RSS

දොස්තර මහත්තයා ලෙඩ දරුවාට පයින් ගැසුවේ ඇයි?

23 Apr

මාතලේ රෝහලේ වෛද්‍යවරයෙක් බෙහෙත් ගැනීමට බාහිර රෝගී අංශයට පැමිණි පස්හැවිරිදි පිරිමි දරුවකුට පයින් ගැසීම ගැන මව කළ පැමිණිල්ල මත පොලිසිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෛද්‍යවරයාට කුකුළු කේන්තියක් ගොස් තිබෙන්නේ පෝලිමේ සිටි දරුවා වෛද්‍යවරයාගේ කාමරයේ හාඩ්බෝඩ් බිත්තියට හේත්තු වූ හෝ තට්ටු කළ නිසා යයි කියැවේ.

දරුවන්ට පහර දීම පාසල්වල නම් සාමාන්‍ය දෙයකි. එහෙත්, මේ දරුවා පෙර පාසල් වයසේ සිටින අයෙකි. පෙර පාසල්වල එවැනි පහරදීම් සිදු වන්නේ නැත. රෝහල්වල නම් වැඩිහිටියකුට හෝ සාමාන්‍යයෙන් පහර දෙන්නේ නැත. මේ වෛද්‍යවරයා එසේ පහර දෙන්නට ඇත්තේ තමන් පාලනය කර ගැනීම පිළිබඳ ගැටලුවක් නිසා විය හැකි ය.

වෛද්‍යවරයෙක් යනු සමාජයේ වෙනත් වෘත්තිකයකු වැනි ම අයෙකි. එහෙයින් එවැන්නන් අතින් මෙවැනි වැරදි සිදු වීම සාමාන්‍ය තත්වයකි. ඒ සම්බන්ධයෙන් දඬුවම් කිරීම අත්‍යවශ්‍ය ය. මාධ්‍ය ඒ පිළිබඳ ප්‍රසිද්ධ කිරීම ද නරක දෙයක් නො වේ. මන්ද, එවැනි තත්වයන් පාලනය කිරීමට ඒවා ඉවහල් වන බැවිනි.

එහෙත්, ලංකාවේ වෛද්‍යවරු කියන්නේ පෞද්ගලීකරණය නිසාත්, අධිකතර සමාජ උන්නතිකාමය නිසාත් බැට කන පිරිසක් බව අපගේ නිරීක්ෂණයයි.

රජයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැති බවට බොහෝ මැසිවිලි නඟනු දක්නට ලැබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නම් වැටුප පමණක් නොව, සමාජයේ සෙසු වෘත්තිකයන් හා වෛද්‍යවරුන් අතර ඇති වැටුප් විෂමතාව මදි වීම පිළිබඳ ප්‍රශ්නයක් ද තිබේ.

වෛද්‍යවරුන් වැඩි දෙනෙක් බිහි වන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටාධාරයෙනි. ඔවුන් වැඩි දෙනෙකුට රැකියාවට පිවිස ඉතා කෙටි කාලයක් තුළ විශාල ධනයක් උපයා ගැනීමේ අවශ්‍යතාව තිබේ. ඔවුන්ගේ වැටුප් මෙම අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් නැත.

එබැවින් වෛද්‍යවරු විශාල වශයෙන් පෞද්ගලික සේවයේ යෙදී සිටිති. මෙම පෞද්ගලික සේවා අතර තියුණු තරගයක් ද තිබේ. භෞතික දියුණුව අත්පත් කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට තිබෙන අධිකතර උන්නතිකාමය ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රධාන ලක්ෂණය ලෙස දැක්විය හැකි ය.

ලංකාවේ මහජනතාව‍ගේ සෞඛ්‍යය පාලනය වන්නේ තනිකරම මෙය විසිනි.

මාතෘකාවේ සඳහන් සිද්ධිය වැනි දේ සිදු වන්නේ මෙම පසුබිම තුළයි. වෛද්‍යවරුන් සිය වෘත්තිය පත් වී තිබෙන තත්වය ගැන ගැඹුරින් සිතිය යුතු ය. එය හුදු සමාජයේ හෝ ආණ්ඩුවේ වරදකට ඌනනය නො කර තමන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කර ගැනීම ගැන ඔවුහු සිතිය යුතු ය.

උපුටා ගත්තා  blog.parakum.com

Advertisements
 

One response to “දොස්තර මහත්තයා ලෙඩ දරුවාට පයින් ගැසුවේ ඇයි?

  1. Anonymous

    June 5, 2015 at 10:26 am

    me wage pajatha huththika dostharala waladaanna ona pana pitin, dosthara ballane, wedakama kiyanne dewathwayata sama kala haki wurthiyak. thopi ewage wurthiyakata karana awamana walata thopita wenama apayawal hadanna ona

    Like

     

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: