RSS

හෙද බැල්ලියන්ගේ වර්ජනය නිසා ජපුර රෝහලෙන් ප්‍රතික්ෂේප කළ ඩෙංගු හැදුණ කවීෂ මරුට

16 May

DSC00763-300x225

තුක් නොදකින්! තොපේ වර්ජන.
හෙන ගහපියවූ! තොපිට නෙමේ.
තොපේ දරුවන්ට.
වැහි නැති ගෙනම ගහපියවූ!

මම ” අසරණ රෝගියා”

පසුගිය දිනවල පැවති හෙද වර්ජනය හේතු කොට ගෙන රෝහල් කටයුතු අඩාලවූ නිසා බේරාගන්නට හැකිව තිබුණ ජීවිත ගණනාවක් අවාසනාවන්ත ලෙස අහිමිවූ බව අප දන්නා කරුණකි.
මහරගම ජනාධිපති විද්‍යාලයේ නමය පන්තියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි කවීෂ ඕෂධ වික්‍රමරත්න ශිෂ්‍යයා ඉකුත් පස්වැනිදා (සඳුදා) ඩෙංගු උණ රක්තපාතයෙන් පෙළෙන බවට අනාවරණය වී තිබියදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුනේ
හෙද වර්ජනය නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකියාවක් නැති බව කියමිනි. නමුත් වර්ජනයේ කොන්දේසි අනුව එවැන්නක් කරන්නට ඉඩක් තිබී නැත.
මේ අසරණ මාපියන්ට පුද්ගලික රෝහලකට යන්නට වත්කම නැතත් පසුව බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියන් ලබා දුන් උපදෙස් මත මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට කවීෂ ඇතුළත් කරන්නට පසුව ඔවුන් ක්‍රියා කළා.
නමුත් ඒ වනවිටත් රුධිර පට්ටිකා අගය 20000 දක්වා අවම වී තිබුණ ඔහු දින 5 ක ප්‍රතිකාර වලට ඔරොත්තු නොදී සෙනසුරාදා දහවල් අවාසනාවන්ත ලෙස මියගියා.

රජයේ රෝහලේදී කවීෂට සේලයින් පවා ලබා නොදුන් බවත් ඔහු රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා අසරණ වූ මව දරුවාගේ රුධිර පරීක්ෂාවක් සිදුකරන ලෙස ඔවුන් ඉදිරියේ වැඳ වැටුන නිසා රුධිර පරීක්ෂාවේදී ඩෙංගු වැළඳී තිඛෙන බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගත් බවත් කියැවුණා.
මේ සියල්ල දැන දැනත් රෝගියා රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට තරම් ඕපීඩියේ වෛද්‍යවරියන් අකාරුණික වූ බව මියගිය කවීෂගේ මව කියා සිටියා.
කෙසේ වෙතත් කවීෂ මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත්තේ ඔවුන්ට එම බිල ගෙවීමට හැකියාවක් ඇතිව නොවේ.

දරුවා මියගිය පසු රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසක මුදලක් පියවිය යුතු බවත් එසේ නොමැති නම් මළ සිරුර පිටතට ගැනීමට නොහැකි බවත් දැන්වීමෙන් පසු මොවුන් තවත් අසරණ වුණා.
පවුලේ එකම පිරිමි දරුවා වූ කවීෂට බාල නැගණියන් දෙදෙනෙකි. බී. අනුර ප්‍රියන්ත නමැති ඔහුගේ පියා එදිනෙදා කුලී සේවයේ යෙදෙන්නෙකි. මව කාන්ති ලංකාටද රැකියාවක් නැත.
මළ සිරුර ලබාගැනීමේදී මෙම දෙමාපියන්ගේ පිහිටට පැමිණ ඇත්තේ, මහරගම හිටපු නාගරික මන්ත්‍රිනී චන්ද්‍රිකාද සොයිසා මහත්මියයි. ඇය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ මාර්ගයෙන් මාලබේ

පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට මේ බව දන්වා පරිත්‍යාගශීලීන්ගෙන් එකතුවූ රුපියල් ලක්ෂයක මුදල පමණක් ගෙවා මළසිරුර රෝහලෙන් නිදහස් කිරීමට හැකියාව ලැබ තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා සඳහන් කර සිටියේ වැඩ වර්ජනය පැවැති අවස්ථාවේදී මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්ගත කිරීමට වර්ජකයන් එක`ගතාව පළකර සිටියදී, මෙම රෝගියා භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම බරපතළ වරදක් බවත්, ඒ ගැන තමන් අතිශයින් කනගාටු වන බවයි. මේ ගැන වහාම සොයා බලා රෝගියා රෝහලට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ අයට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බව හෙතෙම පැවසුවා.
මියගිය කවීෂගේ දේහය අවසන් කටයුතු ඊයේ සිදු වුණා.

Advertisements
 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

 
%d bloggers like this: