RSS

විශේෂඥ දොස්‌තරයෙක්‌ දිනකට තුන්වරක්‌ ඔහු බැලුවේය. පැය 48 කට පසු රුපියල් තිස්‌දහසක බිලක්‌ සමඟ ජයසේන ගේ ටිකට්‌ කපන ලදී. ගෙදර සිට පැමිණි බිරිය මාලය උකස්‌ කර ඒ මුදල ගෙවා සැමියා ගෙදර ගෙන ගියාය.

12 Nov

sssssss 400-07222833erඑප්පාවල පියසේනට සමේ රෝගයක්‌ ඇති විය. ඔහු රජරට වසන ගොවියෙකි. කවුද දන්නේ ඔහුගේ වකුගඩු කුට්‌ටමවත් නරක්‌ වෙලාද කියලා. ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලවලින් ප්‍රතිකාර කළද පලක්‌ නොවූ නිසා පියසේන වී බුසල් දෙකක්‌ විකුණා රුපියල් 1200 ක්‌ හොයාගෙන අනුරාධපුරයට ගොස්‌ චැනල් දොස්‌තර කෙනකු හමුවිය. දොස්‌තර ගාස්‌තුව රුපියල් 850 කි. බෙහෙත් ගාස්‌තුව රුපියල් 1800 කි. අතේ තිබූ මඟුල් මුද්ද රුපියල් 2000 කට උකස්‌ කළ පියසේන බෙහෙත් රැගෙන ගෙදර ගියේය.

මේ අතර කොට්‌ටාවේ ජයසේනට බඩේ අමාරුවක්‌ සෑදින. ටැප් එක ඇරියාක්‌ මෙන් ඔහුගේ බඩ බුරුල් වූයේ මාළු පාන් ගෙඩියක්‌ කෑමෙනි. මාළු පාන් ගෙඩියේ පාන් කවරය අලුත් වුවද එහි ඇතුළත තිබූ එළවළු + පරණ කොත්තු රොටි + පරණ මාළු + පරණ මස්‌ මිශ්‍රණයට පුරාවිද්‍යා පනත යටතේ අත්පත් කරගත හැකි තරමට පරණ ය. තම උදරය තුළ ගිsණිකෙළි සංදර්ශන පැවැත්වෙන්නා වගේ දැනුණු නිසා ජයසේන පෞද්ගලික රෝහලකට ගියේය. මුලින්ම ඔහු OPD දමන ලදී. එතැන රෝග නිශ්චය ගාස්‌තුව රුපියල් 500 කි. ජයසේනගේ උදරය තුළ සැල්මොනෙල්ලා විෂබීජය ඇති බව අනුමාන කළ දොස්‌තර ඔහුගේ සිරුර විජලනය වීමට ඇති ඉඩකඩ කල්පනා කර පෞද්ගලික රෝහලේම පිහිටි දැඩි සත්කාර ඒකකයට ඔහු යොමු කළේය. එතැනදී ඔහු අත්අඩංගුවට ගත් හෙදි – හෙද දොස්‌තර හමුදාවක්‌ ඔහු ඇඳක හොවා, ඔක්‌සිජන් දී, සේලයින් පොම්ප කර එන්නත් කිහිපයක්‌ ද විද්දේ ය. ඉන්පසු ඔහු කාමරයකට දමා තවදුරටත් බෙහෙත් දෙන ලදී. පිටතින් ගෙන්වන ලද විශේෂඥ දොස්‌තරයෙක්‌ දිනකට තුන්වරක්‌ ඔහු බැලුවේය. පැය 48 කට පසු රුපියල් තිස්‌දහසක බිලක්‌ සමඟ ජයසේන ගේ ටිකට්‌ කපන ලදී. ගෙදර සිට පැමිණි බිරිය මාලය උකස්‌ කර ඒ මුදල ගෙවා සැමියා ගෙදර ගෙන ගියාය. ප්‍රතිකාරය කොතරම් ඉහළ තත්ත්වයක පැවැතියේද යත් ඩයිනමයිට්‌ ගිලලාවත් වැසිකිළි නොයන තත්ත්වයකට ජයසේන පත්විය.

ඉහත සඳහන් කතන්දර දෙකෙන් පළමුවැන්න ඊයේ (27 දා) “දිවයිනේ” පළ විය. දෙවැන්න, තව දින කිහිපයකින් “දිවයිනේ” හෝ වෙනත් පත්තරයක හෝ පළවෙනවා ඇත. මෙය මේ රටේ පවතින සැබෑ තත්ත්වයයි. එක අතකට එප්පාවල දොස්‌තර හොඳය. ඔහු අය කරන්නේ වී බුසල් එකහමාරක (රු.850) පමණ මිලය. එහෙත් කොළඹ සිටින ඇතැම් චැනල් දොස්‌තර මහතෙක්‌ වී බුසල් තුනක පමණ ගාස්‌තුවක්‌ අය කරයි. (මෙහිදී එප්පාවල ජයසේන ගේ රේට්‌ එකට වී බුසල රුපියල් 600 ක්‌ වන පරිදි තක්‌සේරු කළෙමු.) බෙහෙත් ගාස්‌තු ඉතා ඉහළ ය. බෙහෙත්වල ‘ඉන්ඩියන් බ්‍රෑන්ඩ් එක’ ලාභ නමුදු ‘බ්‍රිටිෂ් බ්‍රැන්ඩ් එක’ හුඟක්‌ මිල ය. ඒ නිසා හොඳ දොස්‌තරලා නිතරම නියම කරන්නේ ‘ඔරිජිනල් බ්‍රිටිෂ්’ බෙහෙත් ය. එම බෙහෙත් ඉතා ඉක්‌මනින් රෝගය නැති කරයි. එසේම අතේ ඉතිරි කරගත් මුදල ඉතා ඉක්‌මනින් ක්‍ෂය කරයි.

මෙය නැවැත්වීමට බැරිද? අප ඉතා විශ්වාසවන්ත ලෙසත්, පැහැදිලිවත් කියන්නේ මේ තත්ත්වය නැති කිරීමට බැරි බව ය. මන්ද වවුලාගේ මඟුල් ගෙදර ගිය විට ඔලුව පහළට වැටෙන පරිදි එල්ලී සිටිය යුතුවාක්‌ මෙන් තිස්‌ අවුරුද්දකට වැඩි කලක්‌ චැනල් ක්‍රමයට අනුගතව සිටින රටක්‌ එයින් ගලවා ගැනීමට නොහැක. ලංකාව රෝගීන්ගෙන් සහ ඖෂධවලින් ස්‌වයංපෝෂිත වුවද එය කළ නොහැක. මෙතැන තිබෙන එකම විසඳුම රටේ ජනතාව සඳහා සමාජ ආරක්‍ෂණ පද්ධතියක්‌ සාදා එයින් සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයක්‌ ඇති කිරීම ය. එවිට එප්පාවල පියසේනගේ වී ආදායමින් සැබෑ කොටසක්‌ ඒ සඳහා ලබාගත හැකිය. කොට්‌ටාවේ ජයසේනගේ ක්‌ලාක්‌ ජොබ් එකෙන් සුළු වැටුප් කොටසක්‌ද ලබාගත හැකි ය. මෙයින් මාරයාට හැර අන් සියලු දෙනාට ගොඩ යා හැකිය. දැන් තිබෙන ක්‍රමයේ හැටියට ගොඩ යන්නේ මාරයා පමණ ය.

එප්පාවල පියසේන සහ කොට්‌ටාවේ ජයසේන – දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/09/28/editor.html

Advertisements
 

4 responses to “විශේෂඥ දොස්‌තරයෙක්‌ දිනකට තුන්වරක්‌ ඔහු බැලුවේය. පැය 48 කට පසු රුපියල් තිස්‌දහසක බිලක්‌ සමඟ ජයසේන ගේ ටිකට්‌ කපන ලදී. ගෙදර සිට පැමිණි බිරිය මාලය උකස්‌ කර ඒ මුදල ගෙවා සැමියා ගෙදර ගෙන ගියාය.

  1. Anonymous

    December 4, 2014 at 1:31 am

    Like

     
  2. Anonymous

    December 4, 2014 at 1:32 am

    නව ඖෂධ පනත, ආණ්ඩුව ඖෂධ සමාගම්වලට යවන පෙම් හසුනක්
    THURSDAY, 26 JUNE 2014 21:14 0 COMMENTS

    අලූතෙන් ඉදිරිපත් කර ඇති ඖෂධ උපකරණ හා විලවුන් නියාමන අධිකාරි පනත් කෙටුම් පත ආණ්ඩුවට සහ ඖෂධ සමාගම් අතර හුවමාරු වූ පෙම් හසුනක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ දේශපාලන සභික පුබුදු ජයගොඩ මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේ අද (26) රාජගිරිය එම්.ඞී.ඞී.ආර්. ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදීය. නව පනත සේනක බිබිලේ ප‍්‍රතිපත්තිවලට අනුව සකස් කරන බව කීවත්, එය හා සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය අතර කිසිඳු සම්බන්ධයක් නැතැයි මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ විය. 
     
    පහත දැක්වෙන්නේ එහිදී ඉදිරිපත් වූ අදහස් කිහිපයකි,
    ‘‘ ඖෂධ ජාවාරම අනෙක් සියළු ජාවාරම් අභිබවා ලාභගන්න ජාවාරමක්. ෆෝචූන් 500 සමාගම් අතර තිබෙන ඖෂධ සමාගම් 10 ඉතිරි සමාගම් 490 ම ගන්නා ලාභයට වඩා ලාභ ගන්නවා. එහෙම ලාභ ගන්නේ මිල අඩු ඖෂධ විවිධ වෙළඳ නාම වලින් වැඩි මිලට විකුණලා. ඇමොක්සිලීන් විවිධ වෙළඳ නාම 118 කින් ලංකාවේ තියෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ අවසර දී තිබෙන්නේ වර්ග 4 ට පමණයි. ලංකාවේ ඇමොක්සලීන් කරලක් රුපියල් 3.50 සිට රුපියල් 30 දක්වා විවිධ මිල ගණන්වලට විකුණනවා. මෙත්කොමීන් ඖෂධය ශත 90 සිට රුපියල් 23 දක්වා මිලගණන්වලට තියෙනවා. ඒ කියන්නේ ශත 90 ට දෙන්න පුළුවන් පෙත්තට රු 23 ක් ගන්නවා. ඒ විදියටයි ඖෂධවලින් ලාභ ගන්නේ අලූත් පනතේ මේවා පාලනය කරන්න කිසිම ප‍්‍රතිපාදනයක් නෑ. ඖෂධවල මිල පාලනය ගැන එකම බෙහෙත අධික මිල ගණන්වලට වෙනත් වෙළඳ නාමවලින් විකුණන එක වළක්වන්න ඖෂධ සමාගම් වල තැරව්කරුවන් රෝහල්වලට පැමිණ වෛද්‍යවරු හමුවීම නවත්වන්න පනතේ ප‍්‍රතිපාදන නෑ. 
     
    මේ පනතේ රෝගීන් ගැන ආදරයෙන් ලියවුන එක වගන්තියක් වත් නැති වුණාට පිටුවක් පිටුවක් පාසා සමාගම් ගැන පේ‍්‍රමය උතුරා යනවා. මේ පනතේ 35(1)  වගන්තිය යටතේ ඖෂධ නාමයට අමතරව වෙළඳ නාමයත් ලියන්නත් අවසර දී තිබෙනවා. එය මෙතෙක් ලංකාවේ තිබුණු නීතියක් ආපස්සට හැරවීමක් ඖෂධ ලියාපදිංචියට අයදුම් පතක් යොමු කරලා, ඒක මගදී ඉල්ලා අස්කර ගන්නත්් සමාගම්වලට ඉඩදීලා තිබෙනවා. එහෙම කරන්නේ රසායනාගාර පරීක්ෂණයේදී ඖෂධය බාලයි කියලා තහවුරු වෙලා. අසාදු ලේඛන ගත වෙන්න ගියොත් එක නවත්වන්න සමාගම්වලට අයදුම් පත ඉල්ලා අස්කර ගන්න පුළුවන්. කලින් බාල ඖෂධ කියලා ඔප්පු වෙලා ලියාපදිංචි අහෝසි වූ ඖෂධවලට නැවත ලියාපදිංචි වෙන්න අවස්ථාව හදලා තියෙනවා. ඖෂධ සාම්පලයක් අත්අඩංගුවට ගෙන මාස 3 ක් ඇතුළත හෝ රසායනාගාර වාර්තා ලැබී මාසයක් තුල නඩු පවරන්න බැරි වුණොත් නැවත නඩු පවරන්න බෑ කියලා වගන්තියක් තියෙනවා. මාසයක් තුළ නඩු පවරන්න නම් ඖෂධ අධිකාරියට නීතිඥ සමාගමකුත් අනුබද්ධ කරන්න වෙනවා. මේ වගන්තිය දාලා තියෙන්නේ බාල ඖෂධ හදන සමාගම්වලට නඩු වැටෙන එක නවත්තන්න. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව තමන්ටම නඩු දාගන්න හදපු අවස්ථාත් තියෙනවා. ඖෂධයක ලියාපදිංචිය අවලංගු වී සතියක් ඇතුළත එය සමාගමට දැනුම් දිය යුතු යැයි වගන්තියක් තියෙනවා. සතියකුත් දැනුම් දෙන්න බැරි වුණොත් සමාගම්වලට අධිකාරියට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. සමෘද්ධි නියාමක තමන්ම ගස් බැඳ ගන්නවා. හාමුදුරුවරු තමන්ටම ගහ ගන්නවා. අළුත්ගම මුස්ලිම් ව්‍යාපාරිකයෝ තමන්ගේම කඩය ගිනි තියා ගන්නවා කියන ආණ්ඩුව තමන්ටම නඩු පවර ගන්න පටන් අරන් වගේ. 
     
    මේ පනතේ සමහර තැන් විහිළු සහගතයි. පනතේ 110 වගන්තියේ, ඖෂධ ගැන කියද්දී මිනිසුන් හා සතුන් කියලා කියනවා. මේකට සතුන් අදාළ වෙන්නේ කොහොමද? කොහේ හරි තියෙන වගන්ති ටිකක් අඩුම ගානේ කියවන්නේවත් නැතිව කොපි කරලා හදපු පනතක් මේක. රූපලාවන්‍ය ද්‍රව්‍ය විකුණන තැන් ලියාපදිංචි කරන්න  ඕන කියලා තියෙනවා.  ඕනම සිල්ලර කඩයක තියෙන ක‍්‍රීම් වර්ග විලවුන් වර්ග මේ වර්ගයට ඇතුළත් වන නිසා තේ කඩ බේකරි ඇරෙන්න, ඉතිරි හැම එකක්ම ලියාපදිංචි කරන්න වෙයි. නියාමන අධිකාරිය ඇතුළට ඖෂධ සමාගම්වල තැරව්කරුවෝ රිංගන එක වළක්වන්න, අධිකාරියේ සමාජික ධූර කාලයට වසර 5 කට පෙර සහ පසු ඖෂධ සමාගමක සේවය කරන එක තහනම් කරන්න නීතියක් පනවන්න කියලා යෝජනාවක් තිබුණා. මේකේ ඒ මුකුත් නෑ. අධිකාරිය නඩත්තු කරන්න අනුග‍්‍රාහකයන්ගෙන් මුදල් ගන්න පුළුවන් කියලා තියෙනවා. කවුද මේ අනුග‍්‍රාහකයෝ? අන්තිමේදී අධිකාරිය ඖෂධ සමාගම්වල මුදලින් යැපෙන සමාගම්වලින් වැටුප් ගන්න සේවකයින් සිටින සමාගම්වල රූකඩයක් වීම වළක්වන්න බෑ. 
     
    නවලිබරල් ධනවාදය යටතේ සෞඛ්‍යය වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙන්නේ. අපේ ලෙඩ වගේම ලෙඩ වෙන්න තියෙන බයත් ජීවිතයට ඇති ආදරයත් විකුණලා ලාභ හොයනවා. මේ ආණ්ඩු ජාවාරම්කරුවන්ගේ ආණ්ඩු මිස ජනතාවගේ ආණ්ඩු නෙවෙයි. රතුපස්වල ප‍්‍රශ්නය ආවම ධනපතියගේ පැත්ත අරන් ජනතාවට වෙඞ් තිබිබා. ඖෂධ පනත හදනකොට යන්නේ සමාගම්වල පැත්්තට මිස ජනතාවගේ පැත්තට නෙවෙයි. මේ ආණ්ඩු ධනපති ආණ්ඩු කියලා ජනතාව තේරුම් ගත යුතුයි. මේ ඖෂධ පනත සංශෝධනය කරලා වැඩක් නෑ. ඒක සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි. ඖෂධ පනත විතරක් නෙවෙයි. සෞඛ්‍ය සේවයේ හැම ප‍්‍රශ්නයක්ම විසඳන්න වෙන්නේ මහජන බලයක් ගොඩ නඟලා.’’

    Like

     
  3. Anonymous

    December 4, 2014 at 1:35 am

    ජාතික ඖෂධ පනත් කෙටුම්පත හැදුවත් නීති නිලධාරිනියක් එය අතුරුදන් කරලා
    මහාචාර්ය සේනක බිබිලේ 36වැනි  ගුණ සමරු උළෙල
    ඇමැති මෛත්‍රීපාල සිරිසේන
    සන්ධ්‍යා කරුණාරත්න

    සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරු උළෙලේදී වෛද්‍ය පීඨයන්හි ඖෂධවේදය පිළිබඳ වි‍ශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් අගයමින් සහතිකපත් ප්‍රදානය කළ අයුරු.
    මොන නීති හැදුවත්, මොන පනත් හැදුවත්, කුමන විදියේ ආයතන හැදුවත්, නීතියේ, ව්‍යවස්ථාවේ සහ ආයතනයේ පවිත්‍රභාවය, නිර්මලභාවය, පිරිසිදුකම කොතෙක් තිබුණත්, ඒ සියල්ලෙහි ප්‍රතිඵලය රඳා පවතින්නේ ඒවා ක්‍රියාත්මක කිරීමට බාරගන්නා පුද්ගලයා සතු චරිත ලක්ෂණ මත බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ජාතික ඖෂධ පනත් කෙටුම්පත 2011 වසර අවසන් වන විට සාදා නිම කළත් නීති කෙටුම්පත් ආයතනයේ නිලධාරිනියක් වන තෙරේසා මහත්මිය එය අතුරුදන් කිරීමෙන් පසුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීම මේ වන තෙක් පසුබට වී ඇති බව ඇමැතිවරයා පැවැසුවේය.

    මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 36වැනි ගුණ සමරු උළෙල අමතමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඇමැතිවරයා මේ බව පසුගිය දා (20) ප්‍රකාශ කළේය.

    ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. මම හිතන්නේ ඖෂධ පිළිබඳව සහ සේනක බිබිලේ මහතා පිළිබඳව බොහෝ දේ අපි එදත් කථා කළා අදත් කථා කරනවා. විශේෂයෙන්ම මේ ගුණ සමරු උත්සව පවත්වපු හැම අවස්ථාවකම අපි කියන දේ අහගෙන හිටපු අයත්, මේ පිළිබඳව කථා කරපු අපිත්, හැමදාම කිවුවේ මෙතුමාට කරන ලොකුම ගෞරවය එතුමාගේ ප්‍රතිපත්තිය හා එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කිරීම කියලා.

    මම හිතන්නේ බොහෝ විවේචන ඒ වගේම මේ පිළිබඳ කරන නොයෙකුත් විග්‍රහයන් තුළ එතුමාගේ දර්ශනයේ යම් යම් කොටස් යම් යම් අංශ හැකි පමණින් අදත් ක්‍රියාත්මක වෙනවා ඉතාම සුළු වශයෙන්. ජාතික ඖෂධ පනත ක්‍රියාත්මක කිරිම සඳහා 2010 වසරේදී මං මේ අමාත්‍යාංශය බාර අරගෙන 2011 වසර අවසාන වනවිට මගේ කාර්ය ඉටු කළා. මේ පස්වැනි වතාවට නිසා මම දන්නේ නැහැ ඊළඟ ගුණ සමරු උළෙලේ සෞඛ්‍ය ඇමැති කවුද කියලා.

    ඒ කෙසේවෙතත් මා කියන්න ඕන විශේෂයෙන්ම මේ පනත් පිළිබඳව කථා කරන විට මම මේ පස්වන වතාව නිසා මේ පිළිබඳව පැහැදිලිව කියනවා අපේ විශේෂඥ මණ්ඩල, නීතිවේදීන්, නීති විශාරදයන් මේ පිළිබඳ උනන්දුවක් දැක් වූ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඒ සියල්ල මගේ ඉල්ලීම් ඉටු කරමින් සැදූ පනත අතුරුදන් කළා. මම නමින්ම කියනවා තෙරේසාට දෙවියන්ගේ පිහිටයි කියලා. මට ඕන කෙනෙක් නඩු දැම්මාට කමක් නැහැ. මම ඒකට බය නැහැ.

    පනත් කෙටුම්පත අතුරුදන් වුණාට පසුව මාධ්‍යයෙන් අපිව විවේචනය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ලිපි ගොනුවවත් ආරක්ෂා කර ගන්න බැරිද කියා අපට කිවුවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ ලිපිගොනුව නැති වුණේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඒ පරිගණකය නැති වුණෙත් නැහැ. ඒක නැති වුණේ නීති කෙටුම්පත් දෙපාර්තෙමින්තුවේ තෙරේසා අතින්. එහෙත් අපි උත්සාහය අතහැරියේ නැහැ. නින්දා, අපහාස, විවේචන මැද්දේ පනත් කෙටුම්පත නැවත හදන්නට කටයුතු කළා. මේ වසරේ මුලදි පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.

    මම විශ්වාස කරනවා අපට මේ කටයුතු කඩිනමින් කරගෙන යාමට පුළුවන් වෙයි කියලා. අයවැයෙන් පසුව මේ අවුරුද්දේ පාර්ලිමේන්තුව නැවත රැස්වෙයි ද කියලා මම දන්නේ නැහැ. එහෙම වුණොත් මේ වසරේ දී පනත ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

    ඒ කෙසේවෙතත් ඉදිරි කාලය තුළ මගෙන් හෝ මගෙන් පස්සේ එන ඇමැතිවරයාට මේ කාර්ය කිරීමට අවශ්‍ය මූලික දේ කරලා අවසන්. මා ඇමැතිවරයෙක් විදිහට විශ්වාස කරනවා මගේ කාර්ය මට හැකි විදිහට හැකි පමණ මේ කාලයක දී කළා කියලා.

    මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය නීතිගත කරලා ක්‍රියාත්මක කිරීම සඳහා විවේචන මධ්‍යයේ වුණත් මට හැකි පමණින් උත්සාහ කළා.

    ජ්‍යෙෂ්ඨ ඇමැති තිස්ස විතාරණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, අතිරේක ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් හා ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, මහාචාර්ය ගීතා ප්‍රනාන්දු, ලීලා බිබිලේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

    Like

     
  4. Gihan

    December 27, 2015 at 4:09 pm

    Patta aathal. Habai patta modayone mun. Yako rajayen Beth gaththanam sathayakwath wanna oni naane. Plata thamai Illan kanawa kiyanne. Thawa me wage ewwa daapaan macho. Patta aathal. Kaalekata passe home blog ekak hamba une. Keep it up.

    Like

     

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: