RSS

අක්‍ෂි කාචයෙන් කොමිස්‌ ගැහිල්ලක්‌ රජයෙන් දෙන කාච දමන්න බැහැ කියා දොස්‌තර කියන තැනින් ගේන්න ඕනෑලු·

29 Apr

Divaina 2014/04/29

Doctor-Accept-Bribe-Moneyඅජිත් අලහකෝන්
ඇසේ සුද ඉවත්කරන රෝගීන්ට රජය විසින් නොමිලේ ලබාදෙන අක්‍ෂි කාච බද්ධ කිරීම ප්‍රතික්‌ෂේප කරන රජයේ රෝහල්වල අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්‌ තමන්ට හිතවත් සමාගමක්‌ විසින් වැඩි මිලට අලෙවි කරන අක්‍ෂි කාච මිලට ගෙන එන ලෙස රෝගීන්ට බලපෑම් කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ.

අදාළ ඖෂධ සමාගම සහ මෙම අක්‍ෂි ශල්‍ය විශේෂඥවරුන් පිරිස අක්‍ෂි කාච ජාවාරම දීර්ඝ කාලයක සිට කරගෙන යන බවටද අනාවරණය වී ඇත.

ඇසේ සුද ඉවත්කරන රෝගියකු අනිවාර්යයෙන්ම අක්‍ෂි කාච බද්ධ කරගත යුතුය. රජයේ රෝහල් මගින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා රජය විසින් නොමිලේ අක්‍ෂි කාච ලබාදෙන අතර මෙම කාචයක්‌ රුපියල් 8000 ක වටිනාකමකින් යුක්‌ත බව සෞඛ්‍ය අමාත්‍යාශ ප්‍රකාශකයකු කීවේය.

එහෙත් දිවයිනේ රෝහල් කිහිපයක අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට රජයෙන් ලබාදෙන අක්‍ෂි කාච බද්ධ කිරීම ප්‍රතික්‌ෂේප කරමින් පිටතින් අක්‍ෂි කාච මිලදී ගෙන එන්නැයි පවසා රෝගියාට තුණ්‌ඩුවක්‌ ලියා දෙනු ලැබේ.

එම අක්‍ෂි කාචයේ මිල රුපියල් 20,000 කි. රෝගියා එය මිලට ගත් පසු අදාළ වෛද්‍යවරයාට එම මිලෙන් සියයට 51 ක කොමිස්‌ මුදලක්‌ ලබාදීමට අදාළ සමාගම කටයුතු කරන බවද අනාවරණය වී ඇත.

රෝගියකුට බද්ධ කෙරෙන එක්‌ අක්‍ෂි කාචයකින් සියයට 51 ක්‌ කොමිස්‌ ගන්නා මෙම අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ පිටතින් අක්‍ෂි කාච ගෙන නොඑන්නේ නම් ඇසේ සුද ඉවත් කිරීම ප්‍රතික්‌ෂේප කරන බවටද අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත.

මෙම ජාවාරම පිළිබඳ අනාවරණය වීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ක්‍රියාව නතර කරන ලෙසට අදාළ වෛද්‍යවරුන්ට උපදෙස්‌ දුන්නද එය නොතකා ඔවුන් අඛණ්‌ඩව මෙය සිදුකරන බවද අමාත්‍යාංශ ප්‍රකාශකයා කීවේය.

රජයෙන් නොමිලේ ලබාදෙන රුපියල් 8000 ක අක්‍ෂි කාචය බද්ධ කර ගැනීමට නොහැකි ඇතැම් රෝගීන් මෙම වෛද්‍යවරුන්ගේ ජාවාරම නිසා රුපියල් 20,000 ක අක්‍ෂි කාචය මිලදී ගැනීම සඳහා මහ මඟ සිඟමන් යදින තත්ත්වයට පත්ව ඇතැයිද ඉහත ප්‍රකාශකයා කීය.

http://www.divaina.com/2014/04/29/news06.html

Advertisements
 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

 
%d bloggers like this: