RSS

ජාතික ඖෂධ පනත් කෙටුම්පත හැදුවත් නීති නිලධාරිනියක් එය අතුරුදන් කරලා මහාචාර්ය සේනක බිබිලේ 36වැනි  ගුණ සමරු උළෙල ඇමැති මෛත්‍රීපාල සිරිසේන

04 Dec

n-12https://www.youtube.com/watch?feature=player_embedded&v=584bH1RZirs සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරු උළෙලේදී වෛද්‍ය පීඨයන්හි ඖෂධවේදය පිළිබඳ වි‍ශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් අගයමින් සහතිකපත් ප්‍රදානය කළ අයුරු. මොන නීති හැදුවත්, මොන පනත් හැදුවත්, කුමන විදියේ ආයතන හැදුවත්, නීතියේ, ව්‍යවස්ථාවේ සහ ආයතනයේ පවිත්‍රභාවය, නිර්මලභාවය, පිරිසිදුකම කොතෙක් තිබුණත්, ඒ සියල්ලෙහි ප්‍රතිඵලය රඳා පවතින්නේ ඒවා ක්‍රියාත්මක කිරීමට බාරගන්නා පුද්ගලයා සතු චරිත ලක්ෂණ මත බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජාතික ඖෂධ පනත් කෙටුම්පත 2011 වසර අවසන් වන විට සාදා නිම කළත් නීති කෙටුම්පත් ආයතනයේ නිලධාරිනියක් වන තෙරේසා මහත්මිය එය අතුරුදන් කිරීමෙන් පසුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීම මේ වන තෙක් පසුබට වී ඇති බව ඇමැතිවරයා පැවැසුවේය. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 36වැනි ගුණ සමරු උළෙල අමතමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඇමැතිවරයා මේ බව පසුගිය දා (20) ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. මම හිතන්නේ ඖෂධ පිළිබඳව සහ සේනක බිබිලේ මහතා පිළිබඳව බොහෝ දේ අපි එදත් කථා කළා අදත් කථා කරනවා. විශේෂයෙන්ම මේ ගුණ සමරු උත්සව පවත්වපු හැම අවස්ථාවකම අපි කියන දේ අහගෙන හිටපු අයත්, මේ පිළිබඳව කථා කරපු අපිත්, හැමදාම කිවුවේ මෙතුමාට කරන ලොකුම ගෞරවය එතුමාගේ ප්‍රතිපත්තිය හා එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කිරීම කියලා. මම හිතන්නේ බොහෝ විවේචන ඒ වගේම මේ පිළිබඳ කරන නොයෙකුත් විග්‍රහයන් තුළ එතුමාගේ දර්ශනයේ යම් යම් කොටස් යම් යම් අංශ හැකි පමණින් අදත් ක්‍රියාත්මක වෙනවා ඉතාම සුළු වශයෙන්. ජාතික ඖෂධ පනත ක්‍රියාත්මක කිරිම සඳහා 2010 වසරේදී මං මේ අමාත්‍යාංශය බාර අරගෙන 2011 වසර අවසාන වනවිට මගේ කාර්ය ඉටු කළා. මේ පස්වැනි වතාවට නිසා මම දන්නේ නැහැ ඊළඟ ගුණ සමරු උළෙලේ සෞඛ්‍ය ඇමැති කවුද කියලා. ඒ කෙසේවෙතත් මා කියන්න ඕන විශේෂයෙන්ම මේ පනත් පිළිබඳව කථා කරන විට මම මේ පස්වන වතාව නිසා මේ පිළිබඳව පැහැදිලිව කියනවා අපේ විශේෂඥ මණ්ඩල, නීතිවේදීන්, නීති විශාරදයන් මේ පිළිබඳ උනන්දුවක් දැක් වූ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඒ සියල්ල මගේ ඉල්ලීම් ඉටු කරමින් සැදූ පනත අතුරුදන් කළා. මම නමින්ම කියනවා තෙරේසාට දෙවියන්ගේ පිහිටයි කියලා. මට ඕන කෙනෙක් නඩු දැම්මාට කමක් නැහැ. මම ඒකට බය නැහැ. පනත් කෙටුම්පත අතුරුදන් වුණාට පසුව මාධ්‍යයෙන් අපිව විවේචනය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ලිපි ගොනුවවත් ආරක්ෂා කර ගන්න බැරිද කියා අපට කිවුවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ ලිපිගොනුව නැති වුණේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඒ පරිගණකය නැති වුණෙත් නැහැ. ඒක නැති වුණේ නීති කෙටුම්පත් දෙපාර්තෙමින්තුවේ තෙරේසා අතින්. එහෙත් අපි උත්සාහය අතහැරියේ නැහැ. නින්දා, අපහාස, විවේචන මැද්දේ පනත් කෙටුම්පත නැවත හදන්නට කටයුතු කළා. මේ වසරේ මුලදි පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. මම විශ්වාස කරනවා අපට මේ කටයුතු කඩිනමින් කරගෙන යාමට පුළුවන් වෙයි කියලා. අයවැයෙන් පසුව මේ අවුරුද්දේ පාර්ලිමේන්තුව නැවත රැස්වෙයි ද කියලා මම දන්නේ නැහැ. එහෙම වුණොත් මේ වසරේ දී පනත ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කෙසේවෙතත් ඉදිරි කාලය තුළ මගෙන් හෝ මගෙන් පස්සේ එන ඇමැතිවරයාට මේ කාර්ය කිරීමට අවශ්‍ය මූලික දේ කරලා අවසන්. මා ඇමැතිවරයෙක් විදිහට විශ්වාස කරනවා මගේ කාර්ය මට හැකි විදිහට හැකි පමණ මේ කාලයක දී කළා කියලා. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය නීතිගත කරලා ක්‍රියාත්මක කිරීම සඳහා විවේචන මධ්‍යයේ වුණත් මට හැකි පමණින් උත්සාහ කළා. ජ්‍යෙෂ්ඨ ඇමැති තිස්ස විතාරණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, අතිරේක ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් හා ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, මහාචාර්ය ගීතා ප්‍රනාන්දු, ලීලා බිබිලේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

Advertisements
 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: