය ලැබී තිබේ.

    ස්‌කොට්‌ලන්තයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍ය මල්කාන්ති කරුණාරත්න මහත්මිය ඉකුත්දා මෙම වෙබ් අඩවිය විවෘත කරන ලද අතර ඇය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසි රෝග තත්ත්වයන් ගැන දැනුවත් කිරීමක්‌ද කරනු ලැබීය.

    පිංතූරය හා සටහන නිශේන්ද්‍ර සිල්වා

    Like

     
  2. Anonymous

    April 19, 2015 at 10:33 am

    GMOA urges govt to release consultants to serve in private hospitals on sabbatical leave
    April 18, 2015, 8:51 am

    By Don Asoka Wijewardena

    In a bid to provide better medical services for the private sector hospitals, the Government Medical Officers’ Association (GMOA) has urged the government to release doctors attached to the public sector to work before 4.00 p.m. on sabbatical leave basis.

    GMOA President Dr. Anuruddha Padeniya told The Island that most patients seeking treatment from private hospitals had been unable to get timely medical attention from Consultants because most Consultants were employed in the public sector. They could only see the patients in private hospitals only after 4.00 p.m.

    Dr. Padeniya pointed out that some critically ill patients receiving treatment in private hospitals had no chance to consult state-sector physicians in an emergency as a result.

    The GMOA had decided to bring to the notice of health authorities that if the government approved the state-sector doctors to serve the private sector hospitals before 4.00 p.m. on sabbatical leave, the patients in the private sector hospitals would find a solace, because then most patients who were in need of emergency care could be attended to before 4.00 p.m. The GMOA would expect a positive response from the government to implement the release of State-sector doctors to the private sector hospitals on sabbatical leave to alleviate the pains of patients in the private sector hospitals, Dr. Padeniya said.
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=123236

    Like

     

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: