RSS

මහනුවර රෝහලේ වාට්‌ටුව දොස්‌තරලාට ජිම් එකක්‌ කරදීලා!

27 Apr

මහනුවර රෝහලේ ගෙවන වාට්‌ටුව
දොස්‌තරලාට ජිම් එකක්‌ කරදීලා!

– හෙද සංගමයේ සභාපති
Divaina/2014/04/25/
ඒමන්ති මාරඹේ


මහනුවර ශික්‍ෂණ රෝහලේ නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිකර තිබූ ගෙවන වාට්‌ටු දෙක වසා දමා ඉන් එක වාට්‌ටුවක කෝටි ගණනක්‌ වැය කර වෛද්‍යවරුන්ට කායවර්ධන ව්‍යායාම් සිදු කිරීම සඳහා මධ්‍යස්‌ථානයක්‌ (ජිම්) පිහිටුවා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ (24 දා) ප්‍රකාශ කළේය.

මේ වන විට ගෙවන වාට්‌ටු දෙකම වසා දමා ඒවායේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සවිකර තිබූ උපකරණ සියල්ල වෙනත් කාමරයක දමා දොරගුළුලා ඇති බවත් එක්‌ වාට්‌ටුවක කායවර්ධන මධ්‍යස්‌ථානයක්‌ හා අනෙක්‌ වාට්‌ටුවෙහි වෛද්‍යවරුන්ගේ ඇමතුම් (ඔන් කෝල්) රාජකාරි සිදු කිරීමේ කාමරයක්‌ පිහිටුවා ඇති බවත් රත්නප්‍රිය මහතා කීවේය.

මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර ශික්‍ෂණ රෝහලේ රෝගීන්ට ගෙවන වාට්‌ටුවල ප්‍රතිකාර ලැබීමේ අවස්‌ථාව අහිමි වී ගොස්‌ ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙසේ ගෙවන වාට්‌ටු දෙක වසා දමා රුපියල් කෝටි ගණනක්‌ මහජන මුදල් නාස්‌ති කරමින් වෛද්‍යවරුන්ට කාය වර්ධන මධ්‍යස්‌ථානයක්‌ හා ඇමැතුම් රාජකාරි කාමරයක්‌ ඉදිකර දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශ පරිපාලකයන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව බව හෙතෙම අවධාරණය කළේය.

පුංචිබොරැල්ල, රජයේ ඖෂධවේදීන්ගේ සංගම් ශාලාවේ ඊයේ (24 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

http://www.divaina.com/2014/04/25/news04.html

Advertisements
 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

 
%d bloggers like this: