RSS

චැනල් මාෆියාව සහ අකල් මරණ

14 Nov

images(2)images(3)රජයේ රෝහලක් තුළ සිදුකරන ඕනෑම ශල්‍යකර්මයකදී ඊට අදාළ විශේෂඥ වෛද්‍යවරයා ශල්‍යාගාරයේ හෝ අඩු වශයෙන් රෝහල තුළවත් සිටිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍ර‍ලේඛයක් මගින් අනිවාර්ය කර ඇතත් බොහෝ විශේෂඥ වෛද්‍යවරු එම නියමය පිළිපදින්නේ නැති බව රහසක් නොවේ.

හලාවත මූලික රෝහ‍ලේදී සිසේරියන් සැත්කමකින් මවක මියයාම පිළිබඳව කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නියමිත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා එම අවස්ථාවේ රෝහල තුළ නොසිටි බවය. සැත්කම සිදුවන අවස්ථාවේ ඔහු පෞද්ගලික වෛද්‍ය සේවයේ හෙවත් චැනල් සේවයේ නිරතවෙමින් සිටි බවට තොරතුරු ඇතැයි අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් ඊයේ ‘රිවිර’ට අනාවරණය කර තිබිණ.  එම මවට වෙනත් වෛද්‍යවරයෙකු විසින් කරන ලද සිසේරියන් සැත්කමක් මගින් නිවුන් දරු උපතක් සිදුවී පැය කිහිපයකට පසු හදිසියේ  මව මියගොස් ඇති බැවින් ඒ පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශන කණ්ඩායමක් පත්කර තිබේ. එම විමර්ශනවලට අනුව එකී නාරිවේද වෛද්‍යවරයා එදින සේවය සඳහා රෝහලට වාර්තා කර ඇති නමුත් සැත්කම සඳහා සහභාගි වී නොමැත.  පරික්ෂණ වාර්තා අනුව මෙම විශේෂඥ වෛද්‍යවරයා වරදකරු බව තහවුරු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

කිසිදු පරික්ෂණයක් විමර්ශනයක් නැතත් අදාළ විශේෂඥ වෛද්‍යවරයා මෙම සැත්කම සඳහා සහභාගි නොවීම බරපතළ වරදක් බව පැහැදිලි කාරණයකි. එනම් මෙම මවට නිවුන් දරු උපතක් සිදුවන බව මෙන්ම ඒ වෙනුවෙන් සැත්කමක් සිදුකිරීමේ අවශ්‍යතාවද ඔහු නොදැන සිටියා විය නොහැකිය. (එසේ නොදැන සිටියා නම් ඔහු තවදුරටත් විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනවාට වඩා එය පැත්තකට දමා ගෙදර යුතුය.) හදිසි තත්ත්වයක් යටතේ සැත්කමක් සඳහා ක්ෂණික තීරණ ගැනීමට සිදුවන අවස්ථා ඇතත් මෙම දරු උපත ඔහුගේ අධීක්ෂණය යටතේ ම සිදුවිය යුතුව තිබුණේ එය විශේෂ අවදානමක් සහිත නිවුන් දරු උපතක් නිසාය. වෛද්‍යවරයාට මෙම මව තවත් එක් රෝගියෙක් පමණක් වුවත් සිඟිති දරු දෙදෙනෙකුට මව අහිමි වීම එම පවු‍ලේ උදවිය දැවැන්ත ඛිෙදවාචකයක සිර කිරීමකි. අනෙක් අතට ඇය පස් දරු මවක යැයි පැවසෙන බැවින් මෙම මරණය නිසා දරුවන් හත් දෙනෙකුට මව අහිමි වීම සුළු පටු කාරණයක් නොවේ.අද වෛද්‍යවරුන් රජයේ රෝහලට වඩා පෞද්ගලික රෝහල් චැනල් සේවය රහ වැටී, වහ වැටී සිටීම නිසා රෝහල් තුළ අකරතැබ්බයට ලක්වන රෝගීන් ගැන වරින්වර වාර්තා වන නමුත් එසේ වාර්තා නොවන තරම ඊට වඩා බෙහෙවින් ඉහළ සංඛ්‍යාවක් වනවා නිසැකය. එහෙත් වාර්තා වන එවැනි සිදුවීම්වලට සම්බන්ධ වෛද්‍යවරුන්ට පවා ඇඟට දැනෙන දඬුවමක් දුන් බවක් අසන්නට ලැබෙන්නේම නැත. ඉතිං පනින රිලවුන්ට ඉනිමං බඳින විට කාගෙ කාගෙත් බිය සැක නැතිව යාම ගැන කවර කතාද? රටට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාව දැනෙන්නේ මෙවැනි අවස්ථාවලය. එහෙත් එම යෝජනා සදාකාලික බාලගිරි දෝෂයට හසුව තිබිමද ඉතා කනගාටුදායකය.  මෙවන් තත්ත්වයක් තිබියදී රජයේ රෝහල්වල සිටින පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික චැනල් සේවාවට මුල් තැන  දීම තුළින් රජයේ රෝහල් සේවය වළපල්ලට යෑම වැළැක්විය නොහැකිය. කොතරම් අඩුපාඩු තිබුණත් තවමත් මේ රටේ ජනතාව පෞද්ගලික රෝහලට වඩා රජයේ රෝහල ගැන විශ්වාසය තබා ඇති බැවින් මෙම වෛද්‍යවරුන්ගෙන් රජයේ රෝහලට නියමිත උපරිම සේවය ලබාගැනීම අත්‍යාවශ්‍යය. එබැවින් රෝහල් කාල වේලාව තුළ නියමිත රාජකාරිය මගහරින “දොස්තර මාෆියාව” ගැන මීට වඩා අවදියෙන් හා දැඩි නීතිරීති මගින් කටයුතු කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතුය. උපුටා ගැනීම :-http://www.rivira.lk/online/kathuwakiya/76903
Advertisements
 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: